සොළොස්මස්ථාන: Sri Lankan 16 sacred places of lord buddha

ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් ශ්‍රී ලංකාවේ පූජනීය වු ස්ථාන දහසයක්, සොළොස්මස්ථාන ලෙස නම් කොට තිබේ.එවා 'මහියංගනං නාගදීපං' ගාථාවෙන් දැක්වේ.

මහියංගනය

ඌව පළා‍තෙහි බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න, කෝරළයෙහි අලුත්නුවර නගර වසමට අයත්ව පිහිටි මහියංගන චෛත්‍යය, බුදුන් වහන්සේගේ ජීව සර්වඥ කේශධාතූන් නිදන් කළ හා පිරිනිවනින් පසුව උන්වහන්සේගේ ශ්‍රීවාස්තී ධාතුවද නිධන් කර තනනු ලැබූ ශ්‍රී ලංකාවෙහි පළමු දාගැබ සේ සැළකේ. මහියංගනයෙහි පුරාණ සිංහල නාමය බිම්තැන්න නම් වේ. පාලියෙන් ලියනවිට බිම් යන්න මහී යයිද, තැන්න යන්න අංගනය නමින්ද මහියංගනය යන්න සෑදි ඇත.

නාගදීපය

තථාගත බුදූරජාණන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වී පස්වැනි වර්ෂයෙහි ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි, චූලෝදර නාරජු මහෝදර නාරජු අතර මිණිපළඟක් නිසා මහත් සටනක් ඇතිවන්නට විය. මෙම සටනේදී විශාල පිරිසකට ඇතිවන්නට ගිය දරුණු විනාශය වළක්වනු වස් උන්වහන්සේ ලක්දිවට වැඩම කර වර්තමාන නාගදීප දාගැබ ඇති ස්ථානයෙහි දම් දෙසූ සේක.නාග ගෝත්‍රිකයන් විසූ දිවයින හෙයින් මෙය නාගදීපය නම් වේ.

කැළණිය

සොළොස්මස්ථාන: මහියංගනය, නාගදීපය, කැළණිය 

බුදුරජාණන් වහන්සේ නාගදීපාගමනයෙන් තෙවසක‍ට පසුව මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩි සේක. දැනට චෛත්‍යය ඇති ස්ථානයෙහි රුවන් පළඟක වැඩ හිඳ 500 ක් සංඝ‍යා වහන්සේලා සමඟ දන් වැළදු බව කියවේ. වර්තමාන කැළණිය රජමහා විහාරය ලෝක ප්‍රසිද්ධ කලාත්මක චිත්‍ර‍යන්ගෙන් විසිතුරුය. ඉදිරිපසින් ගලා බස්නා කැළණි ගඟ විහාරස්ථානයෙහි ශෝභමානත්වය තවත් වැඩි කරයි.

ශ්‍රී පාදය

බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පාද ලාංජනය පිහිටා ඇති බැවින් ශ්‍රී පාදය, ශ්‍රි පාද කන්ද යන නම් වලින් හදුන්වනු ලබයි. හින්දු භක්තිකයෝ ශිව දෙවියන්ගේ පාදය යැයි සලකා ශිවනඩිපාදම් යයිද පෘතුගීසීහු ආදම්ගේ කන්ද යයි සලකා පීකෝ ඇඩෑම් යයිද , ඉංග්‍රීසීහු ඇඩම් ස්පීක් යයිද හදුන්වනු ලබයි. කෙසේ වෙතත් බෞද්ධ පිළිගැනීමට අනුව බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩම කළ අවස්ථාවේ සුමන දිව්‍ය රාජයා විසින් තමන්ගේ වාසභවනය වූ සමන්ගිර මුදුනෙහි සිරිපා ස‍ටහන පිහිටවනු මැනවැයි කරන ලද ආරාධන‍යෙන් බුදුරජාණන්වහන්සේ ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත සිය පාද ලාංඡනය පිහිට වූ‍සේක

දිවා ගුහාව

සමනොළ ගල මුදුනෙහි සිරිපා සටහන් පිහිටවනු සඳහා එහි වැඩම කළ අවස්ථාවේ දිවා කල ගත කළ ගුහාව දිවා ගුහාව නම් වේ. මෙම දිවා ගුහාව වර්තමානයෙහි හදුනාගෙන ඇත්තේ සිරිපා මලුවේ සි‍ට මහගිරිදඹය පසුකොට මඳ දුරක් පැමිණි විට වම්පසින් දක්නට ලැබෙන භගවාලෙනයි.

දීඝවාපී චෛත්‍යය

දීඝවාපිය හෙවත් දිගාවැව ගමෙහි කරවන ලද බැවින් දීඝවාපිය යැයි කියනු ලැබේ. බු: ව: 407 හෙවත් ක්‍රි:පූ: 137 රජ පැමිණි සද්ධාතිස්ස රජතුමන් විසින් සර්වඥධාතූන් නිධන් කොට මෙම චෛත්‍යය කරවන ලදී. බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහිදී බුදුරජාණන්වහන්සේ මෙම ස්ථානයට වැ‍ඩ මොහොතක් සමවත් සුවයෙන් ගතකල බව කියැවේ.

මුතියංගනය

මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.

තිස්ස මහා විහාරය

සොළොස්මස්ථාන: මහියංගනය, නාගදීපය, කැළණිය 

බු: ව: 315 හෙවත් ක්‍රි: පු: 228 වැන්නෙහිදී පමණ මාගම්පුර රජ පැමිණි කාවන්තිස්ස රජු විසින් ඉදිකල හෙයින් තිස්ස මහා වෙහෙර යයි නම් විය. මෙම චෛත්‍යයෙහි බුදුරජාණන්වහන්සේගේ ලළා‍ට ධාතුව නිධන් කර ඇති බව කියවේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

සොළොස්මස්ථාන: මහියංගනය, නාගදීපය, කැළණිය 

දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩම කරන ලද්දේ ක්‍රි: පු: 3 වැනි සියවසෙහිදීය. මෙය සිදුවුයේ මිහිදු මාහිමියන් මෙරටට බුදුසමය හඳුන්වාදීමෙන් පසුවය. දඹදිව ධර්මා‍ශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලංකාවේ දෙවන පෑතිස් රජතුමාගේ ඉල්ලීමක් අනුව ශ්‍රී මහා බෝධීන්වහන්සේ සඝමිත් තෙරණිය විසින් මෙරටට වැඩම කරන ලදී.

මිරිසවැටි වෙහෙර

බු: ව: 383, ක්‍රි : පූ: 101 දී දුටුගැමුණු රජතුමා විසින් මහා සංඝයාට නොපිළිගන්වා මිරිස් ව්‍යාංජනයක් වැළදු එක් අවස්ථාවක් සිහිවූ රජතුමන් මහා සංඝයාට පිළිගැන්වීමට මෙය කරවූ බව කියැවේ. මෙහි දුටුගැමුණු රජතුමාගේ කුන්තා‍යුධය නිධන් කර ඇත.'

රුවන්වැලි මහා සෑය

සොළොස්මස්ථාන: මහියංගනය, නාගදීපය, කැළණිය 

බු: ව: 383 , ක්‍රි :පූ: 161 දී රජ පැමිණි දුටුගැමුණු රජු විසින් ක්‍රි.පූ.140 දී කරවන ලද මෙම සෑය සද්ධාතිස්ස රජතුමා විසින් වැඩ නිම කරවන ලදී. එකල රියන් 120ක් ද, වර්තමානයේ දී අඩි 338 ක් ද, උසින් යුක්ත වන මෙම චෛත්‍යයෙහි ව‍‍ට ප්‍රමාණය අඩි 942 ක් වේ. (මෙය පළමු පේසාවේ වටප්‍රමාණයයි.) කකුසඳ , කෝනාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරයන් මෙහි වැඩ විසූ බැවින් සර්වඥ පාරිභෝගික ශුද්ධ බිමක් ලෙස හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කර ඇති බැවින් රන්මල් ධාතු ගර්භය පුරා විසිරවන ලද හෙයින් රත්නමාලී යන නම ප්‍රකට වූ බව කියවේ.

ථුපාරාමය

මෙම චෛත්‍යය දෙවන පෑ තිස් රජු විසින් කරවන ලදී.උස අඩි 63 ක් හා ව‍ට ප්‍රමාණය අඩි 194 කි. බුදුන් වහන්සේගේ දකුණු අකු දාතුව නිධන් කර ඇත. අලංකාරය හා ආරක්ෂා‍ව පිණිස වටිනා වටදාගෙයක්ද සාදවා ඇත.ථූපය පෙරටු කොට සාදවා ඇති හෙයින් ථූපාරාමය නම් වේ. මෙම චෛත්‍යයෙහි කකුසඳ බුදුරදුන්ගේ ඩබරාධාතුවද, කෝණාගමන බුදුරදුන්ගේ පටීධාතුනද, කාශ්‍යප බුදුරදුන්ගේ ජලසා‍ටිකාවද තැන්පත්කර සාදවා ඇත.

අභයගිරි චෛත්‍යය

වළගම්බා රජතුමන් විසින් ගිරි නම් නිඝණ්ඨයා විසූ නිඝණ්ඨාශ්‍රමය තිබූ තැන්හි ඉදිකල හෙයින් අභයගිරිය යන නමින් හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි සර්වඥ ධාතූන්ද, රන්පත් ඉරුවල ලියන ලද දහම් පොත්ද, මිණිකම් කරන ලද සුරම්‍ය ධාතුද තැන්පත් කර ඇති බව කියැවේ.

ජේතවනාරාම චෛත්‍යය

බු: ව: 819 , ක්‍රි:ව: 334 දී රජ කළ මහසෙන් රජතුමා විසින් කරවන ලද මෙම චෛත්‍යය උස අඩි 231 ක්ද වට ප්‍රමාණය අඩි 1100 ක්ද වේ. ජොතිවන නම් උද්‍යානයෙහි ඉදිකළ හෙයින් මෙනමින් හදුන්වයි. බුදුරදුන් ලක්දිව වැඩම කල තෙවැනි වර මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සි‍ට ඇති බව කියැවේ. උන් වහන්වහන්සේගේ පටීධාතුව තැන්පත් කර මෙය සාදවා ඇත.

ශෛල චෛත්‍යය

මෙම චෛත්‍යය ක්‍රි:ව: 8 දී මහාදාඨික මහානාග රජු විසින් බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කර උසින් අඩි150 ක් හා වට ප්‍රමාණය අඩි 700 ක් වන ලෙස සාදවා ඇත. මිහින්තලා පව්වෙහි ඇති මෙය කළු ගල් තලාවක් මත ගොඩනගා ඇති බැවින් මෙම නමින් ප්‍රකටව ඇත.

කතරගම කිරිවෙහෙර

සොළොස්මස්ථාන: මහියංගනය, නාගදීපය, කැළණිය 

මහාසේන රජු විසින් සාදවා ඇති මෙම වෙහෙර තුල බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනයේදී මෙම ස්ථානයට වැඩම කර වැඩ සිටි ස්වර්ණමය ආසනයත්, සිද්ධාර්ථකුමරු පැවිදිවන අවස්ථාවේ කේශච්ඡේදනය කල මඟුල් කඩුවත් හා උන්වහන්සේගේ කේශධාතූන් තැන්පත්කර ඇති බව කියැවේ.කිරි ගස් බහුලව ඇති උයනක කරවු හෙයින් ඛදිර විහාර හෙවත් කිරි වෙහෙර යැයි ව්‍යවහාර කර ඇත.

ආශ්‍රිත

සටහන්

මූලාශ්‍ර

Tags:

සොළොස්මස්ථාන මහියංගනයසොළොස්මස්ථාන නාගදීපයසොළොස්මස්ථාන කැළණියසොළොස්මස්ථාන ශ්‍රී පාදයසොළොස්මස්ථාන දිවා ගුහාවසොළොස්මස්ථාන දීඝවාපී චෛත්‍යයසොළොස්මස්ථාන මුතියංගනයසොළොස්මස්ථාන තිස්ස මහා විහාරයසොළොස්මස්ථාන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේසොළොස්මස්ථාන මිරිසවැටි වෙහෙරසොළොස්මස්ථාන රුවන්වැලි මහා සෑයසොළොස්මස්ථාන ථුපාරාමයසොළොස්මස්ථාන අභයගිරි චෛත්‍යයසොළොස්මස්ථාන ජේතවනාරාම චෛත්‍යයසොළොස්මස්ථාන ශෛල චෛත්‍යයසොළොස්මස්ථාන කතරගම කිරිවෙහෙරසොළොස්මස්ථාන ආශ්‍රිතසොළොස්මස්ථාන සටහන්සොළොස්මස්ථාන මූලාශ්‍රසොළොස්මස්ථාන

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවගුණදාස කපුගේදේශගුණයශ්‍රී ලංකා‍ අලියානවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ඉන්දු නිම්න ශිෂ්ටාචාරයවිජය කුමාරණතුංගශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවමහවැලි ගඟරුවන්වැලිසෑයප්‍රථමක සංඛ්‍යාසිංහරාජ වනාන්තරයඡායාරූප ශිල්පීසිංහයාබයිබලයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවකළුතර බෝධියමානව සැකිලි පද්ධතියකම්කරු නීතියසිලින්ඩරවනාන්තරදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශය2004 සුනාමියනාට්‍ය කලාවගබ්සාවපරිගණක ජාලසෝවාන්සූර්ය ග්‍රහණශ්‍රී ලංකාවේ සංගීතයදයානන්ද ගුණවර්ධනසිංහල ටීකා සීපදපිළිකාශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිගිනි කඳුආදිවාසීන්නිශ්ශංක මල්ල රජමර්සලින් ජයකොඩිඉසුරුමුණියදෙවි දේවතාවියෝඅන්තර්ජාලයදෙවන රාජසිංහ රජඅභයගිරි දාගැබඋඩුනුවර ලංකාතිලක විහාරයබුධසිංහල වෙදකමසසුන සුරැකි සංගායනාඡනසංඛ්‍යා වර්ධනයලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ඇදුමරතන සූත්‍රයජල දූෂණයශ්‍රී ලංකා ජාතික ගීයවිපස්සනාවසෞඛ්‍යයශාන්තිකර්මගූගල්ඊශ්‍රායලයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවඋපසර්ගශාන්ති නිකේතන විද්‍යාපීඨයශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගබුද්ධාගමලක් විජය බලාගාරයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුසාර ධර්මමොස්කව්සීගිරියේ ඉතිහාසයසන්නිවේදනයසීගිරියදේශපාලන විද්‍යාවපුවක්ඉන්දියාවේ ඉතිහාසයව්‍යාපෘති කළමනාකරණයදඹදෙණිය යුගයහෙළ ගණන් ක්‍රමයමහාවංශයඅපද්‍රව්‍ය කළමනාකරණයයුනෙස්කෝජන කවි🡆 More