රෝමානු නීතිය

Digesta හි 16 වන සියවසේ පසුභාගයේ සංස්කරණයක මුල් පිටුව.

ජස්ටීනියන් අධිරාජ්යයාගේ Corpus Juris Civilis හි කොටසකි.

රෝමානු නීතිය

රෝමානු නීතිය යනු පුරාතන රෝමයේ නෛතික පද්ධතියයි. බටහිර ලෝකයේ යොදා ගන්නා පරිදි මෙම වදන මඟින් හැඳින්වෙන්නේ රෝමානු / බයිසන්ටියානු රාජ්යයන් ඒවායේ නිල භාෂාව ලෙස 7 වන සියවසේ දී ග්‍රීක භාෂාව තෝරා ගැනීමට පෙර වූ නෛතික දියුණුවීම්ය. එවැනි දියුණුවක් තිබූ රෝමානු නීතිය වසර 1000කට වඩා වැඩි කාල පරිච්ඡේදයක් ආවරණය කරන අතර එය Twelve Table නීතියේ සිට (449BC සිට) පළවන ජස්ටීනියන් අධිරාජ්යයාගේ Corpus Juris Civilis දක්වා දිවේ. ජස්ටීනියන් කේතවල සංරක්ෂණය වී ඇති පරිදි රෝමානු නීතිය බයිසන්ටයින් අධිරාජ්යයේ නෛතික ක්‍රියාකාරකම්වල පදනම වූ අතර පසුව යුරෝපානු මහාද්වීපයේ මෙන්ම ඉතියෝපියාවේ නෛතික ක්‍රියාකාරකම්වල පදනම ද විය.

වඩා පුළුල් අර්ථයකින් ගත් කළ රෝමානු නීතිය පුරාතන රෝමයේ නෛතික පද්ධතියට පමණක් පරිශීලනය නොවන අතර එමඟින් 18 වන සියවසේ අවසානය දක්වා බටහිර යුරෝපයේ බොහෝමයක් කොටස් පුරාවට යෙදී තිබූ නීතිය පරිශීලනය වේ. ජර්මනිය වැනි සමහරක් රටවල්වලදී රෝමානු නීතියේ ප්‍රායෝගික යෙදීම් 18 වන සියවසෙන් එපිටද පැවතුණි. මෙම හේතුව නිසා යුරෝපයේ හා වෙනත් ප්‍රදේශවල ඇති නූතන සිවිල් නීති පද්ධති රෝමානු නීතිය මඟින් අතිශය බලපෑමකට ලක්වී ඇත. මෙය පුද්ගලික් නීති ක්ෂේත්‍රයේ විශේෂයෙන් වේ. රෝමානු නීතිය මඟින් ඉංග්‍රීසි නෛතික පද්ධතිය මත මහද්වීපයෙහි නෛතික පද්ධතිවලට වඩා අඩු බලපෑමක් එල්ල කළත් ඉංග්‍රීසි හා උතුරු ඇමරිකානු සාමාන්‍ය නීතිවල රෝමානු නීතියට යම් නැඹුරුතාවක් ඇත. රෝමානු නීතියෙහි බලපෑම සියළු නෛතික පද්ධතිවලින් පාහේ යොදා ගන්නා නෛතික වාග් මාලාවේ පොහොසත්කමින් හොඳින් දර්ශනය වේ. මේ සඳහා උදාහරණ ලෙස Stare Decisis, Culpa In Contrahendo හෝ Pacta Sunt Servanda යන වදන් දැක්විය හැක. වඩාත් විශේෂිත දෙය වන්නේ Corpus Juris Civilis පැමිණි බයිසන්ටයින් අධිරාජ්යයේ නැඟෙනහිර යුරෝපානු රටවලට අධික බලපෑමක් එල්ල වුවත් ඒවා Corpus මඟින් සැලකිය යුතු ලෙස බලපෑමකට ලක් නොවීමයි. කෙසේ නමුත් ඒවා රෝමානු ගොවිතැන්කරුවන්ගේ නීතිය මඟින් යම්තාක් දුරකට බලපෑමට පත් වී තිබුණි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

නෙළුම් කුළුණසිංහල සහ හින්දු අලුත් අවුරුද්දලංකාරාමයව්‍යාපාරඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඇදුමපොන්නම්බලම් අරුණාචලම්ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවනිල්ලක්ගම බෝධි ඝරයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනශ්‍රී වික්‍රම රාජසිංහ රජG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)පේශි පටකයදකුණු පළාත, ශ්‍රී ලංකාවපන්සිල්ආදරයශ්‍රී ලංකා කොටියාත්‍රිකුණාමලයඉස්ලාම්ශ්‍රී ලංකාව ආවේණික මසුන්සාක්‍ෂිසිඟාලෝවාද සූත්‍රයසිද්ධි අධ්‍යයනයනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ අධ්‍යාපනයදරු නැලවිලි ගීසේනක බිබිලේබ්‍රහස්පති ග්‍රහයාවිර පුරන් අප්පුසිංහල පදසෙංකඩගල පෙරහැර මංගල්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයවිලියම් ෂේක්ස්පියර්දාගැබ්සියඹලාමානව සැකිලි පද්ධතියඌව පළාතගජමන් නෝනාපරිසර දූෂණයමිකී මවුස්ලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය, 1982රක්‍ෂණයබැක්ටීරියාඅධ්‍යාපන මනෝ විද්‍යාවරන්ජන් රාමනායකශාරීරික ව්‍යායාමශ්‍රී ලංකා රුපියලගුරුත්වාකර්ෂණයකටුස්සාමානව සංවර්ධන දර්ශකයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවමාර්ටින් වික්‍රමසිංහපැපොලඅඹශ්‍රී ලංකා යුද්ධ හමුදාවමහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ වල් පැලැටිපන්සියපනස් ජාතක පොතමොණර කුඩුම්බියශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවයෝගරුසියාවකිරි වෙහෙර, කතරගමසනත් ජයසූරියශ්‍රී දළදා මාළිගාවසතර සතිපට්ඨානයපාරමිතානිකොලස් කොපර්නිකස්ශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියශ්‍රී ලංකාවේ සංගීතයදීඝ නිකායහික්කඩුවේ සුමංගල තෙරණුවෝවැව්මහනුවර පාසල් නාමාවලියදෙවන රාජසිංහ රජ🡆 More