ජන ක්‍රීඩා

එළුවන් කෑම

කුඩා දරුවන් රැසක එකතුවෙන් පවත්වන ක්‍රීඩාවකි. සිංහල අලුත් අවුරුද්දේ දී වැඩිපුර දකින්නට ලැබේ. ළමුන් පිරිසක් අත්වැල් අල්ලාගෙන රවුමක් සාදා ගෙන සිටිති. එහි මැද එක් ළමයෙකු තනිවී ඇත. ඔහු එළුවාගේ චරිතය නිරූපනය කරයි. අත්වැල ට පිටතින් තවත් ළමයෙකු අත්වැල වටා ගමන් කරයි. ඔහු එළුවා දඩයම් කරන්නට පැමිණි කොටියා ය. කොටියා වරින් වර අත්වැල කඩාගෙන ඇතුලට පනින්නට උත්සාහ කරයි. එහෙත් අත්වැල අල්ලාගෙන සිටිම ළමෝ එයට ඉඩ නොදෙති. කෙසේ හෝ කොටියා මැදට පැන එළුවා අල්ලා ගන්නට සූදානම් වුව හොත් එළුවා එළියට පැන අත්වැල් රවුම වටා දුවමින් ගැලවෙන්නට උත්සාහ දරයි. එළුවා අසුවුන හොත් ඔහු කොටියා වෙයි. වෙනත් ළමයෙකු එළුවා ලෙස නිරූපනය කරයි.

ද සිංහල අලුත් අවුරුදු සමයේ දී කා අතරත් ජනප්‍රිය ක්‍රීඩාවකි. විශේෂයෙන් කුඩා පිරිමි දරුවන් මෙම ක්‍රීඩාවට සම්බන්ධ වන අතර, ඇතැම් අවස්ථාවල දී ගැහැණු දරුවන් ද සම්බන්ධ කර ගනී. මෙම ක්‍රීඩාව කවි ගායනයක් සමග ක්‍රියාත්මක කෙරේ. තරමක් දිගු කවි පන්තියක් මේ සදහා උපයෝගී කර ගනී. එය සමූහ ගායනයක් වුව ද තනිවම ගයන පදයක් ද සමූහ වශයෙන් අත්වැල් ගායනයක්ද ඇතුලත් වේ. අත්වැල කඩාගෙන ඇතුලට පනින්නට සිදුවන ිසා තරමක සවි ශක්තිය ඇති පිරිමි ළමෝ මෙම ක්‍රීඩාවට බොහෝ විට සම්බන්ධ වෙති. කොටියා පළමු පදය ගායනා කරයි.

එළුවන් කන්නයි මං ආවේ...

එවිට අත්වැල් පිරිස සමූහ ගායනය කරති.

එළුබෙටි කාපාන් තුන්තීරේ.....

මේ අතර කොටියා වරෙක අත්වැල උඩින් පනින්නට උත්සාහ කරයි. එවිට ඔහු කිව යුත්තේ වෙනත් කවි පදයකි.

උඩින් පනින්...... යනුවෙන් අසමින් ඔහු පනින්නට උත්සාහ කරයි. පිරිස - තල්ල කැඩෙයි..... යනුවෙන් කියමින් ඔහුව වලකයි. තවත් වරෙක - යටින් රිංගන්..... යයි අසමින් ඔහු අත්වැල යටින් රිංගන්නට උත්සාහ දරයි. පිරිස - තිඹොල් ඇනෙයි..... කියමින් වලකති. තවත් වරෙක කොටියා මෙම අත්වැල ගැන විමසයි. - මේ වැල මොකදෝ...- එවිටම පිරිස - මදුවැල... කියා අත්වැල සවිමත් කරති.

මේ වැල මොකදෝ - මදුවැල

මේ වැල මොකදෝ - කිරිවැල

මේ වැල මොකදෝ - වේවැල

මේ වැල මොකදෝ - දම්වැල

තවත් වරෙක කොටියා නොයෙකුත් දේ කියමින් අත්වැල් පිරිස රවටන්නට උත්සාහ කරයි.

- කුරුළු කූඩු ..කූඩු දුටිම්....

පිරිස රැවටෙන්නේ නැත. ඔවුහු එයට පිළිතුරක් බදිති.

- අප දුටු කූඩුවක් නැතී..-

කුරුළු කූඩු කූඩු දුටිම් - අප දුටු කූඩුවක් නැතේ

ගිරා කූඩු කූඩු දුටිම් - අප දුටු කූඩුවක් නැතේ

ලේන් කූඩු කූඩු දුටිම් - අප දුටු කූඩුවක් නැතේ

කාක් කූඩු කූඩු දුටිම් - අප දුටු කූඩුවක් නැතේ

කොටියා ගායනා තාලය වෙනස් කරමින් වෙනත් වෙනත් දෑ කියමින් එළුවාගේ අයිතිය තහවුරු කරන්නට වෙර දරයි. පිරිස එය පිළිනොගෙන පිළිතුරු දෙති.

එළුවන් කන්ඩයි මං ආවේ - එළු බෙටි කාපන් තුන්දීරේ

හාවුන් කන්ඩයි මං ආවේ - හා බෙටි කාපන් තුන්දීරේ

ගෝනුන් කන්ඩයි මං ආවේ - ඒ බෙටි කාපන් තුන්දීරේ

කුකුළන් කන්ඩයි මං ආවේ - ඒ බෙටි කාපන් තුන්දීරේ

මේ වැල මොකදෝ - මදුවැල

මේ වැල මොකදෝ - කිරිවැල

මේ වැල මොකදෝ - වේවැල

මේ වැල මොකදෝ - දම්වැල

උඩින් පනින් - තල්ල කැඩෙයි

යටින් රිංගන් - තිඹොල් ඇනෙයි

ගේ ගොම ගාලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

ඉලපත දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

දරණුව දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

ඉරගල දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

සදගල දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

මාමා දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

නැන්දා දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

අයියා දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

අක්කා දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

මල්ලී දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

නංගී දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

එළුවන් කන්ඩයි මං ආවේ - එළු බෙටි කාපන් තුන්දීරේ

හාවුන් කන්ඩයි මං ආවේ - හා බෙටි කාපන් තුන්දීරේ

ගෝනුන් කන්ඩයි මං ආවේ - ඒ බෙටි කාපන් තුන්දීරේ

කුකුළන් කන්ඩයි මං ආවේ - ඒ බෙටි කාපන් තුන්දීරේ

එළුවා කපා අපේ ගෙටයි - ඒ බඩ වැල් තොපේ ගෙටයි

හාවා කපා අපේ ගෙටයි - ඒ බඩ වැල් තොපේ ගෙටයි

ගෝනා කපා අපේ ගෙටයි - ඒ බඩ වැල් තොපේ ගෙටයි

කුකුළා කපා අපේ ගෙටයි - ඒ බඩ වැල් තොපේ ගෙටයි

කොච්චි කොටඤ්ඤං රාළහාමි දෙනවද එළුවා

- කොච්චර කෙටුවත් නොදෙමුව අපගේ එළුවා..

බුලත් කොටඤ්ඤං රාළහාමි දෙනවද එළුවා

- කොච්චර කෙටුවත් නොදෙමුව අපගේ එළුවා..

කුඹුරු කොටඤ්ඤං රාළහාමි දෙනවද එළුවා

- කොච්චර කෙටුවත් නොදෙමුව අපගේ එළුවා..

හොදට නටඤ්ඤං රාළහාමි දෙනවද එළුවා

- කොච්චර නැටුවත් නොදෙමුව අපගේ එළුවා..

"ජන ක්‍රීඩා" ප්‍රවර්ගයට අයත් පිටු

මෙම ප්‍රවර්ගය සතු වන්නේ මෙහි පහත දැක්වෙන පිටුව පමණි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අධ්‍යාපන මනෝ විද්‍යාවදොන් බාරොන් ජයතිලකදන්ත කුමරු හේමමාලා කුමරියඑදිරිවීර සරච්චන්ද්‍රඅඹසේනක බිබිලේසමනල කන්දවෙබ් අඩවිකෘෂි කර්මාන්තයතාරකා විද්‍යාවසෞඛ්‍ය සේවායාපහුව බලකොටුවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමසිංහල භාෂාවප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)වේදිකා නාට්‍යඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තලිංගික සංසර්ගයසර්පයෝකොළඹ ජාතික කෞතුකාගාරයශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයනෙළුම් කුළුණශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ජානපරිගණක ඉතිහාසයඡායාරූප ශිල්පීචතුරාර්ය සත්‍යයප්‍රතිචක්‍රීයකරණයශ්‍රී ලංකාවේ සිනමාවඅනුර කුමාර දිසානායකරෝසලංකා ඉතිහාසය-මහාවංශය යනුබඩ ඉරිඟුඉන්දියාවශ්‍රී ලංකාවේ කම්කරු නීතියමනෝවිද්‍යාවවිෂ්ණුඇම්බැක්කේ දේවාලයඅන්තර්ජාලයරුසියානු විප්ලවයඅභය වැවපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයමිත්‍රත්වයවළි කුකුළාඕ‍සෝන් වියනහෘදයාබාධයධම්මපදයසංගීතයසිංහල හෝඩිඅපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයලංකාවේ වාරි කර්මාන්තයආර්ථික සංවර්ධනයශ්‍රී ලාංකීය සංස්කෘතියසංඝමිත්තා තෙරණියමොණරවිල කැප්පෙටිපොළයුනෙස්කෝඑස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකාවේ ආදිවාසීන්සමාජයපොළොන්නරුව (බහුරුත්හරණය)චිත්‍ර කලාවවිශ්වයඉන්දු නිම්න ශිෂ්ටාචාරයසිංහල මිණුම් ඒකකහික්කඩුවේ සුමංගල තෙරණුවෝජාතික ජන බලවේගයකාවන්තිස්ස රජනීල් ආම්ස්ට්‍රෝන්සංස්කෘතියලේඋද්ධමනයඛනිජE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියපෘථිවි වායුගෝලය🡆 More