වාරණ රජ මහා විහාරය

වාරණ රජමහා විහාරය වළගම්බා රජ සමයේ ඉදිකරවන ලද්දක් යැයි විශ්වාස කෙරෙන විහාරයක් වෙයි.

එහි කෝට්ටේ යුග‍ය ඇතුළු තවත් යුග ගණනාවක බිතු සිතුවම් දැකිය හැකි අතර දැන් ඒවා මැකී පලුදු වී ඇත. දෙවන පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, හයවැනි පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරු විසින් වරින්වර මෙහි ප්‍රතිසංස්කරණය කටයුතු කර ඇති බව සඳහන් වෙයි.

වාරණ රජ මහා විහාරය
වාරණ රජ මහා විහාරය
වාරණ රජමහා විහාරයේ මැද මළුවෙහි වූ චෛත්‍යය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
වාරණ රජ මහා විහාරය ද්වාරය:බුද්ධාගම

පිහිටීම

වාරණ රජමහා විහාරය මෙරට බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කය තුල අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මංගලතිරිය ග්‍රාමයෙහි පිහිටා තිබේ.

ගමන් මාර්ග

වාරණ රජ මහා විහාරය 
වාරණ රජමහා විහාරයේ ශිලා ලිපියක්
  • කොළඹ-නුවර ප‍්‍රධාන මාර්ගයේ යක්කල නගරය පසුකර සැතපුම් කාලක් පමණ ඉදිරියට යනවිට හමුවන ගම්පහ-ගොරකදෙනිය බස් මාර්ගයේ ඉදිරියට ගියවිට මෙම විහාරස්ථානයට පැමිණිය හැකිය.
  • කොළඹ-නුවර ප‍්‍රධාන මාර්ගයේ හමුවන තිහාරිය මසංසන්ධියෙන් වෙන්වන නිට්ටඹුව-ඕගොඩපොල බස් මාර්ගයේ ගියවිටද මෙම විහාරස්ථානයට ලඟාවිය හැකිය.

ඉතිහාසය

දේවානම්පියතිස්ස රජ සමය

පුරාවිද්‍යාත්මක සාධක අනූව වාරණ රජමහා විහාරයේ ඉතිහාසය ක්‍රි. පූ. 3 - 2 පමණ සියවස් කරා ඇදී යයි. පූජා භූමියේ වූ දිග්ගලෙහි කි.පූ. 3 වැනි සියවසේ මුල් අවදියට අයත් බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපියෙන් මේ බව තහවුරු කර ඇතැයි සඳහන් වෙයි. එම ශිලා ලේඛනයට අනූව දේවානම්පිය තිස්ස රජ සමයේ, එනම් ශ්‍රී බු. ව. 240 දී පමණ මෙම විහාරය තිස්සදත්ත නම් තෙරුණ්වහන්සේ නමකට පූජා කල බව පැවසෙයි.

වළගම්බා රජ සමය

වාරණ රජ මහා විහාරය 
වළගම්බා රජ විසින් වාරණ විහාරයේ ගල් කටාරම් කොටවන ආකාරය දැක්වෙන සිතුවමක්

ක්‍රි. පූ. 103 දී පමණ වළගම්බා රජ (වට්ට ගාමිණී අභය රජ) සමයේ එල්ලවූ ද්‍රවිඩ ආක්‍රමණයෙන් පසු වළගම්බා රජු වසර 14 ක් සැඟවී සේනා සංවිධානය කල අතරේ, එකල මායා රටෙහි පිහිටි මෙම පුදබිමෙහිද සැඟවී සිටි බව ඉතිහාසයේ සඳහන් වෙයි. පසුව ක්‍රි. පූ. 89දී වළගම්බා රජු නැවතත් ලංකා රාජ්‍යයෙහි රාජ්‍යත්වයට පත්වූ පසු, සේනා සංවිධානය කල සමයේ තමාට සැඟවී සිටීමට රැකවරණය දුන් මායා රටෙහි සහ රුහුණෙහි සියළුම ගල්ලෙන් විහාරාරාම බවට පත් කල බැව් පැවසේ. රජු විසින් කරවූ මායාරටෙහි විහාරාරාම අතර මෙම ඓතිහාසික වාරණ රජමහා විහාරයද ප්‍රකට වෙයි.

දෙවන පණ්ඩිත පැරකුම්බා රජ සමය

දඹදෙණි යුගයේ දෙවන පණ්ඩිත පරාක‍්‍රමබාහු රජු ගේ රාජ්‍ය සමයෙහි මෙම විහාරස්ථානය, දේවප‍්‍රතිරාජ අමාත්‍යයා ලවා දියුණු කල බැව් පැවසෙයි.

සයවැනි ශ්‍රී පැරකුම්බා රජ සමය

ශ්‍රී බු. ව. 1488 පමණ කෝට්ටේ යුගයේ සයවැනි පැරකුම්බා රජ සමයේ, මෙහි ධර්මශාලාව ඇතුළු සම්පූර්ණ වාරණ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කෙරූ බවට සඳහන් වෙයි.

අටවන වීර පැරකුම්බා රජ සමය

කෝට්ටේ යුගයේ අටවන වීර පැරකුම්බා රජ මෙම විහාරයෙහි බණමඩුවක් සාදා පිංකමක් සිදුකල බව පුරාණ ඇල්පිටිය තඹ සන්නසෙහි සඳහන් වේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමය

මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදීද මෙම විහාරස්ථානය යළි ප්‍රතිසංස්කරණය කල බව සහ ඊට කෙත්වතු පූජා කල බවට තොරතුරු සඳහන් වෙයි.

විහාරයේ සැකැස්ම

වාරණ රජ මහා විහාරය 
වාරණ රජමහා විහාරයේ මැද මළුවේ දර්ශනයක්

වාරණ රජමහා විහාරය ප්‍රධාන මළු තුනකින් සමන්විත වෙයි. ඒවා නම්,

  • පහත මළුව
  • මැද මළුව
  • උඩ මළුව

පහත මළුව

විහාරයේ පහත මළුවට, සෙල් ලිපිය සහිත දිග්ගල හා ලෙන් හතර, ආවාස ගෙය සහ ධර්ම ශාලාව සහිත ලෙන අයත් වෙයි.

මැද මළුව

විහාරයේ මැද මළුවට, ලෙන තුල පිහිටි මහා විහාරයත්, ඉපැරණි සිදුවම්, ලෙන අසල පිහිටි චෛත්‍යය, පෝය ගෙය, දේවාලය පිටිපස ඇති ලෙන සහ ලිපිය අයත් වෙයි. මීට අමතරව මැද මළුවෙහි සඳකඩපහණ් 4ක් දැකගැනීමට හැකිවේ.

උඩ මළුව

වාරණ රජ මහා විහාරය 
වාරණ රජමහා විහාරයට අයත් වෘක්ෂ අභය භූමියෙහි පුවරුව

උඩ මළුව, ලෙන් විහාරය, ලෙන් ආවාසය, පොකුණ, පැරණි ගල්ලෙන සහ ගල මත පඩිපෙල යන අංගයන්ගෙන් සමන්විත වේ.

වෘක්ෂ අභය භූමිය

වාරණ රජමහා විහාරයට අයත් ස්වභාවික වනපෙත (ඔසු වනය ලෙසද හඳුන්වයි), වෘක්ෂ අභය භූමියක් ලෙස නම්කොට තිබෙයි.

මේවාද බලන්න

Tags:

වාරණ රජ මහා විහාරය පිහිටීමවාරණ රජ මහා විහාරය ඉතිහාසයවාරණ රජ මහා විහාරය විහාරයේ සැකැස්මවාරණ රජ මහා විහාරය වෘක්ෂ අභය භූමියවාරණ රජ මහා විහාරය මේවාද බලන්නවාරණ රජ මහා විහාරය

🔥 Trending searches on Wiki සිංහල:

ප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)අක්මාවසීගිරි ගීජන කවිප්‍රාග් ඓතිහාසික යුගයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවබාලගිරි දෝෂයහික්කඩුවේ සුමංගල තෙරණුවෝඉරානයපංච කල්‍යාණඅංගුලිමාල පිරිතමුදල්වැලිවිට සරණංකර හිමිපොල්සිංහල අක්ෂර මාලාවසෝඩියම්දෙවි දේවතාවියෝශ්‍රී ලංකාවදකුණු ආසියාවරාමසාන් උත්සවයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ නගර සභා ලැයිස්තුවමහියංගනය රජ මහා විහාරයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලලිංගික සංසර්ගික ඉරියව්ශ්‍රී ලංකාවේ නර්තනයන්ශ්‍රී ලංකාවේ පළාත් මල්කාමාවචර ලෝකඉසුරු ලිනක්ස්පිළිකුත්තුව රජ මහා විහාරයමාධ්‍ය නිදහසසූත්‍ර පිටකයසමාජයසංචාරණයේ නව ප්‍රවණතාපයිතගරස් ප්‍රමේයයඋපසර්ගපරිගණක මෙහෙයුම් පද්ධතිරැකියා ආතතියඅනුරාධපුර යුගයශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය1000000000000 (number)පුවත්පත්මානව පරිණාමයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)අශෝක අධිරාජයාකර්ම (බුදු දහම අනුව)අළු ගිරවාපාචනයසෝවියට් සංගමයස්වභාවික පරිසරයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිසනත් ජයසූරියලෝක සෞඛ්‍ය සංවිධානයකුඹුක්දවුලශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවසිංහල අලුත් අවුරුද්දමහනුවර යුගයේ රාජාවලියයෝනි මාර්ගයගූගල්වෘත්තීය අධ්‍යාපනයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝසැපදිල්ලාපණ්ඩුකාභය රජරසායනික බන්ධනස්ත්‍රී ස්වයං වින්දනයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවකුරුඳුතෙත් කලාපයේ ශාක විවිධත්වයශ්‍රි ලංකාවේ පාසල්ජනතා විමුක්ති පෙරමුණමුවාඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවහලාවතකුළු බඩු - ශ‍්‍රී ලංකාවේ නිපදවන🡆 More