සිංහල අලුත් අවුරුද්ද

සිංහල අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ දී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි.

එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයින් පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයින් ද සමරනු ලැබේ. දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළ මෙම නව අවුරුදු සැමරුම සිංහල ජාතිකයින් ද එකම කාල වකවානුවක දී සමරති. මෙම උත්සවයට දෙමළ අලුත් අවුරුද්ද, තායි අලුත් අවුරුද්ද, බෙංගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕ අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිංග්යන් හා ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද උත්සවය ආදී උත්සව සමඟ සමීප සබඳතාවක් ඇත. එදින ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයකි. එය සාමාන්‍යයෙන් අප්‍රියෙල් මස 13 වන දින හෝ 14 දින සමරනු ලැබේ.

සිංහල අළුත් අවුරුද්ද
Official nameඅළුත් අවුරුද්ද
Observed byලොව පුරා සිංහල ජනයා
Typeසංස්කෘතික උත්සව
Celebrationsක්‍රීඩා, පවුලේ සැම එක්වීම, එක්ව ආහාර අනුභවය, නෑගම් යෑම, යැදුම්
Observancesසූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ නැකත
අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම
Dateබක් මස ඇති නක්ෂත්‍ර දිනයකි.
Frequencyවාර්ෂික
Related toහිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සව

සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දී නව වසර උදාවෙයි. එයින් අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම ද සිදු කෙරේ. තවද ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීම සිංහල අවුරුද්ද ලෙස සැලකෙන මතයක්ද තිබේ.

නැකතට සිදුකරන අලුත් අවුරුදු සිරිත්

  • අලුත් අවුරුදු උදාව
  • නව සඳ බැලීම
  • පරණ අවුරුද්දේ අවසන් ස්නානය
  • කෑම පිසීම
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම
  • හිස තෙල් ගෑම
  • රැකියාවට පිටත්වීම
  • අවුරුදු උත්සවය පැවැත්වීම

සිංහල සහ දමිළ ජනතාව අතර ආහාර වර්ගවල, සිරිත්වල සුලු සුලු වෙනස්කම් තිබුණත් බොහෝ කලක සිට ජාතීන් දෙක එකට අලුත් අවුරුද්ද සමරා තිබේ.[තහවුරු කර නොමැත] දහතුන දාහතර පමණක් නොව ඇතැම් අවස්ථාවල දොළහ දහතුන මෙන්ම එකොළහ දොළහ වැටුණු ස්ථානද ඇත එහිදී නොනගතය පෙරටත් අවුරුදු පසුවටත් යෙදෙයි.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

Tags:

කාම්බෝජ අලුත් අවුරුද්දපුත්තාණ්ඩුලාඕ අලුත් අවුරුද්දශ්‍රී ලංකාවශ්‍රී ලාංකික ජනයාසිංහල ජනයාසොංක්‍රන් (තායිලන්තය)

🔥 Trending searches on Wiki සිංහල:

ප්ලීහාවමහාසේන රජදේවානම්පිය තිස්ස රජආගම්වැදි භාෂාවතොරතුරු තාක්‍ෂණයනුවරඑළියකාවන්තිස්ස රජකාබනික ගොවිතැන්කරණයචර්යා විද්‍යාවජල දූෂණයසීගිරි ගීගුණ කිරීමේ වගුවඋකුස්සාසුදු බිංදුමසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාතුලනාත්මක දේශපාලනයවිවිධ ආකාරයේ කෝණචාල්ස් බැබේජ්දීපවංශයබෝධි ඝරකමතශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමඩොල් දූවඅර්ථයක්‍රිස්තියානි ආගමපළමුවන විමලධර්මසූරිය රජයාපහුව බලකොටුවවිජයබා කොල්ලයකුවේණි කුමරියමාර්ටින් වික‍්‍රමසිංහකොහාවෘත්තීය අධ්‍යාපනයමාලදිවයිනදියවැඩියාවෙහි රෝග ලක්ෂණසංවර්ධිත රටවල්2024 ගිම්හාන ඔලිම්පික්සඳකඩපහ‍ණේ විකාසනයනිල් මානෙල්දිමුත් කරුණාරත්නචෛත්‍යසිංහල හෝඩිමැතිවරණයවාරියපොල ශ්‍රී සුමංගල හිමිශ්‍රී ලංකා කොටියාශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අඩී.එස්. සේනානායකගුරුවරුන්ගේ දිනයකාල් මාක්ස්ලක්දිව දේශීය ආහාරමය අල වර්ගමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකවන්නම්දරු නැලවිලි ගීආණමඩුව තෝනිගල සෙල් ලිපියකොට්ටම්බාගෞතම බුදුරජාණන් වහන්සේපළමුවන පරාක්‍රමබාහු රජපොළොන්නරුව පෞරාණික නගරයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවිර පුරන් අප්පුඅවුරුදු කුමරිය තේරීමතිස්සමහාරාමයජලගැල්මඅභිප්‍රේරණයජේතවනාරාමය, අනුරාධපුරක්‍රි.ව.1818 පළමු නිදහස් සටනබසවක්කුලම වැවග්‍රාම නිලධාරීකම්කරු නීතියපංච නීවරණසොලොස්මස්ථානස්වයං වින්දනයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිජල චක්‍රයකෝළම්සිංහල අකාරාදි අනුපිලිවෙලදෙවන පරාක්‍රමබාහු රජධර්ම සංගායනා🡆 More