සිංහල බොජුන්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන සමාජය වන සිංහල ජනතාවගේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් වසර දහස් ගණනක් තුල වර්ධනයවූ අනන්‍ය ලක්‍ෂණ පෙන්නුම් කරයි.

සිංහලයෝ තම දහවල් හා රාත්‍රී ප්‍රධාන ආහාර වේල් සඳහා බත් හා ව්‍යංජන යොදා ගනී. බත් හා මාළු පිනි විශේෂ උත්සව අවස්ථාවලදී ද කෑම මේසයේ නො වරදින ආහාර වේලක් ලෙස දැකිය හැක.

==සාම්ප්‍ර

දායික ආහාර==

බත් වර්ග

සිංහල බොජුන් 
ව්‍යංජන සහිත බත් පිඟානක්.
සිංහල බොජුන් 
ඉස්සෝ සමඟ බත්.
සිංහල බොජුන් 
පොල් සම්බෝල


ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර වේලක් ලෙස පිස ගන්නා ලද බත්, ව්‍යංජන සමඟ පිළිගැන්වේ. කිරිබත් නමින් හදුන්වන්නේ බත් වලින් පිස ගන්නා තවත් ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයන් ව්‍යංජන ලෙස මස්, මාළු වලට අමතරව එලවළු සහ පලතුරු වලින් සකස් කරගන්නා ලද ව්‍යංජන ද භාවිතා කරයි. ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලක් සාමාන්‍යයෙන් බත් වලට අමතරව ව්‍යංජන තුනක් හෝ හතරකින් සමන්විත වේ. ශ්‍රී ලාංකිකයන් මෙම ප්‍රධාන ආහාර වර්ග වලට අමතරව අච්චාරු,චට්නි හා පොල් සම්බෝල ප්‍රධාන ආහාර වේලට එකතු කර ගනී. මෙම අමතර ආහාර වර්ගවලින් බත් හා මාළු පිනි වලට වැඩි රසයක් එකතුවන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයයි.

කිරි බත්

කිරිබත් යනු සිංහල සංස්කෘතියේ සුවිශේෂී ආහාරයකි.

පැණි බත්

දිය බත්

දිය බත් යනු රතු සහල්වලින් සකස් කරන ආහාරයකි.. බොහෝ විට පෙරදින රාත්‍රියේ ඉතිරි වූ බත් මගින් මේවා පිළියෙල කරගනු ලබයි.. එම බත් සීතල කර, එයට පොල්කිරි, රතු ළූනු , අමුමිරිස් යනාදිය දමා මෙය සකස් කරගනු ලබයි.. රසවත් ආහාරයකි..

කහ බත්

කහ බත්

ඇගිටි හාල් බත්

පොලොස් සම්බෝලය

super man හුන්සල් බත්

හුනු සහල් බත් හෙවත් සුනු සහල් බත් යනු බොහෝවිට දුගී නැතහොත් සාමාන්‍ය ජනයා අනුභව කල සහල් වර්ගය විය. වී කෙටීමෙන් පසු ඉතිරි වුන කැබලිවලට කැඩී ගොස් තිබූ සහල් සුනු සහල් ලෙස හැදින්විය. සාමාන්‍ය ජනයාට එම සහල් ආහාරය විය . සුනු සහලේ බත් සහ ලුණු මිරිස බොහෝවිට කෑමට ගන්න ආහාරයකි. කෙසේ නමුත් සුනුසහල් බත් හා ලුණු මිරිසෙහි රස බොජුන් දහයක බත් පතකින්වත් ගත නොහැකිවග බොහෝ අතීත සාමාන්‍ය ජනයා පවසන අතර එය සැබෑවකි.

කහ බත්

කුඩු බත්

කහ බත්

කුළුබඩු

ශ්‍රී ලාංකිකයෝ ආහාර පිළියෙල කිරීමේදි නොමසුරුව කුළුබඩු යොදා ගන්නා අතර ආහාර පිලියෙළ කිරීමට නිවැරදි යැයි සම්මතව පිළිගත් ආහාර වට්ටෝරු යොදා නො ගනිති. මේ නිසා ආහාර වර්ගවල රසය එය පිළියෙල කරන පුද්ගලයා අනුව යම්තම් වෙනස් වේ. එපමණක්ද නොව දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ජනතාව, විවිධ ජන වර්ග හා විවිධ ආගමික කොටස් ඔවුන්ගේ චාරිත්‍ර විධිවලට අනුකූලවන ආකාරයට ආහාර වර්ග සකස් කරන බැවින් ඒවායේ රසයන් ද එකිනෙක වෙන් වෙන්ව ගත් කළ වෙනස් වේ.ආහාර පිළියෙල කිරීමේදී ශ්‍රී ලාංකිකයන් මිරිස්, කරදමුංගු, දුරු, කොත්තමල්ලි සහ වෙනත් කුළු බඩු යොදා ගන්නා බැවින් ඒවා දකුණු ඉන්දියානු ආහාරවලට බොහෝ සමානකමක් දක්වයි. මීට අමතරව ආහාර රසවත් කිරීමට උම්බලකඩ වැනි ද්‍රව්‍ය ද යොදා ගනී. නමුත් ශ්‍රී ලාංකික ආහාරවලට ඒවාට ම ආවේණික වූ විශේෂ රසයක් ඇත.

දකුණු ඉන්දියානු ආහාරවලට වඩා ශ්‍රී ලංකාවේ ආහාරවල කුළු බඩු රසය ඉහළ අගයක් ගනී. එලෙස ම වැඩි ප්‍රමාණයක් මිරිස් භාවිතා කරමින් ආහාර පිසීම අතින් ද ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන ඇත. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ආහාර පිලියෙළ කිරීමේදී ශ්‍රී ලාංකිකයන් අමු මිරිස්,කොච්චි මිරිස් හා මාළු මිරිස් ලෙස විවිධ ප්‍රභේදවල මිරිස් වර්ග නො මසුරුව භාවිතා කිරීම නිසාය. උපතින්ම කුළු බඩු යෙදූ සැර ආහාර පාන ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට හැකියාව තිබුන ද සංචාරකයින්ට එම හැකියාව නැත. ඔවුන් නිතර ම පවසන්නේ ශ්‍රී ලංකාවේ ආහාර පිළියෙල කිරීමේ දී යොදා ගන්නා කුළු බඩු ප්‍රමාණය ඉතාමත් ම වැඩි බවය.මෙහි ප්‍රථිඵලයක් ලෙස බොහෝ දේශීය අවන්හල්වල කුළු බඩු ස්වල්ප වශයෙන් යොදා පිළියෙල කරගන්නා ආහාර සංචාරකයින්ට පිළිගන්වන අතර අපරදිග ආහාර වර්ග ද ඔවුන්ගේ රුචිකත්වය පරිදි ලබා ගත හැක. තවද ශ්‍රී ලාංකිකයින් සාමාන්‍යයෙන් නිවසේ දී ආහාර පිසීමට යොදා ගන්නා මිරිස් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් පොදු උත්සව අවස්ථාවල ආහාර පිසීමේ දී යොදා ගනිති.

ආප්ප

සිංහල බොජුන් 
ආප්ප

"ආප්ප" ශ්‍රී ලංකාවට ආවේණික වූ තවත් සම්ප්‍රදායික ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයෝ ප්‍රධාන ලෙස උදෑසන හෝ දහවල් ආහාරය ලෙස ආප්ප භාවිතා කරන අතර එය ලුණු මිරිස් සමඟ අනුභව කරනු ලබති. ආප්ප සෑදීමට හාල් පිටි, පොල් කිරි හා කිතුල් රා ස්වල්පයක් භාවිතා කරයි. රා ස්වල්පයක් යෙදීමෙන් හාල් පිටි මිශ්‍රණය ඉක්මණින් පැසීමට ලක්වන අතර බොහෝ අවස්ථාවල දී රා වෙනුවට යීස්ට් යොදා ගනී. පසුව මෙම මිශ්‍රණය තාච්චියක දමා පිස ගනු ලැබේ. බිත්තර ආප්ප, කිරි ආප්ප, වණ්ඩු ආප්ප හා පැණි ආප්ප ලෙස විවිධ ආප්ප වර්ග ඇති අතර ඒවායින් පැණි රසයෙන් යුක්ත වන්නේ වණ්ඩු ආප්ප හා පැණි ආප්ප පමණි.

පොල් සම්බෝල

පොල් සම්බෝල, බහුතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ආහාරයට ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි. ඉතා සිහින්ව ගා ගන්නා ලද පොල්, මිරිස්, උම්බලකඩ හා දෙහි යුෂ කලවම් කර අඹරා පොල් සම්බෝල සාදා ගනී. මෙසේ අඹරා ගන්නා මිශ්‍රණය බත් සමඟ ආහාරයට ගන්නා අතර මෙමඟින් ආහාර රුචිය වැඩි කරන බව විශ්වාස කරනු ලබේ.

මැල්ලුම්

ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝලවලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට "මැල්ලුම්" ද එකතු කර ගනිති. මැල්ලුම් සාදා ගන්නේ සිහින්ව කපා ගන්නා ලද පලා කොළ, සිහින්ව ගා ගත් පොල් හා රතු ළූණු සමඟ මිශ්‍ර කිරීමෙනි. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අහාර බොහෝමයක ඒවාට ආවේණික වූ විශේෂිත රසයක් ඇති අතර එම රසය ලබා ගැනිමට පොල් කිරි බහුලව භාවිතා වේ.

කිරි කොස් මාලුව

රසකැවිලි

"කැවුම්" ශ්‍රී ලංකාවාසී සියලු දෙනාම බොහෝ සේ ප්‍රිය කරන රසකැවිලි වර්ගයකි. මෙම රසකැවිලි වර්ගය සදා ගැනීමේ දී හාල් පිටි හා පැණි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා අතර පසුව එය ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගනී. කැවුම්වල තවත් ප්‍රභේදයක් වන "මුං කැවුම්" සාදා ගන්නේ මුං ඇට නැමැති ධාන්‍ය වර්ගය යොදා ගැනීමෙනි. මුං ඇට පිටි හා පැණි මිශ්‍ර කර තලපයක් ලෙස සාදා ගෙන එයින් රුවිත හැඩයේ කැබලි කපා, ගැඹුරු තෙලේ බැදීමෙන් මුං කැවුම් පිළියෙල කර ගනී. තව ද සිංහල හා දෙමළ අළුත් අවුරුදු සමයේ දී කිරිබත් සමඟ විවිධ මාදිලියේ රසකැවිලි වර්ග වලින් සංග්‍රහ කිරීම සුලභ දසුනකි. ශ්‍රී ලාංකිකයන් භාවිතා කරන බොහෝ රසකැවිලි වර්ගවලට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රසකැවිලිවල ආභාෂය ලැබී ඇත.

පෘතුගීසි සහ ලන්දේසි ආභාෂ්‍ය

සිංහල බොජුන් 
කිරිබත්

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට අනර්ඝ කුළු බඩු භාවිතා කරන රටක් ලෙස ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන සිටී. පහළොස්වන සහ දහසයවන ශතවර්ෂවල දී ලෝකයේ විවිධ රටවලින් ශ්‍රි ලංකාවට පැමිණි වෙළෙන්ඳන්, ඔවුන්ගේ රටවල භාවිතා කරන ආහාර වර්ග හා විවිධ ඉවුම් පිහුම් ක්‍රම මෙරටට රැගෙන ආ අතර එවා දේශීය සාම්ප්‍රදායික ඉවුම් පිහුම් කලාවේ විශාල විවිධත්වයක් ඇති කිරීමට සමත් විය. "ලම්ප් රයිස්" ලෙස හඳුන්වන්නේ ලන්දේසි ආභාෂය ලද ශ්‍රි ලාංකික ආහාර වර්ගයකි.මෙය බත්, පිසූ මස්, විශේෂ ව්‍යංජනයක් යන සියල්ල කෙසෙල් කොළයක ඔතා පුළුස්සා ගැනීමෙන් සකස් කර ගන්නා ඉතා රසවත් ආහාරයකි. අතීතයේ සිට පැවත එන පෘතුගීසි හා ලන්දේසි රසකැවිලි වර්ග වර්තමානයේදී ද තවදුරටත් පෙර සේම ජනප්‍රියව භාවිතා වේ.බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාලයේ දී, බදින ලද හරක් මස් හා බදින ලද කුකුළු මස් ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලට එකතු විය.unawatuna mami hotel ekata yanna kema kanna

මැලේ ආභාෂය

"වටලප්පන්" ශ්‍රී ලාංකිකයන් අතින් පිළියෙල වෙන තවත් රසවත් රසකැවිලි වර්ගයක් වන අතර මෙය ප්‍රථමයෙන්ම ලංකාවට හඳුන්වා දෙන ලද්දේ මැලේ ජාතිකයන් විසිනි. නමුත් වර්තමානයේ දී මෙය ප්‍රධාන ශ්‍රී ලාංකීය රසකැවිලි විශේෂයක් ලෙස භාවිතා කරනු ලැබේ. "වටලප්පන්" පොල් කිරි, බිත්තර සහ හකුරු යොදා සාදා ගන්නා පුඩිං වර්ගයකි.

කෙටි ආහාර

කෙටි ආහාර ලෙස පේස්ට්‍රි,රෝල්ස් හා පැටිස් බොහෝ විට භාවිතා කරනු ලැබේ. ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ ප්‍රියතම කෙටි ආහාර වර්ගය වන්නේ කුළු බඩු වලින් රසවත් කරන ලද, අල හා එළු මස් මිශ්‍රණය පිරවුමක් ලෙස යොදා සාදා ගන්නා ලද රෝල් ය.

වෙනත් කෙටි ආහාර වර්ග

  • වඩේ
  • මාළු කට්ලට්
  • රෝල්ස්
  • පැටිස්

ප්‍රිය සම්භාෂණවල දී හා නිවසට පැමිණෙන ආගන්තුකයින්ට සංග්‍රහ කිරීමට නිතරම මෙම කෙටි ආහාර භාවිතා කරනු ලැබේ.ගෝලීයකරණය සමඟ ශ්‍රී ලංකාව තුල ක්ෂණික ආහාර සපයන අවන්හල් විශාල වශයෙන් ආරම්භ විය. කෙටි ආහාර ලෙස ශ්‍රී ලාංකිකයෝ මෙම ක්ෂණික ආහාර පරිභෝජනය කරති.

ආශ්‍රිත ලිපි

බාහිර සබැඳුම්

Tags:

සිංහල බොජුන් බත් වර්ගසිංහල බොජුන් කුළුබඩුසිංහල බොජුන් රසකැවිලිසිංහල බොජුන් පෘතුගීසි සහ ලන්දේසි ආභාෂ්‍යසිංහල බොජුන් මැලේ ආභාෂයසිංහල බොජුන් කෙටි ආහාරසිංහල බොජුන් ආශ්‍රිත ලිපිසිංහල බොජුන් බාහිර සබැඳුම්සිංහල බොජුන්

🔥 Trending searches on Wiki සිංහල:

ඉත්තෑවාශ්‍රී ලංකා ජාතික කොඩියපෘෂ්ඨවංශීන්ඡායාරූප ශිල්පීමිනිස් ඇසජපන් භාෂාවඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණලංකාවේ කලපුපෘථිවියේ ජල ව්‍යාප්තියශ්‍රී ලංකාවේ ආදි වාසීන්ශ්‍රී ලංකාවේ නවක වදයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරවසභ රජජවන සහ පිටිය ක්‍රීඩාශ්‍රී ලංකාවේ දික්කසාද නීතිවැලිවිට සරණංකර හිමිදුරකථනයවෑත්තෑවේ හිමිඍතුජන සන්නිවේදනයදකුණු කොරියාවශ්‍රී ලංකාවේ අපරාධදීපවංශයහික්කඩුවේ සුමංගල තෙරණුවෝමූලද්‍රව්‍ය ලැයිස්තුවඅයිෆල් කුළුණඛනිජඑක්සත් ජාතීන්ගේ සංවිධානයචෙස්ස්වභාවික වෘක්‍ෂලතාමුතියංගන චෛත්‍යයගිනි කඳුපර්යේෂණශ්‍රී ලංකාවේ දියඇලිආර්ථික සංවර්ධනයඅනුර කුමාර දිසානායකමොන්සැන්ටෝ සමාගමනව අරහාදී බුදුගුණයුනෙස්කෝසීගිරි ගීවාරණ රජ මහා විහාරයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවවිජය (පුවත්පත)ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිආලේලූයා සෙනසුරාදානාමල් උයනකාව්‍යයේ මුඛ්‍යාංගකොහොඹතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයසතර අගතිමොණරා සහ සෙබඩධර්මපාල විද්‍යාලයමහගම සේකරලෝවැඩ සඟරාවසරම්ප1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනතශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයකලාවශ්‍රී ලංකාවේ වී ගොවිතැනත්‍රිපිටකයමානව සම්පත් කළමනාකරණයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවකුමාරතුංග මුනිදාසසුදු බිංදුමනියුමෝනියාවනුවරඑළියආර්ථික විද්‍යාවශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවපාසල්හරිතාගාර ආචරණයඉසුරුමුණියප්‍රංශ විප්ලවයශ්‍රී දළදා මාළිගාවඅලෙවිකරණයථූපාරාමය, අනුරාධපුරබුලත් හපයාබුද්ධාගමශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුව🡆 More