කලා වැව

කලා වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාණ ජලාශයක් වේ.

කලා-බලලු වැවු යුග්මයේ ප්‍රධාන වැව මෙය වන අතර තිසා වැවට ජලය ගෙනයනු ලබන සැතපුම් 54 (86.9 කි.මි) පමණ දිගු පුරාණ ඇල මාර්ගයක් වූ ජය ගඟ නැතහොත් යෝධ ඇළ මාර්ගය ආරම්භවන්නේද මෙම කලා වැවෙන් වේ. ශෙෙලමය හිටි බුද්ධ ප්‍රථිමාවක් වූ අවුකන බුදු පිළිමය ද කලා වැවට ආසන්නයේ පිහිටා තිබේ.

කලා වැව
කලා වැවේ දර්ශනයක්
කලා වැවේ දර්ශනයක්
කලා වැව is located in ශ්‍රී ලංකාව
කලා වැව
කලා වැව
ස්ථානයඅනුරාධපුර දිස්ත්‍රික්කය
Coordinates8°01′N 80°31′E / 8.017°N 80.517°E / 8.017; 80.517 80°31′E / 8.017°N 80.517°E / 8.017; 80.517
වර්ගයවැව
Primary outflowsජය ගඟ

ගමන් මාර්ගය

දඹුල්ල හරහා අනුරාධපුර මාර්ගයේ කැකිරාව ප්‍රදේශීය ලේකම් කාර්යාලයට (9.7 කි.මි.) දුරින් මෙම වැව පිහිටා ඇත.

ඉතිහාසය

කලා වැව

ක්‍රි.ව. පස්වන ශතවර්ශයේ රජකම් කල ධාතුසේන රජු විසින් කලා වැව ඉදිකරන ලදී. කලා වැවේ ඉදිකිරීම් වලින් අනතුරුව රජු විසින් ඊට ආසන්නයේම බළලු වැව නමින් තවත් වැවක් ඉදිකරනු ලැබූ අතර එම වැව් දෙක එක්කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම වැව නිර්මාණය කෙරිණි. ධාතුසේන රජුගෙන් අනතුරුව දෙවන මහින්ද රජු (ක්‍රි.ව. 777-797) විසින්ද තවදුරටත් මෙම වැව පුළුල් කරනු ලැබීණි.

අතීත සබැඳි

කලා වැව ඉදි කෙරෙමින් පවතින කාලයේ කාල නම් කොළුගැටයෙක්ද මේ හා සම්බන්ද වෙමින් කටයුතු කල බව පැවසෙයි.මොහු ගේ පියා කලා වැව තමන්ගේ ජීවිතය මෙන් ආරක්ෂා කළ බව කියැවේ. ඔහු එකල කලා වැව පිටාර ගලා මහා විනාශයක් වීමට යන අවස්ථාවේදී මාගේ ජීවිතය ගෙන මෙම වැව සැමදාකම ජනතාවගේ පරිහරණය සඳහා ආරක්ෂා කර දෙන ලෙසින් දෙවියන්ගෙන් ඉල්ලා කලා වැවට පැන බිලි වූ බවත්, මොහු ඉන්පසුව යක්ෂ සේනාඅධිපති දෙවියකු වශයෙන්ද දේව මණ්ඩලයේ ආරක්ෂකයා ලෙසින්ද කඩවර දිව්‍ය රාජඔත්තමයානන් වහන්සේ වශයෙන් දිව්‍ය සැප සමිපත්ති ලබා දිව්‍යලෝකයේ උපත ලද බව කියැවේ.

පිළිසකර කිරීම්

කලා වැව 12 වන ශතවර්ෂයේ සිටි පරාක්‍රමබාහු රජු විසින් ප්‍රථිසංස්කරණය කෙරූ බව ප්‍රකාශ වේ. මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් වූ සර් විලියම් හෙන්රි ගෙග්‍රරි (1872-1877) සහ සර් ආතර් හැමිල්ටන් - ගෝඩන් (1883-1890) සිටි සමයේදීද කලා වැව කිහිපවරක් පිලිසකර කොට ඇත. රට තුල බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව 1958 දී, වැව් බම්ම බලලු වැව හා සම්බන්ද කර නැවත ගොඩනගා තිබේ.

වැවෙහි ප්‍රමාණය

වැවෙහි වට ප්‍රමාණය සැතපුම් 40ක් (කි.මි. 64.4) පමණ වන අතර මුළු වර්ගඵලය වර්ග සැතපුම් 7 ක් (වර්ග කි.මි. 18.1) පමණ වේ. අමුණේ දිග අඩි 22,572 ක් (6,879.9 මි) හා එහි උස අඩි 48 ක් (14.6 මී) පමණ ව . පිටවාන අඩි 216 පළලකින්ද අඩි 170 දිගකින්ද යුක්ත වේ. කලා වැවේ ඉවුර උසින් අඩි 60ත් 80ත් අතර අගයක් වන අතර පළල අඩි 200ක් පමණ වේ. එය දිගින් සැතපුම් 3ක් පමණ වේ.

අරමුණු

පුරාණයේ පැවති විශාලතම වැවක් සේ සලකණු ලබන මෙම වැව මගින් ඊට ආසන්නයේ පිහිටි කුඩා වැව් සදහාද ජලය සපයා තිබේ. අනුරාධපුර අගනගරයේ පිහිටි ජනතාවට ජලය සැපයීමට කලා වැවේ සිට ජලය ජය ගඟ හරහා තිසා වැවට රැස් කර ඇත. මහවැලි ජලාප්‍රවාහන යොජනා ක්‍රමයේ ප්‍රධාන රැදවුම් ස්ථානයක් වන මෙම වැව 1976 සිට ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ජනතාවට ජලය සපයා ඇත. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, වෘක්ෂලතා සදහා විශේෂයෙන්ම මිටියාවත් පිහිටි තණකොළ සදහා ජලය සැපයීම ආදිය සඳහා වැවෙහි ජලය භාවිතා කරයි.

කලා වැව ඉදිකර රජතුමා

මූලාශ්‍ර

Tags:

කලා වැව ගමන් මාර්ගයකලා වැව ඉතිහාසයකලා වැව වැවෙහි ප්‍රමාණයකලා වැව අරමුණුකලා වැව ඉදිකර රජතුමාකලා වැව මූලාශ්‍රකලා වැවඅනුරාධපුර දිස්ත්‍රික්කයඅවුකන බුදු පිළිමයඋතුරු මැද පළාත, ශ්‍රී ලංකාවකලා-බලලු වැවු යුග්මයජය ගඟතිසා වැවයෝධ ඇළශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

1000000000000 (number)මාතර දිස්ත්‍රික්කයජන කවිදළදා පෙරහැරඋණමහ වැව් නාමාවලියප්‍රතිචක්‍රීයකරණයඅක්මාවේ තෙල්මිනිසාගේ ස්නායු පද්ධතියශ්‍රී ලංකාවේ වී ගොවිතැනසීගිරියේ ඉතිහාසයහරිත විප්ලවයමිනිසාදාගැබ්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තතෛපොංගල්ගුත්තිල කාව්‍යයශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්යාල ජාතික වනෝද්‍යානයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමහාසේන රජවන්නම්ප‍්‍රාථමික අධ්‍යාපනයශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවසැළලිහිණි සන්දේශයනෙප්චූන්ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයනායකත්වයලංකාවේ වාරි කර්මාන්තයමහා මංගල සුත්‍රයබඹරකන්ද ඇල්ලශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවරාමසාන් උත්සවයචන්ද්‍රයාඋපායශීලී සැලසුම්කරණයමුතියංගණ රජ මහා විහාරයගෝලයනිකොලස් කොපර්නිකස්ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඅකුණුකාලී දෙවඟනකාංසා අක්‍රමතාවයලේ ගැලීමලක්දිව රාජාවලියජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයයුනෙස්කෝසමාජයගෞතම බුදුන්ගේ ධාතූන්අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)අඹමුඛ සංසර්ගයවෘත්තයසිංහල සන්ධිසොලොස්මස්ථානකන්තලේ වැවමද්දුම බණ්ඩාරඋභය ජීවීන්ආණමඩුව තෝනිගල සෙල් ලිපියකෘමියෝශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිතුන් සිංහලේඅපරාධබයිබලයබුලත්ජේතවනාරාමය, අනුරාධපුරගල් පොත සෙල් ලිපියශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරමහනුවර පාසල් නාමාවලියසියඹලාආර්ය අෂ්ඨාංගික මාර්ගයතිස්සමහාරාම රජ මහා විහාරයශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඅටමස්ථානලෝවැඩ සඟරාවශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවප්‍රජාපතී ගෝතමීශ්‍රී ලංකා ජාතික ගීය🡆 More