ක්‍රීඩා එන්ජින්

ක්‍රීඩා එන්ජිමක් යනු රියල් ටයිම් (Real – time) ග්‍රැෆික්වලින් යුක්ත වූ අන්තර් ක්‍රියාකාරී යෙදුමක හෝ පරිගණක වීඩියෝ ක්‍රීඩාවක සංරචකයක් වූ හර මෘදුකාංගයකි.එය එහි දියුණු කිරීම සරළ කරන හා ක්‍රීඩා කොන්සෝල් හා ලිනක්ස් , මැක් OS X හා මයික්‍රොසොෆ්ට් වින්ඩොස් වැනි මෙහෙයුම් පද්ධති වැනි බහු වේදිකා මත ධාවනය වීමට හැකියාව ලබා දෙන තාක්ෂණික ක්‍රම සපයයි.

ක්‍රීඩා එන්ජින් මගින් සාමාන්‍යයෙන් ලබා දෙන හර ක්‍රියාකාරීත්වයන්ට 2D හා 3D ග්‍රැෆික්ස් සඳහා වූ විදැහුම් එන්ජින් , භෞතික විද්‍යාත්මක එන්ජින් හෝ ගැටුම් අනාවාරකය (හා ගැටුම් ප්‍රතිචාරකය , ශබ්ද උපදේශාවලීකරණය, සජීවීකරණ, කෘත්‍රීම බුද්ධිය, විශාලගත කිරීම් , දහර ගත කිරීම (Streaming) , මතක කළමනාකරණය , ත්‍රේඩින්ග් හා දර්ශන සටහන් ඇතුළත් වේ. ක්‍රීඩා නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය විවිධ ක්‍රීඩා නිපදවීම සඳහා එකම ක්‍රීඩා එන්ජිම නැවත නැවත භාවිතය නිසා සීඝ්‍රයෙන් වාණිජකරණයට භාජනය වී ඇත‍.

විනෝදාශ්වාදීන්

ක්‍රීඩා එන්ජින් වැඩි දියුණු කිරීම පරිගණක විද්‍යා ශිෂ්‍යයින්, විනෝදාශ්වාදීන් ක්‍රීඩා වැඩි දියුණු කරන්නන් අතර ජනප්‍රිය ව්‍යාපෘතියකි. එයට ජ්‍යාමිතිය, වර්ණ සිද්ධාන්තය හා පරිගණනය පිළිබඳ දැඩි අන්තර් විෂය තේරුම් ගැනීමක් අත්‍යවශ්‍ය වේ. විශාල වශයෙන් දෘශ්‍ය වුවත් මෙම දියුණු කරන්නන් එය විනෝදජනක හා ප්‍රතිඵල ලැබෙන දෙයක් ලෙස සලකයි. උදාහරණ ලෙස Crystal Space යනු ජනප්‍රිය නිදහස් හා විවෘත ප්‍රබව (Open source) බහු වේදිකා ක්‍රීඩා එංජිමකි.

සැලකිය යුතු එංජින්

DevMaster.net හි දක්වා ඇති නැවත නැවත පරීක්ෂා කරන ලද හොඳම වානිජමය එන්ජින් 10 (මෙයින් බොහෝමයක් අඩු වියදම් හා විනෝදාශ්වාදීන් විසින් භාවිතා කරන ඒවා වේ.)

Torque Game Engine
TV3D SDK 6.5
3D Game Studio
C4 Engine
Unity
NeoAxis Engine

සැලකිල්ලට ගත යුතු විවෘත ප්‍රබව එංජින්

Crystal Space – නිදහස් පෝටල මත පදනම් වූ එංජිමක්
Delta3D - නාවික හමුදා විසින් විශේෂයෙන් නිපදවන ලද විවෘත ප්‍රබව එංජිමක්, විශේෂයෙන් පුහුණුවීම් යෙදීම් සඳහා
Game Blender - Blender හි උප යෙදුමකි.
Irrlicht - සරල නිදහස් විවෘත ප්‍රබව 3D එංජිමකි.
The Nebula Device - බොහොමයක් වානිජමය ක්‍රීඩාවලදී යොදා ගන්නා ප්‍රබල එංජිමකි.
Ogre3D – ප්‍රසිද්ධ LGPL චිත්‍රක එංජිමකි.
Open Dynamics Engine – බොහොමයක් වානිජමය ක්‍රීඩාවලදී යොදා ගන්නා හරස් වේදිකා භෞතික එංජිමකි.
Panda3D - මුළුමනින්ම ක්‍රියාකාරී Python/C++ 3D එංජිමකි.
Wolfenstein 3D engine till id Tech 3 - මෙම එංජ‍ින් විවෘත ප්‍රබව ලෙස නිකුත් කර ඇත.


දෘඩාංග වියුක්තීකරණය

බොහෝවිට ගේම් එන්ජින් තුළ වූ 3D එන්ජින් හෝ විදැහුම් පද්ධති නිපදවා ඇත්තේ GPU හි වීඩියෝ පථහි මෘදුකාංග වියුක්තීකරණය සපයන Direct 3D හෝ Open GL වැනි ග්‍රැෆික්ස් API මතය. ක්‍රීඩාවලදී Direct X , SLD හා Open AL වැනි පහත් මට්ටමේ පුස්තකාල ද භාවිතා කරනු ලබයි. එසේ කරනුයේ ඒවා ආදාන උපකරණ (මූසිකය , යතුරු පුවරුව හා නියාමක යටිය ), ජාලපත් හා හඬපත් වැනි අනෙකුත් පරිගණක දෘඩාංගවලට දෘඩාංග - ස්වාධීන ප්‍රවේශ ලබා දෙන නිසාය. මෘදුකාංග විදැහුම්කරණය තවමත් සමහරක් ආකෘතීකරණ මෙවලම් හෝ නිශ්චල විදැහන ලද රූප සඳහා භාවිතා වේ. එසේ මෘදුකාංග විදැහුම්කරණය භාවිතා කරනුයේ රියල් ටයිම් ක්‍රියාවලියක් හරහා දෘෂ්‍ය නිරවද්‍ය බව අගය කරන විටදී (තප්පරයට රාමු ගණන ) හෝ ෂැඩර් සහය හෝ Direct 3D 10 සඳහා වින්ඩෝස් විස්ටාහි සහය වැනි පරිගණක දෘඩාංග අදාල අවශ්‍යතා සම්පූර්ණ කරන විටදීය.

දෘඩාංග ත්වරණය කළ භෞතික විද්‍යා සැකසීම හඳුන්වාදීමත් සමග COLLADA හා EAL වැනි භෞතික විද්‍යා API , විවිධ මිඩ්ල්වෙයා සපයන්නන් හා කොන්සෝල් වේදිකාවල භෞතික විද්‍යා සැපයුම් ඒකකවල මෘදුකාංග ව්‍යුක්තීකරණය සැපයීම සඳහා භාවිතයෙහි යෙදවී තිබිණි.

ස්පීඩ්ට්‍රී ‍ෆොරස්ට් - විදැහුම්කරණය සිදු කරන මිඩ්ල්වෙයාර්

සමහරක් සමාගම් දැන් මිඩ්ල්වෙයාර් ලෙස හඳුන්වන මෘදුකාංග පද්ධති නිර්මාණය කිරීමට විශේෂඥතාවක් දක්වයි. මිඩ්ල්වෙයාර් නිර්මාණකරුවන් ක්‍රීඩා නිර්මාණකරුවෙකුට ක්‍රීඩා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය බොහොමයක් අවයව ඇතුළත් රෝබස්ට් මෘදුකාංග පද්ධති නිර්මාණය කිරීම මඟින් අදාල අරමුණු කලින් ඉටු කර ගැනීමට යත්න දරයි. බොහොමයක් මිඩ්ල්වෙයාර් වැඩසටහන් ග්‍රැෆික්, හඬ, භෞතික විද්‍යාව හා AI ශ්‍රිත වැනි ඒවායේ දියුණුව පහසු කරන පහසුකම් සලසයි. Gamebryo හා RenderWare යනු එලෙස බහුලව භාවිතා වන මිඩ්ල්‍වෙයාර් වැඩසටහන් 2කි.

සමහරක් මිඩ්ල්වෙයාර් වැඩසටහන් එක් දෙයක් පමණක් සිදු කරන මුත් සාමාන්‍ය එන්ජන්වලට වඩා විශ්වාසදායී ලෙස ඒවා සිදු කරයි. උදාහරණ ලෙස ස්පීඩ්ට්‍රී The Elder Scrolls IV : Oblivion පරිගණක ක්‍රීඩාවේ තාත්වික වෘක්ෂ හා ගස් වැල් විදැහීමට යොදා ගන්නා ලදී.

ක්‍රියාත්මක වීමේ උප පද්ධති සපයන බහුලව භාවිතා වන පැකේජ දෙකක හැවොක් හා RAD ක්‍රීඩා මෙවලම් පද්ධති කිහිපයක් ඇතුළත් වේ. හැවොක් රොබස්ට් භෞතික විද්‍යාත්මක අනුහුරුකරණ පද්ධති සපයන අතර RAD ක්‍රීඩා මෙවලම් වීඩියෝ විදැහීම, දෘශ්‍ය ධාවනය කිරීම් හා 3D විදැහීම් සඳහා පද්ධති දියුණු කරයි.

සමහරක් මිඩ්ල්වෙයාර්වල සම්පූර්ණ ප්‍රභව කේත අඩංගු වන අතර අනෙක්වා සම්පාදනය කරන ලද ද්වීමය පුස්තකාල සඳහා API පරිශීලක සැපයීම පමණක් සිදු කරයි. සමහරක් මිඩ්ල්වෙයාර් වැඩසටහන් දෙවිදියටම බලපත්‍රගත කර ඇති අතර සාමාන්‍යයෙන් සිදු කරන්නේ වැඩි ගාස්තුවකට මුළු ප්‍රභව කේතයට බලපත්‍රගත කිරීමයි.

MMOG මිඩ්ල්වෙයාර්

අති විශාල බහු ක්‍රීඩක සබැඳි (on line) ක්‍රීඩා සඳහා වූ මිඩ්ල්වෙයාර් තනි ක්‍රීඩක වී‍ඩියෝ ක්‍රීඩා සඳහා වූ ඒවාට වඩා සංකීර්ණ වේ. කෙසේ නමුත් MMOG වල වැඩි වන ජනප්‍රියත්වය, එවැනි මිඩ්ල්වෙයාර් පැකේජවල ඉදිරියට නෙරා ගිය වර්ධනයකි. විකිණීම මත පදනම්ව ස්ථායී විසඳුම් කිහිපයක් පහත දැක්වේ.

RealmCrafter
Multiverse Network
Gamebryo
Bigworld Technology
HeroEngine
Monumental Games

FPS (First Person Shooter) වීඩියෝ ක්‍රීඩා එන්ජින්

වීඩියෝ ක්‍රීඩා එන්ජින් අතර වඩාත් ප්‍රචලිත උපකාණ්ඩයක් ලෙස “තමා විසින් වෙඩිතබන” (FPS) ආකාරයේ ත්‍රිමාන වීඩියෝ ක්‍රීඩා එන්ජින් හැදින් විය හැක. FPS වීඩියෝ ක්‍රීඩාවන් හිදි මානව පරිමාණයන් තුළ දෘෂ්‍ය ගුණාත්මක බව සම්බන්ධ ඉතා වැදගත් වැඩි දියුණු කිරීම් සිදු වේ. ගුවන් යානයක් පැදවීම හෝ රථවාහන පැදවීම සම්බන්ධ වීඩියෝ ක්‍රීඩා සහ තත්කාලීන උපාය මාර්ගික වීඩියෝ ක්‍රීඩා විශාල පරිමාණයන්ට අදාලව වඩාත් තාත්වික ස්වභාවයක් ලබා දෙන අතරතුර FPS වීඩියෝ ක්‍රීඩා වඩාත් කුඩා මානව පරිමාණ පරිගණක රූප නිර්මාණයන් අතර ඉදිරියෙන්ම පිහිටයි.

වීඩියෝ ක්‍රීඩා තුළ දැක ගත හැකි FPS රූප නිර්මාණ එන්ජින් වැඩි දියුණුවීම ප්‍රධාන වශයෙන් ක්‍රමානුකූල තාක්ෂණික වැඩිදියුණු වීම් සහ ඇතැම් නව්‍ය නිර්මාණ ලෙසට කොටස් කල හැක. නිෂ්චිත වීඩියෝ ක්‍රීඩා එන්ජින් පරම් පරාවන් අර්ථ දැක්වීම සම්බන්ධයෙන් සිදු කරන උත්සාහයන් හේතුවෙන් නව්‍ය වීඩියෝ ක්‍රීඩා එන්ජිමක් සහ පැරණි වීඩියෝ ක්‍රීඩා එන්ජිමක අතිශය වැඩි දියුණු කරන ලද ආකාරයක් වෙන් කොට හඳුනා ගැනීමේදී අභිමත පරිදි තෝරා ගැනීම් සිදු කෙරෙයි.

වීඩියෝ ක්‍රීඩා එන්ජින් තුළ පැරණි මෙන්ම නව තාක්ෂණයන් ද අන්තර්ගත වන හෙයින් ඒවා වර්ගිකරණය සංකිර්ණ ක්‍රියාවලියකි. කිසියම් වසරක වීඩියෝ ක්‍රීඩාවක අඩංගු කිසියම් දියුණු ක්‍රම වේදයක් ලෙස සැලකෙන තාක්ෂණයක් ඊළඟ වසරේදී කිසියම් සම්මත උපාංගයක් බවට පත්වේ. පැරණි පරම්පරාවන් සහ නව උපක්‍රමයන් අන්තර්ගත කොට වීඩියෝ ක්‍රීඩා නිර්මාණය සාමාන්‍ය ක්‍රමයයි. උදාහරණයක් ලෙස 1998 වසරේ නිකුත් වු Jurassic Park : Trespasser වීඩියෝ ක්‍රීඩාව FPS වීඩියෝ ක්‍රීඩා‍සදහා භෞතික විද්‍යාව හදුන්වාදෙන ලදී. කෙසේ නමුත් 2002 වස‍ර පමණ වන තුරු මෙය පොදු අංගයක් බවට පත් නොවීය. 2001 වසරේ නිකුත් වු Red Faction විඩියෝ ක්‍රීඩාව ‍විනාශ කල හැකි බිත්ති සහ පොළව්‍සහිතව නිර්මාණය කර තිබු අතර වසර ගණනාවකට පසුව ද මෙය පොදු උපාංගයක් බවට පත්ව නැත. (උදා - 2004 වසරේ නිකුත් වු Unreal Tournament වීඩියෝ ක්‍රීඩාව තුළ විනාශ කළ නොහැකි වස්තූන් අන්තර්ගත නොවේ. 1998 වසරේ නිකුත් වු Battlezone වීඩියෝ ක්‍රීඩාව තුළ සහ 1999 වසරේ නිකුත් වු Battlezone II Combat Commander වීඩියෝ ක්‍රීඩාව තුළ සාමාන්‍ය FPS අන්තර්ගතයට අමතරව වාහන ආධාරයෙන් යුධ වැදීම ද අන්තර්ගත විය. කෙසේ නමුත් මෙය ප්‍රධාන ප්‍රවාහයට එක් වීමට තවත් කාලයක් ගත විය. වාහන භාවිතයෙන් යුධ වැදීම තමා විසින්ම වෙඩි තැබීම සමග එක් කර නියමාකාරයෙන් නිර්මාණය කල වීඩියෝ ක්‍රීඩා අතරට Tribes 2, Halo Combat Evolved සහ Unreal Tournament 2004 යන ක්‍රීඩා අයත්වෙයි.


References

http://en.wikipedia.org/wiki/3D_engine

Tags:

ක්‍රීඩා එන්ජින් විනෝදාශ්වාදීන්ක්‍රීඩා එන්ජින් සැලකිය යුතු එංජින්ක්‍රීඩා එන්ජින් සැලකිල්ලට ගත යුතු විවෘත ප්‍රබව එංජින්ක්‍රීඩා එන්ජින් දෘඩාංග වියුක්තීකරණයක්‍රීඩා එන්ජින් ස්පීඩ්ට්‍රී ‍ෆොරස්ට් - විදැහුම්කරණය සිදු කරන මිඩ්ල්වෙයාර්ක්‍රීඩා එන්ජින් MMOG මිඩ්ල්වෙයාර්ක්‍රීඩා එන්ජින් FPS (First Person Shooter) වීඩියෝ ක්‍රීඩා එන්ජින්

🔥 Trending searches on Wiki සිංහල:

ප්‍රතිචක්‍රීයකරණයචෛත්‍යශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවරබින්ද්‍රනාත් තාගෝර්විද්‍යාවඊශ්‍රායලයසජිත් ප්‍රේමදාසනිෂ්පාදන හැකියා මායිමශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයගෝඨාභය රාජපක්ෂස්වභාවික වෘක්‍ෂලතාඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයකෝට්ටේ යුගයපාපන්දු ක්‍රීඩාවපරිගණක දෘඩාංගමහවැලි සංවර්ධන වැඩසටහනඅධිකරණයසරම්පදෙවන ලෝක යුද්ධයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ අපරාධමහ වැව් නාමාවලියශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියකාල් මාක්ස්භාෂාවගැලලියෝ ගැලලීමහගම සේකරනාත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාඋෂ්ණත්වයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවඝනත්වයතිරසාර සංවර්ධනයහික්කඩුවේ සුමංගල තෙරණුවෝථූපාරාමයමුඛ සංසර්ගයරනිල් වික්‍රමසිංහඉන්දියාවේ දේශපාලන පක්ෂදෙවොල් මඩුවමර්සලින් ජයකොඩිපොළොන්නරුව පෞරාණික නගරයනොබෙල් ත්‍යාගයශ්‍රී ලංකාවේ පුරාවස්තුජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවමුතියංගණ රජ මහා විහාරයශ්‍රී ලංකා‍ අලියාහෙද සේවයෙහි ඉතිහාසයශ්‍රී පාදස්ථානයවියළි කළාපයේ පසලිංගික සංසර්ගික ඉරියව්අධ්‍යාපනයරුහුණු කතරගම දේවාලයනුවර වැවසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාව ආවේණික මසුන්එක්සත් රාජධානියසේනානායක සමුද්‍රයදළදා පෙරහැරහරිතාගාර ආචරණයසිංහල න-ණ ල-ළ බේදයවී බිස්සමඩු දේවස්ථානයකෘෂි කර්මාන්තයපෘතුගීසි ලංකාවධාතුසේන රජභූපාලි රාගයඅපරාධයු‍රේනස්ඩුබායිශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවසිරිත් මල්දමගස්ලබුඕපනායක යෝධ පුස් වැලබෞද්ධ භාවනාවෛරස් පිළිබඳ හැඳින්වීමක්🡆 More