උඩරට සාම්ප්‍රදායික මංගල ආභරණ

උඩරට සාම්ප්‍රදායික මංගල ආභරණ යනු අතීතයේ සිටම ලාංකික සමාජයේ විවහ මංගල සම්ප්‍රදායික් වන උඩරට විවහ මංගල්‍යයේ මනාලිය විසින් මංගල ඔසරියට අමතරව පලඳින සාම්ප්‍රදායික ආභරණයි.

උඩරට සාම්ප්‍රදායික මංගල ආභරණ
අතීතයේ උඩරට සම්ප්‍රදායට අනුව සැරසුනු මංගල යුවලක්

වර්තමානයේදී මනාලියන්, හැඩගන්වන ස්ථානවලින් ආභරණ සපයාගත්තද, ඇතමුන් තවමත් පරම්පරාවෙන් පරම්පරාවට දායාදවී පැමිනෙන පරම්පරාවේම ආභරණ කට්ටලය භාවිතා කරයි.

උඩරට සාම්ප්‍රදායික මංගල ආභරණ
වර්තමාන උඩරට මංගල යුවලක්

ආභරණ

නළල් පටිය

නළල් පටිය මනාලියගේ මව විසින් මනාලියට පැළඳවීම සිරිත.මෙම අවස්ථාවේදී පිරිත් කීම සිදු කරනු ලබනවා. නළල් පටියේ දකුණු පැත්තෙන් මනාලයවත්, වම් පැත්තෙන් මනාලියවත් සංකේතවත් කරනවා.

ඉර හඳ ආභරණ

මනාලියගේ හිසේ දකුණු පැත්තේ හිරු සහ වම් පැත්තේ සඳු පළඳවනවා.හිරුගේ ගති ගුණ මනාලයාගේ ගති ගුණ වලටත්, සඳුගේ ගති ගුණ මනාලියගේ ගති ගුණ වලටත් සමාන කරනවා. ඒ වගේම ඉර හඳ පවතින තුරු මංගල යුවලගේ බැඳීම පවතිනවා කියලා සංකේතවත් කරනවා. මීට අමතරව මේ ආභරණය පැළඳීම නිසා, මනාලියට තමාගේ පතිවෘතාව ආරක්ෂා කර ගැනීමට ශක්තිය ලැබෙන කියලත් කියනවා .

කොණ්ඩා කූරු

කොණ්ඩා කූරු පළඳවන්නේ හිසේ පිටුපසටයි. මේවා පැළඳිමෙන් මනාලියට සෞභාග්‍යයේ ලැබෙන බව සංකේතවත් කරනවා.

කුඩුක්කන්

උඩරට මනාලිය පළඳින කරාබු වර්ගය හඳුන්වන්නේ “කඩුක්කන්” කියලා.විශේෂම කාරණාව තමයි මේවා පැළඳිමෙනුත් මනාලියට සෞභාග්‍ය ලැබෙන බව සංකේතවත් කරනවා.

වළලු

උඩරට මනාලියගේ වළලු හඳුන්වන්නේ අගස්ති වළලු සහ බංගලි වළලු කියලා.

මුදු

උඩරට මනාලිය ඇඟිලි පහටම මුදු පළඳිනවා.මේ මුදු වලින් කියන්නේ මනාලියට නිරෝගී සම්පත්තිය හිමි වන බව සංකේතවත් කරනවා.

හවඩිය

හවඩිය පළඳින්නේ මනාලියගේ ඉනේ නියම හැඩය ඔප් නැංවීමටයි.

මංගල මාල කට්ටලය

උඩරට මනාලිය සම්ප්‍රදායික ඔසරිය සමඟ පළඳිනු ලබන මේ සුවිශේෂී මාල කට්ටලය පත්තිනි දේවියගේ ආභරණ කට්ටලය කියලා තමයි විශ්වාස කරන්නේ.එයින් සංකේතවත් කෙරෙන්නේ මනාලිය පතිවත රකින, එයට ගරු කරන යුවතියක් බවයි.මේ මාල ගොඩක් දිඟයි.එකේ තේරුම තමයි මනාලියට මුහුණ පෑමට සිදු වන විවිධ සෞඛ්‍ය ගැටළු මාලය දිගේ පොලව වෙත ඇදී යනවා කියන එක.එමඟින් මනාලියට නීරෝගී සම්පත්තිය හිමි වන බව විශ්වාස කරනවා.ඒ විතරක් නෙමෙයි මනාලිය පළඳින මාල හත මඟින් ඉදිරි පරම්පරා හතක් නියෝජනය කරනවා කියලත් මතයක් තියෙනවා.

හංස පූට්ටු මාලය

හංස පූට්ටු මාලයේ හංසයන් නිර්මාණය කර ඇත්තේ එකට පූට්ටු වී සිටින ලෙසයි. මෙයින් සංකේතවත් කරන්නේ විවාහක යුවල වෙන් නොවී, සදාකාලයටම බැඳී සිටින බවයි. හංස පූට්ටු තැල්ල රඳවන්නේ මනාලියගේ පපුව මතයි.මෙයින් සංකේතවත් කරන්නේ මනාලිය තම කිරෙන් දරුවන් පෝෂණය කරන බවයි.

පදක්කම් මාලය

මනාලියගේ පියා විසින් පදක්කම් මාලය මනාලියට පළඳවනු ලැබීම සිරිතයි. එමඟින් සංකේතවත් කරන්නේ මනාලිය මෙතෙක් කල් පියාගේ ගෞරවය ආරක්ෂා කළ බවත්, අනාගතයේදී සැමියාගේ ගෞරවය ආරක්ෂා කරන බවත්ය.

මකර මාලය

මකර මාලය පැළඳීම නිසා මනාලියගේ නවග්‍රහ අපල, වස් දොස් දුරු වන බව සංකේතවත් කරනවා.

කිරි මාලය

කිරි මාලය රඳවන්නේ මනාලියගේ පපුවට පහලිනුයි. එයින් සංකේතවත් කරන්නේ මනාලියව අනාගතයේදී ඇගේ දරුවන් විසින් වැළඳගෙන සිටින බවයි.

අගස්ති මාලය

අගස්ති මනාලියකගේ සිරුරේ ගැටීමෙන් ඇයගේ සියලු අපල දුරු වන බව විශ්වාස කරනවා.මනාලියගේ ජිවිතයේ ඇති අවාසනාව දුරු කර සෞභාග්‍ය උදා කරන්නට මේ අගස්ති මාලය සමත් වන බව විශ්වාස කරනවා.

ධාන්‍ය මාලය

ධාන්‍ය මාලයෙන් මනාලියගේ යහපත් සෞඛ්‍ය සංකේතවත් කරනු ලබනවා.

පෙති මාලය

මේ පෙති මාලයෙන් මනාලියගේ පවිත්‍රතාවය සංකේතවත් කරනවා

කර මාලය

විශේෂ මාල 07න් පසුව මනාලයා විසින් මනාලියට මාලයක් පළඳවන මාලය කර මාලය වේ.

මූලාශ්‍ර

Tags:

උඩරට සාම්ප්‍රදායික මංගල ආභරණ ආභරණඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණ මංගල මාල කට්ටලයඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණ මූලාශ්‍රඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණඔසරිය

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුයුරෝපයශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයරතු දත්ත පොතනොබෙල් ත්‍යාගයගිනි කඳුබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාකන්තලේ වැවකාෆි රාගයනාමල් උයනමද්දුම බණ්ඩාරරුසියානු විප්ලවයසීලශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවසිංහල රාජධානියක්‍රිකට්සීතාවක පළමුවන රාජසිංහ රජුඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයසිරිමාවෝ බණ්ඩාරනායකගල් පොත සෙල් ලිපියප්‍රතිශක්තිකරණ පද්ධතියරංජිත් සියඹලාපිටියඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයවාරණ රජ මහා විහාරයව්ලැඩිමියර් ලෙනින්කෝට්ටේ යුගයශ්‍රි ලංකා‍‍වේ මුද්‍රණ කර්මාන්ත‍යපරිසර දූෂණයදොන් බාරොන් ජයතිලකඑච්ටීඑම්එල්ලංකාවේ කලපුශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයුද්ධගෝලීයකරණයඑස්‌. මහින්ද හිමිකොළඹදෙවන ලෝක යුද්ධයක්‍ෂුද්‍ර ජීවීන්සතර අගතිසව් ඇටක්‍ෂීරපායි සත්තුඉලෙක්ට්‍රෝන බන්ධුතාවශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවත්‍රිපිටකයඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)කේතුවදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමමහ වැව් නාමාවලියපළමුවන විමලධර්මසූරිය රජඋඩරට ගිවිසුමග්‍රහලෝකශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කඩොප්ලර් ආචරණයස්ත්‍රී ස්වයං වින්දනයසාක්‍ෂිමහනුවර සම්ප්‍රදායයේ සිතුවම් කලාවසාරංග දිසාසේකරමඩු දේවස්ථානයසනත් ජයසූරියපළමුවන පරාක්‍රමබාහු රජමහගම සේකරඅධිකරණ අමාත්‍ය (ශ්‍රී ලංකාව)සිංහල න-ණ ල-ළ බේදයසතර අපායසංස්කෘතිය2004 සුනාමියමඩොල් දූවරුසියානු-යුක්‍රේන යුද්ධයපෘථිවියෙහි භ්‍රමණයප්‍රාග් ඓතිහාසික යුගයරත්න ශ්‍රී විජේසිංහරාමසාන් උත්සවයමී ගසබොරතෙල්පියයුරු සංසර්ගයසිංහබාහු🡆 More