පුත්තාණ්ඩු

දෙමළ (දෙමළ:  புத்தாண்டு) (අලුත් pudhu + අවුරුද්ද aandu = Puththandu) දෙමළ ජනතාව විශ්වාස කරන ආකාරයට අලුත් අවුරුද්දේ පළමු දවසයි.

මෙය වර්තමානයේ අප්‍රියෙල් 12,13,14 (වසරින් වසර වෙනස් වේ) දිනවලින් එකකි. මෙම අලුත් අවුරුදු දිනය තමිල්නාඩු, කේරළ. පොන්ඩිවෙනි ආදි ඉන්දීය ප්‍රාන්තවල මෙන්ම, මැලේසියාව,සිංගප්පුරුව හා ශ්‍රි ලංකාව වැනි රටවල වෙසෙන දෙමළ ජනතාව මෙම අවුරුද්ද සමරති. මෙහිදි දෙමළ ජනතාව විසින් එකිනෙකාට සුභාශිසන පිරිනැමිමද සිදුකෙරේ.

පුත්තාණ්ඩු
Observed byදෙමළ ජනයා / ඉන්දියානුවන්
TypeFestival, තමිල්නාඩු, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මුරුසිය, මැලේසියාව
SignificanceTamil New Year,
CelebrationsFeasting, gift-giving, visiting homes
DateFirst day of Chitterai in the Tamil calendar
2023 dateසැකිල්ල:Infobox holiday/date
2024 dateසැකිල්ල:Infobox holiday/date
2025 dateසැකිල්ල:Infobox holiday/date
2026 dateසැකිල්ල:Infobox holiday/date

අප රටේ සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාව ද එකම දිනයේ සමරනු ලැබුව ද හින්දු චාරිත්‍ර වාරිත්‍ර හා විශ්වාසයන් පිළිබඳ සළකා බැලීමේදී පෙනී යන්නේ අප රටින් බැහැර සමස්ථ ලෝකය පුරා විසිරී සිටින දෙමළ ජනතාව මෙය සැමරීමේදී යම් යම් වෙනස්කම් ඇති බවය. අප රටේ සිංහල ජනතාවට හා දෙමළ ජනතාවට අලුත් අවුරුදු දිනය සැමරිය යුතු දිනය නියම කරන්නේ නැකැත් කමිටුව වුව ද තමිල්නාඩුවේ සහ සෙසු රටවල සිටින දෙමළ ජනතාවට මෙය සැමරීම සඳහා නිශ්චිත දිනයක් පවතී. ඔවුන් එය සමරන්නේ අප්‍රේල් 14 වැනිදාය. මෙම අලුත් අවුරුදු දිනය තමිල්නාඩු, කේරළ, පොන්ඩිවෙනි ආදි ඉන්දිය මලයාසියාව, සිංගප්පුරුව හා ශ්‍රි ලංකාව වැනි රටවල වෙසෙන දෙමල සම්භවයක් ඇති ජනතාව සමරයි.

නිරායන ජ්‍යෝතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ අප්‍රේල් 14 වැනිදාය. ජාත්‍යන්තර දෙමළ දිනදර්ශනයේ හා තමිල්නාඩු දිනදර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරායන මේෂ සංක්‍රාන්තිය ගණනය කරනු ලබයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්‍රාන්තියයි. සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීමය. මෙය අප්‍රේල් 12 - 14 දක්වා වූ දින තුන අතර පවතී. සිංහල ජනතාව අලුත් අවුරුදු උත්සවයේ විවිධ අංග දින කිහිපයක් තිස්සේම පවත්වනු ලැබුව ද දෙමළ ජනතාව මෙය එක් දිනක් තුළ අවසන් කරති.

සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ අප්‍රේල් ය. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‛සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද මෙම මාසයේදීය. මෙම මාසය දෙමළ බසින් ‛පුත්තන්ඩු’, ‛වරුද පයිරප්පු’ හෝ ‛චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ‛පුත්තන්ඩු වාස්තුකල්’හෝ ‛ඉනිය තමිල් පුත්තන්ඩු නල්ලවාස්තුක්කල්’ යැයි පවසමින් දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී එකිනෙකාට සුබ පතති. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපුර්, මිතිලා, ඔඩිෂා, ත්‍රිපුර ආදී ප්‍රාන්තවලද මෙම දිනයේ අලුත් අවුරුද්ද සැමරේ. සිංහල ජනතාව අලුත් අවුරුද්ද සැමරීමේදී ජ්‍යෝතිෂ සිද්ධාන්ත අකුරටම පිළිපදිති. එබැවින් මෙය ‛නැකැත් කෙළිය’ නමින් ද හඳුන්වනු ලැබේ. දෙමළ ජනතාව අතර ද මෙහි වෙනසක් නැත. දෙමළ ජනතාව අතර අතීතයේ සිට පැවති සිරිතක් වන්නේ අලුත් අවුරුදු දිනයේදී පවුලේ වැඩිහිටියකු හෝ නැකැත්කරුවකු විසින් ඉදිරි මාස 12 සඳහා සිය පවුලට අයත් පලාපල කථනයක් සිදුකිරීමය.


අලුත් අවුරුදු දිනයේ අලුයමින් අවදිවන දෙමළ පවුලක මාතාව පවුලේ සාමාජිකයන්ගේ දෑස් වසා සුබ දසුනක් ඇති ස්ථානයකට රැගෙන යාම සිදුකරනු ලබයි. ඒ බොහෝ විට නිවසේ ඇති දේව ප්‍රතිමාවන් වේ. ඊට අමතරව රන් ආභරණ, පලතුරු ආදිය ද පෙන්වනු ලබයි. කැඩපතකින් මුහුණ පෙන්වීමෙන් ද සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි.


මේ දිනයේදී දෙමළ නිවෙස්වලට ඇතුළුවන දොරටුව අසළ කාන්තාවන් විසින් ‛කෝලම්’ හෝ ‛රන්ගෝලි’ නමින් හඳුන්වනු ලබන වර්ණවත් රටාවලින් අලංකාර කරනු ලබයි. මෙම කෝලම් රටාවලට මැදින් ‛කුට්ටු විළක්කු’ නම් පහනක් තබනු ලබයි. ‛කන්නි’ නමින් හඳුන්වනු ලබන චාරිත්‍රයක් සිදුකිරීම ද මෙම දිනයේ දක්නට ලැබෙන්නකි. ‛කන්නි’ යන්නෙහි අරුත් වන්නේ ‛සුබ දසුන’ වැන්නකි. ඔවුන් මේ අවස්ථාවේදී රන් ආභරණ, පලතුරු, එළවලු, මල්, සහල් ආදිය දෙස බලති. එයින් සෞභාග්‍යය උදාවෙතැයි ඔවුහු විශ්වාස කරති. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවෙස් දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්වා තැබේ. ඒවායෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යයයි. බොහෝ දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. ආහාර තැබීමේදී ඒ අසළින් කොහොඹ අතු තැබීම, නිවෙස් සැරසීම සඳහා ඒවා යොදාගැනීම ආදිය දක්නට ලැබේ. කොහොඹවල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද සමග මුසුකරගැනීම මගින් ජීවිතවල යම්කිසි යථාර්ථවාදී බවක් ද දෙමළ ජනතාව අපේක්ෂා කරති. දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී ලක්ෂ්මී දෙවඟනට සහ ගණ දෙවියන්ට විශේෂයෙන් වැඳුම් පිදුම් කරති.


ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අලුත් අවුරුද්දේ ‛කාසි-විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් සිදුකරනු ලබයි. මෙය බොහෝ විට සිදුකෙරෙන්න්ෙ අවිවාහක තරුණ තරුණයින්, විශේෂයෙන් කුඩා දරුවන් සමග වන අතර එයින් බලාපොරොත්තුවන්නේ වාසනාවන්ත බවයි. එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස්පිඩැල්ලක් කැපීම සිදු කරයි. මෙය ‛ආර්පුඩු’ නමින් හැඳින්වේ. සිංහල ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ද පුණ්‍ය කාලයක් තිබේ. එය ‛පුණ්‍ය කාලම්’ නම් වේ. එමෙන්ම දෙමළ ජනතාව ඖෂධ මිශ්‍ර ‛මරුති - නියර්’ නමින් හැඳින්වෙන ස්නානයක් සිදුකරයි. එයින් සෞඛ්‍ය සම්පන්න බව බලාපොරොත්තු වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මුස්ලිම්මුඛ සංසර්ගයගිබ්ස් ශක්තියකලා වැවලංකාවේ කලපුශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිබුද්ධි ගලනයනිල් මානෙල්බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයලිංගික සංසර්ගික ඉරියව්අකුණුඋතුරු පළාත, ශ්‍රී ලංකාවමහාවංශයආතර් වී. දියෙස්අධ්‍යාපන මනෝ විද්‍යාවආනන්ද කුමාරස්වාමිඋසස් බාලිකා විදුහල, මහනුවරසිංහල න-ණ ල-ළ බේදයපෙරහැර - ශ්‍රී ලංකාඊශ්‍රායලයශ්‍රී ලංකාවේ ජාතික සංකේත1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතහෘදයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයස්තූපපාස්කුවබණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහරන්බුද්ධ චරිතයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවගබ්සාවනැනෝ තාක්‍ෂණයශ්‍රී ලංකාවේ මහනගර සභාරාවණා රජකළමනාකරණයපොන්නම්බලම් රාමනාදන්ආකිමිඩීස් නියමයතිස්ස වැව (අනුරාධපුරය)දුක්ඛනිරෝධ ආර්ය සත්‍යයශ්‍රී ලංකා‍ අලියාවොලිබෝල්ආර්ය අෂ්ඨාංගික මාර්ගයතනි වචන (සිංහල භාෂාව)ගඩලාදෙණිය විහාරයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයස්වාභාවික උපද්‍රවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවදස පණතරසායනික සූත්‍රනේටෝශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවනාගදීප පුරාණ විහාරයඒක සෛලික ජීවින්ලිංගික සංසර්ගයසිරිමාවෝ බණ්ඩාරනායකත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාජේසුස් වහන්සේසංජානනයමන්නාරම බයෝබැබ් ගසමොනරාශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනපාසල්සාමයසියඹලානවකතාවවිද්‍යාත්මක ක්‍රමයශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කපර්යේෂණහරිත විප්ලවයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයසාම්ප්‍රදායික සිංහල විවාහකටුස්සාහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයමාර්ටින් වික්‍රමසිංහමුහම්මද් නබිශ්‍රී ලංකාවේ ගමනාගමනය🡆 More