හම්බන්තොට

හම්බන්තොට ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි නගරයකි.

2004 සුනාමි ව්‍යසනයෙන්ද බැට කෑ මෙම දිස්ත්‍රික්කය කලක් ඌන සංවර්ධිත කලාපයක් සේ පැවැතුණි. නමුත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රාශියක් මෙම කලාපයේ ක්‍රිය නැංවීම නිසා වර්ථමාන ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණුවන නගර අතුරින් ප්‍රධාන නගරයක් ලෙස හම්බන්තොට හඳුනාගත හැක. ශ්‍රී ලංකාවේ කොළඹ නගරයෙන් පසු, දියුණු කරමින් පවතින ප්‍රධානම අනාගත වාණිජ නගරය වන්නේද මේ හම්බන්තොට නගරයයි.

හම්බන්තොට
Hambantota
නගරය
හම්බන්තොට පරිපාලන සංකීර්ණය.
හම්බන්තොට පරිපාලන සංකීර්ණය.
රටහම්බන්තොට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයහම්බන්තොට දිස්ත්‍රික්කය
උන්නතාංශය3 ft (1 m)
ජනගහණය(2001)
 • මුළු11,213
වේලා කලාප+05:30

ඉතිහාසය

අතීතයේ රුහුණ රට පැවැතියේ මෙම ප්‍රදේශ තුලයි. එකල මෙහි සියම, චීනය සහ ඉන්දුනීසියාව වැනි රටවලින් පැමිණි සංචාරකයින් හා වෙලෙන්දන් සිටි බවත් ස්වභාවික වරායක් වූ අම්බලන්තොට, ගොඩවාය තුල ඔවුන් නැංගුරම් ලූ බවත් සඳහන් වෙයි.

2004 සුනාමිය

2004 සුනාමිය හේතුවෙන් හම්බන්තොටට විශාල ජීවිත සංඛ්‍යාවක් සහ දේපල සංඛ්‍යාවක් අහිමි විය.

දේශගුණය

මාතර හා ගාල්ල යන නගර වලට වඩා ඉතා වියලි නගරයකි. හම්බන්තොට ප්‍රධාන වශයෙන් නිවර්ථන සහ වියලි කාලගුණයක් සහිත කලාපයක් වෙයි. මෙහි පැහැදිලිව හඳුනාගත හැකි වියලි ඍතුවක් නොමැති වූවත් ජනවාරි-මාර්තු සහ ජුනි-අගෝස්තු අතර කාල තුල වර්ෂාව අඩු බව දැකගත හැක. ඔක්තෝම්බර්-නොවැම්බර් කාලය වර්ෂාව සහිත වෙයි. සාමාන්‍යයෙන් වාර්ෂිකව මිලිමීටර 1050 ක පමණ වර්ෂාපතනයක් පතනය වෙයි.

හම්බන්තොට සඳහා කාලගුණ දත්ත
මාසය ජන පෙබ මාර් අප්‍රේ මැයි ජුනි ජූලි අගෝ සැප් ඔක් නොවැ දෙසැ වර්ෂය
වාර්තාගත ඉහළම උෂ්ණත්වය°C (°F) 32.4
(90.3)
33.2
(91.8)
33.4
(92.1)
34.2
(93.6)
34.8
(94.6)
36.1
(97)
35.5
(95.9)
35.5
(95.9)
34.7
(94.5)
34.6
(94.3)
32.4
(90.3)
32.7
(90.9)
36.1
(97)
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F) 29.8
(85.6)
30.2
(86.4)
30.9
(87.6)
31.2
(88.2)
30.7
(87.3)
30.3
(86.5)
30.6
(87.1)
30.1
(86.2)
29.9
(85.8)
30.1
(86.2)
29.9
(85.8)
29.6
(85.3)
30.28
(86.5)
දෙෙනික සාමාන්‍ය උෂ්ණත්වය °C (°F) 26.3
(79.3)
26.6
(79.9)
27.4
(81.3)
28.1
(82.6)
28.1
(82.6)
27.7
(81.9)
27.6
(81.7)
27.4
(81.3)
27.2
(81)
27.1
(80.8)
26.8
(80.2)
26.5
(79.7)
27.23
(81.03)
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F) 22.8
(73)
23.0
(73.4)
23.9
(75)
25.0
(77)
25.5
(77.9)
25.1
(77.2)
24.7
(76.5)
24.6
(76.3)
24.5
(76.1)
24.2
(75.6)
23.6
(74.5)
23.3
(73.9)
24.18
(75.53)
වාර්තාගත අවම උෂ්ණත්වය °C (°F) 19.1
(66.4)
19.2
(66.6)
20.5
(68.9)
21.6
(70.9)
21.7
(71.1)
22.1
(71.8)
22.0
(71.6)
21.8
(71.2)
21.6
(70.9)
21.9
(71.4)
20.6
(69.1)
19.1
(66.4)
19.1
(66.4)
වර්ෂාපතනය mm (inches) 58
(2.28)
47
(1.85)
66
(2.6)
95
(3.74)
89
(3.5)
59
(2.32)
48
(1.89)
55
(2.17)
71
(2.8)
151
(5.94)
188
(7.4)
118
(4.65)
1,045
(41.14)
මූලාශ්‍ර: NOAA (1961-1990)

ආර්ථික දායකත්වය

සිමෙන්ති ඇඹරුම් කර්මාන්තශාලාවක් හා පොහොර කම්හලක් හම්බන්තොට පිහිටුවා තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ වැඩිම ලුණු නිෂ්පාදනක් සහිත දිස්ත්‍රික්කයක් ලෙස හම්බන්තොට ප්‍රචලිතය.

සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය

හම්බන්තොට, සිරිබෝපුර ඉදිකල ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය 2013 අවසන් කාර්තුවේදී ජනතා අයිතියට පත් කෙරිණි.

සුලං බලාගාරය

ශ්‍රී ලංකාවේ පලමුව ඉදිකල සුලං බලාගාරය පිහිටා තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේයි.

වරාය

හම්බන්තොට 
හම්බන්තොට වරාය
හම්බන්තොට 
හම්බන්තොට වරාය කුළුණ

හම්බන්තොටට ජාත්‍යන්තර වරායක් මෑතකදී ඉදි කෙරිණි. එය අදියර 3කින් නිම කිරීමට අපේක්ෂිතය. පලමු අදියර ඇඩො මිලියන 360 ක වියදමින් 2010 දී නිමකෙරිණ. වරාය ආශ්‍රිතව විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීමටද නියමිතයි.

ඉන්දන සැපයුම් පහසුකම්: ටැංකි 14 ක් පවතී (තෙල් සඳහා 8, ගෑස් ඇතුළු අනෙකුත් ඉන්දන වෙනුවෙන් 6 යි)

ගුවන් තොටුපල

හම්බන්තොට 
හම්බන්තොට ගුවන් තොටුපල.

ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල වූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදි කොට ඇත්තේද හම්බන්තොට, මත්තල ප්‍රදේශයේ වේ.

ගමනාගමනය

හම්බන්තොට හා කොළඹ යා කරමින් A2 මාර්ගය ගාල්ල සහ මාතර අතරින් දිවෙයි.

මීට අමතරව මාතර සිට කතරගම දක්වා නව දුම්රිය මාර්ගයක් සෑදීමට පියවර ගනු ලැබිණ.

ක්‍රීඩා

ආසන 35 000 ක පමණ ධාරිතාවක් ඇති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, 2011 දී ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් විවෘත කරන ලදී. මේ සඳහා රුපියල මිලියන 900 ක් පමණ වැයවී ඇති බව සඳහන්ය. හම්බන්තොට නගරය, 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සත්කාරකත්වය සඳහා තරඟ වැදුනත් ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය හිමි කරගත් නිසා ශ්‍රී ලංකාවට එය අහිමිවිය. නමුත් 2017 ආසියානු තරුණ ක්‍රීඩා උළෙල සත්කාරකත්වය හිමි කර ගැනීමට හම්බන්තොටට හැකිවිය. කෙසේ නමුදු පසුව ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි විය.

සංචාරක ආකර්ෂණ

  • රන්මිණිතැන්න ටෙලිසිනමා ගම්මානය - නව ටෙලි-සිනමා ගම්මානයක් හම්බන්තොට රන්මිණිතැන්න දී ඉදි කෙරිණි.

සහෝදර නගර

Country City State / Region Since
හම්බන්තොට  චීනය හම්බන්තොට  Guangzhou හම්බන්තොට  Guangdong 2007

මේවාද බලන්න

හම්බන්තොට සුළං වාදුලි බලාගාර

භාහිර සබැදි

Tags:

හම්බන්තොට ඉතිහාසයහම්බන්තොට දේශගුණයහම්බන්තොට ආර්ථික දායකත්වයහම්බන්තොට සංචාරක ආකර්ෂණහම්බන්තොට මේවාද බලන්නහම්බන්තොට භාහිර සබැදිහම්බන්තොටකොළඹදකුණු පළාතශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

මල්ඇඳුම්ආගම්පොරොන්දම්අඹවිජය (පුවත්පත)මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියමහින්දාගමනයදෙවොල් මඩුවඉන්දුනීසියාවශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයපෘථිවියේ ජල ව්‍යාප්තියශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයරථවාහන පොලිසියකඩවතථේරවාද බුදු දහමආවර්තිතා වගුවමින්නේරිය වැවසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමJalani premadasaමහ ඔයදුරකථනයනායකත්වයබර්ගර් ජනයාබැක්ටීරියාචන්ද්‍ර ග්‍රහණයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවපාස්කු උත්සවයපණිභාරතජුදාස් ඉස්කාරි‍යොත්නෙළුම් කුළුණලූඩ්විග් වැන් බීතෝවන්අඳ ගොවි ක්‍රමය ප්‍රතිසංස්කරණබහරේන්පුවත්පත්බුදුගුණ අලංකාරයරුසියානු විප්ලවයසුදු කොඩි නඩුවශ්‍රී ලංකාවේ ආදිවාසීන්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවකමතරංජිත් සියඹලාපිටියආනන්ද කුමාරස්වාමිමයික්‍රොසොෆ්ට් එක්සෙල්ගල් විහාරයලෝවැඩ සඟරාවසමාජානුයෝජනයඋඩරට නැටුම්ලිංගික ඊර්ෂ්‍යාවසූර්ය ග්‍රහණමහාබලිපුරම් ස්මාරක සමූහයනෙළුම්බුද්ධ චරිතයඅප්‍රේල්නිශ්ශංක මල්ල රජමැක්ස් වෙබර්සමාධි බුදු පිළිමයකොලොන්නාව ඔයසීගිරියේ ඉතිහාසයසිංහල නාඩගම්නිදහස් දිනය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ රබර් වගාවජී‍.බී. සේනානායකචන්ද්‍ර කුමාර කඳනාරච්චිඅශෝක අධිරාජයාආදරයප්‍රභාසංශ්ලේෂණයශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවඑළාර රජප‍්‍රාථමික අධ්‍යාපනයටී.බී. ජයාකෝළම්🡆 More