ටමාසික්

ටමාසික් ( පැරණි ජාවා භාෂාවෙන් 'මුහුදු නගරය' යන අර්ථය) යනු, නූතන සිංගප්පූරුව පිහිටි අඩවියෙහි, ආදියෙහිදී තිබූ නගරයක නමකි .

14වන සියවසෙහි සිට, මෙම දිවයින ‘‘‘සිංහපුර‘‘‘ලෙසින්ද හැඳින්වුනු අතර, එය ව්‍යුත්පන්න වූයේ "සිංහ නගරය" යන අර්ථය දෙන සංස්කෘත පදයකිනි. පුරාවෘත්ත විසින් සඳහන් කරනුයේ, 1299දී සන් නීලා උතමා මෙම දිවයින වෙත පැමිණි විට, සිංහයෙකු මෙන් පෙනුණු නොදන්නා සතෙකු දුටු බවත් ඒ අනුව මෙම නම තැබූ බවත්ය.

මිථ්‍යා ප්‍රබන්ධ සහ පුරාවෘත්තයන් විසින් සිංගප්පූරුවෙහි ආදි ඉතිහාසය අපැහැදිලි කොට ඇතත්, පුරා විද්‍යාත්මක සාක්ෂි සහ සංචාරකයන් විසින් ලිඛිත ආශ්‍රයන් වෙතින් කිසියම් නිගමනයන් කරා එළැඹිය හැක. 14වන සියවස වන විට නාගරික-නොවුනු ජනාවාසයක් මෙම අඩවියෙහි පැවති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි සැපයෙයි. සංචාරකයන්ගේ සඳහන් විසින් කිසියම් සාක්ෂි සැපයෙන්නේ, 2වන සියවස තරම් ඈත අතීතයෙහි මෙහි නගරයක් හෝ සුළු නගරයක් හෝ පැවැති බවයි. එහි ශ්‍රී විභූතිය පැවති කාලයේදී, නගරය සතුව මැටියෙන් තැනූ විශාල නගර ප්‍රකාරයක් සහ අගලක් තිබුණි; බොහෝ ගොඩනැගිලි ගල් සහ ගඩොල් අත්තිවාරම් සහිතව තනා තිබුණි. පැරණි මැටි භාණ්ඩ, කාසි, ආභරණ සහ අනෙකුත් මානවකෘති වල නෂ්ටාවශේෂ හමුවී ඇති අතර, මෙම මානවකෘති වලින් බොහෝමයක් චීනයේ, ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ, සහ ඉන්දුනීසියාවේ විවිධ පළාත් වලින් ආනයන කළ බවක් විශ්වාස කෙරෙයි. ප්‍රාදේශීය වෙළෙඳ කේන්ද්‍රයක් ලෙසින් නගරය පැවැති බවට මේවා සාක්ෂි ලෙසින් සමහරවිට සැලකෙයි. වඩාත් විශාල සේද මගෙහි කොටසක් වන ජලරුහ මගක්, ටමාසික් හරහා යයි.

7වන සිට 13වන සියවස දක්වා, සිංගප්පූරු දිවයින පාලනය කරනු ලැබුවේ සුමාත්‍රාව පදනම් කොට ගත් ශ්‍රීවිජය අධිරාජ්‍යය විසිනි. 14වන සියවසෙහිදී, බලකොටු නගරයක් සහ වෙළෙඳ කේන්ද්‍රයක් ලෙසින් ටමාසික් නිර්ගමනය වත්ම, ශ්‍රීවිජය අධිරාජ්‍යය දිගු පරිහානි කාල පරිච්ඡේදයකට පිවිස සිටියේය. මෝජපහි අධිරාජ්‍යය විසින් 1401දී නගරය යටත්කරගැනුම යම්තම් වැලකී ගිය අතර, 15 වන සියවසෙහිදී, මලක්කා සුල්තාන් රාජ්‍යයෙහි බලපෑමට නගරය නතු විය. 1511දී, පෘතුගීසීන්ට මලක්කාව අයත් වීමෙන් පසුව, මැලේ ජාතික ජොහෝර් සුල්තාන් රාජ්‍යයේ පාලනයට නගරය නතු විය. . බ්‍රිතාන්‍යයන් විසින් අල්ලාගැනීමේදී, පසුබසින ලෙස ටමාසික් සේනාංකය වෙත සියම රජ විසින් නියෝග කළේ, සියමයේ බටහිර දේශසීමාවෙහි තවත් ප්‍රදේශ අත්පත් කරගැනීමට අවස්ථාවක් ලබාගැනුමට එය භාවිතා කර ගැනීම වලක්වනු පිණිසය. [උපහරණ ඇවැසිය]

සිංගප්පූරුවේ ජාතික සම්මාන

ජනරජයේ වඩාත්ම වැදගත් ජාතික සම්මාන සඳහා නම් තබා ඇත්තේ බීන්ටන් ටමාසික් (ටමාසික්හී තාරකාව අත්‍යන්ත අන්තරායකාරී අවස්ථාවන්හිදී, විශේෂිත ධෛර්යයසම්පන්න සහ කුසලතාසම්පන්න ක්‍රියාවන් සිදුකෙරුම හෝ රාජකාරිය වෙත ප්‍රකට ළැදියාව ප්‍රදර්ශනය කිරීම සඳහා) සහ දර්ජා උතමා ටමාසික් (ටමාසික්හී උත්තම පදවිය, රට වෙනුවෙන් විශිෂ්ට සහ විශේෂිත මෙහෙවර සඳහා) ලෙසිනි.

මෙම නම සහිත අනෙකුත් ආයතන:

  • ටමාසික් හෝල්ඩිංස්
  • ටමාසික් කණිෂ්ඨ ශාස්ත්‍රාලය
  • සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙහි ටමාසික් ජීවන විද්‍යා පරීක්ෂණාගාරය
  • නැන්යැන් තාක්ෂණික විශ්වවිද්‍යාලයෙහි ටමාසික් පරීක්ෂණාගාර
  • ටමාසික් බහුතාක්ෂණික ආයතනය
  • ටමාසික් ද්වීතියික පාසැල
  • ටමාසික් කුළුන

බාහිර සබැඳි

Tags:

සංස්කෘතසිංගප්පූරුව

🔥 Trending searches on Wiki සිංහල:

සුමන සමන් දෙවියෝඉංග්‍රීසි භාෂාවලංකා ඉතිහාසය-මහාවංශය යනුභගමණියශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවදේශපාලන න්‍යායයුනෙස්කෝමුදු කරවලාකෘෂි කර්මාන්තයමිනිත්තුප්‍රභාසංශ්ලේෂණයසමනලයාමානසික ‍අක්‍රමතාදෙවි දේවතාවියෝකන්තලේ වැවගාලු කොටුවසිංහල අක්ෂර වින්‍යාසයසෙම්ප්‍රතිශ්‍යාවඩඩ්ලි සේනානායකතාරකා විද්‍යාවපූජාවලියශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසිකුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ ජාතික සංකේතසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගකැලණියමිනිස් ලිංගික ක්‍රියාමී මැසි පාලනයශ්‍රී ලංකාවසිංහල හින්දු අලුත් අවුරුද්දසමලිංගිකතාවඋද්ධමනයශ්‍රී ලංකාවේ සිනමාවලන්දේසි ලංකාවඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තබුදු දහමනායකත්වයක්ෂුද්‍ර ජීවීන්අනුරාධපුර පෞරාණික නගරයඅන්තර්ජාලයඅධ්‍යාපන මනෝ විද්‍යාවවිජයබා කොල්ලයපුරාවිද්‍යාවපුවත්පත්නිෂ්පාදන හැකියා මායිමයමන් රාගයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරලිංගික සංසර්ගික ඉරියව්යු‍රේනස්ශ්‍රී ලංකා රුපියලවාරියපොල ශ්‍රී සුමංගල හිමිඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකලූඩ්විග් වැන් බීතෝවන්රූපවාහිනියනාට්‍ය කලාවවැලිවිට සරණංකර හිමිආවර්තිතා වගුව2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයශ්‍රී ලංකා මහ බැංකුවෆේස්බුක්ස්ත්‍රී පුරුෂ භාවයඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණකෝමාරිකාපළමුවන විජයබාහු රජඅයිසැක් නිව්ටන්ගූගල්පෘතුගීසි ලංකාවදරු නැලවිලි ගීපොලිසියදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමශ්‍රී ලංකාවේ පළාත් මල්මහා පත්තිනි දේවාලය, නවගමුවඅනුරාධපුර ජේතවනාරාමයසිංහරාජ වනාන්තරයනාඡයාරූපකරණයසිංහල න-ණ ල-ළ බේදය🡆 More