මානව භ්‍රෑණය

භ්‍රෑණයක් යනු වර්ධනය වෙමින් පවතින, කළලමය අවස්ථාවට පසුව හා උපතට පෙර පවතින, ක්ෂීරපායියෙකු හෝ වෙනත් ජලාබුජ පෘෂ්ඨවංශිකයෙකු වේ.

මානව භ්‍රෑණය
"උල්ඛයෙහි බහා ලන, ලද අට සති පමණ වියැති භ්‍රෑණයක්", ග්‍රේස් ඇනටමි වෙතින්. වැදෑමහ කොටසක්, මෙම රූපයෙහි පහළින්ම පෙනෙන්නට ඇති අතර, උල්ඛය භ්‍රෑණය ඉක්මවමින් ඉහළින් පවතියි.

මානවයයන්ගේ, ප්‍රාග්-ප්‍රසව වර්ධනයෙහි අවසන් අදියරයන් වන භ්‍රෑණ අවස්ථාව , සංසේචනයට සති අටකට පමණ පසුව, ප්‍රධාන ව්‍යුහයන් හා ඉන්ද්‍රියය පද්ධතියන් නිර්මාණය වීමෙන් අනතුරුව ඇර‍ඹී, උපත දක්වා පවතියි.

වර්ධනය

මානව භ්‍රෑණය 
ලෙනාඩෝ ඩා වින්සිගේ "ගර්භයක පිහිටි භ්‍රෑණයක් දිස්වන අයුරු" නමැති, එකතුවෙන් චිත්‍රයක්.

භ්‍රෑණ අවස්ථාව ඇරඹෙනුයේ සංසේචනයෙන් සති අටකට පමණ පසුවය. පාරිසරික නිරාවරණයන් නිසා හානියට පත් වන තරම් වූ කළලය තරමට භ්‍රෑණය සංවේදී නොවූවද, විෂ නිරාවරණයන් නිසාවෙන් බොහෝවිට භෞතවේදීය අසාමාන්‍යතා හෝ සුළු සහජ විරූපතාවයන් හේතූභූත විය හැක. ගර්භපාතය, තෙවන පාර්ශවයක් විසින් සිදුකෙරුණු ගැබ් නැසීම , හෝ ප්‍රේරිත ගබ්සාව ඇතුළු විවිධ සාධක හේතුවෙන් භ්‍රෑණයක වැඩීම අවසන් විය හැක. භ්‍රෑණ අවස්ථාව පුරාවටම, භ්‍රෑණය වැදෑමහට සම්බන්ධව පවතින්නේ පෙකණි වැල මගින් වන අතර, ඔක්සිජනිකෘත, පෝෂක-සරු රුධිරය වැදෑමහ වෙතින් භ්‍රෑණය වෙත සැපයුම හා, අනෙක් අතට ඔක්සිජනීහෘත, පෝෂක-හායිත රුධිරය වැදෑමහ වෙතට රැගෙන යෑමද එය මගින් සිදු වේ. භ්‍රෑණය වටවී ඇත්තේ උල්ඛ තරලය මගින් වන අතර, එය (අනෙකුත් කර්තව්‍යයන්ට අමතරව) විසින් මවගේ උදරය වෙතට එල්ල වන පහරවල් ලුහු කිරීම, භ්‍රෑණය නිදහස් ලෙස චලනය වීමට ඉඩ හැරීම, මාංශපේෂීමය/ඇටසැකිලිමය වර්ධනයට අනුබල දීම, සහ භ්‍රෑණය තාප හානි‍ය සිදුවීමෙන් වැලැක්වීම සිදුකරයි.

ආශ්‍රිත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

නියඟයත්‍රිකුණාමලයනිකොලස් කොපර්නිකස්සමාජවාදයඋපත් අනුපාතිකයසිංහල පිල්ලම්pkgfwඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තජංගම දුරකථනයේ උපතනිශ්ශංක මල්ල රජආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසිංහයාසිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ ජාතික කොඩියඑස්‌. මහින්ද හිමිසොළොස් මහා ජනපදඇරිස්ටෝටල්බයිබලයබුද්ධඝෝෂ හිමිරුසියානු-යුක්‍රේන යුද්ධයකෝළම්මිරිසවැටියගූගල්දුන්හිඳ ඇල්ලවියපත් වීමසිංහබාහුශ්‍රී ලංකාවේ වල් පැලැටිපරාක්‍රම සමුද්‍රයඩයලොග් ආසියාටාපන්සියපනස් ජාතක පොතකොස්ෆේස්බුක්රක්‍ෂණයඅධිකරණයහෘදයාබාධයශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවකැලණියරාජ්‍ය නොවන සංවිධානගැලලියෝ ගැලලීනාමෛත්‍රී බුදුරජාණන් වහන්සේඋසස් පෙළ දේශපාලන විද්‍යාවකුරුල්ලෝඒබ්‍රහම් ලින්කන්පාරමිතාපෙර පාසල්නත්තලආයුර්වේදයඅලිකුවේණි කුමරියස්වයං වින්දනයචන්ද්‍රයාඅපද්‍රව්‍ය කළමනාකරණයකාල් මාක්ස්වාමන ග්‍රහලෝකබුද්ධාගමපුත්තාණ්ඩුකැනඩාවමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිකොළඹමොස්කව්උපුල් ශාන්ත සන්නස්ගලදෙවි දේවතාවියෝපෘතුගීසි ලංකාවකොහුනිරවි යුද්ධයකොරියන් යුද්ධයනැදුන්ගමුව රාජාමානව කායච්ඡේද විද්‍යාවකම්කරු නීතියමානවම්ම රජආර්ථික සංවර්ධනයසිංහල ප්‍රස්ථාව පිරුළුකුප්පමේනියහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්භූපාලි රාගයශ්‍රී ලංකාවේ කම්කරු නීතියබුද්ධ ප්‍රතිමාලසිත් මාලිංග🡆 More