බුද්ධ ධර්මයේ දැක්වෙන සමාව දීම

බුද්ධ ධර්මයට අනුව සමාව දීම පුද්ගලයෙකුගේ මනස තුළ ඇතිවන හිංසාකාරී සිතුවිලි නිසා හටගන්නා මානසික පීඩනය නැතිකර ගැනීමේ ක්‍රමයකි.

වෛරය හා ව්‍යාපාද සිතුවිලි අපේ මානසික කර්මයට දීර්ඝ කාලීන බලපෑමක් ඇති කරයි. ඒ වෙනුවට බුදුදහමේ පුහුණු කරන්නේ යහපත් බලපෑම් ළගා කරවන සිතුවිලිය. කර්මය මෙනෙහි කළ විට අපට වැටහෙන්නේ පළිගැනීමට අවස්ථා සෙවීම නොව, මෛත්‍රීය හා සමාව දීම වඩා වැදගත් බවයි. මක්නිසාදයත් පළිගන්නා තැනැත්තා සියල්ලන්ටම වඩා අවාසනාවන්ත තත්ත්වයකට පත්වන බැවිනි. අමනාපකමක් හටගත් විට බුදුදහමට අනුව සිදුකළ යුත්තේ සන්සුන්ව එයට හේතුව සොයාගෙන එම අමනාපය අත්හැරීමයි. බුදුදහමේ හරය වන්නේ අවිද්‍යාව හා දුකින් මිදීමට, භාවනාවෙන් යථාර්ථයේ ස්වභාවය අවබෝධය කර ගැනීමයි. බුදුදහම තණ්හාවේ නියම ස්වරූපය මෙන්ම තණ්හාව හටගැනීමට හේතු වන වස්තූන්ගේ යථාර්තයද අධ්‍යයනය කරයි. අපි සමාව දීමට අකමැති නම් අපි අපගේ වේදනාව තවත් වැඩි කරගන්නා අතර නැවත ඉපදීමේදී දුක ලෙස හටගන්නේ මෙයයි.

වෛරය ඇතිවීම වළක්වා ගැනීම සඳහා බුදුදහමේ මෛත්‍රීය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාව යන කරුණු පිළිබඳව අවධාරණය කරයි. මෙමඟින් අප තුළ හා අනුන් තුළ ඇති විඩාව අවබෝධකර ගැනීමට හැකිවේ. 9/11 ප්‍රහාරය ගැන අජානී ජයසරෝ නම් බෞද්ධ භික්ෂුව තම ශිෂ්‍යයන් අමතා මෙසේ පැවසීය. " අපි අපගේ උපත, මහළු විය, රෝගී බව හා මරණය යන කරුණුවලදී ලෝක වාසී අනෙක් සත්වයන් සමඟ ඇති බැඳීම පිළිබඳව ගැඹුරින් සිතන විට එමඟින් අපට නව යථාවබෝධයක් ලැබේ."

"යමෙක් මට හිරිහැර කළා, පහරදුන්නා, පරාජය කළා, සොකරකම් කළා යන සිතුවිලි රඳවා තබා ගන්නා තැනැත්තාගේ වෛරය නොසන්සිඳේ."

"යමෙක් මට හිරිහැර කළා, පහරදුන්නා, පරාජය කළා, සොරකම් කළා යන සිතුවිලි සිතෙන් අතහරින පුද්ගලයාගේ වෛරය සන්සිඳේ."

- ධම්මපදය 1.3 - 4 - පරිවර්තනය රාධාක්‍රිෂ්ණන්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

නියඟයශ්‍රි ලංකාවේ පාසල්කඩොලාන පරිසර පද්ධතියසමාධි බුදු පිළිමයසිද්ධාර්ථ කුමරුවේදසරත් ගුණපාලථූපාරාමයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තත්‍රිපිටකයවළි කුකුළාශ්‍රී ලංකා පොලිස් සේවයඋපසර්ග2023 ක්‍රිකට් ලෝක කුසලානයසුරතාන්තයස්තූපමඩොල් දූවශ්‍රී ලංකා‍වේ බුදු පිළිමලිංගික ඊර්ෂ්‍යාවසඳකඩපහණලිංගික සංසර්ගයහලාවතරුසියානු-යුක්‍රේන යුද්ධයඅන්තර්ජාලයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයජපානයසිංහල වර්ණ මාලාවජාතික ගීය - ශ්‍රී ලංකාසමාජවාදයකජුකොස්ගෞතම බුදුරජාණන් වහන්සේවයඹ පළාත, ශ්‍රී ලංකාවශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ශ්‍රී ලංකා ජාතික ගීයපරිගණක ඉතිහාසයඡයාරූපකරණයමෛත්‍රීපාල සිරිසේනඅර්ථයශ්‍රී ලංකාවේ සර්පයෝපෘථිවියේ ජල ව්‍යාප්තියකෝමාරිකාඋපත් පාලන කොපුමාර්ටින් වික‍්‍රමසිංහරජරට රාජධානියේ අනුරාධපුර යුගයඅඳ ගොවි ක්‍රමය ප්‍රතිසංස්කරණඅකුණුලංකා බැංකුවඩී.එන්.ඒ.තොටගමුවේ ශ්‍රී රාහුල හිමිදුන්හිඳ ඇල්ලසාදික්කාඅන්තරාසර්ග පද්ධතියගබ්සාවශ්‍රී දළදා මාළිගාවධවල පත්‍රිකාවඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකාවේ කැටයම් කලාවරඹුටන්ටෝකියෝබළලාඍතුකොහොඹඅනුරාධපුර යුගයමහින්ද රාජපක්ෂලෝ වැඩ සඟරාවඇතීනාලිබියාවසොළොස්මස්ථානශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවසජිත් ප්‍රේමදාසශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවපණිභාරතතැලසීමියාවශ්‍රී ලංකාවේ නර්තනයන්යුද්ධපටිච්චසමුප්පාදයඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය🡆 More