ශිල්පා ශෙට්ටි

ශිල්පා ශෙට්ටි (තුලු: ಶಿಲ್ಪಾ ಶೆಟ್ಟಿ; 1975 ජූනි 8) ඉන්දියානු සිනමා නිලියෙකු සහ මූස්තර නිරූපිකාවක වන අතර බාසිගර් (1993) ඇගේ මංගල චිත්‍රපටය විය.

බොලිවුඩ්, දමිළ, තෙලඟු සහ කන්නඩා චිත්‍රපට 40කට ආසන්න ප්‍රමාණයකට ඇගේ දායකත්වය ලබා දී තිබේ.ඇයගේ පළමු ප්‍රධාන චරිත නිරූපණය ආග් චිත්‍රපටයේ විය. තම රංගන දිවියේ විවිධ පසුබෑම් වලට ලක් වුවද නඇවත එම ගිලිහුනු ජනප්‍රියත්වය ගොඩ නගා ගැනීමට ඇය සමත් විය. දඩකන් (2000) සහ රිශ්තෙ (2002) චිත්‍රපටයන්හි ඇය දැක්වූ දක්ෂතා ප්‍රසංශනීය වූ අතර පිර් මිලෙන්ගෙ (2004) හි එඩ්ස් රෝගියෙකුගේ චරිත නිරූපණය බොහෝ ගෞරව බුහුමනට පාත්‍ර විය. ඇගේ බාල සොහොයුරිය ශමිතා ශෙට්ටි ද බොලිවුඩ් නිළියකි.

ශිල්පා ශෙට්ටි කුන්ඩ්‍රා
ශිල්පා ශෙට්ටි
Shetty at the Lakme Fashion Week 2018
උපත
ශිල්පා ශෙට්ටි

8 ජුනි 1975 (1975-06-08) (වයස 48)
මන්ගලොරෙ, කර්නාටක, ඉන්දියාව
රැකියාවරඟපෑම, මෝස්තර නිරූපණය
සක්‍රීය වසර1993–වර්තමානය තෙක්
කලත්‍රයා(යන්)රාජ් කුන්ඩ්‍රා (2009–present)
දරුවන්Viaan Kundra
වෙබ් අඩවියwww.shilpashettylive.com

මාෆියා සම්බන්දකම් සම්බන්ධයෙන් සැකකාරියක වූ අතර වෙනත් ගැටළුකාරී අවස්ථා කිහිපයකද ඇය පටලවණු ලැබීය. 2006දී අසභ්‍ය දර්ශණයක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අතඩන්ගුවට ගැනීමට වරෙන්ත්තුවක්ද නිකුත් කෙරුණි. 2007 වසරෙදී බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනක් වන "සෙලෙබ්‍රිට් බිග් බ්‍රදර්" (Celebrity Big Brother ) අතරතුර ඇය සහ ජඩ් ගූඩි, ජො ඔ'මේරා සහ ඩැනීලෙ ලොය්ඩ් යන තරඟකරුවන් අතර ජාත්‍යන්තර වර්ගවාදී අර්බුදය පිළිබඳව විවාදයක් ඇතිවූ අතර තරඟය අවසානයේ ඇය 63%ක චන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ සමඟම චිත්‍රපට කර්මාන්තය තුළ ඇයගේ ජනප්‍රියත්වය නැවත ස්ථාපනය වූ අතර අනුපිළිවෙලින් “ලයිෆ් ඉන් අ... මෙට්‍රො” සහ “අප්නෙ” යන චිත්‍රපටයන්හි රංගනයෙහි යෙදුනි. ඇය පිළිබඳ නැවතත් ධානාත්මක කතිකාවතකට මෙය මුල පිරීය.

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මීකිරිසිංහල වර්ණ මාලාවසිරිත් මල්දමසීගිරි බලකොටුවපන්සිල්ක්‍ෂය රෝගයලෝක ආහාර අර්බුදයපුරාතන මිසරය2022 ලංකා ප්‍රිමියර් ලීග්නව අරහාදී බුදුගුණනාමල් උයනකඩොලාන පරිසර පද්ධතියරතන සූත්‍රයපාකිස්ථානයසමාජානුයෝජනයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලපරිගණක ඉතිහාසයජුලියස් සීසර්මානෙල්මත්ද්‍රව්‍යමිහින්තලයචීනයනෙල්සන් මැන්ඩෙලාශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියසමලිංගිකතාවමහාසේන රජචිත්‍රපට ඉතිහාසයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනහේන් ගොවිතැනබයිබලයශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කපරිගණක ජාලජාත්‍යන්තර මූල්‍ය අරමුදලහෘදයඇල්බට් බණ්ඩුරාමාණික්කාවත (ටෙලිනාට්‍යය)එමිල් ඩුර්කයිම්සමාධි බුදු පිළිමයඇල්ගීමහා මංගල සුත්‍රයසොළොස්මස්ථානයවිදුලි ක්ෂමතාවතම්මැට්ටමශ්‍රී ලංකාවේ ආගමික පසුබිමජර්මනියමිනිස් හිස්කබලවසූරියඅභිප්‍රේරණයප්ලේටෝවිවාහයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩඅනුරාධපුර ජේතවනාරාමයසෙංකඩගල පෙරහැර මංගල්‍යයපෘථිවි වායුගෝලයප්‍රස්ථාව පිරුළු - සිංහලදඹදෙණිය යුගයවිර පුරන් අප්පුනිෂ්පාදන හැකියා මායිමළමා අපයෝජනයසිඟාලෝවාද සූත්‍රයචෙස්ඔක්සිජන්රුසියාවබාලදක්ෂ ව්‍යාපාරයනාකාර්මික විප්ලවයප්‍රථමක සංඛ්‍යාගෞතම බුදුන්ගේ ධාතූන්මාර්ටින් වික්‍රමසිංහචූටි මාමා කතාවශ්‍රී ලංකාවේ අධිකරණයටී.බී. ජයාඔස්ට්‍රලෝපිතකස්කුමාරතුංග මුනිදාස🡆 More