ධාතුසේන රජ

ධාතුසේන රජු ක්‍රි.ව.455 සිට 473 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි.

එතුමා ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශයේ පළමු රජුයි. සමහර වාර්ථා වල එතුමා දසන්කෙළි ලෙසත් හදුන්වා දි ඇත. ධාතුසේන රජු එතුමාගෙ රාජ්‍ය පාලන කාලය තුල එකල ශ්‍රී ලංකාවේ කොටසක් පාලන කාලය දකුණු ඉන්දිය ආක්‍රමණිකයන් පරාජ කර වසර 26 කට පසු මුළු ශ්‍රී ලංකාවම නැවත එක්සත් කරවිමට සමත් විය. එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල විශාල වාරි කර්මාන්ත 18 කරවන ලදි. යෝධ ඇළ, කලා වැව, බලලු වැව එතුමා කරවු වාරි කර්මාන්ත වලින් ප්‍රධාන කිහිපයකි. අවුකන බුද්ධ ප්‍රතිමාවද එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල කරවු විශාල බුද්ධ ප්‍රතිමාවකි.

ධාතුසේන රජ
රාජ්‍ය සමය455–473
පූර්වප්‍රාප්තිකයාපීඨිය
අනුප්‍රාප්තිකයාපළමුවන කාශ්‍යප රජ
උපත429
මරණය473
දරුවන්කාශ්‍යප, මුගලන්
රාජවංශයමෞර්ය රාජ වංශය
පියාදාඨානාම
මවසංඝා
ධාතුසේන රජ
ධාතුසේන රජුගේ සමයේ ඉදිවූ අවුකන බුදු පිළිමය

මහාවංශයේ සදහන්වන පරිදි ධාතුසේන රජතුම කරනලද වැව් 18ක් ඇත ඒනම්, යෝධ වැව, නුවරවැව, මෝරවැව, කෞඩුල්ලවැව, අල්ලෛවැව, අම්පාරවැව, එක්ගල් ආරුවැව, ඉරක්කාමම්වැව, කොන්ඩවට්ටවාන්වැව, නවකිරිආරුවැව, දෙබරවැව, රිදියගමවැව, බලලුවැව, කන්ඩලමවැව, ඉරනමඩුවැව, මුතුඅයියාන්කඩ්ඩුකුලමවැව, අක්කරායන්කුලම්වැව, පාවිකුලමවැව, උන්නිච්චායවැව, රුකුම්වැව, පිඹුරත්තව වැව යනාදියයි.

මරණය

පසුකලෙක සිගිරිය තම රාජධානිය කරගත් කාශ්‍යප රජු තම පියා වන ධාතුසේන රජුව කලා වැවේ වැව් බැම්මට තබා පස්ගසා ඝාතනය කරනලදි.

පසුව ඇතිවූ තත්වය

කාශ්‍යප රාජ්‍යත්වය අල්ලා ගැනීමෙන් පසු බියපත් වූ මුගලන් ඉන්දියාවට පැන ගිය බව මහාවංසය කියයි. නමුත් ඔහු පැන ගියේය. කොහාටද යන වග මහාවංසයේ සඳහන් වන්නේ නැත. මෙය මහාවංස කර්තෘ නොදැන සිටින්නට ක්‍රමයක්‌ නැත. එක්‌කෝ මුගලන් ආගිය අතක්‌ නොමැති නිසා ඔහු ඉන්දියාවට පැන යන්නට ඇතැයි මහාවංස කර්තෘ උපකල්පනය කළා විය යුතු වෙයි. නැතහොත් මුගලන්ගේ ආරක්‍ෂාව පිණිස හෙළි නොකළා විය යුතුය. නමුත් එයින් පළමු වැනි ප්‍රස්‌තුතය මෙහිලා වඩාත් උචිත බව අපගේ කල්පනාවයි. මුගලන් පැන ගියේ සිය මවු පාර්ශ්වයේ ඥාතීන් විසූ පල්ලව දේශයට වන්නට වැඩි සම්භාවිතාවක් ‌ තිබේ.

Tags:

අනුරාධපුරයඅවුකන බුදු පිළිමයකලා වැවයෝධ ඇළශ්‍රී ලංකාවසිංහල

🔥 Trending searches on Wiki සිංහල:

ගණිතයවියපත් වීමසිංහල අක්ෂර වින්‍යාසයත්‍රිකුණාමලය වරායහේන් ගොවිතැනඑල්ලේක්‍ෂය රෝගයපරිගණක ඉතිහාසයඑළාර රජශ්‍රි ලංකාවේ පාසල්ලංකා විශ්වවිද්‍යාලයබුදුගුණ අලංකාරයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ජනාධිපතිමත්ද්‍රව්‍යසෙංකඩගල රාජධානියනාගදීප පුරාණ විහාරයගුණදාස කපුගේමද්දුම බණ්ඩාරමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියවෛරසප්‍රථමක සංඛ්‍යාශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයසන්දේශ කාව්‍යඡායාරූප ශිල්පීමානව පැපිලෝමා වෛරසයශ්‍රී ලංකාවේ කම්කරු නීතියදකුණු කොරියාවදේශපාලන විද්‍යාවගැලලියෝ ගැලලීවිල්හෙල්ම් වුන්ඩ්ධවල පත්‍රිකාවබුදු දහමවිජය රජරෝසචාලක නියුරෝනයඅඹකශේරුවදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමජලගැල්මහෘදයපරාක්‍රම සමුද්‍රයපසළොස්වක පොහොය දොළහමර්සලින් ජයකොඩිපියයුරු සංසර්ගයජේතවනාරාමය, අනුරාධපුරයෝගමහා මංගල සුත්‍රයඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)මඩොල් දූවබ්‍රහස්පති ග්‍රහයාලිංගික අප්‍රාණිකත්වයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාකොහාශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවසියදිවි නසාගැනීමතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයමහාවංශයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයදාගැබ්උපායශීලී සැලසුම්කරණයශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවදකුණු ආසියාවජලභීතිකාවසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඇසළ (ගස)ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියගෞතම බුද්ධ පරිනිර්වාණයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවථූපාරාමය, අනුරාධපුරසිංහල අක්ෂර මාලාවමුවාකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයජී බී සේනානායකචන්ද්‍ර මාස ක්‍රමයෆාහියන් හිමිබාලදක්ෂ ව්‍යාපාරයහෝමෝ හැබිලිස්🡆 More