චෞ එන්ලායි

චෞ එන්ලායි (චීන: 周恩来; වේඩ්–ගයිල්ස්: Chou En-lai; 5 මාර්තු 1898 – 8 ජනවාරි 1976) යනු, මහජන චීන සමූහාණ්ඩුවෙහි පළමුවන අගමැතිවරයා වූ අතර, 1949 ඔක්තොම්බර මාසයෙහි සිට 1976 ජනවාරියෙහි ඔහුගේ මරණය සිදු වන තෙක්ම එම තනතුර දැරීය.

සභාපති මාඕ සේතුං හා සමගින් සේවය කල චෞ, කොමියුනිස්ට් පක්ෂයෙහි බලප්‍රාප්තියද, පසුව එහි බලාධිකාරිය වඩාත් ශක්තිමත් කරලීමද, විදේශ ප්‍රතිපත්තිය හැඩගැසීම සහ, චීන ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමද වෙත හේතුභූත විය.

周恩来
චෞ එන්ලායි
තෙවන චීන කොමියුනිස්ට් පක්ෂයෙහි පළමුවන උප සභාපතිවරයා
තනතුර දරමින්
30 අගෝස්තු 1973 – 8 ජනවාරි 1976
සභාපතිවරයාමාඕ සේතුං

මරණය සහ ප්‍රතිචාර

රෝගී තත්ත්වය සහ මරණය

ගවෝ වෙන්ෂිං විසින් මෑතකදී රචිත චෞ චරිතාපදානය පරිදී, මුත්‍රාශයෙහි පිළිකාවකින් චෞ පෙලෙන බවට මුලින්ම රෝග විනිශ්චය කර ඇත්තේ 1972 නොවැම්බර් මාසයෙහිදීය. ඔහු ලැබූ ප්‍රතිකාර පරිදී, සුවය ලැබුමට ඔහුට සියයට 80 සිට 90 දක්වා අවස්ථාවක් තිබූ බවට චෞගේ වෛද්‍ය කණ්ඩායම වාර්තා කලද, ඉහළම තලයෙහි පක්ෂ සාමාජිකයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර මාඕ විසින්ම අනුමත කල යුතුව තිබුණි. මාඕ අණ කලේ, චෞ සහ ඔහුගේ බිරිය වෙත මෙම රෝග විනිශ්චය පිළිබඳ තොරතුරු නොසැපිියයුතු බවත්, කිසිම ශල්‍යකර්මයක් නොකල යුතු බවත් සහ තවදුරටත් කිසිම රෝග පරික්ෂණයක් නොකල යුතු බවය.1974 වන විට, ඔහුගේ මූත්‍රා සමග සැලකිය යුතු පමණ රුධිරය පිට වන බව චෞ හට පෙනී ගියේය. චෞගේ තත්ත්වය පිළිබඳ දැනගත් චීන නායකයන් විසින් එල්ල කල පීඩනය හමුවෙහි, 1974 ජූනි මාසයෙහිදී ශල්‍යකර්මයක් සිදු කල යුතු බවට මාඕ අවසානයෙහිදී අණ දුන්නද මාස කිහිපයකට පසුව රුධිරය ගැලීම යළි පැමිණයේ අනෙකුත් ඉන්ද්‍රියයන් වෙත පිළිකාව ස්ථානාන්තරණය වී ඇති බවට අඟවමිනි. ඊළඟ අවුරුදු ඒකහමාරක කාලය තුලදී සිදු කල ශල්‍යකර්ම මාලාව වෙතින් පිළිකාවෙහි වර්ධනය සීමා කිරීම කල නොහැකි විය. රෝහලෙහි ගත කල කාලය තුලදී, පළමුවන නියෝජ්‍ය අගමැතිවරයා වූ ඩං ෂියෝපිං සමග වැඩ කටයුතු කරමින් වැදගත් රාජ්‍ය මන්ත්‍රණ සභා කටයුතු අතරින් බොහෝමයක් චෞ විසින් සිදු කෙරිණි. 1975 ජනවාරි 13 දිනදී පැවැති 4වන ජාතික මහජන කොංග්‍රසයෙහි පළමුවන රැස්වීම, ඔහුගේ අවසන් ප්‍රධාන මහජන පෙනී සිටීම වූ අතර එහිදී ඔහු විසින් රජයේ කාර්ය සාධක වාර්තාව ඉදිරිපත් කෙරිණි. ඉන්පසුව මහජනයා අතර ප්‍රසිද්ධියෙහි පෙනී සිටීම සීමා කෙරුණේ තව දුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. 1976 ජනවාරි 8 දින පැය 09:57ට චෞ එන්ලායි මිය යන විට ඔහු 77 වියැති විය

මාඕගේ ප්‍රතිචාරය

චෞගේ මරණයෙන් පසුව, චෞගේ මස්තකප්‍රාප්තීන් හෝ දායකත්වයන් හෝ සඳහන් කරමින් කිසිදු ප්‍රකාශයක් මාඕ විසින් නිකුත් නොකෙරුණු අතර, ජ්‍යෙෂ්ඨ පක්ෂ නායිකාවක් වූ චෞගේ වැන්දඹුව වෙත ශෝක ප්‍රකාශයක් හෝ මාඕ විසින් නොයැවුණි.තම කාර්ය මණ්ඩලය විසින් බාහුවෙහි ඉහළ කළු පැහැ ශෝක ප්‍රකාශ පටි පැලඳීම මාඕ විසින් තහනම් කෙරිණි. ග්‍රේට් හෝල් ඔෆ් පීප්ල් හී පැවැති චෞ ගේ අවමගුලට මාඕ සහභාගී වූවා හෝ නොවූවා හෝ, එසේ කිරීමට නොහැකි තරම් දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් මාඕ පසුවිය. මාඕ කෙසේ හෝ අවමගුලට මල් වඩමක් යැවීය.

ඒ වෙනුවට මාඕ සිදුකලේ, චෞ මහා මාක්ස්වාදියෙක් බවට ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරීමට වූ යෝජනාවක් වෙත අකුල් ‌හෙලීම සහ චෞ ගේ අවමගුලට ඉතා කෙටි ගොඩවැදීමක් හෝ කරන ලෙස වූ ඉල්ලුම ප්‍රතික්ෂේප කොට ඔහුගේ බෑනාවූ මාඕ යුවෑංසිං වෙත නියම කලේ, සංස්කෘතික විප්ලවයෙහි සීමාව ඉක්මවීමන් ආපසු හැරවීම සහ සංයමයට පත් කිරීම හා ඔහුගේ අවසන් වසර කිහිපය තුල චෞ විසින් කිට්ටුවෙන් සම්බන්ධව සිටි බැවින්, තමන් චෞගේ අවමගුලට සහභාගී වූවොත් තමන්ද "සංස්කෘතික විප්ලවය පිළිබඳ යළි සලකා බලන බවට" බලපෑමකට නතුවී ‍ඇති බවක් මහජනයා විසින් සිතීමට ඉඩ ඇති නිසා එසේ නොකරන බවට පැහැදිලි කරන ලෙසය. මහජනයා විසින් දුක් වීම සහ එය ප්‍රකාශකිරීම් විසින්, පසුකාලීනව තමන් වෙත හා තමන්ගේ ප්‍රතිපත්ති වෙත අහිතකර බලපෑම් එල්ල කල හැකි බවට කනස්සල්ලට පත් මාඕ විසින් හිටපු අගමැතිවරයාගේ මරණයෙන් පසුව සිදු කලේ චෞ පිළිබඳ මහජනයා විසින් ශෝක වීම මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වූ "නොනල යුතු පහ" මෙහෙයුම වෙත පිටුබල දීමයි.

අනුස්මරණය

චෞ පිළිබඳ මාඕ ගේ මතය කුමක් වුවද, මහජනයා අතර පොදු ශෝක වීමක් දක්නට ලැබිණි. විදේශ වාර්තාකරුවන් විසින් වාර්තා කරනු ලැබුවේ, චෞ ගේ මරණයෙන් පසු විගසින්ම බීජිං නුවර දිස් වූයේ හොල්මන් නගරයක් ලෙසින් බවයි. චාරිත්‍රානුකූල සමාධියක තැන්පත් කරනවා වෙනුවට, ඔහුගේ උපන් නගරයෙහි කඳු සහ ගංගා අතර ඔහුගේ අළු විසුරුවා හැරීම චෞ ගේ අන්තිම කැමැත්ත වූ බැවින් භූමිදාන උත්සවයක් නොපැවැත්වුණි.

Tags:

චෞ එන්ලායි මරණය සහ ප්‍රතිචාරචෞ එන්ලායිචීන කොමියුනිස්ට් පක්ෂයෙහි සභාපතිවරයාමාඕ සේතුංසරල චීන අක්ෂර

🔥 Trending searches on Wiki සිංහල:

මහා පත්තිනි දේවාලය, නවගමුවවෙදනලාවඉන්දියාවසරත් ගුණපාලක්ෂුද්‍ර ජීවීන් සහ රෝගමොනරාබුද්ධඝෝෂ හිමිග්‍රහලෝකපන්සිල්හක්ගල උද්භිද උද්‍යානයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවසිංහල සහ හින්දු අලුත් අවුරුද්දපෙර පාසල්මහා මංගල සුත්‍රයඅඟහරු ග්‍රහලොවමර්සලින් ජයකොඩිසිංහල සන්ධිශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවබුද්ධාගමඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවමහා කාශ්‍යප රහතන් වහන්සේඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තසුදු බිංදුමසොළොස්මස්ථානඔක්සිජන්කඩොලාන පරිසර පද්ධතියපොළොන්නරුව පෞරාණික නගරයරාජ්‍ය සේවා කොමිෂන් සභාවවිධායක ඡනාධිපතිශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතහිසරදයසිඟාලෝවාද සූත්‍රයසඳකඩපහ‍ණේ විකාසනයසංස්කෘතියකොස්ලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්පාරම්පරික සිංහල සැරසිලි මෝස්තරභූකාරක තැටි වාදයනීතියආනන්ද කුමාරස්වාමිසිංහල පිල්ලම්ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියඅනුරාධපුර යුගයමහ වැව් නාමාවලියලංකා බැංකුවතෙත් කලාපයේ ශාක විවිධත්වයතෙරේසා මවුතුමියඇසළ (ගස)ශ්‍රී ලංකාවේ ඉතිහාසයශ්‍රී ලංකාවේ පළාත්කාවන්තිස්ස රජමානව පරිණාමයමරියානා අගාධයඇම්බැක්කේ දේවාලයසත්තුරතු දත්ත පොතස්වාභාවික උපද්‍රවශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවසිංහල සාහිත්‍යයපළමුවන විජයබාහු රජඩිවි දශම වර්ගීකරණයසංගීත චිකිත්සාවක්‍රිකට්අන්තර්ජාලයමයිකල් ජැක්සන්වලාකුළු පරිගණනයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවඋඩුනුවර ලංකාතිලක විහාරයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරපටිච්චසමුප්පාදයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාටෙරා ඊ පායිශාවෝලාදුරු🡆 More