ලියනාඩෝ ඩා වින්සි

ලියනාඩෝ ඩා වින්සි පියෙරෝ ඩා වින්සි (1452 අප්‍රේල් 15- 1519 මැයි 2) ඉතාලි ජාතික මහා ප්‍රාඥයකු විය.

ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිර්මාණකරුවෙක්, විච්ඡේදකයෙක්, සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උද්භිද විද්‍යාඥයෙක්, සංගීතඥයෙක් සහ ලේඛකයෙක් විය. පියෙරෝ ඩා වින්සි නම් නොතාරිස්වරයෙකුට සහ කත්රිනා නම් ගැමි තරුණියකට දාව අවජාතක දරුවකු ලෙසින් ෆ්ලෝරන්ස් ප්‍රජාතන්ත්‍රවාදී නගරයේ වින්සි හිදී උපත ලැබීය. වෙරෝකියෝ නම් සුප‍්‍රකට චිත‍්‍ර ශිල්පියාගේ කලාගාරයෙන් ලියානාඩෝ අධ්‍යාපනය ලැබීය. ඔහුගේ මුල් කාලීන නිර්මාණයන්ගෙන් වැඩි කොටසක් මිලාන්හි ලූඩොවිකෝ ඉල් මෝරෝ ගේ සේවයේ සිටියදී කළ ඒවා වෙයි. පසුකාලීනව ඔහු රෝමය, බොලොඥ්ඥ සහ වැනිස් නගරයන්හි සේවය කළ අතර අවසාන භාගයේදී පළමුවන ෆ‍්‍රැන්කොයිස් රජු විසින් ඔහුට ලබාදුන් නිවසේ ගත කළේය.

ලියනාඩෝ
ලියනාඩෝ ඩා වින්සි
1512 සිට1515 පමණ, සිලාජතු වලින් ඇඳි ස්ව-ආලේඛ්‍යයක් . ටියුරින්හි රාජකීය පුස්තකාලය
උපතේදී නමලියනාඩෝ ඩා වින්සි පියෙරෝ ඩා වින්සි
උපතඅප්‍රේල් 15, 1452(1452-04-15)
වර්තමාන ඉතාලියේ, ෆ්ලොරන්ස්හි, වින්සි
ජාතිකත්වයඉතාලියානු
ක්ෂේත්‍රයකලාව හා විද්‍යාවන් බැඳි බොහෝ සහ නන් ක්ෂේත්‍රයන්
ව්‍යාපාරයමහා පුනරුදය
කෘතීන්මොනා ලිසා, අවසන් භෝජන සංග්‍රහය, විට්‍රෑවියන් මිනිසා

බොහෝවිට ලියනාඩෝව හඳුන්වනු ලබන්නේ සිය අසීමිත කුහුල නව නිර්මාණයන් කිරීම සඳහා වූ ඔහුගේ හැකියාවට පමණක් සමකළහැකි ‘පුනරුද මිනිසාගේ’ මූලාකෘතිය ලෙසිනි. ඔහු බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ සෑමකල්හිම ජීවත්වූ විශිෂ්ඨතම සිත්තරකු ලෙසිනි. එමන්ම එදා මෙදාතුර ජීවත්වූ වඩාත්ම දක්‍ෂතාවයන් සපිරි තැනැත්තා ඔහු ලෙස සැලකෙයි.

ලියනාඩෝ වඩාත්ම ලෝකප‍්‍රකට වී ඇත්තේ ඔහුගේ සිතුවම් නිසාවෙනි. ඔහුගේ කෘතීන් දෙකක් වන මොනාලිසා සහ අවසන් රාත්‍රිභෝජන සංග‍්‍රහය වඩාත්ම ජනප්‍රිය, වඩාත්ම ප්‍රතිනිෂ්පාදනයට ලක්වූ, කතාබහට ලක්වූ ආලේඛ චිත‍්‍රය හා ආගමික සිතුවම වෙයි. ඒවයේ කීර්තිය හා සම තත්වයට පත්විය හැකි එකම නිර්මාණය වූයේ මයිකල් ආන්ජලෝගේ ආදම්ගේ නිර්මාණය පමණකි. ඔහුගේ සිතුවම්, ඔහු විසින් අඳින ලද විද්‍යාත්මක රූ සටහන් සිතුවම් කිරීම පිලිබඳ ඔහුගේ අදහස් ඇතුලත් සටහන්පොත් පසු පරම්පරාවන් වෙත ඔහු ලබාදුන් මාහැඟි දායාදයකි.

ඉංජිනේරුවකු ලෙස ලියනාඩෝ හෙලිකොප්ටරය, සූර්ය බලශක්තිය, ගණක යන්ත්‍රය පිලිබඳ සංකල්පගත කිරීම් සහ භූ තලයන්ගේ චලන පිලිබඳ ඔහුගේ න්‍යායන් ඉදිරිපත් කළ අතර ඒවා බොහොමයක් ඔහුගේ කාලයට වඩා බෙහෙවින් ඉදිරියෙන් වූ ඒවා විය. ඔහුගේ කාළයේ නිර්මාණය කිරීමේ ශක්‍යතාවය පැවතියේ ඔහුගේ සැලසුම් වලින් ඉතා සුළු ප‍්‍රමාණයක් පමණකි. නමුත් කම්බිවල ආතන්‍ය බලය මැනීම සඳහා ඔහු සැලසුම් කළ යන්ත‍්‍රය සහ ස්වංක්‍රීය බීරළු ගොතනය වැනි ඔහුගේ කුඩා නිර්මාණයන් කිහිපයක්ම ලෝකයට ඉදිරිපත් වූ අතර ඒවා නිෂ්පාදන ලෝකයට ඇතුල්විය. විද්‍යාඥයකු ලෙස ඔහු කාය විච්ඡේද විද්‍යාව, සිවිල් ඉංජිනේරු විදයාව, ප්‍රකාශ විද්‍යාව සහ ද්‍රවගති විද්‍යාව යන ක්ෂේත‍්‍රයන්හි දැනුම් මට්ටම වැඩිදියුණු කිරීම සඳහා ඉමහත් සේවයක් කළේය.



ලියනාඩෝ බොහෝ විට සලකනු ලබන්නේ පුනරුද මිනිසෙකුගේ මූලාකෘතියක් ලෙසය. ඔහුගේ අපරිමිත කුතුහලය සමාන කළ හැක්කේ ඔහුගේ නව නිපැයුම් කිරීමේ බලයට පමණි.ඔහු සියළු කල්හි සිටි ශ්‍රේෂ්ඨතම සිත්තරෙකු ලෙස සලකනු ලැබූ අතර සමහරක් විට දැනට ජීවත් වූ වැඩිම විවිධ දක්ෂතාවලින් යුත් පුද්ගලයා ද විය හැකිය.

මූලිකවම ලියනාඩෝ ප්‍රසිද්ධ වූයේ චිත්‍ර ශිල්පියෙකු ලෙසය. ඔහුගේ චිත්‍ර 2ක් වන මොනාලිසා හා අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය වඩාත් ජනප්‍රිය, වැඩිම වරක් නැවත නැවත නිෂ්පාදනය කරන ලද හා වඩාත් සරල චිත්‍රය හා ආගමික සිතුවම ලෙස අනන්‍ය ස්ථානයක් හිමි කර ගනී. ඒවායේ කීර්තියට ළඟා වීමට හැකි වුයේ මයිකල් ඇන්ජෙලෝගේ ආදම්ගේ නිර්මාණය යන සිතුවමට පමණි. ලියනාඩෝගේ Vitruvian man යන චිත්‍රය ප්‍රතිමූර්තියක් ද වේ. එම චිත්‍රවලින් ඉතිරිව ඇත්තේ 15ක් පමණ වන අතර එය එතරම් කුඩා ගණනක් වීමට හේතුව ඔහුගේ නියත හා නිතර ව්‍යසනවලට හේතුවන නව තාක්ෂණික ක්‍රම සමඟ සිදුවන පර්යේෂණ හා බොහෝ කාලයක් තිස්සේ පැවතෙන ඔහුගේ අතපසු වීම්ය. කෙසේ නමුත් මෙම චිත්‍ර කිහිපය, ඇඳීම් හා විද්‍යාත්මක රූප සටහන් ඇතුළත් ඔහුගේ සටහන් පොත් හා චිත්‍ර ශිල්පයේ පසුබිම පිළිබඳ ඔහුගේ සිතුවිලි එක්ව ගත් කළ පසු පරම්පරාවල කලාකරුවන්ට සුවිශාල දායකත්වයක් ලබා දුන් අතර ඔහුට සිටි එකම ප්‍රතිවාදියා වූයේ ඔහුගේ සමකාලීනයෙකු වූ මයිකල් ඇන්ජෙලෝ පමණි.

ඉංජිනේරුවෙකු ලෙස ලියනාඩෝ විසින් ඔහුගේ කාලයට වඩා ඉතා ඉදිරියෙන් වූ දේවල් ගැන සිතූ අතර ඔහු විසින් හෙලිකොප්ටරයක්, යුධ ටැංකියක් සාන්ද්‍රගත සූර්ය බලය, ගණක යන්ත්‍රයක් හා ද්විත්ව නැව් කඳක් සංකල්පනය කළ අතර භූ තල භූ චලන පිළිබඳ ප්‍රාථමික සිද්ධාන්තය එළි දක්වන ලදී. සාපේක්ෂව ඔහුගේ ජීවිත කාලය තුළ දී ඔහුගේ සැලසුම්වලින් නිර්මාණය කිරීමට හෝ යන්තමින් ප්‍රවේශ වීමට හැකි වූයේ ඉතා සුළු ගණනකට පමණි. නමුත් ස්වයංක්‍රීයා බොබින් ඔතනය හා තන්තුවක ආතන්‍ය ශක්තිය පරීක්ෂා කිරීමේ උපකරණය වැනි ඔහුගේ සමහරක් කුඩා නව නිර්මාණ දැනුම් දීමකින් තොරවම නිෂ්පාදන ලෝකයට එකතු විය. විද්‍යාඥයෙකු ලෙස ඔහු ව්‍යුහ විද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාව, දෘශ්‍ය විද්‍යාව හා තරල ගතිකය යන ක්ෂේත්‍රවල ඉතා උසස් දැනුම් සම්භාරයක් හිමි කරගෙන සිටියේය.

ලියනාඩෝ ඩාවින්චිගේ ජීවිතය පිළිබද [Davinci's Deamons] රූපවාහිනී කතාමාලාවේ අඩංගු වේ.තවද [Assassin's Creed 2],[Assassin's Creed Brotherhood] යන පරිගනක ක්‍රීඩා වලද ලියනාඩෝගේ චරිතය අඩංගුවේ..

සටහන්

General

Dates of works

උපහරණ

Early

General

Works

Tags:

ලියනාඩෝ ඩා වින්සි සටහන්ලියනාඩෝ ඩා වින්සි මූලාශ්‍රලියනාඩෝ ඩා වින්සි භාහිර සබැඳිලියනාඩෝ ඩා වින්සිඉතාලිය

🔥 Trending searches on Wiki සිංහල:

පොරොන්දම්නිකොලා ටෙස්ලාජපානයඉතිහාසයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයපරිසර දූෂණයහික්කඩුවේ සුමංගල තෙරණුවෝකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයමුල් ළමාවියේ සංවර්ධනයශාන්ත ජුසේ වාස් තුමාඡායාරූප ශිල්පීප්‍රතිචක්‍රීයකරණයහලාවතSLS ප්‍රමිති ලැයිස්තුවඩන්කන් වයිට්වෛරසළමා අපයෝජනයකම්කරු නීතියගුරුවරුන්ගේ දිනයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියඅනුරාධපුර පෞරාණික නගරයත්‍රිවිද්‍යාකළු වදුරාමිනිසාගේ ස්නායු පද්ධතියදානයපළමුවන පරාක්‍රමබාහු රජකෘෂි කර්මාන්තයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවකාර්මික විප්ලවයමහින්දාගමනයදෙවොල් මඩුවගූගල්සයිකෝසියාවකුමාරතුංග මුනිදාසක්‍රිස්තියානි ආගමබෞද්ධ දිනදසුනශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවකාංසා අක්‍රමතාවයරාජාවලියසුසන්තිකා ජයසිංහශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයවිජය කුමාරණතුංගඑන්නත්වෘත්තයකළමනාකරණයසාහිත්‍යයපළමුවන විජයබාහු රජලංකා විශ්වවිද්‍යාලයශ්‍රී ලංකා රුපියලශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අගෞතම බුදුන්ගේ ධාතූන්රෝසමානව පැපිලෝමා වෛරසයනිවනවසභ රජදකුණු ආසියාවවළගම්බා රජD. J. Wimalasurendraතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයදිළිඳුබවසොලොස්මස්ථානනීතියප්‍රජාපතී ගෝතමීසොරබොර වැවකොහාශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවඅන්තර්පාදක ලිංගික චර්යාවලෝකයේ රටවල්බුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අමොණරා සහ සෙබඩශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවදෙමළ භාෂාවසෙංකඩගල රාජධානියශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවචාලක නියුරෝනය🡆 More