කොස් කල්තබා ගැනීම

කොස් ගස ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවෙ ජන ජීවිතය හා සැබැදි ශාකයකි.

පනා,හෙරලි වැනි අපූර්වතම නම් වලින් හැදින්වෙන කොස් ගස පැරැන්නෝ බත් ගස ලෙසද හැදින්වීය. ආටොකොපස් හෙටරො‍ ෆිලස් (Artocarpus Beterophyllus)යන උද්භිද විද්ය්‍යාත්මක නමින් හදුන්වන කොස් ගස මොයේෂියේ කූලයට අයත් ද්වී බීජ පත්‍රී ශාකයකි කොස්වල ප්‍රධාන සංඝඨකය වන්නේ කාබෝහයිඩ්‍රේට්ය මීට අමතරව ‍‍ප්‍රෝටීන,ඛනිජ ලවණ හා විටමින් වර්ගද එහි අඩංගු වේ.

කොස් ඵලයෙහි විශේෂත්වය වන්නේ ළපටි අවස්ථාටවි සිට ‍ෙමිරැ අවස්ථාව දක්වා ඔනෑම අවස්ථාවකදී ආහාරයට ගත හැකි වීමයි.කොස් ඵළය ඉදීමෙන් පසු මිහිරි පළතුරකි.කොස් ආහාරයට ගැනීමේදී එළවලුවක් හා පළතුරක් පමනක් නොව එය බත් වෙනුවට ආදේශ කළ හැකි ප්‍රධානතම ආහාරයයි.

ශ්‍රී ලංකාවෙ කොස් කල්තබා ගැනීම

අතිතයේදි ශ්‍රී ලංකාවෙ ග්‍රාමීය ප්‍රදේශ වල ගෘහනියන් විසින් අවාරයේදි පරිභෝජනයට ගැනිම සදහා

  • වැලි කොස්
  • අටු කොස්
  • අටු කොස් ඇට

වශයෙන් කොස් කල්තබා ගත් අතර වැල වරකා පලතුරක් ලෙස කල් තබා‍ගෙන පරිභොජනය කලහ. රසය ගුණය පෝෂනයට හානි නෙවෙන සේ කොස් කල් තබා ගැනිම සදහා භාවිත කළ ක්‍රමවේද වර්තමානයේ රසායනික ද්‍රව්‍ය යෙදා සෞඛ්‍යයට අහිතකර ක්‍රමවේද වලට වඩා බෙහෙවින් අගය කළ යුතුය

කොස් මදුළු

කොස් මදුළු කල් තබා ගැනීමේ දී අටු කොස් මදුළු ලෙස කල් තබා ගැනීම සිදු කල හැකි ය.

  • අටු කොස් මදුළු ක්‍රම දෙකකට සකසා ගත හැකි ය.
  • අටු කොස් මදුළු සැකසීමේ දී පැසුණ කොස් මදුළු ගෙන එහි ඇට ඉවත් කර ගත යුතු ය.
  • සිහින් ව ඉරා ගත් මදුළු උණු කරන ලද ජලයට දමා බාගෙට තම්බා ගැනීමෙන් පසු අව්වේ දමා දින කිහිපයක් තද හිරු රශ්මියෙන් වේලා ගත යුතු ය.
  • ඉන් පසු භාජනයකට දමා වාතය ඇතුළු නොවන සේ අසුරා මාස කිහිපයක ට පසු ඇට කොස් මැල්ලුම් ලෙස සකස් කර ගත හැකි ය.

කොස් සිවිඩි

මෙම ක්‍රම වලට අමතරව අපතේ හරින කොස් සිවිඩි පවා කදිම ආහාරයක් ලෙස කල් තබා ගැනීමට පැරැන්නෝ සමත් වූහ. අපතේ හරින කොස් සිවිඩි ගෙන නටන වතුරේ දමා තම්බා ගත යුතු ය.ඉන් පසු හොදින් අවුවේ තබා හොදින් තෙතමනය ඉවත් වෙන පරිදි වේලා ගනී. කල් තබා ගැනීම සදහා හොදින් භාජනයක අසුරා වාතය ඇතුළු නොවන සේ වසා තබයි.කොස් අවාරයේ දී එම වේලා ගත් සිවිඩි තෙම්පරාදුවක් ලෙස සකසා ගනී.

මූලාශ්‍ර

ගොවිබිමට අරුණලු (ජාතික රූපවාහිනී සේවය මගින් විකාශිත රූපවාහිනී වැඩසටහන)

Tags:

කොස් කල්තබා ගැනීම ශ්‍රී ලංකාවෙ කොස් කල්තබා ගැනීම මූලාශ්‍රකොස් කල්තබා ගැනීමකොස්

🔥 Trending searches on Wiki සිංහල:

භූචලනසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්සංස්කෘතියකාව්‍යයේ මුඛ්‍යාංගක්‍රිස්තියානි ආගමමහ වැව් නාමාවලියරාවණා ඇල්ලලිංගික සංසර්ගයශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයසොලොස්මස්ථානසිඟාලෝවාද සූත්‍රයරාහුල විද්‍යාලයඇරිස්ටෝටල්අනගාරික ධර්මපාලඉස්ලාම්අයිසැක් නිව්ටන්නාගරීකරණය - ශ්‍රී ලංකාපදාර්ථයබුද්ධාගමමිශ්‍ර සිංහල හෝඩියගාලු කොටුවසිකුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ සිවිල් නීතියමොනරාත්‍රිශික්‍ෂාශ්‍රී වික්‍රම රාජසිංහ රජපුනරුදයපසළොස්වක පොහොය දොළහපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයපටිච්චසමුප්පාදයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවමුඛ සංසර්ගයසරම්පඅඹපන්සල් වචනකළුතරසතර අපායඑයාර්ටෙල් (ශ්‍රී ලංකාව)ඇම්බැක්කේ දේවාලයලෝකයේ රටවල්උපායමාර්ගික කළමනාකරණයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයසිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයලසිත් මාලිංගපණ්ඩුකාභය රජහෙළ ගණන් ක්‍රමයවන්නම්චෛත්‍යපොල්පංච කල්‍යාණගල් විහාරයගූගල්මධ්‍යම සැකසුම් ඒකකයකඩවතපෘථිවියෙහි භ්‍රමණයපර්යේෂණආගම්නව යොවුන්වියඇල්බට්‍ අයින්ස්ටයින්බුලත්ඉතිහාසයසිංහල අක්ෂර මාලාවසිබිල් වෙත්තසිංහශ්‍රී ලංකාවේ ජාතික සංකේතනර්තනයආදරයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගමද්දුම බණ්ඩාරඕස්ට්‍රේලියාවමිනිස් ඇසසිංහල වෙදකමශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්රූපවාහිනියශ්‍රී ලංකාවේ ආගමික පසුබිමබුද්ධඝෝෂ හිමිමන්නාරම බයෝබැබ් ගස🡆 More