සෞරග්ර්හ මණ්ඩලය තුළ ඡීවය

== සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවය ==


සෞරග්‍රහ මණ්ඩලය තුළ පෘථිවිය හැර වෙනත් ජීවයක් තවමත් වාර්තා වී නොමැත. අභ්‍යන්තර සහ බාහිර ග්‍රහලෝක අතරින් අප දන්නා ආකා‍රයේ ජීවයක් පැවතිය හැකි යැයි සැක කෙරෙන එකම ග්‍රහලොව අඟහරු ය. එසේම බ්‍ර‍හස්පතිගේ සමහර උප ග්‍රහයින් ද එවන් ජීවයක් පැවතිය හැකි භෞතික සාධක වලින් යුක්තයි.


අඟහරු මත ජීවය

අඟහරු මත ජීවය පිළිබඳ අදහස මුලින් ම පැන නැගුනේ වයිකින් යානාවලින් ලබාගත් අඟහරුගේ පෘෂ්ඨ ඡායාරූපවල අඟහරුගේ ඇළ මාර්ග දක්නට ලැබීමෙනි. එසේම ‍වයිකිං ලබා දුන් තොරතුරු අනුව අඟහරු වායුගෝලයෙන් සියයට අනූ පහක් ම අඩංගු වන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුවයි. අඟහරු මත ඇති ඔලිම්පස් මෝනස් කඳු නිම්නයේ ජලය ගලා ගිය බවට සාක්ෂී වශයෙන් පෘෂ්ඨය මත රැඳි දිය පාරවල සළකුණු දැක ගත හැක. පෘෂ්ඨයට පහලින් පිහිටන අයිස් තට්ටුව ද මීට ඉහතදී අඟහරු මතින් ජලය ගලා ගිය බවට සාක්ෂියකි.
අඟහරු මත ජීවය පවතීදැයි සාක්ෂි ලබා ගත හැකි වනුයේ අඟහරුගේ පෘෂ්ඨ අධ්‍යයනයෙනි.ඒ සඳහා වයිකිං 1 සහ වයිකිං 2 නම් වූ යානා 1975.09.09 සහ 1976.06.19 දින පෘථිවියෙන් නික්ම ගොස් 1976.08.20 සහ 1976.08.07 දින අඟහරු වටා කක්ෂගත විය. වයිකිං යානා දෙක ම සකස් කොට තිබුනේ කු‍ඩා විද්‍යාගාරයන් ද ඇතුළත් වන පරිදි ය.මෙහි දී ජීව විද්‍යාත්මක පරීක්ෂණයන් තුනක් සිදු කෙරිණි.


1.වායු හුවමාරු වීමේ පරීක්ෂණය(The Gas Exchange Experiment )


2.උෂ්ණත්ව විමෝචනය වීමේ පරීක්ෂණය(The paralytic release experiment)


3.සළකුණු කළ කාබන් විමෝචනය වීමේ පරීක්ෂණය(The labeled release experiment)


මෙම පරීක්ෂණයන්ගෙන් තරමක ධනාත්මක ප්‍රතිඵල ලැබුණත් අඟහරු මත ජීවයක් පැවතිය නො හැකි බව සමස්ථ ප්‍රතිඵල විශ්ලේෂණයෙන් නිගමනයකට එළඹි බව 1979 අන්තර් ඡාතික තාරකා විද්‍යා සංගමය මඟින් මොන්ට්‍රියල්හි දී පැවැත් වූ සමුළුවේ දී නාසා ආයතනය මඟින් ප්‍රකාශයට පත් කෙරුණි.


නමුත් පසුව ගුවන් ගත කළ මාර්ස් ග්ලෝබල් සර්වේයර් යානයේ ඡායාරූප වලින් අඟහරු මත ජලය තිබූ බවට සනාථ වූ අතර ඇතැමුන්ගේ මතය වී ඇත්තේ අඟහරු මත ජීවය අඟහරුගේ පෘෂ්ඨයට යටින් පිහිටිය හැකි බවය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල අක්ෂර මාලාවසාහිත්‍යයකඩවතධවල පත්‍රිකාවමුවාඩිවි දශම වර්ගීකරණයඅභයගිරි විහාරයපොන්නම්බලම් රාමනාදන්සමාජවාදයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමමාර්ටින් වික්‍රමසිංහකොරියන් යුද්ධයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දපර්යේෂණක්‍ෂය රෝගයරක්‍ෂණයසියඹලාස්වයං වින්දනයරජරටබුදුගුණ අලංකාරයශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයමනෝවිද්‍යාවනුවරඑළියදළදා පෙරහැරබිලාවල් රාගයමුඛ සංසර්ගයසමාජ විද්‍යාවදස මහා යෝධයෝජේතවනාරාමය, අනුරාධපුරජල චක්‍රයමොණරවිල කැප්පෙටිපොළපරිසර දූෂණයඅනුර කුමාර දිසානායකඑවරස්ට් කන්දසමාධි බුදු පිළිමයමහනුවරරන්ජන් රාමනායකගාලු කොටුවදියවැඩියාවෙහි රෝග ලක්ෂණශ්‍රී පාදස්ථානයකටු අනෝදාගැලලියෝ ගැලලීශිෂ්‍යත්ව විභාගයඩෙංගුභෞතික විද්‍යාවශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවමිනිත්තුසන්නි යකුමපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයරුසියාවශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවඑස්. පණීභාරතමනෝ විශ්ලේෂණවාදයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්උණඋඩරට ගිවිසුමකූඹියෝවගුරුශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවරාජ්‍ය සේවා කොමිෂන් සභාවශ්‍රී මහා බෝධිය, අනුරාධපුරචෛත්‍යගුත්තිල කාව්‍යයග්‍රැෆික් නර්මානකරණයපතොක්හජ්කෘත්‍රීම බුද්ධියජී බී සේනානායකශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිමද්දුම බණ්ඩාරජනමාධ්‍යයමහනුවර පාසල් නාමාවලියසිතාරයකොහුඇදුමපංච මහා වාදගෝලීය ආර්ථිකයේ අවාසිනැනෝ තාක්‍ෂණයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුව🡆 More