පන්සිල්

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.

පන්සිල් ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

පන්සිල් (පාලි = පංච ශීලය) සියලුම බෞද්ධ හා අබෞද්ධ ජනයා පිලිපැදිය යුතු ශිලයකි. බුදුන් වහන්සේ මෙය දේශනා කොට වදාලේ සියලු මනුෂ්‍යයින්ගේ යහපත සඳහාය. පංචශීලය පිළිපැදිය යුත්තේ ස්වෙච්ඡාවෙනි. මෙම ශික්ෂාපද කෙනෙකුගේ ජීවිතයේදී මූණ පාන්න සිදුවෙන පසුතැවිලි ඉවත් කරනු ලබන්නේය. පංච ශීලය මෙසේ වෙන් කරනු ලැබේ

1 ප්‍රාණඝාතනයෙන් වැළකී සිටීම
2 අන්සතු දේ හොරෙන් නොගැනීම
3 කාම මිත්‍යාචාරයෙන් වැළකී සිටීම
4 අසත්‍ය පැවසීමෙන් වැළකීම(මෙම සිල්පදය තුල සම්පප් පලාපා ,පරුෂා වාචා සහ පිසුනා වාචා ද ඇතුලත්ය )
5 සුරාවෙන් වැළකීම

පාලි ග්‍රන්ථයන් තුළ ඉහත සඳහන් ශික්ෂා පද විස්තර කර ඇත්තේ මෙලෙසය.

පුද්ගලයෙක් ප්‍රාණඝාතනයෙන් වැළකී සිටීමේදී ඔවුන්ගේ ආයුධ බිමහෙලා එම ප්‍රාණියාට අභය දානය දෙනු ලබන්නේ ය. තමන් හට අයිති නැති දෙයක් හෝ තමන් හට යොමු නොකළ දෙයක් ගැනීමෙන් වැළකී සිටින කල්හි ඔවුන් කිසි දිනක සෙරකම් නොකරන්නේය. ගම්මානයක නිදැල්ලේ තිබුණද තමන් හට නොදුන් දෙයක් නම් කිසි දින එය නොගන්නේය. කාම මිථ්‍යචාරයේ නොයෙදෙන පුද්ගලයා කිසිදින මව්පිය රැකවරණයේ සිටින හෝ ස්වාමියෙක් සිටින හෝ නෑදෑ පිරිසකගේ රැකවරණයේ සිටින හෝ කිසියම් ධර්මයක ආරක්ෂාව ලබන තැනැත්තෙකු හෝ සමග කාමයෙහි වරදවා හැසිරෙන්නේ නැත. යම් පුද්ගලයෙක් මුසාවෙන් වැළකී සිටින කල්හි කිසිවිටකත් ඔහු තමන්ගේ ප්‍රයෝජනයට හෝ අනුන්ගේ ප්‍රයෝජනයට හෝ සත්‍ය වසන් කරන්නේ නැත. බුදුන් වහන්සේ දෙශනා කර වදාළ පරිදි ප්‍රාණඝාතය, අන් සතු දේ ගැනීම, කාම මිත්‍යාචාරය අසත්‍ය පැවසීම සහ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය කිසිදා කෙනෙකුගේ නිපුණත්වයක් නොවන්නේය.

අභිප්‍රායනය

පංචශීලයේ පිහිටි තැනැත්තා ද්වේෂය තුරන් කරන්නේය‚ කිසිම ජීවියේකුට හිංසාවක් නොකරන්නේය. ඒ වාගේම ඒ සියලු දෙය නැවතත් ඔහුත් ලබාගන්නේය. . පංචශීලයේ කෙනෙක් නොපිහිටීම හේතු කොට ගෙන ලැබෙන ප්‍රති විපාක ගැනද බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේය.

සම්ප්‍රදායික රීති

සැම බෞද්ධයෙක්ම ඉහත සඳහන් ශීලයේ පිහිටිය යුතු වන්නේය. මහායාන ධර්මයේදී මෙම ශීලයේ පිහිටීමෙන් “උපාසක” නම් අනුවර්ත නාමයක් ලබා ගන්නේය. එහෙත් ථේරවාද ධර්මයේ සියලු බෞද්ධයින් “උපාසක” හෝ “උපාසිකා” වන්නේය. ඒ සෑම බෞද්ධයෙක්ම පංච ශීලයේ පිහිටිය යුතු නිසාවෙන්ය.

අර්ථකථනය

මෙම ශික්ෂාවන් මහායාන ධර්මයෙ අර්ථ දක්වන්නේ ථේරවාද නිකායෙන් වෙනස් ආකාරයකටය. පංචශීලය පැහැදිලිව විවරණය වන්නේ සදාචාරය සහ දුරාචාරය කුමක්ද යන්න කෙනෙකුට පැහැදිලි කර දීමටය. ථේරවාද ශාස්ත්‍රඥයෙකු වන බෝධි නම් භික්ෂුව සඳහන් කර ඇති පරිදි අරහත් භාවයට පැමිණි කිසි කෙනෙක් කුහුඹුවකුටවත් හිංසා නොකරන බවයි. එසේ කිරීමට පෙළඹවීමක් පැමිනි කල්හි එම පුද්ගලයා ඔහුගේ ජවිතය පරදුවට තබන්නේය-.

අෂ්ටාංග ශීලය

සැකිල්ල:ගිහි ථේරවාද පිළිවෙත් අෂ්ටාංග ශීලය හෙවත් අෂ්ට ශීලය හෙවත් අට සිල් හෙවත් අටසිල් යනු බෞද්ධයන් සඳහා වූ සාමාන්‍ය පංච ශීලය ට වඩා තරමක් දැඩි ලෙස පිළිපැදීම රිසි බෞද්ධ ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් විසින් පිළිපැදිය හැකි ශික්ෂා පද රැසකි. අෂ්ටාංග ශීලයෙන් පරමාර්ථ කොට ඇත්තේ සදාචාරාත්මක වශයෙන් නොමනා චර්යාවන්ගෙන් වැලකීම සහ වඩාත් ධාර්මික දිවි පෙවෙතක් රැකීමත්ය. අනෙක් අතින් පංච ශීලය පරමාර්ථ කොට ඇත්තේ සදාචාරාත්මක වශයෙන් නොමනා චර්යාවන්ගෙන් වැලකීම පමණි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය වැනි ථේරවාද බෞද්ධ රටවල , බෞද්ධ ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් බොහෝ විට සැකිල්ල:උපන්‍යාස ඇවැසිය සතියකට එක් දිනක් ( උපෝසත හෙවත් පොහොය දිනයන්හිදී: අමාවක, පුර-අටවක, පසළොස්වක හා අව-අටවක දිනයන්) ආශ්‍රමිකව හිඳිමින්, අෂ්ටාංග ශීලය රකිති. බුදුන් වහන්සේ විසින් අෂ්ටාංග ශීලය රැකිය යුතු ආකාරය පිළිබඳ හා, සහ අෂ්ටාංග ශීලය පිළිපැදිය යුතු නිවරැදි හා වැරැදි ආකාර පිළිබඳ දේශනා කොට ඇත.

  1. මම ප්‍රාණ ඝාතයෙන් වැලකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි. (මනුෂ්‍ය හා මනුෂ්‍ය-නොවන යන දෙවගයම).
  2. මම නොදුන් දෙයක් ගැනීමෙන් (සොරකම් කිරීම) වැලකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
  3. මම අබ්‍රහ්මචර්යාවෙන් හෙවත් ගිහිකාමභෝගී ජීවිතයෙන් වෙන්වීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
  4. මම නුසුදුසු භාෂිතයෙන් එනම්, බොරු කීම, අනුන් රැවටීම, සිත් පහරවන වචන භාවිතය ආදියෙන් වැලකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
  5. මම අප්‍රමාදයට නොසැලකිල්ලට හේතුවන රහමෙර පානයන් ගෙන් හා මත් ද්‍රව්‍යයන්ගෙන් වැලකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
  6. මම විකාල භෝජනය හෙවත් අවේලාවේ ආහාර ගැනීමෙන් වෙන්වීමේ ශික්ෂා පදය සමාදන් වෙමි. (නිවැරදි වේලාව නම් ඉරු නැගීමෙන් පසුවත් ඉර මුදුන් වීමට කලිනුත් එක් වරක් පමණ ආහාර ගැනීම).
  7. මම නැටුම්, ගැයුම්, වැයුම් හා විහිළු දැකීම්වලින් ද, මල්ගඳ විලවුන් දැරීමෙන් හා මල්මාලා ආභරණයෙන් ගත සැරසීමෙන් ද වෙන්වීමේ ශීක්ෂාපදය සමාදන් වෙමි.
  8. මම සයනය කිරීම සහ හිඳීම සඳහා සැප පහසු ආසන එනම් උස් අසුන් හා මහ අසුන් භාවිතයෙන් වැලකීමේ ශීක්ෂාපදය සමාදන් වෙමි.

දසසිල් සමාදන් වීම

  1. පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  2. අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  3. ඉතා පහත් හැසිරීම නම් වූ ඉන්ද්‍රිය බද්ධ කාම සේවනයෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  4. මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  5. මත්වීම හා ප්‍රමාදයට කාරණා වූ රහමෙර පානය කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  6. විකල් භෝජනයෙන් හෙවත් අකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  7. නැටීම, ගීත ගැයීම, වාදනය කිරීම, උසුළු විසුළු බැලීම යනාදී දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (නච්ච ගීත වාදිත විසුකදස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  8. මල් ගඳ විලවුන් දැරීම, අඩුතැන් පිරවීම, පැහැ ගැන්වීම් වශයෙන් සැරසීමය, ඔප මට්ටම් දැමීම යනාදී දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභුස නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  9. උස් අසුන් හා මහාසන පරිභෝග කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  10. රන් රදී මසු කහවනු (මිල මුදල්) ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (ජාත රූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි).

ආශ්‍රිත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

බ්‍රහස්පති ග්‍රහයාබදුලු ටැම් ලිපියරතන සූත්‍රයමී මැසි පාලනයහෙන්රි ස්ටීල් ඕල්කට්ප්‍රාග් ඓතිහාසික යුගයශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්සිංහල ව්‍යාකරණනාට්‍ය කලාවදෙවන රාජසිංහ රජපොළොන්නරුව පෞරාණික නගරයශ්‍රී ලංකාවශිව දෙවියන්මෝටර් රථසබරගමුව පළාතගෞතම බුදුන්ගේ ධාතූන්ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවශ්‍රී ලංකා කොටියාකුරුල්ලෝහොරබුද්ධ ප්‍රතිමාපියයුරු සංසර්ගයසිද්ධාර්ථ කුමරුනාමල් උයනලෝකයේ රටවල්මැලේරියාවෆ්ලොරන්ස් නයිටිංගේල්නායයෑම්ක්ෂණික මෝචනයමාර්ටින් වික්‍රමසිංහපනාකඩුව තඹ සන්නසපහතරට නැටුම්මහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ දික්කසාද නීතිජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලවිටමින් Aමද්දුම බණ්ඩාරසිංහල න-ණ ල-ළ බේදයඅභයගිරි විහාරයපැපොලවෛරසඉතිහාසයසිංහල භාෂාවයුරෝපයදකුණු කොරියාවකළුතර බෝධියශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසමාධි බුදු පිළිමයමහනුවර යුගයේ රාජාවලියබට ඇටි කුකුළාඇසළ (ගස)යාපහුවසාහිත්‍යයකාංසා අක්‍රමතාවයලෝවාමහාපායමානව අයිතිවාසිකම්දඹදෙණිය යුගයලන්දේසි ලංකාවමහාවංශයඑළාර රජඉස්ලාම් හි පංචස්තම්භලෝක ජනගහනයසරම්පධර්මදූත ලූක් තුමාඋසස් පෙළ දේශපාලන විද්‍යාවබලං‌ගොඩ මානවයාශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවවැස්සසිංහල පිල්ලම්දකුණු ආසියාවමානව සැකිලි පද්ධතියතිස්සමහාරාමයනිල් මානෙල්ක්‍රීඩාලාඕසයජයලත් මනෝරත්නස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය🡆 More