රසායනික කර්මාන්ත

රසායනික කර්මාන්තය කාර්මික රසායනික සකස් කරන ආයතන වලින් සමන්විත වේ.

අමුද්‍රව්‍ය (තෙල්, ස්වාභාවික වායු, වාතය, ජලය, ලෝහවර්ග සහ ඛනිජ ද්‍රව්‍ය) 70000 ට අධික වු නොයෙකුත් ආකාරයේ නිෂ්පාදන බවට පත් කරන බැවින් එම කර්මාන්තය ලෝක ආර්ථිකයට වැදගත් වේ. විශේෂයෙන් පොලිතින්, පොලිප්‍රොපලීන්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, පොලිඑතලීන් ටෙරපනඅලෙට්, පොලිස්ටයිරින් සහ පොලිකාබනේට් ආදී වූ ද්‍රව්‍යයන්ගෙන් මෙම කර්මාන්තයේ නිමවුම් වලින් 80% ක් සමන්විත වේ. කෘෂිකර්මාන්තයේදී, භාණ්ඩ නිෂ්පාදනයේදී, ගොඩනැගිලි නිර්මාණයේදී සහ සේවා සැපයීමේදී මෙන්ම නොයෙක් ආකාරයේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයේදී ද රසායනික ද්‍රව්‍ය වැදගත් වේ. රසායනික කර්මාන්තය එහි නිපැයුම් වලින් 26% ක් පරිභෝජනය කරයි. රබර්, ප්ලාස්ටික් නිෂ්පාදන, නිමි ඇඳුම්, රෙදිපිළි, පෙට්ට්‍රෝලියම් සහ පිරිපහදු කිරීම් ආදියෙන් ප්‍රධාන රසායනික කර්මාන්ත ගනුදෙනු කරුවන් සමන්විත වේ. රසායන කර්මාන්ත ලෝක ව්‍යාපාර වලින් දස දහස් ප්‍රකෝටි 2 ක් පමණ වන අතර යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ රසායනික නිෂ්පාදන ආයතන ලෝකයේ විශාලතම නිෂ්පාදකයන් වේ. ලෝකයේ නොයෙකුත් රටවල කර්මාන්ත ශාලා ඇති ලෝකයේ විශාලතම සමූහ ආයතනයක් වන්නේ BASF, Dow, Shell, Bayer, INEOS, ExxonMobil, Dupont, SABIC සහ Mitsubishi ය. මොවුන් සමග කුඩා වෙළඳ සමාගම් විශාල ප්‍රමාණයක් අත්වැල් බැඳගෙන සිටී.

ඇමරිකාවේ ප්‍රධාන රසායනික ආයතන 170 ක් ඇත. ඔවුන් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන අතර එසේ ක්‍රියාත්මක වන්නේ 2800 කට වඩා වැඩි සේවා වන ඇමරිකා එක්සත් ජනපදයෙහි පිටතද 1700 ක් පමණ වූ සම්බන්ධිත උපකාරී විජාතීය ආයතන ඉන් පිටතද ක්‍රියාත්මක කරවමිනි. එක්සත් ජනපදයේ වසරකට රසායනික නිමවුම් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 400 ක් ඉක්මවයි. එහි කර්මාන්ත ඉතා විශාල නිමැවුම් අතිරික්තයක් වාර්තා කරන අතර එක්සත් ජනපදයේ පමණක් මිලියනයකට වැඩි පිරිසකට රැකියා ලබාදී තිබේ. භාණ්ඩ නිෂ්පාදනයේ ලෝකයේ දෙවැනි විශාලම ශක්තිය යොදවන්නේ රසායනික කර්මාන්තය වන අතර ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 5 ක් වාර්ෂිකව පරිසර දුෂණය අඩු කිරීම සඳහා යොදා ගැනේ.

යුරෝපයේ විශේෂයෙන්ම ජර්මනියේ, රසායනික, ප්ලාස්ටික් සහ රබර් යන අංශ රටේ විශාල කර්මාන්ත ගණයට වැටේ. මෙම කර්මාන්ත එකතුව මිලියන 3.2 ක පමණ රැකියා 60000 කට අධික වු ආයතන වලින් සපයයි. 2000 වර්ෂයෙන් අනතුරුව යුරෝපයේ සම්පූර්ණ වෙළඳ අතිරික්තයෙන් 2/3 ක් පමණම සැපයුවේ රසායනික කර්මාන්ත අංශයෙනි. යුරෝපයේ භාණ්ඩ නිෂ්පාදනයට 12% කින් පමණ වැඩි වටිනාකමක් රසායනික අංශය මගින් ලබාදී ඇත.

වසර 50 කට වඩා වැඩි කාලයක් තිස්සේ රසායනික කර්මාන්තය සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. ප්ලාස්ටික් ලෙස යොදා ගන්නා කෘතිම කාබනික පොලිමර්, ලෝහ සහ කෘතිම රබර් ආදිය නිෂ්පාදනය විශේෂ‍යෙන්ම වර්ධනය වන ක්ෂේත්‍ර වේ. ඓතිහාසික ලෙස හා වර්තමානයේදී රසායනික කර්මාන්තය ලෝකයේ ප්‍රදේශ 3 ක් පුරා විහිදී පවතී. ඒවා නම් බටහිර යුරෝපය, උතුරු ඇමරිකාව සහ ජපානයයි. (ත්‍රිත්වය) (එක්සත් ජනපදය සහ ජපානය හැරුණු කොට විශාලම නිෂ්පාදකයා වන්නේ යුරෝපීය ප්‍රජාව වේ.)

මෙම රටවල් ත්‍රිත්වයේ රසායනික නිෂ්පාදනයේ පාරම්පරික ඒකාධිකාරය අමුද්‍රව්‍ය සැපයීම, ශක්ති ජනනය සඳහා යන වියදම, කම්කරු වියදම්, ආර්ථික වර්ධනයේ නොයෙක් ප්‍රමාණ සහ පාරසරික බලපෑම් ආදිය නිසා නිරන්තරයෙන්ම අභියෝගයට ලක්වේ. ලෝක රසායනික කර්මාන්තයේ වෙනස් වන ස්වරූපයට හේතු වී ඇත්තේ චීනය, ඉන්දියාව, කොරියාව, මැදපෙරදිග, ගිනිකොන දිග ආසියාව, නයිජිරියාව, ට්‍රිනිඩාඩ්, තායිලන්තය, බ්‍රසීලය, වෙනිසියුලියාව සහ ඉන්දුනීසියාව යන රටවලය.

වසර 2000 සිට ගල්ෆ් කලාපයේ රසායනික කර්මාන්තයේ සීඝ්‍ර වර්ධනය ඉතා වැදගත් වේ. මෙසේ සිදුවූයේ ඔවුනට අඩු මිල රසායනික අමුද්‍රව්‍ය ලබාගැනීමට හැකිවීම නිසාය. වසර 2004 දී, ගල්ෆ් බො‍රතෙල් සහ රසායන ආයතන ආරම්භ කරන ලද්දේ ගල්ෆ් කලාපයේ බොරතෙල් හා රසායනික කර්මාන්ත ආශ්‍රිත වාණිජ නොවන ක්‍රියාකාරකම් නියෝජනය සඳහා සහ දැනුම බෙදා ගැනීමේ පීඨයක් ලෙසයි.


References

http://en.wikipedia.org/wiki/Chemical_industry

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

කාල් මාක්ස්ඍතුපණීභාරතශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයරත්න ශ්‍රී විජේසිංහරත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කයලිංගිකත්ව අධ්‍යාපනයශ්‍රී ලංකාවේ අපරාධකිරි වෙහෙර, කතරගමක‍ඩොලානශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තනෙළුම් කුළුණශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයශ්‍රී ලංකාවේ පළාත්යුගත්‍ර න්‍යායදියවැඩියාවසතර සතිපට්ඨානයආරෝග්‍යශාලාවෘත්තයපුස්තකාලමාළුශ්‍රී ලංකාවේ මැණික්ලක් විජය බලාගාරයසමාජ විද්‍යාවප්‍රභාසංශ්ලේෂණයස්ටීවන් හෝකිංසරම්පහින්නෝන්මාදයදර්ශනයනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවකොහොඹපරමාණුරන්ජන් රාමනායකඅශෝක අධිරාජයාප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)පොන්නම්බලම් අරුණාචලම්කොස්මී ගසබුද්ධි ගලනයමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිත්‍රිලක්‍ෂණයබුද්ධ ප්‍රතිමාලෝක ආහාර අර්බුදයපංච කල්‍යාණපරාක්‍රම සමුද්‍රයබෞද්ධ දිනදසුනවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවහිසරදයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියදඹුල්ල රජමහා විහාරය1000000000000 (number)ථූපාරාමය, අනුරාධපුරඉන්දියාවේ දේශපාලන පක්ෂභාෂාවඅන්තර්ජාලයශ්‍රී ලංකා ගුවන් හමුදාවබුදුගුණ අලංකාරයබණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහසිංහල අක්ෂර වින්‍යාසයශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය සභා ලැයිස්තුවහික්කඩුවේ සුමංගල තෙරණුවෝඇම්බැක්කේ දේවාලයශ්‍රී ලංකාවේ මාර්ග සංඥාපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරමාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයකමතඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයයමන් රාගයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමසුදු බිංදුමසරත් ගුණපාලඅඹමුඛ සංසර්ගයමොණරවිල කැප්පෙටිපොළසසුන සුරැකි සංගායනාපවුලවී වගාව🡆 More