ඉසුරු ලිනක්ස්

ඉසුරු ලිනක්ස් (English: ISURU Linux) මෙහෙයුම් පද්ධතිය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව සංවර්ධනය කර ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය සදහා සුදුසු පරිදි මෘදුකාංග ඔබ්බවා සකසා ඇත.

ඉසුරු ලිනක්ස්, උබුන්ටු ලිනක්ස් (English: Ubuntu) මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිමවා ඇත. එහෙයින් මෙය "මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව" වශයෙන් හැඳින් වේ.මෙම මෙහෙයුම් පද්ධතියට අදාල නව සංවර්ධන කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ අලුතින් ස්ථාපිත ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධන ශාඛාව මගින් 2023 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කරනු ලබයි.

ඉසුරු ලිනක්ස්
ඉසුරු ලිනක්ස්
ඉසුරු ලිනක්ස්
ISURU Linux 20.04
විකාශකයාM.V.T.Malinda, Ministry Of Education, Sri Lanka
OS පවුලUnix-like
Working stateCurrent
මූලාශ්‍ර ආකෘතියFree and open source software
Initial release30 ජුනි 2012 (2012-06-30)
Latest release20.04 LTS / 30 අප්‍රේල් 2020; වසර 3 කට පෙර (2020-04-30)
ලබා ගත හැක්කේMultilingual
Update methodAPT (Software Updater, GNOME Software)
Package managerdpkg, Snappy
Platformsi386, AMD64
Kernel typeLinux (Monolithic-based Hybrid)
UserlandGNU
Default user interfaceGNOME
LicenseGNU GPL & Various others.
Official websiteisurulinux.sch.lk

ඉතිහාසය

ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2012 ජුනි 30 වන දින ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය සදහා හදුන්වා දෙන ලදී. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ගුරුවරුන් මෙන් ම විවෘත මෘදුකාංග සඳහා ඇලුම් කරන ප්‍රජාවගේ දායකත්වය ලබා ගැණිනි.

මුල්වරට ISURU Linux 12.04 සංස්කරණය නිකුත් කරනු ලැබූ අතර දෙවන සංස්කරණය වුයේ ISURU Linux 14.04 සංසකරණයයි. මෙම ප්‍රධාන සංස්කරණය තුලින් ලබා ගත් අත්දැකීම් පාදක කර ගනිමින් 2016 අප්‍රේල් 30 වන දින ISURU Linux 16.04 "වෙනසකට" ("For a Difference") ලෙස නව සංස්කරණයක් නිකුත් කරණ ලදී.

ශ්‍රී ලංකාවේ අ.පො.ස. උසස් පෙළ හා අ.පො.ස. සාමාන්‍ය පෙළ "තොරතුරු සංනිවේදන තාක්ෂණය" විෂය ඉගැන්වීම සඳහා භාවිතා කරණු ලැබේ.

භාගත කර ගැනීම

මෙම මෙහයෙුම් පද්ධතිය ඉසුරු ලිනක්ස් නිළ වෙබ් අඩඩිය හරහා භාගත කර ගැනීමට හැකිය. එසේ නෙමැති නම් (ISURU Linux 20.04) බාගත කරගැනීමේ මෙම සබැඳිය භාවිතා කල හැකිය.

ඉසුරු ලිනක්ස් ස්ථාපනය කිරීම

ස්ථාපිත ආකාර

මෙම මෙහෙයුම් පද්ධතිය පරිගණකය තුල ස්ථාපිත කිරීමට භාවිතා කල හැකි ක්‍රම 3ක් පවතී.

  • Virtual Machine (VM) එකක් භාවිතා කිරීම මගින්
  • Dual Boot ක්‍රමය භාවිතා කිරීම මඟින් (ද්විත්ව මෙහෙයුම් පද්ධති)
ඉසුරු ලිනක්ස් 
මීපේ, ඉසුරු ලිනකස් පුහුණු වැඩසටහන
ඉසුරු ලිනක්ස් 
සිසුන් ඉසුරු ලිනකස් ඉගෙනගනිමින්...
  • මෙම මෙහෙයුම් පද්ධතිය පමණක්

ලෙස ස්ථාපිත කළ හැකි අතර පහත පද්ධති අවශ්‍යතා සැලකිය යුතුය.

පද්ධති අවශ්‍යතා

ඉසුරු ලිනක්ස් 14.04 සඳහා මතු දැක්වෙන අවම පද්ධති අවශ්‍යතා නිර්දේශ කර ඇත.

  • Architecture: IA-32
  • Processor: 1 GHz Pentium 4 processor
  • RAM: 1 GB
  • Hard Disk Space: 15 GB (30 GB නිර්දේශ කරනවා)
  • Resolution: 1024 X 768

ඉසුරු ලිනක්ස් 16.04 සඳහා මතු දැක්වෙන අවම පද්ධති අවශ්‍යතා නිර්දේශ කර ඇත.

  • Architecture: IA-32, AMD64
  • Processor: 2 GHz Dual Core processor
  • RAM: 2 GB
  • Hard Disk Space: 25 GB (30 GB නිර්දේශ කරනවා)
  • Resolution: 1024 X 768

ඉසුරු ලිනක්ස් නවතම සංස්කරණයන්, උබුන්ටු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිමවා ඇති බැවින් උබුන්ටු ලිනක්ස් හී අවම පද්ධති අවශ්‍යතා හා සමපාත වේ.

ඉසුරු ලිනක්ස් නිකුත් කිරීම්

ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ කීපයක් හදුන්වා දී ඇත. මේ දක්වා නිකුත් කල, අනාගතයේ නිකුත් කිරීමට ඇති ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ පිළිබඳ විස්තර පහත පරිදි දැක්විය හැක.

සංස්කරණය ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නම නිකුත් කල දිනය
12.04 LTS
ISURU Linux 12.04
2012-06-30
14.04 LTS
ISURU Linux 14.04
2014-04-30
16.04 LTS
ISURU Linux 16.04
2016-04-30
18.04 LTS
ISURU Linux 18.04
2018-04-30
20.04 LTS
ISURU Linux 20.04
2020-04-30
Legend: Red Release no longer supported Yellow Release still supported Green Latest version Blue Future release

උදව් සහ තාක්ෂණික සහාය

මේ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පුහුණු කරන ලද විශේෂිත ඉසුරු ලිනක්ස් කණ්ඩායමක් පිහිටුවා ඇත. ජාතික මට්ටමින් මෙන්ම පළාත් මට්ටමින් පුහුණු කරමින් ගොඩනගන මෙම කණ්ඩායම ඔස්සේ කලාප සහ පළාත් මට්ටමින් මෙම මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමේ දී ඇති වන ප්‍රායෝගික ගැටළු නිරාකරණය කිරීමට මෙන් ම මඟ පෙන්වීම සිදු කරනු ලබයි.

මෙම ගුරුවරුන් පුහුණු කිරීම් සඳහා මෙන් ම දෝෂ නිරාකරණය සඳහා විවෘත මෘදුකාංග භාවිත කරන ප්‍රජාවගෙන් ලැබෙන සුවිශේෂ සහය අති විශාල වන අතර ඔවුන්ගේ සහය සඳහා ෆෝරමය (සංරක්ෂණය කළ පිටපත) හෝ සමාජ ජාල වෙබ් අඩවි (පිටුව) භාවිතා කල හැකිය.

මීට අමතරව ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය තුල සිටින ගුරුවරුන්ගේ නිදහස් හා විවෘත පරිගණක මෘදුකාංග පිළිබද දැනුම වර්ධනය කිරීමට "ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" නමින් ගුරු පුහුණු පොතක් ද ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකසා, මුද්‍රණය කර ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය තුල බෙදා හැර ඇත.

යෙදුම් මෘදුකාංග එකතුව

ඉසුරු ලිනක්ස් 
ISURU Linux 14.04 DVD ඇසුරුම

ඉසුරු ලිනකස් මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව ඔස්සේ විවිධ අංශ යටතේ පෙර නිමියෙන් ම එක් කර ඇති යෙදුම් මෘදුකාංග විශාල සංඛ්‍යාවකි. මේසේ විශාල යෙදුම් මෘදුකාංග ප්‍රමාණය එක් කිරීම තුළින් අධ්‍යාපන අමාත්‍යංශය පාසල් පද්ධතියේ දෛනික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සියළුම මෘදුකාංග මේ තුල ඒකරාශී කර පද්ධතියට ලබා දීමට බලාපොරොත්තු වෙයි. මෙම මෘදුකාංග කාණ්ඩ ගණනාවකි. එනම්:

ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත

ඉසුරු ලිනක්ස් සමඟින් ලැබෙන යෙදුම් මෘදුකාංග භාවිතය පිළිබඳවත් ඒවා පංතිකාමරයේ භාවිත කරන ආකාරය පිළිබඳවත් ප්‍රායෝගිකව අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන ඉසුරු ලිනක්ස් පුහුණු වැඩසටහන් සඳහා සකස් කළ ලේඛනය "ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" වශයෙන් හැඳින්වේ.

Screenshots

අඩවියෙන් බැහැර පිටු

Tags:

ඉසුරු ලිනක්ස් ඉතිහාසයඉසුරු ලිනක්ස් භාගත කර ගැනීමඉසුරු ලිනක්ස් ස්ථාපනය කිරීමඉසුරු ලිනක්ස් නිකුත් කිරීම්ඉසුරු ලිනක්ස් උදව් සහ තාක්ෂණික සහායඉසුරු ලිනක්ස් යෙදුම් මෘදුකාංග එකතුවඉසුරු ලිනක්ස් පුහුණු අත්පොතඉසුරු ලිනක්ස් Screenshotsඉසුරු ලිනක්ස් අඩවියෙන් බැහැර පිටුඉසුරු ලිනක්ස්en:ISURU Linuxen:Ubuntu (operating system)උබුන්ටු (පරිගණක මෙහෙයුම් පද්ධතිය)පරිගණක මෙහෙයුම් පද්ධතියෙදුම් මෘදුකාංග

🔥 Trending searches on Wiki සිංහල:

ඇඩොල්ෆ් හිට්ලර්කිතුල්උඩුනුවර ලංකාතිලක විහාරයරූපවාහිනියේ සාමාජීය බලපෑමශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමානව සම්පත් කළමනාකරණයඋඩරට ගිවිසුමආසියාවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවසිංහල හෝඩිඅභ්‍යවකාශයසිංහල මිණුම් ඒකකසොරබොර වැවලුණුවිලශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයජනතා විමුක්ති පෙරමුණශ්‍රී ලංකාවේ ජාතික සංකේතතාරකා විද්‍යාවආනන්ද විද්‍යාලය, කොළඹගෞතම බුදුරජාණන් වහන්සේකෘත්‍රීම බුද්ධියපාස්කුවයුනෙස්කෝටොලමිගේ ලෝක සිතියමක්‍රීඩාකම්කරු නීතියශ්‍රී ලංකා නාවික හමුදාවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රකෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රමයබ්‍රිතාන්‍ය ලංකාවඕෂනියාවගබ්සාවපළමුවන විජයබාහු රජදියලුම ඇල්ලකෝළම්මහේල ජයවර්ධනසුදු බිංදුමඋපසර්ගපරාක්‍රම සමුද්‍රයමල්මලාවිජයමංගල ගාථාකතෝලික සභාවසකස්කඩමිශ්‍ර සිංහල හෝඩියස්තූපනොබෙල් ත්‍යාගයගූගල්ජැක්සන් ඇන්තනීඅර්ජුන රණතුංගමනෝවිද්‍යාවශ්‍රී ලංකාවේ කම්කරු නීතියරෝසමහින්ද රාජපක්ෂජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවමිනිසාගේ ස්නායු පද්ධතියශ්‍රී ලංකාවේ දාගැබ්මහා මංගල සුත්‍රයරත්න ශ්‍රී විජේසිංහගෝලයරුධිර සංසරණ පද්ධතිය (මානව)උභය ජීවීන්වැල්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාපුරාවිද්‍යාවශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණසෙංකඩගල පෙරහැර මංගල්‍යයදහඅට සන්නියරාවණා රජරන්මසු උයනමාක්ස්වාදයඅඟහරු ග්‍රහලොවජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකා🡆 More