මහියංගනය රජ මහා විහාරය

මයියංගන රජ මහ විහාරය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය හෙවත් මයියංගනේ පිහිටා ඇති පන්සලකි.

මෙම පන්සල සුවිශේෂී වන්නේ මෙහි ඇති බුදුන්වහන්සේගේ කේෂ ධාතු තැන්පත්කර ඇති දාගැබ නිසාවෙනි. මෙම ඓතිහාසික ස්ථානය අතීතයේ හඳුන්වා ඇත්තේ මියුගුණ නමිණි. මහවැලි ගඟ සමීපයේ පිහිටි මහියංඟණය යන්න බිමිතැන්න යන සිංහල පදයෙන් බිඳී ආවකි.

මහියංගනය රජ මහා විහාරය
මහියංගන ස්ථූපය

දාගැබ

ක්‍රිස්තුපූර්ව හයවන සියවසේ බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවෙනි මස මහියංගනයට වැඩමවා මහානාග වනෝද්‍යානයේදී යක්ෂයන් දමනය කල බව මහා වංශයේ සඳහන්වේ. එහිදී ධර්මය ඇසූ සුමන සමන් දෙවියන් සෝවාන් බව ලබා බුදුරදුන්ගෙන් කේෂදාතු ලබාගෙන රන්කරඩුවක බහා සත්රියන් උසට මැණික් දාගැබක් කළ බව තවදුරටත් එහි සඳහන්වේ. පසුව බුදුරදුන් ආදාහනය කල තැනින් ග්‍රිකවා ධාතුව වැඩමවා විත් එය නිදන් කොට දොළොස් රියන් දා ගැබක් ඉදි කරවා ඇත. එම දාගැබ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු උද්ද චූලාභය කුමරු තිස් රියන් කොට විශාල කරවා ඇත. එම දාගැබ දුටුගැමුණු රජු අසූ රියන් උසටද විශාල කරවා ඇත. මෙම දා ගැබ මහ විජයබා, කීර්ති ශ්‍රී රාජසිංහ වැනි රජවරු පුතිසංස්කරණය කරවා ඇත.

සොළොස්මස්ථාන අතර එක් ස්ථානයක්වන මහියංඟනය රුහුණේ සිට රජරට දක්වා වැටී තිබූ ඓතිහාසික මාර්ගයේ පිහිටා තිබූ නිසා මෙම ස්ථානය ආගමික වශයෙන් මෙන්ම දේශපාලණික වශයෙන් ද වැදගත්කමක් උසුලා ඇත. මෙම ප්‍රදේශයේ ඈත අතීතයේ සිටම ආර්ථික වශයෙන්ද වැදගත් කමක් උසුලා ඇත. දෙවන අක්බො රජු විසින් ඉදිකළ මිණිපේ අමුණ මෙම ප්‍රදේශයේ කාෂිකාර්මික කටයුතු වලදී ඉතා වැදගත් නිර්මාණයක් විය.

Tags:

ඌව පළාතබදුල්ල දිස්ත්‍රික්කයමහවැලි ගඟමහියංගනයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රීලංකන් ගුවන් සේවයහිරුවොලිබෝල්ධවල පත්‍රිකාවබුධකොහොඹසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකම්කරු නීතියභගමණියපන්සියපනස් ජාතක පොතක්‍රි.ව.1818 පළමු නිදහස් සටනපෘථිවියෙහි භ්‍රමණයගූගල්ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවඉන්දු නිම්න ශිෂ්ටාචාරයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයඩී.එස්. සේනානායකගබ්සාවනෙප්චූන්පරිණාමයලංකාවේ වාරි කර්මාන්තයශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකාවේ වල් පැලැටිඑක්සත් ජනපදයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවපොන්නම්බලම් අරුණාචලම්ආර්ඩියුන‌ෝඅර්ජුන රණතුංගශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවහේන් ගොවිතැනශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවසිංහල අක්ෂර වින්‍යාසයබසවක්කුලම වැවජැක්සන් ඇන්තනීබෝධි ඝරමිනිස් ඇසස්තූපඩොල්ෆින්ජපානයේ දේශපාලන ආර්ථිකයසසුන සුරැකි සංගායනාමාරි කියුරිඅනුරාධපුර රාජධානියඝනත්වයචතුරාර්ය සත්‍යයඉන්දියාවේ දේශපාලන පක්ෂදියවැඩියාවෙහි රෝග ලක්ෂණදහඅට සන්නියපොල්චන්ද්‍ර මාස ක්‍රමයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමමිරිසවැටියතනි වචන (සිංහල භාෂාව)හෝමෝ හැබිලිස්හෙළ ගණන් ක්‍රමයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ නීති පද්ධතියමුඛ සංසර්ගයසූර්ය ග්‍රහණඅන්තර්ජාලයශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියපරාක්‍රම සමුද්‍රයඅඹඇල්බට්‍ අයින්ස්ටයින්සිංහල ව්‍යාකරණත්‍රිවිද්‍යාසිංහල පදශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලමානව පැපිලෝමා වෛරසයහෙන්රි ජයසේනඋපායශීලී සැලසුම්කරණයදළදා වහන්සේබල්ලෝජංගම දුරකථනයේ උපත🡆 More