තෙකලා විදුලි බලය

තෙකලා විදුලි බලය යනු, ප්‍රත්‍යාවර්තක-ධාරා විදුලි බලය ජනනය, සම්ප්‍රේෂණය, සහ බෙදාහැරීම සඳහා, සුලභ භාවිතයේ පවතින ක්‍රමයකි.

බහුකලා පද්ධතීන් අතුරින් එක් ආකාරයක් වන එය, විදුලි බලය විසුරුවා හැරීමට විදුලි ජාලක විසින් ලොවපුරා වඩාත් බහුල ලෙසින් භාවිතා වන ක්‍රමයයි. විශාල මෝටර් දහ අනෙකුත් විශාල බැර බල ගැන්වීමටද එය භාවිතා කෙරෙයි. එකම වෝල්ටීයතාවයක ක්‍රියාත්මක වන, සමතුල්‍ය එකලා හෝ දෙකලා පද්ධතියකට වඩා, තෙකලා පද්ධතියක් වඩාත් සකසුරුවම් සහිත වන්නේ, විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමට එය විසින් සන්නායක දුව්‍යය අඩුවෙන් භාවිතා කරන බැවිනි. 1880 ගණන් වල අග භාගයෙහිදී, තෙකලා පද්ධතිය ස්වායත්ත ලෙසින් සොයාගනු ලැබුවේ, ගැලීලියෝ ෆෙරාරිස්, මිකායෙල් ඩොලිවෝ-ඩොබ්රවෝල්ස්කයි සහ නිකොලා ටෙස්ලා විසිනි.

තෙකලා විදුලි බලය
208Y/120 වෝල්ට් සේවාව සඳහා සිව් කම්බි ප්‍රතිදානයක් සහිත තෙකලා පරිණාමකයක්: එක් කම්බියක් උදාසීන සම්බන්ධයටද, අනෙකුත් A, B සහ C කම්බි කලා සම්බන්ධයන්ටද වෙති
තෙකලා විදුලි බලය
තෙකලා විදුලි බල සම්ප්‍රේෂණය

විස්තර

තෙකලා පද්ධතියකදී, පරිපථ සන්නායක තුනක් විසින්, ප්‍රත්‍යාවර්තක ධාරා (එකම සංඛ්‍යාතයෙහි වන) තුනක් රැගෙන යනු ලබන අතර, ඒවායේ ක්ෂණික උපරි අගය හිමිකරගනුයේ, එක් චක්‍රයකින් තුනෙන් පංගුවක කාලයක් එකිනෙක අතර තබමිනි. එක් ධාරාවක් සමුද්දේශය ලෙසින් ගණිමින්, අනෙකුත් ධාරා දෙක සැලකූ කළ, ඒවා විද්‍යුත් ධාරාවෙහි එක් චක්‍රයක කාලයෙන් තුනෙන් එකක් හා තුනෙන් දෙකක කාලයකින් ප්‍රමාද වෙයි. කලාවන් අතර මෙම ප්‍රමාදය නිසා ධාරාවෙහි එක් චක්‍රයක් පුරාවට නියත ජවය සමර්පණය කිරීමට සහ විදුලි මෝටරයක භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක් ජනිත කිරීමටද හැකි වෙයි.

තෙකලා පද්ධතීන් වෙත උදාසීන කම්බියක් තිබිය හැක. තෙකලා පද්ධතියකට අධික වෝලටීයතාවයක් භාවිතා කරමින්ම, අඩු වෝල්ටීයතාවයක එකලා භාරයන්හට ජවය සැපයීමට මෙම උදාසීන කම්බිය නිසා හැකි වෙයි. අධි-වෝල්ටීයතා බෙදාහැරුම් අවස්ථාවලදී, උදාසීන කම්බිය නොමැතිවීම සාමාන්‍ය දෙයක් වන්නේ කලා අග්‍රයන් අතර භාරයන් සම්බන්ධ කළ හැකි බැවිනි (කලා අග්‍ර-කලා අග්‍ර සම්බන්ධතාවය).

විදුලි බල පද්ධතීන් සඳහා එය භාවිතා කිරීම අතිශයින් යෝග්‍ය කරවන ගුණාංග තෙකලා පද්ධතිය සතු වෙයි:

  • කලා අග්‍ර ධාරාවන් එකිනෙක අවලංගුවී යන බවක් පෙන්නුම් කරන අතර, රේඛීය සංතුලිත භාරයක අවස්ථාවෙහිදී ඒවායේ ඓක්‍යය ශුන්‍ය බවට පත් වෙයි. මෙය නිසා උදාසීන කම්බියේ හරස්කඩ ප්‍රමාණය අඩුකිරීමට හැකි වෙයි; සංතුලිත භාරයකදී සියළු කලා අග්‍ර සන්නායක විසින් එකම ධාරාව රැගෙන යන බැවින්, එම සන්නායකයන්හී හරස්කඩ ප්‍රමාණය එකම විය හැක.
  • රේඛීය සංතුලිත භාරයකට ජව සමර්පණය නියත වන අතර, එබැවින් ජනක සහ මෝටර් කම්පන අඩු කිරීමට හැකි වෙයි.
  • තෙකලා පද්ධතීන් විසින් කිසියම් දිශාවකට භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍ර නිපැයිය හැකි අතර, එය විසින් විදුලි මෝටර සැලසුම සරල කරවයි.

බොහෝ ගෘහස්ත භාරයන් එකලා වෙති. උතුරු ඇමරිකානු තනි-පවුල් නිවාස සඳහා, තෙකලා විදුලි බලය නිවෙස් වලට නොසැපයෙයි; බහු-ඒකක නිවාස කට්ටල සඳහා තෙකලා විදුලි බලය සැපයෙනු ඇති වුවද ගෘහස්ත උවාරණ සඳහා තෙකලා විදුලි බලය නොසැපයෙයි.

සටහන්

ආශ්‍රිත

Tags:

නිකොලා ටෙස්ලාවිදුලි මෝටරය

🔥 Trending searches on Wiki සිංහල:

කැලණියශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලඇල්බට්‍ අයින්ස්ටයින්ස්ටීවන් හෝකිංලෝ වැඩ සඟරාවඅළු කෑදැත්තාගබ්සාවආදිවාසීන්පෙර පාසල්සීගිරියවිධායක ඡනාධිපතිශ්‍රී ලංකාවේ සිනමාවගස්ලබුපළමුවන විජයබාහු රජසාමයලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියශ්‍රී ලංකාවේ කැටයම් කලාවමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිකළු වදුරාශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවධවල පත්‍රිකාවමහින්දාගමනයහින්දු ධර්මයප්‍රජාතන්ත්‍රවාදයවිදුලිය ජනනය කිරිමේ ක්‍රමවෙසක් උත්සවයනිල් අවරියශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවහබන් කුකුළාසඳකඩපහ‍ණේ විකාසනයකොළඹ විශ්වවිද්‍යාලයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරවැලිවිට සරණංකර හිමිමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිශ්‍රී ලංකාවේ ආදිවාසීන්සිංහල අක්ෂර මාලාවහරිතාගාර ආචරණයනීතියආරුමුග නාවලර්සිංහල පදකෘමියෝරක්‍ෂණයදානයදවුලමිනිත්තුඅපද්‍රව්‍ය කළමනාකරණයගෙම්බාහරිතාගාර වායුක්ෂුද්‍ර ජීවීන් සහ රෝගවෛද්‍යවරයාක්ෂණික මෝචනයජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයසිංහල සන්ධිසමාජයහෙද සේවයෙහි ඉතිහාසයසමාධි බුදු පිළිමයමෛත්‍රීපාල සිරිසේනසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයඑක්සත් රාජධානියභෞතික විද්‍යාවවිවාහයඅන්තර්ජාලයකමතශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයඇම්බැක්කේ දේවාලයමද්දුම බණ්ඩාරකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයබැක්ටීරියාආදරයපුරාවිද්‍යාවඩයි⁣නෝසරයන්අකුණුඅලෙවිකරණයසමනල කන්දඋඩරට ගිවිසුමකම්කරු දිනයපරිසර දූෂණය🡆 More