ප්‍රජාපති

ප්‍රජාපති (සංස්කෘත: प्रजापति) හින්දු ආගමේ වෛදික දෙවියෙකි.

පසුකාලීන සාහිත්‍ය තුළ නිර්මාණකරු වන බ්‍රහ්මා අරුත් ගන්වා ඇත. නමුත් මෙම පදය විවිධ දෙවිවරුන් සංකේතවත් කරයි. හින්දු ලියවිලි වලට අනුව, විශ්වකර්ම, අග්නි, ඉන්ද්‍ර, දක්ෂ ආදින්ටත් මෙම නමින් ආමන්ත්‍රණය කර ඇත. සම්භාව්‍ය හා මධ්‍යතන යුගයේ සාහිත්‍යය තුළ ප්‍රජාපති යන නම පාරබෞතික සංකල්පයක් වන බ්‍රහ්මන් හට සමකොට ප්‍රජාපති-බ්‍රහ්මන් ලෙස අරුත් ගන්වා ඇත.

නිරුක්තිය

ප්‍රජාපති යන්නෙහි අර්ථය පිළිබඳව සළකා බලන විට, ප්‍රජා සහ පති යන වචන දෙක එකතු වීමෙන් සෑදි ඇත. ප්‍රජා යන්නෙන් නිර්මාණය සහ ප්‍රජනන ශක්තිය ලෙස අරුත් ගැන්වෙන අතර පති යනු ස්වාමියා යන්නයි. එවිට ප්‍රජාපති යනු "ජීවීන්ගේ ස්වාමියා" යන්නයි. පසු කාලීන වෛදික ග්‍රන්ථ වල ප්‍රජාපති යනු සුවිශේෂී වෛදික දෙවියෙකු වන නමුත් එහි වැදගත්කම අඩු වේ. පසුව, මෙම පදය වෙනත් දෙවිවරුන්, විශේෂයෙන් බ්‍රහ්ම යන පද සමඟ සමාන වේ. තවමත් පසු කාලීනව මෙම පදය නව යමක් නිර්මාණය කරන ඕනෑම දිව්‍යමය, අර්ධ දිව්‍යමය හෝ මනුෂ්‍ය මුනිවරුන් අර්ථ දක්වා ඇත.

මූලාරම්භය

ප්‍රජාපතීගේ මූලාරම්භය පැහැදිලි නැත. ඔහු පිළිබඳව වෛදික මුලාශ්‍ර වල පසුකාලීනව සඳහන්ව ඇති අතර විවිධ පරිච්ඡේදවල ඔහු ගැන සඳහන් කරන ගීතිකා විවිධ විශ්වීය න්‍යායන් සපයයි. ඔහු පිළිබඳව වෛදික සංහිතා තුළ සඳහන් නොවේ. ප්‍රජාපති වේදයේ සූර්‍ය දෙවියන් ලෙස අරුත් ගැන්වූ සවිත්‍රට වඩා කනිෂ්ඨය.වේදයන්හි ඔහුගේ පැතිකඩ ක්‍රමයෙන් ඉහළ යයි.

ඉන්දු-යුරෝපීය

ප්‍රජාපති සහ ග්‍රීක දෙවියකු වන ප්‍රෝටොගොනොස් අතර සම්බන්ධතාවයක් පවති. රොබට් ග්‍රේව්ස්ට අනුව, ප්‍රජාපති යන නාමය ශබ්දාර්තයෙන් ප්‍රෝටොගොනොස් හා සමාන වේ. ප්‍රෝටොගොනොස් සහ ප්‍රජාපති සමඟ සම්බන්ධ වන විශ්ව අණ්ඩය සංකල්පය ලෝකයේ බොහෝ රටවල සුලභය.

ලියවිලි

ප්‍රජාපති පිළිබඳව වේද සහ පශ්චාත් වෛදික ලියවිලි තුළ බොහෝ ආකාරවලින් හා නොගැලපෙන ලෙසින් විස්තර කර ඇත.

වේද

අහසත් පොළොවත් මැවූ අයෙකු වීම වැනි වෛදික ග්‍රන්ථ තුළ ඔහුගේ භූමිකාව එකිනෙකට වෙනස් වේ. වෛදික ලියවිලි වල බ්‍රාහ්මන කොටසේ ඔහුගේ භූමිකාව උච්චතම අකාරයෙන් දක්වා ඇත.

ආශ්‍රේයයන්

Tags:

ප්‍රජාපති නිරුක්තියප්‍රජාපති මූලාරම්භයප්‍රජාපති ලියවිලිප්‍රජාපති ආශ්‍රේයයන්ප්‍රජාපතිඅග්නි (දෙවියන්)ඉන්ද්‍රබ්‍රහ්මන්සංස්කෘත

🔥 Trending searches on Wiki සිංහල:

වී වගාවපරිසර පද්ධතිමාර්තු 286ලංකාවේ ජාතික පුනරුදයදුක්ඛනිරෝධ ආර්ය සත්‍යයතණ්හාචෙස්ගම්මඩුව ශාන්තිකර්මයදඹුල්ල රජමහා විහාරයකොරියානු භාෂාවරෝසි සේනානායකඑළාර රජමත්ද්‍රව්‍යඇමසෝන් වැසි වනාන්තරයතෙකලා විදුලි බලයරබින්ද්‍රනාත් තාගෝර්භාෂාවපුරාවිද්‍යාව පිලිබද නිර්වචනසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඋඩුනුවර ලංකාතිලක විහාරයඅභිප්‍රේරණයගණේශශ්‍රී ලංකාවේ දාගැබ්ග්‍රහලෝකශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිමාක් සකර්බර්ග්කඩවතශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවකොහොඹසමාජානුයෝජනයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයශ්‍රී ලංකාවේ පළාත්ශ්‍රී ලංකා රේගුවනව සීලන්තයමහනුවර යුගයේ සිතුවම් කලාවලෝවාමහාපායකොවිඩ්-19ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලත්‍රිකෝණවසූරියලිංගාශ්‍රිත රෝගජෛව විවිධත්වයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යවිදුලි බලාගාරසිංහල වෙදකමජසින්ඩා ආර්ඩන්ගේ ඉල්ලා අස්වීමගෝලීය ආර්ථීක අර්බුදකාර්මික විප්ලවයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කටොලමිගේ ලෝක සිතියමමොනරාපෘතුගීසි ලංකාවබැද්දේගම(නවකතාව)ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවක්ෂණික මෝචනයජලභීතිකාවශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයඔගස්ටස්සිංහල නිපාත පදශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඅනුරාධපුර රාජධානියඒඩ්ස්උපායශීලී සැලසුම්කරණයස්වභාවික වෘක්‍ෂලතාමාර්ටින් වික‍්‍රමසිංහහිරුමුඛ සංසර්ගයසිනෙ රූ උපසිරැසි (Cineru.lk)ඉන්ෆ්ලුවෙන්සාකොහාහෙන්රි ජයසේනබුධශ්‍රී ලංකාවේ ඉතිහාසයආර්ය අෂ්ඨාංගික මාර්ගයකළමනාකරණය🡆 More