මුද්‍රණ ඉතිහාසයේ මුල් කාලයේදී මුද්‍රණය ග්‍රන්ථ ප්‍රකාශනය ආදීය වෙනුවට බෙහෙවින්ම යොදා ගත්තේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික ලියවිලි ,චක්‍ර ලේඛණ, ගැසට් පත්‍ර ආදී සුවිශේෂි අවශ්‍යතා ඉටුකිරීම උදෙසාය.
ආරම්භයේ පටන් මුද්‍රණ ශිල්පය සන්නිවේදනයේ බලගතු අවියක් විය. අප සමාජ ආකෘති ප‍්‍රගති සැලසුම්වලදී අගනා සන්නිවේදනය සහ දැනුම බෙදාගැනීම අත්‍යවශ්‍ය වන අතර මෙහිදී මුද්‍රණ කර්මාන්තයට වැදගත් මෙහෙයක් හිමිය.මෙම කර්මාන්තය ඉතිහාසය සම්බන්ධ තොරතුරෑ මූලික වශායන් මෙහි අන්තර්ගතය. ඉතිහාසය පිළිබද සැළකුවහොත් පහත සදහන් කාලයන් වැදගත් වේ.
ගැසට් යන වචනයේ තේරුම, පුවත්පතක් හෝ නිල ප්‍රකාශනයක් හෝ නිල ප්‍රකාශනයක් මගින් කෙරෙන නිවේදනයක් යන්නය.” ගැසට් පත්‍රය මුද්‍රණය කොට බෙදා හරනු ලබන්නේ රජයේ මුද්‍රණාලය මගිනි. ආරම්භයේදී පිටු දෙකකට පමණ සීමිත වූ එය දැන්
කොටස් හයකින් පමණ සමන්විතය.රජයේ ආඥවන්, නියෝගයන්, නියමයන් ක්‍රියාත්මක වන්නේ, වලංගු වන්නේ ගැසට් පත්‍රයේ
ප්‍රසිද්ධ කළහොත් පමණය. විධායකයත් ව්‍යවස්‌ථාදායකය හා අධිකරණයත්, රටක පැවැත්මට හේතු භූත වන ප්‍රධාන මුල් තුනය. ලංකාව දැවැන්ත වෘක්‌ෂයකට සම කළහොත් එහි ප්‍රධාන මුල් තුන, විධායකය වන ජනාධිපති ධුරයත්, ව්‍යවස්‌ථාදායකය වන පාර්ලිමේන්තුව හා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රධාන අධිකරණයත්ය.
වර්ග සැතපුම් 25,000 ක් විශාල ශ්‍රී ලංකාවත්, සමස්‌ත ජනගහනයත්, රාජ්‍ය අංශයට හා පෞද්ගලික අංශයටද සම්බන්ධ සියලුම ක්‍ෂේත්‍රයන්හි කාර්යයන් හා සේවාවනුත් මේ ප්‍රධාන මුල් තුනට අනුබද්ධය. ජනාධිපතිවරයාගේ පටන් සාමාන්‍ය පුරවැසියා දක්‌වා සියල්ලන්ටමත්, රට පුරා හැම ක්‍ෂේත්‍රයකටම හා හැම ස්‌ථානයකටමත් බලපාන කරුණු කාරණා පිළිබඳ රාජ්‍ය නිල ප්‍රකාශනය ගැසට් පත්‍රය වන අතර සැබවින්ම එය රාජ්‍ය මුද්‍රාවක් බඳුය. මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවලින් දිනපතාම විවිධ කරුණු කාරණා හෙළිදරව් කෙරෙන නමුත් යට කී ක්‍ෂේත්‍රයන්ට අදාළ රාජ්‍ය නිල ප්‍රකාශනය වන්නේ ගැසට් පත්‍රයයි.
සියවස් පහකට පමණ පෙර වැනිසියේ පළ කළ පුවත්පත්වල මිල, ඒ අවධියේ සංසරණය වූ, වටිනාකමින් අඩුම කාසිය හැටියට සැලකුණු ගැෂෙටාවක් වූයෙන්, පත්‍ර හැඳින්වූයේද ගැෂෙට් යන නමිනි. 18 වැනි සියවස අග භාගයේ ඉංගිරිසි ජාතිකයන් ලංකාවට පැමිණි මුහුදු බඩ ප්‍රදේශ අල්ලා ගැනීමෙන් අනතුරුව, Ceylon Goverment Gagetta ලංකා ආණ්‌ඩුවේ ගැසටය යන නමින් ආණ්‌ඩුවේ ප්‍රකාශන හැඳින්වීමට පටන් ගත් අතර මුල්ම ගැසට් පත්‍රය නිකුත් වූයේ, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වන්නට වසර 12 කට කලින් 1802 මාර්තු 15 වැනි සඳුදාය. ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වූයේ, 1815 මාර්තු 2 වැනිදා මහනුවර මඟුල් මඬුවේදී අත්සන් කරන්නට යෙදුණු උඩරට ගිවිසුමත් සමගය.
මේ අනුව, ගැසට් පත්‍රය පිටව, මේ වන විට අවුරුදු 208 කිෘ ගැසට් එකේද ප්‍රවෘත්ති ඇතුළත්ව ඇති නිසා පත්‍රයක් වශයෙන් මුලදී සැලකුණු හෙයින් ලංකාවේ මුල්ම පත්‍රය ගැසට් එකයෑයි කියන්න බැරිකමක්‌ද නැත. බ්‍රිතාන්‍ය සෝල්බරි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව යටතේ, 1948 පෙබරවාරි 4 වැනිදා නිදහස ලැබුණද සැබවින්ම එය, නිදහසක් ලබාගැනීම සඳහා ලබාගත් නිදහස් වූයෙන්, ගැසට් එකේ නමද ඒ ආකාරයෙන්ම පැවතිණි. එහෙත් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සටන් පෙරමුණ රජයේ ජනරජ ව්‍යවස්‌ථාව යටතේ 1972 මැයි 22 වැනිදා ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත්වීමත් සමගම එහි නම "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රය" වශයෙන් වෙනස් විය.
ගැසට් පත්‍රය, සෑම සඳු දිනකම නිකුත් කෙරෙන රජයේ නිල ප්‍රකාශනයයි. නොඑසේ නම් නිල ප්‍රවෘත්ති පත්‍රය වශයෙන්ද සැලකිය හැකිය. සැබවින්ම එය, විධායකය, ව්‍යවස්‌ථාදායකය හා අධිකරණය යන ප්‍රධාන ආධාරක මුල් තුන මත පිහිටා රට කරවන යාන්ත්‍රණය මෙහෙයවන මෙවලම බඳුය.
ගැසට් පත්‍රය මුද්‍රණය කොට බෙදා හරනු ලබන්නේ රජයේ මුද්‍රණාලය මගිනි. ආරම්භයේදී පිටු දෙකකට පමණ සීමිත වූ එය දැන් කොටස් හයකින් පමණ සමන්විතය.
රජයේ ආඥවන්, නියෝගයන්, නියමයන් ක්‍රියාත්මක වන්නේ, වලංගු වන්නේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කළහොත් පමණය.
රජයේ නිල ප්‍රකාශනය වන ගැසට් පත්‍රයේ මුල් කොටසේ ඡේද වශයෙන් නම් කෙරෙන අනු කොටස් කීපයකි. ඒවා මෙසේය.
විධායකයේ (ජනාධිපතිවරයාගේ) අනුදැනුම මත සිදු කෙරෙන පත් කිරීම්, අධිකරණයේ අනුදැනුම මත සිදු කෙරෙන පත් කිරීම් හා පාර්ලිමේන්තු අණපනත් ආදියේ ඇතුළත් නීති රෙගුලාසි. රජයේ රැකියා ඇබෑර්තු ටෙන්ඩර් ලබා ගැනීම සඳහා ලබාගත් නිදහසක් වූයෙන් ගැසට් එකේ නට ඒ ආකාරයෙන්ම පැවතිනි. එහෙත් සිරිවාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ රජයේ ජනරජ ව්‍යවස්‌ථාව යටතේ ලියාපදිංචි වන්නන්ගේ නම් ගම්, වෙළෙඳ ව්‍යාපාරවලට අදාළ වෙළෙඳ ලාංජන යනාදිය, වෙළෙඳ ව්‍යාපාරයක් නීතිගත වන්නේ එහි පළ කළ හොතිනි.
ගැසට් පත්‍රය යනු, රටේ පණ නල රැකදෙන හදවතයි. කියන්න බැරි කමක්‌ද නැත. එය පළ කිරීමට අපහසුවක් සිදු වුවහොත් රටේ පැවැත්මට සිදු වන්නේද අපහසුතාවකි. මීට වසර 208 කට පෙරාතුව පළ කරන ලද මංගල ගැසට් පත්‍රය මුද්‍රණය කොට ඇත්තේ ලන්දේසීන්ගෙන් ඉංගිරිසි ජාතිකයන් පවරා ගත් මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කොට ගෙනය. ඒ සඳහා රජයේ මුද්‍රණාලයද ආරම්භ කොට ඇති අතර ගැසට් පත්‍රයේ ආරම්භක ප්‍රකාශකයා µ්‍රdන්ස් ඩී. බෲයින් නමැති ඉංගිරිසි ජාතිකයෙකි.
ලංකාණ්‌ඩුවේ ගැසට් පත්‍රය මුලදී ඉංගිරිසියෙන් පළ කෙරුණු අතර හා හා පුරා කියා මව් බස වන සිංහල ඊට එක්‌කර ඇත්තේ මීට වසර 196 කට පෙර 1814 ජනවාරි 12 වැනි දින සිංහල දැන්වීමක් එහි පළ කරමිනි. එය මුතු කිමිදෙන්නන් පිළිබඳ දැන්වීමකි. ගැසට් පත්‍රයේ මංගල කලාපයේ මුල් පිටවේ ඉහළින්ම "ලංකා ආණ්‌ඩුවේ ගැසට් පත්‍රය යනුවෙන් එහි නම සඳහන් වූ අතර අංක 1, සඳුදා, මාර්තු 15, 1902" යනුවෙන් ඊළඟට එහි මුද්‍රණ අංකයත්, දවසත්, මාසයත් දිනය හා අවුරුද්දත් සඳහන් විය.
තීරු හතරක එම පිටුවේ වම් පස තීරුවේ "රජයේ දැන්වීම" යන සිරස්‌තලය යටතේ පහත සඳහන් දැන්වීම පළව තිබිණි.
පුවත්පතක් මගින් රජයේ සියලුම ආඥවන් හා දැන්වීම් ද පළ කළහොත් මහජනතාවට විශාල පහසුකමක් වනු ඇතැයි ආණ්‌ඩුකාරතුමන්ට වැටහී ගොස් ඇත. එනිසා පහත සඳහන් පරිදි පත්‍රයක් සකසා ප්‍රසිද්ධ කළ යුතුය.
ලංකා ආණ්‌ඩුවේ ගැසට් පත්‍රය යන නමින් සතිපතා පුවත්පතක් සැකසීම.
ආණ්‌ඩුවේ ආඥ නියමයන්, දැන්වීම් අධිකරණයට අදාළ හා මහජනයාටද අදාළ නිවේදන යනාදිය මේ පත්‍රයේ පළවනු ඇත. ප්‍රසිද්ධ වෙන්දේසි හෝ පෞද්ගලික වෙන්දේසි, නැතිවූ භාණ්‌ඩ පිළිබඳ දැන්වීම් නැව් ගමනා ගමනය උපත් විවාහයන් හා මරණ යනාදී සිද්ධීන්ද ප්‍රසිද්ධ දැන්වීම් යටතේ පළ කෙරේ...........
ජනාධිපතිවරයක් හෝ පර්ලිමේන්තු මහ මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් හෝ පළාත් පාලන මැතිවරණයක් හෝ පිළිබඳ නිල දැන්වීම පවා කරනු ලබන්නේ ගැසට් පත්‍රයේය. පත් වූවන්ගේ නම් පළ කෙරෙන්නේද එහිය.
රජයේ පමණක් නොව සංස්‌ථා ව්‍යවස්‌ථාපිත මණ්‌ඩල, පළාත් සභා, මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ආදියට අදාළ දැන්වීම් ද එහි පළ කෙරේ. රජයේ මෙන්ම ඊට අනුබද්ධිත සියලුම ආයතන, කාර්යංශ යනාදියට අදාළ සියලුම ආඥ, නියෝග, නිවේදන, දැන්වීම් ආදිය පළ කෙරෙන නිල ප්‍රකාශනය ගැසට් පත්‍රය වන නිසා එයින් රටටත් ජනතාවටත් අත්වන ඵල ප්‍රයේජන ඉමහත්ය.
ගැසට් යන වචනයේ තේරුම, පුවත්පතක් හෝ නිල ප්‍රකාශනයක් හෝ නිල ප්‍රකාශනයක් මගින් කෙරෙන නිවේදනයක් යන්නය.
මීට වසර 176 කට පෙරාතුව 1834 දී පළ කෙරෙණු "කළම්බු ඔබ්සවර්" පත්‍රය ලංකාවේ ප්‍රථම පුවත්පත හැටියට සැලකෙන නමුත්, ගැසට් එකද පුවත්පතක් වශයෙන් පිළිගැනෙන නිසා ඊට වසර 32 කට පෙර 1802 ආරම්භ කෙරුණු ගැසට් පත්‍රය, ලංකාවේ ප්‍රථම පුවත්පත යෑයි කියන්න බැරිකමක් නැත.
ව්‍යවස්‌ථාදායකය වෙත ඉදිරිපත් කෙරෙන හා එයින් සම්මත ද කෙරෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා, නීති කෙටුම්පත් යනාදිය මහජනයාගේ අවධානයට යොමු කිරීම සඳහා පළ කිරීම, ගැසට් පත්‍රයෙන් සිදුවන සුවිශේෂී කාර්යයක් හැටියට සැලකිය හැකිය.පහත සඳහන් වන්නේ ඊට හොඳ උදාහරණයකි.
බ්‍රිතාන්‍ය සෝල්බරි ආණ්‌ඩුක්‍රමය යටතේ වසර 24 ක පමණ කාලයක් තිස්‌සේ ක්‍රියාත්මක වූ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව වෙනස් කොට ලංකාවේ නම ශ්‍රී ලංකාව වශයෙන් යොදා ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පිහිටුවීම සඳහා කෙටුම්පත් කෙරුණු ජනරජ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව, ගැසට් පත්‍රයේ කල්තබාම ප්‍රසිද්ධ කොට තිබුණේ මහජනතාවගේ අවධානය ඊට යොමු කිරීම සඳහාය.
අයවැයකදී බඩු මිල අඩු වැඩි කෙරෙන විටක හෝ භාණ්‌ඩ සඳහා මිල පාලනයක් සිදු කෙරෙන විටක හෝ ඒ පිළිබඳව ගැසට් පත්‍රයේ නිවාර්යයෙන්ම පළ කිරීම සිරිතය.
මීට වසර 176 කට පෙරාතුව 1834 දී පළ කෙරෙණු "කළම්බු ජර්නල්" පත්‍රය ලංකාවේ ප්‍රථම පුවත්පත හැටියට සැලකෙන නමුත්,
ගැසට් එකද පුවත්පතක් වශයෙන් පිළිගැනෙන නිසා ඊට වසර 32 කට පෙර 1802 ආරම්භ කෙරුණු ගැසට් පත්‍රය, ලංකාවේ ප්‍රථම
පුවත්පත යෑයි කියන්න බැරිකමක් නැත.
ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත පළකරන බුලත්ගම ධම්මාලංකාර හිමියන් එබඳු භික්‍ෂූන් වහන්සේ නමක්. ගම්පලින් ගාල්ලට
පැමිණ වැඩිදුර අධ්‍යාපනයට තායිලන්තයට ගොස් එහි රජු සමඟ ද හිතවත්කම් ගොඩනඟාගෙන ලංකෝපකර මුද්‍රණාලය ඇති කිරීමේ
අරමුදලක් ඇති කරන්නේ උන්වහන්සේයි. මිෂනාරි ආගමික ප්‍රචාරණයට විරුද්ධ ව සිංහල බෞද්ධ ජනමතය වෙනුවෙන්
ලංකාලෝකය ආරම්භක පුවත්පතක් ලෙස කටයුතු කරඇත.
වර්තමානය වන විට පරිගනක භාවිතයත් සමග මුද්‍රණ ක්‍ෂේත්‍රයේ විශාල දියුණුවක් දැකිය හැකිය.පරිගනක භාවිතයෙන් විශාල වශයෙන් මුද්‍රණ ක්‍ෂේත්‍රයේ දියුණුවක් දැකිය හැකිය.
ආරම්භයේ පටන් මුද්‍රණ ශිල්පය සන්නිවේදනයේ බලගතු අවියක් විය. අප සමාජ ආකෘති ප‍්‍රගති සැලසුම්වලදී අගනා සන්නිවේදනය සහ දැනුම බෙදාගැනීම අත්‍යවශ්‍ය වන අතර මෙහිදී මුද්‍රණ කර්මාන්තයට වැදගත් මෙහෙයක් හිමිය.මෙම කර්මාන්තය ඉතිහාසය සම්බන්ධ තොරතුරෑ මූලික වශායන් මෙහි අන්තර්ගතය.
This article uses material from the Wikipedia සිංහල article ශ්‍රි ලංකාවේ මුද්‍රණ කර්මාන්තය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.