භූ දේශපාලනික සීමා ලෙස
සීමා නිර්ණයේදී ඓතිහාසිකවම ජලප්‍රවාහණ ද්‍රෝණි වැදගත් වී ඇත. විශේෂයෙන්ම ජලය හරහා සිදු කරන වෙළෙඳාම කෙරෙහි වැදගත් වන ප්‍රදේශවලදී ඒ බව දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ හඩ්සන් බොක්ක ආයතනයට හඩ්සන් බොක්ක දියබස්නාවේ සම්පූර්ණ අයිතිය ඉන්දීය වෙළදාමේ ඒකාධිකාරය වෙත පවරා දෙන ලදී. එම ප්‍රදේශය Rupwrt භූමිය ලෙස හැඳින්විණි. මෙම ආයතනය පසුව ආක්ටික් සාගරයේ උතුරු ඇමෙරිකානු දියබස්නාව මඟින් අත්පත් කර ගන්නා ලදී. (වයඹ දිග භූමිය) මෙම වයඹ දිග භූමීන් පසුකාලීනව කැනඩාවේ කොටස් බවට පත්විය. ඒවා කැනඩාවේ භූමියෙන් බහුතරය අයත්කරගෙන සිටී.
වර්තමානයේ Sistan ද්‍රෝණිය ඇෆ්ගනිස්ථානය හා ඉරානයේ දකුණු ප්‍රදේශ හරහා පැතිර පවතී. Shangrial විල පකිස්ථානයේ Skardu හිදී.
අද ජෛව ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදය විසින් විශේෂිත ජලාප්‍රවාහණ ද්‍රෝණියක් ආරක්ෂා කිරීමට ඇතිකර ගනු ලැබ තිබෙන එකඟතාද ඊට අන්තර්ගත කර ඇත. මේවා මහාවිල් කොමිසමට අයත් වේ.
ජලවිද්‍යාවේදී ජලා ප්‍රවාහන ද්‍රෝණිවල වැදගත්කම
ජල විද්‍යාවේදී ජලාප්‍රවාහන ද්‍රෝණි ජලචක්‍රය තුළ ජලයේ චලන අධ්‍යයනය කිරීම සඳහා තාර්කික වශයෙන් වැදගත් ඒකකයකි.ඒ එම ද්‍රෝණිය සෘජුවම අහසින් වැටෙන වර්ෂා ජලයෙන් සමන්විත වන නිසාවෙනි. මෙහිදී ජලාප්‍රවාහන ද්‍රෝණියට යටින් ඇති භූගත ජල පද්ධතියට ජල ප්‍රමාණයක් එකතු වී වෙනත් ජලාප්‍රවාහණ ද්‍රෝණියක් කරා ගලායයි. ඒ භූගත ජල ගැලීමේ දිශානතියෙන් පිටත ජලාප්‍රවාහණ ජාලයට හැමවිටම ගැලපීම සිදු නොවන බැවිණි. ද්‍රෝණියේ මුව විට තබන ලද ප්‍රවාහ ආමාණයක් මගින් ද්‍රෝණියෙන් විසර්ජනය වන ජල ප්‍රමාණය මැන ගත හැකිය.
ජලාප්‍රවාහණ ද්‍රෝණියක් මතට වැටෙන මුළු වර්ෂාපතනය මැනීමට වර්ෂා ආමාන යොදා ගනී. එම දත්ත ලබාගැනීමට වෙනත් ක්‍රමද ඇත. නියත වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයක ආමාණ රාශියක් ඒකාකාරීව පැතිරී ඇත්නම් අංක ගණිතමය මධ්‍යන්‍ය ක්‍රමය වඩා හොඳ ප්‍රතිඵල ලබාදේ. Thiessen බහු අස්‍ර ක්‍රමයේදී දිය බස්නාව බහු අස්‍රවලට බෙදෙන අතර ප්‍රධාන ආමානය සෑම බහුඅස්‍රයකම මැද පිහිටුවා ඇත. එය එම ප්‍රදේශයේ වර්ෂාපතනයට නිදර්ශකයක් ලෙස ක්‍රියාකරයි. මෙම බහු අස්‍ර ආමාන අතර රේඛා ඇඳීමෙන් නිර්මාණය කෙරේ. අනතුරුව බහුඅස්‍රවල සිට ඒවාට ලම්භ සමච්ඡේදකයක් නිර්මාණය කරයි. සම වර්ෂා රේඛා ක්‍රමය භාවිතයේදී සමාන වර්ෂාවක් වැටෙන සමෝච්ච රේඛා සිතියමක අඳිනු ලැබේ. එම චාපයන් අතර වර්ගඵලය ගණනය කොට ජල පරිමාව එකතු කිරීම කල්ගත වන ක්‍රියාවකි.
පරිසර විද්‍යාවේදී ජලා ප්‍රවාහන ද්‍රෝණියක වැදගත්කම
එක්සත් ජනපද ගංගාවක විශාලතම වර්ගඵලය අයත් වන්නේ මිසි සිපි ගංගා ද්‍රෝණියටයි. ඉන් වැඩි ප්‍රමාණයක් කෘෂිකාර්මික ප්‍රදේශ වේ. කෘෂි කාර්මික අපවාහයන් හා වෙනත් ජල දුෂණ කාරක මෙක්සිකෝ බොක්කේ මළ කලාපයක් ඇති කිරීමට හේතු වී ඇත. ජලාප්‍රවාහන ද්‍රෝණි පරිසර විද්‍යාවේදී ද වැදගත් මූලකාරකයන් වේ. ඊට හේතුව නම් පොළව හරහා ගලායන ජලයේ පෝෂක අවසාධක හා දුෂක එකතුකර ගත හැකි බැවිනි. ජලය මෙන්ම ඒවාද ද්‍රෝණියේ පිටත විවරය දෙසට ගලායයි. ඒවා සිය ගමන් මග තුළ පරිසර විද්‍යාත්මක ක්‍රියාකාරකම්වලට බලපෑම් ඇති කරවන අතර ඒ අතර තුරදීම ජල ප්‍රභවයට ද බලපෑම් සිදු කළ හැකිය.
කෘත්‍රීම පොහොරවල වර්තමාන භාවිතයේදී නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් භාවිතය දියබස්නාවල මුවවිට වෙත බලපෑම් ඇති කොට ඇත. ඛණිජ දියබස්නාව මගින් එහි මුවවිට දක්වා ගමන්කරවන අතර එහිදී තැන්පත් වේ. එය ස්වාභාවික ඛණිජ තුලනයට බාධා කරයි.
ජල සම්පත් කළමණාකරණයේදී ජලා ප්‍රවාහන ද්‍රෝණි
ජල විද්‍යාත්මක දැක්මට අනුව ජලාප්‍රවාහන ද්‍රෝණි සංක්ෂිප්ත වස්තූන් වන බැවින් තනි ද්‍රෝණි පදනම මත ජල සම්පත් කළමනාකරණයට පොදුවේ යොදා ගනී. Minnesota එක්සත් ජනපද ප්‍රාන්තයේදී මෙම ක්‍රියාව සිදු කරන රාජ්‍ය වස්තූන් හැඳින්වෙන්නේ දියබස්නා දිස්ත්‍රික්ක ලෙසය. නවසීලන්තයේදී ඒවා හැඳින්වෙන්නේ ජලධාරක මණ්ඩල වශයෙනි. කැනඩාවේ පොන්ටෙරියෝහිදී සංසන්දනාත්මක ප්‍රජා කණ්ඩායම් සංරක්ෂණ අධිකාරීන් නම් වේ. උතුරු ඇමෙරිකාවේදී මෙම ක්‍රියාව දියබස්නා කළමනාකරණය නම් වේ. බ්‍රසීලයේදී එය හඳුන්වන්නේ ජල සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යනුවෙනි. එය සම්මත කොට තිබෙන්නේ 1997 9.433 දරණ පනතෙනි. ඒ අනුව ජලාප්‍රවාහන ද්‍රෝණි බ්‍රසීලිය ජල කළමනාකරණයේ භෞමික බේදීම් ලෙස එළි දක්වා ඇත.
This article uses material from the Wikipedia සිංහල article ගංගා ද්‍රෝණි, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.