චීන-ශ්‍රී ලංකා සබඳතා

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාවය වර්ථමානය වන විට ඉතා ප්‍රශස්ත මට්ටමක පවතී.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කොළඹ නගරය තුලත්, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බෙයිජිං නගරය තුලත් පිහිටුවා ඇත.

චීන මහජන සමූහාණ්ඩුව - ශ්‍රී ලාංකික සබඳතා
Map indicating locations of චීනය and ශ්‍රී ලංකාව
චීන-ශ්‍රී ලංකා සබඳතා
චීනය
චීන-ශ්‍රී ලංකා සබඳතා
ශ්‍රී ලංකාව

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

මහජන චීන සමූහාණ්ඩුව නිල වශයෙන් පිළිගත් පලමු රටවල් ගොන්නට ශ්‍රී ලංකාවද අයත් වෙයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පුළුල් වීමට තවත් හේතුවක් වී තිබෙන්නේ රටවල ද්විත්වය අතර ඇතිකරගෙන තිබෙන්නා වූ විවිධ ගිවිසුම් හා එකඟතා නිසාවෙනි. චීනය විසින් ශ්‍රී ලංකාවට ආර්ථික, ආරක්ෂක සහ තාක්ෂණික සහයන් බහුලව පිරි නමයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා දැඩි වීම නිසා ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික මරමස්ථාන විය හැකි කලාප තුල යටිතල පහසුකම් නැංවීමත්, එම කලාප තුල දැවැන්ත ලෙස ආයෝජනය කිරීමත් චීනය විසින් බහුලව සිදු කරනු ලැබේ. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු කරන චීන ව්‍යාපෘති දැක්විය හැක. චීනය සහ ශ්‍රී ලංකාව නිතරම පාහේ සමීප ආරක්ෂක සහයෝගීතාවයක්ද පවත්වාගෙන යයි.

සංචාර

  • 2014 සැප්තැම්බර් 16 වන දිනදී චීන ජනපති ෂී ජිංපිං මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සිදු කිරීම සඳහා දිවයිනට පැමිණෙන ලදී.

මිතු දම

ශ්‍රී ලංකාව සහ චීනය අතර විවිධ පැතිකඩ ඔස්සේ විහිදුනු ගැඹුරු හා ස්ථාවර මිතු දමක් පවතියි. දෙපාර්ශවය අතර පවතින සමාන අදහස්, අනොන්‍ය සහයෝගීතාවයන් හා වීශ්වාසයන් මෙය තවත් තීව්‍ර කර තිබේ.

චීනය විසින් සෑම විටම පාහේ ඔවුන්ගේ කටයුතු වලදී ශ්‍රී ලංකාවෙන් පලවන අචල සහයෝගය පිළිබඳ සිය ප්‍රසාදය පල කරයි. එලෙසම ශ්‍රී ලංකාව පිළිබඳ කටයුතු වලදී චීනයද සෑම විටම ශ්‍රී ලංකාවට සහය පල කිරීමද වර්ථමානයේ කැපී පනෙන ලක්ෂණයක් වෙයි.

පරිත්‍යාග

1973 මැයි මස 17 කොළඹදී විවෘත කල බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට සිදු කල පරිත්‍යාගයකි.

ආර්ථික සබඳතා

2007 වර්ෂයේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ආයෝජන ප්‍රවර්ධන එකඟතා ගිවිසුමක් අත්සන් තැබිණි. ඒ අනූව ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික කලාප තුල චීන ආයෝජන සිදු වීමද වර්ථමානයේ සිදුවේ.

චීනයේ ප්‍රසිද්ධ සමාගමක් වන හුවාවෙයි ටෙක්නොලොජි (Huawei Technologies) ආයතනයද ශ්‍රී ලංකාවේ දැවැන්ත ලෙස ආයෝජන සිදු කරයි.

තවද චීනය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේදී සංචාරක ප්‍රවර්ධන ගිවිසුමක්ද අත්සන් තැබුණු අතර වර්ථමානයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයින් ප්‍රමාණයද ක්‍රමයෙන් වැඩි වෙමින් පවතියි. එසේම ආසියානු කලාපය තුල ශ්‍රී ලංකාවේ විශාලම ගණුදෙනුකරුද වන්නේද චීනයයි.

බලශක්තිය සංවර්ධනය

තෙල් නිධි ගවේෂණය සඳහා බිම් තීරයක් ශ්‍රී ලංකාව විසින් චීනයට මෑතකදී ලබා දුන් අතර චීනය විසින් ශ්‍රී ලංකාවේ ගල් අගුරු බලාගාරයක් පිහිටුවීමට පියවර ගන්නා ලදී.

යටිතල පහසුකම් සංවර්ධනය

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය නවීකරණය කිරීම සඳහා චීනය සිය තාක්ෂණික සහය ශ්‍රී ලංකාවට සැපයීය.

තවද චීන-ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් යටතේ හම්බන්තොට සංවර්ධන කලාපය තුල බහාලුම් වරායක්, ඉන්දන සැපයුම් පද්ධතියක්, තෙල් පිරිපහදුවක්, ජාත්‍යන්තර ගුවන් තොටුපලක් සහ අනෙකුත් පහසුකම් ඉදි කිරීම සිදුවෙයි. මෙම සමස්ථ ව්‍යාපෘති වෙනුවෙන් ඇඩො බිලියන 1 ක පමණ වියදමක් ඇස්තමේන්තු ගත කර ඇති අතර ඉන් 85% ක වැඩි බරක් චීනය විසින් උසුලනු ලබයි. මෙහි මූලික අදියරේ කටයුතු වසර 3 ක් ඇතුලත නිමකිරීමට අපේක්ෂා කරනු ලබන අතර සමස්ථ ව්‍යාපෘතිය වසර 10 ක් තුල නිම කිරීමට නියමිතය.

2013 අගෝස්තුවේදී චීන ආධාර යටතේ ඇඩො මිලියන 500 ක් පමණ වියදම් කොට තැනූ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයක්(CTCT) විවෘත කිරීම සිදු කරන ලදී.

ආරක්ෂක සබඳතා

ශ්‍රී ලංකාව වෙත ආයුධ හා ආධාර සපයන ප්‍රධාන ස්ථාවර රටක් ලෙස චීනය හදුනාගත හැකිය.

මේවාද බලන්න

මූලාශ්‍ර



Tags:

චීන-ශ්‍රී ලංකා සබඳතා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාචීන-ශ්‍රී ලංකා සබඳතා සංචාරචීන-ශ්‍රී ලංකා සබඳතා මිතු දමචීන-ශ්‍රී ලංකා සබඳතා ආර්ථික සබඳතාචීන-ශ්‍රී ලංකා සබඳතා ආරක්ෂක සබඳතාචීන-ශ්‍රී ලංකා සබඳතා මේවාද බලන්නචීන-ශ්‍රී ලංකා සබඳතා මූලාශ්‍රචීන-ශ්‍රී ලංකා සබඳතාකොළඹචීනයබෙයිජිංශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ක්‍රීඩාමහා මංගල සුත්‍රයදඹුල්ල රජමහා විහාරයදේවානම්පිය තිස්ස රජලෝක ආහාර අර්බුදයවිකිපීඩියාගෞතම බුදුරජාණන් වහන්සේස්ත්‍රී ස්වයං වින්දනයටී.බී. ජයාඵලදායී පාසලආතර් සී. ක්ලාක්ශ්‍රී ලංකාවේ වල් පැලැටිපණ්ඩුකාභය රජශ්‍රී ලංකාවේ දාගැබ්සිංහල ජනකවිවළි කුකුළාසිංහල හින්දු අලුත් අවුරුද්දසෙනසුරු ග්‍රහලොවG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසතර සෘධිපාදසාපේක්ෂතා වාදයචතුරාර්ය සත්‍යයකලා වැවශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයගිනි කඳුදිවාලිපොදු නීතියයුරෝපියානු සංගමයසංඝමිත්තා තෙරණියජපානයේ පරිපාලන කොට්ඨාසපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයසිනෙ රූ උපසිරැසි (Cineru.lk)මීකිරිධාතුසේන රජවිද්‍යාත්මක ක්‍රමයසැළලිහිණි සන්දේශයජපානයසීතාවක පළමුවන රාජසිංහ රජුභාෂාවඔක්සිජන්මුඛ සංසර්ගයපොදු රාජ්‍ය මණ්ඩලයශ්‍රී ලංකාවේ කම්කරු නීතියපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ පළාත් මල්එංගලන්තයවෙසක් උත්සවයනර්තනයසංස්කෘතියඔලිම්පික්සේවාදායක පරිගණකයනීතියපොළොන්නරුව වටදාගෙයමොනරානොබැඳි ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඅශෝක අධිරාජයාකටු අනෝදානොබෙල් ත්‍යාගයස්වාභාවික උපද්‍රවවිවාහ නීතිය - ශ්‍රී ලංකාකොහොඹශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්කොළඹ බස් මාර්ගවැදි ජනයාදියවැඩියාවෙහි රෝග ලක්ෂණසතර සතිපට්ඨානයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඇරිස්ටෝටල්ලේ ගැලීමසබරගමුව පළාත🡆 More