බස්නාහිර පළාත (ඉංග්‍රීසි: Western Province වෙස්ටර්න් ප්‍රොවින්ස්) (දෙමළ: மேற்கு மாகாணம்) යනු ශ්‍රී ලංකාවේ අධිකතම ජන ඝනත්වයක් සහිත පළාත වෙයි.
රටේ අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙන්ම විශාලතම නගරය සහ වාණිජ කේන්ද්‍රය වන කොළඹ ද එහි පිහිටා ඇත.
බස්නාහිර පළාත Western Province | |
---|---|
පළාත | |
ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
ඛණ්ඩාංක: 06°50′N 80°05′E / 6.833°N 80.083°E 80°05′E / 6.833°N 80.083°E | |
රට | ශ්‍රී ලංකාව |
සංස්ථාපනය | 1833 |
පිළිගැනීම | 14 නොවැම්බර් 1987 |
අග නගරය | කොළඹ |
විශාලතම නගරය | කොළඹ |
රජය | |
• ආණ්ඩුකාර | මාශල් ඔෆ් ද එයා රොශාන් ගුණතිලක |
• ප්‍රධාන අමාත්‍ය | ප්‍රසන්න රණතුංග |
සරිය | |
• මුළු | 3,709 කිමී2 (1,432 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 9වන (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 5.64% ) |
ජනගහණය(2001) | |
• මුළු | 5,361,200 |
• අනුස්ථිතිය | 1වන (සම්පූර්ණ ජනගහණයෙන් 28.79% ) |
• ඝණත්වය | 1,400/කිමී2 ( 3,700/වර්ග සැත) |
පසුගිය වසර 10 තුලදී ජනගහණය 36.8% කින් ඉහළ ගොස් ඇත | |
දළ දේශීය නිෂ්පාදිතය (2010) | |
• සම්පූර්ණ | රු 2,178 බිලියන |
• අනුස්ථිතිය | 1වන (මුළු ප්‍රමාණයෙන් 45.1% ) |
වේලා කලාප | කොළඔ (UTC+05:30) |
නිල භාෂා | සිංහල, දෙමළ |
වෙබ් අඩවිය | wpc.gov.lk/ |
බස්නාහිර පළාත සතුව 5,648,000 ප්‍රමාණයක ඇස්තමේන්තුගත ජනගහණයක් ඇති අතර එහි භූමිප්‍රමාණය 3,694.20 square කිලෝmetres (3.97640×1010 sq ft) ක් වෙයි. බස්නාහිර පළාත විසින් දකුණු ආසියාවේ ඕනෑම ප්‍රදේශයක් විසින් වාර්තා කර ඇති විශාලතම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදන අගය ලෙස ඇ.එ.ඩො. 3,808 ක් වාර්තා කර ඇත.
15 වන සියවසේදී වත්මන් බස්නාහිර පළාතෙන් කොටසක් කෝට්ටේ රාජධානියට අයත් ව තිබුණි. මෙම ප්‍රදේශය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයින්ගේ මූලස්ථානයද විය. ක්‍රි.ව. 1815 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව ශ්‍රී ලංකාව පත්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා ප්‍රජාව පහතරට සිංහල, උඩරට (නුවර) සිංහල, දෙමළ යනුවෙන් ජන නිකායන් 3කට වෙන්විය. බස්නාහිර පළාත් දිසාව පහතරට සිංහල ප්‍රජාවේ කේන්ද්‍රස්ථානය විය. පසුව ක්‍රි.ව. 1833 දී කෝල්බෲක් - කැමරන් ආණ්ඩුක්‍රම කාලයේදී ශ්‍රී ලංකාව භුගෝලීය වශයෙන් පළාත් පහකට වෙන්කරනු ලැබිය. ඉන් එකක් වන බස්නාහිර පළාත
යන දිස්ත්‍රික්ක වලට වෙන්කර තිබුණි. ඉන් ක්‍රි.ව.1845 දී සත් කෝරලය, පුත්තලම හා හලාවත වයඹ පළාතටත්, 1889 දී සතර කෝරලය,තුන් කෝරලය හා පහත බුලත්ගම යන ප්‍රදේශ සබරගමුව පළාතට වෙන් කරනු ලැබිය. 2030 දී බස්නාහිර පළාත බස්නාහිර මෙගාපොලිස් (Western Region Megapolis) යන ව්‍යාපෘතියක් යටතේ සියලූම අංශවල දියුණු වැඩපිළිවෙළක් ඇරඹිමට සූදානම් ය. මෙහිදී වත්මන් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක කලාපීකරණය කරනු ලැබේ.
විශාලත්වයෙන් වර්ග කිලෝමීටර 3684ක් වන මෙම පළාත ලක්ෂද්වීප් මුහුදට නැගෙනහිරින්ද, සබරගමුව පළාතට බටහිරින්ද, වයඹ පළාතට දකුණින්ද, දකුණු පළාතට උතුරින්ද පිහිටා ඇත. නාගරීකරණය වී ඇති බැවින් මෙම පළාතේ සමහර ප්‍රදේශවල ගංවතුර තත්ත්ව වලින් ඉතා හානියට පත්වේ.
බස්නාහිර පළාත, පරිපාලන දිස්ත්‍රික්ක 3 කට බෙදා ඇත:
එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ක් හා ග්‍රාම නිලධාරි කොට්ඨාස 2505ක් ඇත.
දිස්ත්‍රික්කය | අගනුවර | දිස්ත්‍රික් ලේකම් | ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණන | ග්‍රාම නිලධාරි වසම් ගණන | විශාලත්වය (km2) | භූමි ප්‍රමාණය (km2) | ජනගහනය (2012 ඇස්තමේන්තුගත) | ජනගහන ඝනත්වය (/km2) | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සිංහල | ශ්‍රී ලංකා යෝනක | ශ්‍රී ලංකා දෙමළ | ඉන්දිය දෙමළ | වෙනත් (මුස්ලිම්/බර්ගර්) | මුළු | ||||||||
කොළඹ | කොළඹ | Sunil Kannangara | 13 | 566 | 699 | 676 | 1,771,319 | 242,728 | 231,318 | 27,336 | 37,108 | 2,309,809 | 3,304 |
ගම්පහ | ගම්පහ | J. J. Rathnasiri | 13 | 1,177 | 1,387 | 1,341 | 2,079,115 | 95,501 | 80,071 | 10,879 | 29,075 | 2,294,641 | 1,654 |
කළුතර | කළුතර | U. D. C. Jayalal | 14 | 762 | 1,598 | 1,576 | 1,054,991 | 112,276 | 24,362 | 23,611 | 2,020 | 1,217,260 | 762 |
Total | 40 | 2,505 | 3,684 | 3,593 | 4,905,425 | 450,505 | 335,751 | 61,826 | 68,203 | 5,821,710 | 1,580 |
This article uses material from the Wikipedia සිංහල article බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.