ග්‍රීක ජනාධිපතිවරණය, 2014–15

කරලෝස් පපූලිස්ගේ අනුප්‍රාප්තිකයා ලෙසින් ග්‍රීසියේ ජනාධිපතිවරයා තෝරාගැනීමට, 2014 දෙසැම්බරයේදී සහ 2015 පෙබරවාරියේදී ග්‍රීසියේ වක්‍ර ජනාධිපතිවරණය පැවැත්විණි.

දෙසැම්බරයේ පැවති පළමු ඡන්ද වට තුනෙහිදී, හෙලනික පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අවශ්‍ය බහුතරය ලබා ගැනුමට එන්ඩීපීඒඑස්ඕකේ රජයේ අපේක්ෂකයාවූ, ස්ටව්රෝස් රීමස් අසමත් විය. ග්‍රීක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියෝග ප්‍රකාර, 2015 ජනවාරි 25 දිනදී හදිසි මැතිවරණ පවත්වන ලද අතර, අන්ත-වාමාංශික සිරිසා පක්ෂය විසින් එය ජයග්‍රහණය කෙරිණි. නව පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනුතුරුව, ජානාධිපතිවරණය යළි ඇරඹුනු අතර, 2015 පෙබරවාරි 18 දිනදී, සිරිසා-ඒඑන්ඊඑල් සභාග රජයේ සහය ලැබූ කෘතහස්ත එන්ඩී දේශපාලනඥ ප්‍රෝකෝපීස් පැව්ලාපූලෝස් විසින් ඡන්ද 233 ලබමින් තේරී පත් විය.

ග්‍රීක ජනාධිපතිවරණය, 2014–15
ග්‍රීසිය
← 2010 17, 23, 29 දෙසැම්බර් 2014 සහ 18 පෙබරවාරි 2015 2020 →
  ග්‍රීක ජනාධිපතිවරණය, 2014–15 150x150px ග්‍රීක ජනාධිපතිවරණය, 2014–15
පක්ෂය එන්ඩී එන්ඩී ස්වාධීන
සන්ධානය එන්ඩී හා පීඒඑස්ඕකේ එස්වයිආර්අයිඉසෙඩ්ඒ, එන්ඩී හා ANEL ද රිවර් හා පීඒඑස්ඕකේ

ජනාධිපති මැතිවරණයට පෙර

කරලෝස් පපූලිස්
පීඒඑස්ඕකේ

ජනාධිපති-තනතුරුලාභී

ප්‍රෝකෝපීස් පැව්ලාපූලෝස්
එන්ඩී

දිනය

අග්‍රාමාත්‍යය අන්දෝනීස් සමාරාස් සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍යය ඉවන්ගෙලූස් වෙනිසේලුස් විසින් (දෙසැම්බර් 9 දී) පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙතින් ඉල්ලා සිටියේ, ජනාධිපතිවරණය සඳහා ක්‍රමවේදය හැකිතරම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසටයි.

ජනාධිපතිවරණය, මාස කිහිපයකින් ඉදිරියට ගෙන එන ලද අතර, පළමු වටය දෙසැම්බර් 17 දිනදීද, දෙවැන්න දෙසැම්බර් 23 දිනදීද සහ තෙවැන්න දෙසැම්බර් 29 දිනදීද පැවැත්විණි. ජනාධිපතිධූරය සඳහා නිව් ඩිමොක්‍රසි දේශපාලනඥ ස්ටව්රෝස් රීමස්ගේ අපේක්ෂකත්වයට, පාලක නිව් ඩිමොක්‍රසි-–පීඒඕඑස්කේ සභාගයේ සහයෝගය හිමිවන බවට, 2014 දෙසැම්බර් 9 දිනදී, සමාරාස් ප්‍රකාශයට පත් කලේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන

ග්‍රීක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 32වන වගන්තිය ප්‍රකාර, වසර-පහක ධූර කාලයක් සඳහා හෙලනික පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත යුතු වන්නේ, තනතුරුධාරියාගේ නිල කාලය ඉකුත්වීමට අවම වහයෙන් එක් මසකට පෙර පැවැත්විය යුතු විශේෂ සැසියකදීය. පළමු සහ දෙවන වට සඳහා, 300-මන්ත්‍රී සංඛ්‍යාවකින් සැදි මණ්ඩලය වෙතින් 200 ක සුපිරිබහුතරයක් අවශ්‍ය වන අතර, තුන්වැන්නේදී මෙය 180 දක්වා පහත වැටෙයි.

තුන්වන ඡන්ද විමසීමෙහිදී හෝ තේරී-පත්වීම සිදු නොවුනහොත්, පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබ, දින දහයක් ඇතුලත හදිසි මැතිවරණයක් කැඳවනු ලැබේ. යළි රැස්වීමෙන් පසුව, නව පාර්ලිමේන්තුව විසින් උපරිම වශයෙන් තවත් ඡන්ද වට තුනක් පවත්වනු ලබන අතර, සතරවැන්නේදී අවශ්‍ය වන බහුතරය ඡන්ද 180 වන අතර පස්වන වටයෙහිදී ඡන්ද 151 ක සරල බහුතරයක් අවශ්‍ය වෙයි. සයවන හා අවසන් වටය තරග වදිනු ලබන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා අතර වන අතර තීරණය ගැනෙනුයේ සාපේක්ෂ බහුතරය සැලකිල්ලට ගැනීමෙනි.

ක්‍රමවේදය

පළමු වට තුන

දෙසැම්බර් 17 දින පැවැත්වුනු පළමුවන වටයෙහිදී, රීමස් හට ඡන්ද 160 ක් ලැබුණි, එනම්, එන්ඩී සහ පීඒඑස්ඕකේ වෙතින් ඡන්ද 155 ක් සහ ස්වාධීන මන්ත්‍රීවරුන් අතුරින් ඡන්ද පහක් වශයෙනි. මන්ත්‍රීවරුන් 135 දෙනෙක් සභාගැබට "පැමිණ සිටි" (නමුත් ඡන්දය දීමෙන් වැලකී සිටි) අතර මන්ත්‍රීවරුන් පස්දෙනෙක් නිවාඩු ගෙන හෝ සභාගැබෙහි අසුන් ගැනීමෙන් වැලකී හෝ සිටියහ.

දෙසැම්බර් 23 දින පැවැත්වුණු දෙවන ඡන්ද විමසීමෙහිදී, රීමාස් හට ඡන්ද 168 ක් ලැබුණි. මන්ත්‍රීවරුන් 131 දෙනෙක් සභාගැබට "පැමිණ සිටි" (නමුත් ඡන්දය දීමෙන් වැලකී සිටි) අතර එක් මන්ත්‍රීවරයෙක් නිවාඩු ගෙන හෝ සභාගැබෙහි අසුන් ගැනීමෙන් වැලකී හෝ සිටියහ. මෙම ඡන්ද වට දෙකෙහිදීම, තේරී පත්වීම සඳහා ඡන්ද 200 ක් ලැබීම අවශ්‍යව තිබුණි.

දෙසැම්බර් 29 දිනදී පැවැත්වුණු තුන්වන ඡන්ද විමසීමෙහි වටයෙහිදී, රීමාස් යළිත් ඡන්ද 168 ක් ලැබූ අතර, තෙවන වටයෙහිදී තේරී පත් වීමට අවශ්‍යව තිබූ පහළ හෙලන ලද ගණපූරණය වූ ඡන්ද 180 ලැබීමට ඔහු අසමත් විය.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම

අග්‍රාමාත්‍යය සමාරාස් විසින් ඉල්ලා සිටීමෙන් අනතුරුව, තනතුරුධාරී ජනාධිපති පපූලිස් විසින් දෙසැම්බර් 31 දිනදී ජනාධිපතිමය නියෝගයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විධිමත් ලෙසින් විසුරුවා හැරියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නියම කර ඇති පරිදීය. නව මැතිවරණය පැවැත්වීම, ජනවාරි 25 දිනදීද නව පාර්ලිමේන්තුව යළි-රැස්වීම 2015 පෙබරවාරි 5 දිනදීද සිදුවීමට නියම කර තිබුණි.

සිරිසා පක්ෂයේ ජයග්‍රහණයෙන් පසුව

ජනවාරි 26 දින මැතිවරණයේදී සිරිසා පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව, පෙබරවාරි 5 වන දිනදී නව පාර්ලිමේන්තුව සමාරම්භ කරන ලද අතර, ඊළඟ දිනයේදී එහි කතානායකවරයා සහ පරිපාලනමය විධායක සභාව තෝරා ගත් කර ගන්නා ලදි.

ආශ්‍රිත

Tags:

ග්‍රීක ජනාධිපතිවරණය, 2014–15 දිනයග්‍රීක ජනාධිපතිවරණය, 2014–15 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනග්‍රීක ජනාධිපතිවරණය, 2014–15 ක්‍රමවේදයග්‍රීක ජනාධිපතිවරණය, 2014–15 ආශ්‍රිතග්‍රීක ජනාධිපතිවරණය, 2014–15ග්‍රීසියග්‍රීසියේ ජනාධිපතිවරයානිව් ඩිමොක්‍රසි (ග්‍රීසිය)ප්‍රෝකෝපීස් පැව්ලාපූලෝස්පීඒඑස්ඕකේ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියඅඟහරු ග්‍රහලොවරොඩීයු‍රේනස්තුන් සිංහලේබ්‍රිතාන්‍ය ලංකාවශ්‍රී ලංකාවේ මැණික්ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්යෝගනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ඒ.ටී. ආරියරත්නඉස්ලාම්මහින්දාගමනයසීගිරියේ ඉතිහාසයමර්සලින් ජයකොඩිජලයනාගදීප පුරාණ විහාරයමහාද්වීපදඹදෙණිය යුගයපණිභාරතක්‍ෂීරපායි සත්තුමුඛ සංසර්ගයඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)දේශපාලන විද්‍යාවවළි කුකුළාශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයරණසිංහ ප්‍රේමදාසශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවපළමුවන විජයබාහු රජකෘමියෝසාගර විද්‍යාවත්‍රිකුණාමලයකොහොඹජන කවිමිරිසවැටියඋපායමාර්ගික කළමනාකරණයඅවුකන බුදු පිළිමයගූගල්සුනාමිඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යආදරයශ්‍රී ලංකාවේ පළාත්උපත් පාලන කොපුපැපොලබුද්ධ චරිතයධර්ම සංගායනාචාල්ස් ඩාවින්කෘෂිකර්මයතිසා වැවනුවරඑළියවේවැල්කැටිය සෙල් ලිපියමහනුවර පාසල් නාමාවලියයුරෝපය‍දේශගුණික විපර්යාසඡායාරූප ශිල්පීජපානයේ දේශපාලන ආර්ථිකයගුවන්විදුලියකුසල් සහ අකුසල්වන්නම්ඊජිප්තුවඡායාරූපයසාක්‍ෂිSLS ප්‍රමිති ලැයිස්තුවශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසේනක බිබිලේදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමචෛත්‍යනන්දා මාලනීශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවකලා වැවජන සන්නිවේදනයගුණ කිරීමේ වගුවකොළඹස්නායු පද්ධතියසිරිමාවෝ බණ්ඩාරනායකදැන්වීම්කරණයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)🡆 More