සේන අම්බලම්ගොඩ

පලමුවෙන් සටහන තබනන්ට යන්නේ කවිපති සේන අම්බලම්ගොඩ මහ කවියාගේ නම පිලිබදවයි සේන අම්බලන්ගොඩ යන්නෙහි “සේන අම්බලන්ගොඩ“ යන්න “සේන අම්බලම්ගොඩ“ ලෙස නිවැරදි විය යුතුය..

සේන අම්බලම්ගොඩ යන හරි නාමයෙන් මෙම මහ කවියාණන් හදුන්වන ලෙස කාරුණිකව ඉල්ලාසිටිමි. !

මහාකවිසම්මාණයෙන් පිදුම් ලැබීම

මහා කවි දණ්ඩීන්, ශ්‍රී රාහුල හිමි, කාලිදාසයන් හෙබවූ පරපුරෙහි නූතන මහපුරුක සේ, මහා කවි ගරු නාමයෙන් වසර 250ක ඉතිහාසය තුළ අභිසෙස් ලබන්නට වරම් ලද, සාහිත්‍ය ලෝලී ජනාදරයට හා ගරු බුහුමනට පත් වූ කණ්ඩ කාව්‍ය හා සංඳේශ කාව්‍ය සංග්‍රහයක් එළිදක්වමින් මහා කවි වරමට සුදුසුකම් ලද සිරි කවිපති සේන අම්බලන්ගොඩ මැතිදුන්ට උපහාරයක් ලෙස මෙය ලියා තබමි

  • ස්වාරාස්මූර්ති සහජීවන විශ්ව කීර්ති සම්මාණය ජාතික සහජීවන සංවිධානය මගින් සංස්කෘතික හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය වෙතින් ගරු එස් බී නාවින්න මැතිතුමා අතින් ලැබීම,

වර්ශ 2017 සැප්තැම්බර් විසි නව වනදා සිට එම වර්ශයේ ඔක්තෝම්බර් පළමුවන දින දක්වා සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පැවති මහා කවි සංගායනාවේදී ගරු සේන අම්බලම්ගොඩ මැතිතුමානන් එකී සම්මාණයට පාත්‍රවිය.


1949-09-29දින ජනාධිපති කලා භූෂණ සම්මානලාභී කේ. ටී ජිනදාස නම් වූ කලා කරුවාට හා අමදෝරු ජයවීර පටබැඳිගේ මේරිනෝනා මහත්මියට දාව අට දෙනෙකුගෙන් යුත් පවුලේ හත් වෙනියා ලෙස දකුණු පලාතේ අම්බලන්ගොඩ ග්‍රාමයේ උපතලද සේන අම්බලම්ගොඩ මහා කවියා අකුරු කරන ලද්දේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලයෙනි,

සේන අම්බලම්ගොඩ නම් නිහතමාණී කලාකරුවා තම අතීත මතක සටහන් මෙසේ දක්වන ලදි. “මගේ නියම නම කේ.ටී . ජිනසේන මම පොඩි කාලේ සිටම කවි කියූ නිසා සේන කියලා ප්‍රසිද්ධ වුණා .තවත් සේනලා ඒ කාලේ ගොඩක් සිටි නිසා අමබලන්ගොඩ සේන කියලා කිව්වා. ඒ නිසා තමයි සේන අම්බලන් ගොඩ වුණේ. හැබැයි අම්බලන්ගොඩට කියන නියම නම අම්බලම්ගොඩ ඒ නිසා මම පාවිච්චි කළේ සේන අම්බලම්ගොඩ කියලා දැන් කවුරුත් දන්නේ එම නමයි.ඒ කාලේ සිටම මම දක්ෂයි හිටිවන කවියට. දැනට ලංකාවේ සිටින පැරැණිම වෙසක් සුබ පැතුම්පත් වල කවි ලියපු කවියා මමයි.මම7 පංතියේ සිට ඉගෙන ගත්තේ අම්බලන්ගොඩ විද්‍යාලෝක පිරිවෙනේ. මට පාලි සංස්කෘත භාෂා හොඳට පුලුවන් ප්‍රාචීන පණ්ඩිත විභාගය ලියනවානම් මහණ වෙන්න කිවිව නිසා විශ්ව විද්‍යාලයට ගියා. කැළණියේ . මම කළේ සාමාන්‍යෙව්දී උපාධියක්“මගේ කවි ගුරුවරුන් වන රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ඇන්දානේ දයානන්ද නා හිමි, ගොඩහේනේ ඩැනී කුලප්පුවාවඩු කිවිඳු.බේනියල් මැදිස් කිවිඳු මේ මොහොතේ මතක්කල යුතුමයි “

මේ අසහාය කලාකරුවා විසින් කාව්‍ය සාහිත්‍ය උන්නතිය උදෙසා පලකරනලද පොත් කිහිපයක් පහත දැක්වේ.

  • හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ඨි) නම් ශාස්ත්‍රීය ග්‍රන්ථයක්ද, කොට ,

පන්සිය පණස් ජාතක පොත් වහන්සේ සරල බසින් 1,2,3,4,5ආදී කොටස් මහා ගද්‍යයක් ලෙසද තේලපත්ත ජාතක කාව්‍ය-

අසාතමන්ත්‍ර ජාතක කාව්‍ය-

කොසොල් රජතුමා දුටු සිහින දහසය , ආදියෙන් බෞද්ධ චින්තනය ද පණගැන්වූයේය

ලක් දිව හාහා පුරා කවි බණ

1 ආලවක යක්ෂ දමනය කැසට්-

2 කාලි යක්ෂණී දමනය-

3 රේවතීගේ මර ලතෝනිය-

4 දේවදත්තගේ විලාපය-

5 කොසොල් රජු දුටු සිහින දහසය-

6පත්තිනි මෑනියෝ-

7විෂ්ණු දෙවියෝ-

8කාලි මෑණියෝ-

9සිද්ධ සූනියම් දෙවියෝ ආදී පොත් හා සී ඩී හා කැසට්පටද -

යකාගේ වලව්ව-

පොරොන්දම් බැලීමේ සරල ක්‍රමය-

47 රහස් පරීක්ෂක නව කථාව-

සූ සැට මායම් කාව්‍ය ග්‍රන්ථය (පිටපත් හතලිස් දහසක් අලෙවි වීම වාර්ථාවකි)-

(2009 05 09)-

හැදෙනවනම් ඕවාද මංජුසාව (කවි)-

කේරළේ අංක විද්‍යාව-

ජ්‍යොතිෂ පුථමාදර්ශය-

එම 2,3 කොටස්-

අකුරු ලියමු කවි කියවමු-

පන්සිල් බලයෙන් රෝග නිවරණ ක්‍රම-

හස්ත රේඛා රත්නාකරය ආදී කාව්‍ය ,ජෝතිශ්‍යෙවේදී,නවකථා,අධ්‍යාපණික ග්‍රන්ථද-

සිදත් සඟරාව හා තුන් සරණය නව සංස්කරනයන්ද-

කිරි අම්මාවරුන්ගේ දානය-

දේවාරූඪය ලබා ශාස්ත්‍ර කියන හැටි-

මතක තබා ගැනීමේ රහස් ආදි ග්‍රන්ථරත්නයන්ද-

ශක්ති කාව්‍ය පුවත්පත-

මායා රට පුවත් පත-

සරසවි මඳහස සඟරාව ආදී පුවත්පත් ද ප්‍රධානය,-


අනූපමේය කාව්‍ය ඥාණයත් පරිකල්පන හැකියාවත් සැලකිල්ලට ගනිමින් හා ගරු සේන අම්බලම්ගොඩ කලාකරුවාණන්ගේ සාහිත්‍ය සේවය අගයකරමින් කීර්ති ශ්‍රී දේශ බන්දු,දේශාභිමානී ලංකා පුත්‍ර, සමාදාන විනිශ්චයකාර, කාව්‍ය ජනරංජන, දේශාභිමානී,ආචාර්ය,මහා කවි,යන සම්මාණයෙන්ද ජනතා ගෞරව සම්මාණයෙන්ද විටින් විට පුදනු ලැබිනි,

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සමාජයතිස්ස වැව (අනුරාධපුරය)අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයසිංහල සන්ධිආගම්ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවබැක්ටීරියාඉසුරුමුණියසපුෂ්ප ශාකආනන්ද කුමාරස්වාමිශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්‍ෂුද්‍ර ජීවීන්සෞඛ්‍යයලිංගික සංසර්ගික ඉරියව්ක්‍ෂය රෝගයඅධ්‍යාපන මනෝ විද්‍යාවඅයිසැක් නිව්ටන්ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවඅර්ථයඇපල් ඉන්කෝපරේෂන්දෙවොල් මඩු ශාන්ති කර්මයස්ත්‍රී පුරුෂ භාවයලෝක ආහාර අර්බුදයසිංහල අකුරුත්‍රිපිටකයශ්‍රි ලංකාවේ පාසල්පිරිවැයහික්කඩු‍වේ සංචාරක ව්‍යාපාරයලේ ගැලීමවිවාහයසිංහල වෙදකමසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතදස මහා යෝධයෝමන්දාකිණිබල්ලාසෞරග්‍රහ මණ්ඩලයසිංහල නාම විශේෂණනිෂ්පාදන හැකියා මායිමබ්‍රිතාන්‍ය ලංකාවකර්ම (බුදු දහම අනුව)ක්ෂුද්‍ර ජීවීන් රෝපණයසබරගමුව පළාතමඩු (ශාක වර්ගය)විටමින්අභිප්‍රේරණයසුභාෂිතයමලයාසියාවE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ඇඩොල්ෆ් හිට්ලර්කාබන් ඩයොක්සයිඩ්වයඹ පළාත, ශ්‍රී ලංකාවයාපහුව බලකොටුවභූගෝල විද්‍යාවයෝනි මුඛයබැද්දේගම(නවකතාව)ශ්‍රී ලංකා පොලිස් සේවයලිංගික සංසර්ගයජාත්‍යන්තර කාන්තා දිනයකොහාප්‍රථමක සංඛ්‍යාතොරතුරු තාක්‍ෂණයහේන් ගොවිතැනක්‍ෂුද්‍ර ඡිවින් වර්ගීකරණයපටිච්චසමුප්පාදයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවඅනුරාධපුර ජේතවනාරාමයඒඩ්ස්ක්ෂුද්‍ර ජීවීන් සහ රෝගක‍ඩොලානඋඩුනුවර ලංකාතිලක විහාරයමහ වැව් නාමාවලියසිරස රූපවාහිනීයසොකරි නාටකයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියනාමල් උයනවාරියපොල ශ්‍රී සුමංගල හිමිඑක්සත් ජනපදය🡆 More