2018 අන්තර් කොරියානු සමුළුව

2018 අන්තර්-කොරියානු සමුළුව (ද.කොරියා: 2018년 남북정상회담, උ.කොරියා: 2018년 북남수뇌상봉) 2018 වසරේ බක්මස 27වන දින දකුණු කොරියානු ජනපති මූන් ජෑ-ඉන් හා උතුරු කොරියානු ශ්‍රමික පක්‍ෂයේ සබනයු කිම් ජොං උන් අතර දකුණු කොරියාවේ සමූහාරක්‍ෂක කලාපයේ දී පැවැත්වුණි. එය දෙවැන්නෙන් අවුරුදු 11කට පසුව පවත්වනු ලැබූ තෙවන අන්තර් කොරියානු සමුළුව විය.

1953හි කොරියන් යුද්ධයෙන් පසු උතුරු කොරියානු නායකයෙක් විසින් දකුණු කොරියාවට පය තැබූ පළමු අවස්ථාව ද මෙය විය; ජනපති මුන් ද ස්වල්ප වේලාවකට උතුරට පා තැබුවේ ය.

2018 අන්තර් කොරියානු සමුළුව
දකුණු කොරියානු නාමය
හංගුල්2018년 남북정상회담
හන්ජා2018年 南北頂上會談
උතුරු කොරියානු නාමය
හංගුල්2018년 북남수뇌상봉
හන්ජා2018年 北南首腦相逢
2018 අන්තර් කොරියානු සමුළුව
කිම් හා මූන් අතට අත දී ආචාර කිරීම.

න්‍යායපත්‍රය

දෙකොරියාවන්වල උසස් රාජ්‍ය නිලධාරීහු 2018 බක්මස 4දා රාජකාරී මට්ටමේ රැස්වීමක් සාම මැඳුරේ දී සමුළු විස්තර සාකච්ඡාව සඳහා කැඳවන ලද්දහ. සමුළු න්‍යායපත්‍රය වින්‍යශ්ටිකකරණය, සාමය තහවුරු කිරීම හා දෙරටේම වාසයි තකා අන්තර් කොරියානු සබඳතා ගොඩනැංවීම ඇතුළත් කොට සැලසුම් විය. රා.නො.සං 200කට අධික සංඛ්‍යාවක් මානව හිමිකම් කඩවීම් පිළිබඳව උතුර සහ පැහැරගත් පුරවැසියන් පිළිබඳව ජපන් අගැමති ෂිංඦෝ අබෙ ද ඇතුළත් කිරීම යෝජනා කළ ද ඒවා ඇතුළත් නො වුණි.

හමුව

2018 අන්තර් කොරියානු සමුළුව 
අතට අත දෙන කිම් ජොං-උන් හා මුන් ජෑ-ඉන්
2018 අන්තර් කොරියානු සමුළුව 
දකුණු කොරියානු ගෞරව මුර කණ්ඩායම් පිරික්සමින්
2018 අන්තර් කොරියානු සමුළුව 
සාම මැඳුර තුළ සාකච්ඡා කිරීම්

ද.කොරියාවෙන් යෝජනා කළ ස්ථාන අතුරින් ද.කොරියාවේ පන්මුන්ජොම් හවුල් ආරක්ෂක පෙදෙසේ පිහිටා ඇති සාම මැඳුර උතුර මඟින් සමුළු පිහිටුම ලෙස පිළිගන්නා ලදී.

සාකච්ඡාවලට අමතර ව, දෙරට නායකයින් විසින් දෙරටේ ම පස් හා ජලය යොදා ගනිමින් රුක් රෝපණෝත්සවයක් හා භෝජනෝත්සවයක් ද පවත්වන ලදී. හමුවේ මෙම වසර සංකේතවත් කිරීමට යොදාගත්  මිලිමීටර 2018ක් වන බිජුයුරු රැස්වීම් මේසය මෙන්ම රැස්වීමේ බොහෝ කරුණු අතිශය සංකේතාත්මක විය.

පැමිණි අන් අය

දෙනායකයන් සිය භාර්යාවන් වන කිම් ජුං-සුක් හා රි සොල්-ජු කැටුව සහභාගී වූ අතර තවත් සීමිත පිරිසකගේ සහභාගිත්වය ද දක්නට ලැබුණි:

මේවාත් බලන්න

  • 2017–18 North Korea crisis
  • 2018 North Korea–United States summit
  • Kim Jong-un and Xi Jinping's meeting
  • Korean reunification
  • North Korea–South Korea relations

References

Tags:

2018 අන්තර් කොරියානු සමුළුව න්‍යායපත්‍රය2018 අන්තර් කොරියානු සමුළුව හමුව2018 අන්තර් කොරියානු සමුළුව මේවාත් බලන්න2018 අන්තර් කොරියානු සමුළුවකිම් ජොං අංකොරියන් යුද්ධය

🔥 Trending searches on Wiki සිංහල:

මහාද්වීපගිරවුතෙරේසා මවුතුමියවන්නම්මිරිසවැටියදැල්පන්දුකමතත්‍රිවිද්‍යාබැක්ටීරියායෝනි මුඛයස්වභාවික පරිසරයසූත්‍ර පිටකයමූලද්‍රව්‍ය ලැයිස්තුවවායු දූෂණයවෛද්‍යවරයාමහත්මා ගාන්ධිපංච උපාදානස්කන්ධලිංගික අප්‍රාණිකත්වයසාරිපුත්ත රහතන්වහන්සේශ්‍රී ලංකා ජාතික කොඩියබලයධවල පත්‍රිකාවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඑස්‌. මහින්ද හිමිත්‍රිකුණාමලයතිරසාර සංවර්ධනයලිංගාශ්‍රිත රෝගනීතියදෙහිවල ජාතික සත්වෝද්‍යානයමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවපාසල් උපදේශකමරණ දණ්ඩනයඅධ්‍යාපන මනෝ විද්‍යාවබෞද්ධ දිනදසුනමනමේගෞතම බුදුරජාණන් වහන්සේසතර සංග්‍රහ වස්තුශ්‍රී ලංකාවේ සංස්කෘතියමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියඅටමස්ථානමාරි කියුරිසිංහල ව්‍යාකරණමාඕ සේතුංවෘත්තයඋණහෝමෝ ඉරෙක්ටස්ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුකෘෂි කර්මාන්තයසාදික්කාපරිගණක ජාලසංජානනයමානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුවෙසක් උත්සවයශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවජේතවනාරාමය, අනුරාධපුරජර්මනියපරිගණක මෙහෙයුම් පද්ධතිඅභිප්‍රේරණයපාලිත තෙවරප්පෙරුමසර්ගම් ගීතස්වයං වින්දනයලෝක සෞඛ්‍ය සංවිධානයහස්තරේඛා ශාස්ත්‍රයපෘථිවියේ ජල ව්‍යාප්තියඑක්සත් ජාතීන්ගේ සංවිධානයජලයමාලදිවයිනයුනෙස්කෝනව නළු රසජාත්‍යන්තර අපරාධ අධිකරණයතල් ශාකයස්ටීවන් හෝකිංශ්‍රී මහා බෝධිය, අනුරාධපුරදිවාලි🡆 More