තාර්කික ද්වාර

තාර්කික ද්වාරයක් යනු බූලියන් ශ්‍රිතයක් ක්‍රියාවට නංවන්නාවූ එනම්, එකක් හෝ කිහිපයක් තාර්කික ප්‍රදානයන් මත තාර්කික මෙහෙයුමක් සිදුකොට එක් තාර්කික ප්‍රතිදානයක් ලබාදෙන්නාවූ පරාමාදර්ශිත හෝ භෞතික උපකරණයකි.

එය ට්‍රාන්සිස්ටර භාවිතාකොට නිපදවා ඇති ඉලෙක්ට්‍රොනික උපාංගයකි. ද්වාර කපාට නමින්ද මෙය හඳුන්වයි.ඉලෙක්ට්‍රොනික භාවිතයේදී ලොජික් ගේට් යනුවෙන් හඳුන්වයි.ඉලෙක්ට්‍රොනික උපාංගවලට භාවිතා වන නම් සිංහලට පරිවර්තනයේදී සුළු අඩුපාඩුකම් ඇතිවීමට පුළුවන. කෙසේවෙතත් කාර්මිකයින් ගේට් යන තනි වචනයෙන් මෙය හඳුන්වයි. තාර්කිකව ක්‍රියා කරනු ලබන ඕනෑම ඉලෙක්ට්‍රොනික පරිපථයක එක ගේටයක් හෝ අන්තර්ගතයි.පරිගණකයද ඇතුළුව මේ සියලු තර්ක පරිපථ තර්ක මට්ටම් දෙකක් භාවිතා කරයි. එනම් බින්දුව සහ එක(0සහ1) වේ. විටක බින්දුව සෘණ තත්වය ලෙසද, එක ධණ තත්වය ලෙසද, විටක බින්දුව (OFF) තත්වය ලෙසද, එක (ON)තත්වය ලෙස භාවිතා වේ.එබැවින් සෘණ හෝ( OFF) යනුවෙන් හැදින්වෙන්නේ බින්දුව බවත්, ධණ හෝ( ON) යනුවෙන් හැඳින්වෙන්නේ එක බවත්, දත යුතුයි.පරිපථ සැලසුම් කරනයේදී මූලිකව ගේට වර්ග 3ක් භාවිතා කරයි.

  1. ඇන්ඩ් ගේට්
  2. ඔර් ගේට්
  3. නොට් ගේට්

යනු එම ගේට වර්ග 3යි. පරිපථයන් ඇදීමේදී ඇන්ඩ්, නොට්, ඔර්,යන ගේට යොදා ගත්තද පරිපථ සෑදීමේදී බොහෝ විට නැන්ඩ් ගේට් යොදාගනු ලබයි. එයට හේතුව නම් නැන්ඩ් ගේටය යොදා ගනිමින් අනිකුත් ගේට 3 ම තනා ගත හැකි වීමයි.මෙම හේතුව නිසා නැන්ඩ් ගේටය සර්ව ගේටය ලෙස හඳුන්වයි.මේ සෑම ගේටයකම තොරතුරු (ඩේටා) අතුළු කරන අග්‍ර සහ පිටකරන අග්‍ර පිහිටා ඇත.තොරතුරු (ඩේටා) අතුළු කරන අග්‍රය ප්‍රදානය (input) ලෙසද,තොරතුරු පිටකරන අග්‍රය ප්‍රතිදානය (output) ලෙසද, හදුන්වනුලබයි.

තාර්කික ද්වාර

තාර්කික ද්වාරයක් යනු බූලියන් ශ්‍රිතයක් ක්‍රියාවට නංවන්නාවූ එනම්, එකක් හෝ කිහිපයක් තාර්කික ප්‍රදානයන් මත තාර්කික මෙහෙයුමක් සිදුකොට එක් තාර්කික ප්‍රතිදානයක් ලබාදෙන්නාවූ පරාමාදර්ශිත හෝ භෞතික උපකරණයකි.

ප්‍රදානයන් 2 සහිත ඇන්ඩ් ගේටයක් භාවිතයේදී පහසුව තකා එහි ප්‍රදානයන් A-B වශයෙන් නම් කරනු ලැබේ.ප්‍රතිදානය Y යනුවෙන් ගත හැක.මෙය ප්‍රායෝගිකව භාවිතයේදී ඉතාමත් සුමට සරල ධාරාවක් ලබා දිය යුතුය.ප්‍රදානයට තර්ක 0 අගය ලභාදීමට විදුලි සැපයුමේ ඍණ අග්‍රයද. තර්ක 1 අගය ලභාදීමට විදුලි සැපයුමේ ධන අග්‍රයද සම්බන්ද කරනුලැබේ.මේ අනුව A-B යන ප්‍රදානයන් දෙකටම ඍණ ලබා දුන් විට ප්‍රතිදානයෙන් පිට වන්නේ ඍණ මය. A ප්‍රදානයට තර්ක 0 අගය හා B ප්‍රදානයට තර්ක 1 අගය ලබා දුන් විටත් පිට වන්නේ ඍණ මය. නමුත් ප්‍රදානයන් දෙකටම ධන ලබා දුන් විට ප්‍රතිදානය ධන පිටකරයි.A-B ප්‍රදානයන් හට සපයනු ලබන විභව අග්‍ර අනුව Y ප්‍රතිදානය කුමන තර්ක අගයක් ගනීදැයි සත්‍ය සටහන මගින් දැනගත හැක.

තාර්කික ද්වාර 
ඇන්ඞ් ගේටයක සංකේතයක්
තාර්කික ද්වාර 
සරල පරිපථය

බූලියන් ප්‍රකාශනය A.B=Y
ඇන්ඩ් ගේට් තර්ක සටහන

A ප්‍රදානය B ප්‍රදානය Y ප්‍රතිදානය
0 0 0
1 0 0
0 1 0
1 1 1

මෙහි දැක්වෙන්නේ ඇන්ඞ් ගේටයක සංකේතයක් සහ එහි ක්‍රියාකාරිත්වය වටහා ගැනීමට යොදා ගතහැකි සරල පරිපථයකි.






තාර්කික ද්වාර

තාර්කික ද්වාරයක් යනු බූලියන් ශ්‍රිතයක් ක්‍රියාවට නංවන්නාවූ එනම්, එකක් හෝ කිහිපයක් තාර්කික ප්‍රදානයන් මත තාර්කික මෙහෙයුමක් සිදුකොට එක් තාර්කික ප්‍රතිදානයක් ලබාදෙන්නාවූ පරාමාදර්ශිත හෝ භෞතික උපකරණයකි.

ඔර් ගේටයද ප්‍රායෝගික භාවිතයේදී ඇන්ඞ් ගේටයට සමානවේ.නමුත් (A-B) ප්‍රදානයන් වෙත යොදනු ලබන තර්ක අගයන් හට (Y) නම් ප්‍රතිදානය වෙනස් තර්ක අගයන් පෙන්වයි.

තාර්කික ද්වාර 
ඔර් ගේටයක සංකේතයක්
තාර්කික ද්වාර 
සරල පරිපථය

බූලියන් ප්‍රකාශනය A+B=Y
ඔර් ගේට් තර්ක සටහන

A ප්‍රදානය B ප්‍රදානය Y ප්‍රතිදානය
0 0 0
1 0 1
0 1 1
1 1 1

මෙහි දැක්වෙන්නේ ඔර් ගේටයක සංකේතයක් සහ එහි ක්‍රියාකාරිත්වය වටහා ගැනීමට යොදා ගතහැකි සරල පරිපථයකි.








තාර්කික ද්වාර

තාර්කික ද්වාරයක් යනු බූලියන් ශ්‍රිතයක් ක්‍රියාවට නංවන්නාවූ එනම්, එකක් හෝ කිහිපයක් තාර්කික ප්‍රදානයන් මත තාර්කික මෙහෙයුමක් සිදුකොට එක් තාර්කික ප්‍රතිදානයක් ලබාදෙන්නාවූ පරාමාදර්ශිත හෝ භෞතික උපකරණයකි.

මෙය අපවර්තකය යනුවෙන්ද හදුන්වයි. ක්‍රියාකාරිත්වය ඉතාමත් සරලයි. මතක තබාගැනීමට පහසුයි. ප්‍රදානය (0) අගය ගත්විට ප්‍රතිදානය (1) වේ. ප්‍රදානය (1) අගය ගත්විට ප්‍රතිදානය (0) වේ.

තාර්කික ද්වාර 
නොට් ගේටයක සංකේතයක්
තාර්කික ද්වාර 
සරල පරිපථය

බූලියන් ප්‍රකාශනය Ā=Y
නොට් ගේට් තර්ක සටහන

A ප්‍රදානය Y ප්‍රතිදානය
0 1
1 0

මෙහි දැක්වෙන්නේ නොට් ගේටයක සංකේතයක් සහ එහි ක්‍රියාකාරිත්වය වටහා ගැනීමට යොදා ගතහැකි සරල පරිපථයකි.








Tags:

ට්‍රාන්සිස්ටර

🔥 Trending searches on Wiki සිංහල:

ලිංගික සංසර්ගික ඉරියව්මහ වැව් නාමාවලියසියඹලාශ්‍රී දළදා මාළිගාවඅඟහරු ග්‍රහලොවබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුපුරාතන මිසරයපොහොරශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවසංවිධාන ගැටුම්තෝමස් හොබ්ස්බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාවළගම්බා රජලංකාවේ කැලෑ බළලුන්පැපොලනව සීලන්තයතේධාතුසේන රජඋපායශීලී සැලසුම්කරණයතෝමස් අල්වා එඩිසන්රුසියානු-යුක්‍රේන යුද්ධයසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකාවේ සිනමාවජන කවිවනාන්තරයත්‍රිපිටකයචන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයසීතාවක පළමුවන රාජසිංහ රජුජලයමානවවාදී මනෝවිද්‍යාවහික්කඩුවහින්නෝන්මාදයශ්‍රී ලංකාවේ බලකොටුශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමමහා කාශ්‍යප රහතන් වහන්සේදියවැඩියා රෝගයවසූරියයාපහුවතම්මැට්ටමශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයදස මහා යෝධයෝසිංහල සන්ධිනාලන්දා විද්‍යාලය, කොළඹආගම්සිංහයාමහාද්වීපසැළලිහිණි සන්දේශයපිළිකාගෝලීය ආර්ථීක අර්බුදජාත්‍යන්තර වෙළඳාමඅනුරාධපුර යුගයේ සිතුවම්විද්‍යුත් සෘණතාවයපරිගණක දෘඩාංගමඩු (ශාක වර්ගය)නව අරහාදී බුදුගුණටී. මහේෂ්වරන්වළි කුකුළාත්‍රිවිද්‍යාග්‍රහලෝකචන්ද්‍ර මාස ක්‍රමයලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්විදුලි ක්ෂමතාවතනි වචන (සිංහල භාෂාව)පුරාණ රෝමයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිප්‍රථමක සංඛ්‍යාශ්‍රී ලංකාවේ දාගැබ්සාපේක්ෂතා වාදයආකල්පලිංගාශ්‍රිත රෝගප්‍රංශයඋපාලි විජේවර්ධනබිල් ගේට්ස්පරිගණක මෘදුකාංගමැලේරියාවසීගිරි බිතු සිතුවම්මිනිස් ඇස🡆 More