කාබොක්සිලික් අම්ලයක් යනු කාබොක්සිල් කාණ්ඩයක් (C(=O)OH) අඩංගු වන්නා වූ කාබනික සංයෝගයකි. කාබොක්සිලික් අම්ලවල පොදු සූත්‍රය R–COOH වන අතර, R මඟින් අණුවේ ඉතිරි (බොහෝවිට ඉතා විශාල) කොටස දැක්වේ.
කාබොක්සිලික් අම්ල පුළුල් පරාසයක් තිබෙන අතර ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන සැදී ඇති ද්‍රව්‍ය) හා ඇසිටික් අම්ලය (විනාකිරිවල කොටසක් වන අතර පරිවෘත්තියේදී හටගැනේ) ද අයත් වෙයි.
කාබොක්සිලික් අම්ලවල ලවණ හා එස්ටර කාබොක්සිලේට ලෙස හඳුන්වයි. කාබොක්සිල් කාණ්ඩයකින් හයිඩ්‍රජන් ප්‍රෝටෝන ඉවත් වූ විට, එහි සංයුග්මක භෂ්මය විසින් කාබොක්සිලේට් ඇනායනයක් සාදනු ලැබේ. කාබොක්සිලේට් අයන සාම්ප්‍රයුක්ත ව ස්ථායී නිසා මෙම ස්ථායීතාව කාබොක්සිලික් අම්ල ඇල්කොහොලවලට වඩා ආම්ලික කරයි. කාබොක්සිලික් අම්ලය කාබන් ඩයොක්සයිඩ් ලුවිස් අම්ලයේ ඔක්සිහරිත හෝ ඇල්කිල්කෘත ස්වරූපයෙන් දක්නට ලැබෙන අතර සමහර අවස්ථාවලදී කාබන් ඩයොක්සයිඩ් ලැබීමට විකාබොක්සිල්කරණය වේ.
කාබොක්සිලික් අම්ල පොදුවේ ඒවායේ සාමාන්‍ය නම් වලින් හැඳින්වෙන අතර, සමැනින් -ic නිපාතයෙන් අවසන් වේ. IUPAC නිර්දේශිත නාමකරණයේ දී කාබොක්සිලික් අම්ල -oic acid නිපාතය යොදා අවසන් කරයි. කාබොක්සිලික් අම්ල ඇති සංකීර්‍ණ අණු වල නාමකරණයේ දී වෙනත් ආදේශිත කාණ්ඩ තිබුණ ද කාබොක්සිල් කාණ්ඩය සහිත දාමය මව් දාමය ලෙස යොදා ගනියි. උදා- 3-chloropropanoic acid.වෙනත් අයුරකින් එය වෙන මව් දාමයක වෙතොත් "carboxy" හෝ"carboxylic acid" යන්න ආදේශිත කාණ්ඩයක් ලෙස යොදා ගනියි. (උදා-2-carboxyfuran).
කාබන් පරමාණු ගණන | පොදු නම | IUPAC නම | රසායනික සූත්‍රය | පොදු පිහිටුම හෝ භාවිතය |
---|---|---|---|---|
1 | කාබොනික් අම්ලය | Carbonic acid | OHCOOH | ලේ හා පටකවල (බයිකාබනේට් ස්වාරක්‍ෂක පද්‍ධතිය) |
1 | ෆෝමික් අම්ලය | Methanoic acid | HCOOH | කෘමි විසෙහි |
2 | ඇසිටික් අම්ලය | Ethanoic acid | CH3COOH | විනාකිරි |
3 | ප්‍රොපයොනික් අම්ලය | Propanoic acid | CH3CH2COOH | ගබඩා කළ ධාන්‍ය පරිරක්‍ෂණයට, සිරුරු දුගඳ |
4 | බ්‍යූටිරික් අම්ලය | Butanoic acid | CH3(CH2)2COOH | බටර් |
5 | වැලරික් අම්ලය | Pentanoic acid | CH3(CH2)3COOH | වැලීරියන්(Valerian) |
6 | කැප්‍රොයික් අම්ලය | Hexanoic acid | CH3(CH2)4COOH | එළු මේදය |
7 | එනැන්තික් අම්ලය | Heptanoic acid | CH3(CH2)5COOH | |
8 | කැප්‍රිලික් අම්ලය | Octanoic acid | CH3(CH2)6COOH | පොල් හා මව්කිරි වල |
9 | පෙලාර්ගොනික් අම්ලය | Nonanoic acid | CH3(CH2)7COOH | පෙලාර්ගෝනියම් |
10 | කැප්‍රික් අම්ලය | Decanoic acid | CH3(CH2)8COOH | පොල් හා පාම් මදයේ තෙල් වල |
11 | අන්ඩිසිලික් අම්ලය | Undecanoic acid | CH3(CH2)9COOH | |
12 | ලෝරික් අම්ලය | Dodecanoic acid | CH3(CH2)10COOH | පොල් තෙල් හා අත් සේදුම් සබන් වල |
13 | ට්‍රයිඩිසිලික් අම්ලය | Tridecanoic acid | CH3(CH2)11COOH | |
14 | මිරිස්ටික් අම්ලය | Tetradecanoic acid | CH3(CH2)12COOH | සාදික්කා වල |
15 | පෙන්ටාඩෙසිලික් අම්ලය | Pentadecanoic acid | CH3(CH2)13COOH | |
16 | පැල්මිටික් අම්ලය | Hexadecanoic acid | CH3(CH2)14COOH | පාම් තෙල්වල |
17 | මාගරික් අම්ලය | Heptadecanoic acid | CH3(CH2)15COOH | |
18 | ස්ටියරික් අම්ලය | Octadecanoic acid | CH3(CH2)16COOH | චොකලට්, ඉටි, සබන් හා තෙල්වල |
19 | නොනඩෙසිලික් අම්ලය | Nonadecanoic acid | CH3(CH2)17COOH | මේද, එළවළු තෙල්, ෆෙරමෝන වල |
20 | ඇරැකයිඩික් අම්ලය | Icosanoic acid | CH3(CH2)18COOH | රටකජු තෙල් වල |
සංයෝග පන්තිය | සාමාජිකයන් |
---|---|
අසංතෘප්ත මොනොකාබොක්සිලික් අම්ල | ඇක්‍රිලික් අම්ලය (2-propenoic acid) – CH2=CHCOOH, බහුඅවයව සංස්ලේෂණයේ දී යොදා ගැනේ. |
මේද අම්ල | මධ්‍යම හා දිගු-දාම සංතෘප්ත හා අසංතෘප්ත අම්ල,කාබන් ඉරට්ටේ ගණනක් ද සහිත (උදා-ඩොකොසාහෙක්සාඊනොයික් අම්ලය හා එයිකොසාහෙක්සාඊනොයික් අම්ලය (පෝෂණ පරිපූරක) |
ඇමයිනෝ අම්ල | ප්‍රෝටීන් වල තැනුම් ඒකක |
කීටෝ අම්ල | කීටෝන කාණ්ඩයක් සහිත ජෛවරසායනික ව වැදගත් වන අම්ල(උදා-. acetoacetic acid හා pyruvic acid) |
ඇරෝමැටික කාබොක්සිලික් අම්ල | බෙන්සොයික් අම්ලයේ සෝඩියම් ලවණය අහර පරිරක්ෂකයක් ලෙස ගනියි, සැලිසිලික් අම්ලය - බීටා හයිඩ්‍රොක්සි ගණයේ වන අතර සමට සත්කාරක නිෂ්පාදන වල ඇත, කාබොක්සිලික් අම්ලයට ෆීනයිල් කාණ්ඩයක් සබැඳි සංයෝග කාණ්ඩය වන ෆීනයිල් ඇල්කනොයික් අම්ල. |
ඩයිකාබොක්සිලික් අම්ල | කාබොක්සිල් කාණ්ඩ 2ක් පවති යි. (උදා-. නයිලෝන් නිපදවීමට යොදා ගන්නා ඒකාවයවිකය වන ඇඩිපික් අම්ලය, සීනි අම්ල පවුලක් වන ඇල්ඩරික් අම්ල) |
ට්‍රයිකාබොක්සිලික් අම්ල | කාබොක්සිල් කාණ්ඩ 3ක් පවති යි. (උදා-. සිට්‍රික් අම්ලය- පැඟිරි වර්ගයේ පලතුරුවල, හා අයිසොසිට්‍රික් අම්ලය) |
ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල | හයිඩ්‍රොක්සි කාණ්ඩයක් අඩංගු වෙයි. (උදා-. ග්ලිසරික් අම්ලය, ග්ලයිකොලික් අම්ලය හා ලැක්ටික් අම්ලය (2-hydroxypropanoic acid) – ඇඹුල් කිරි වල හමු වෙයි, ටාටරික් අම්ලය -වයින් වල හමු වෙයි |
ඩයිවයිනයිල්ඊතර් මේද අම්ල | සමහර ශාකවලින් හමුවන අතර ඊතර බන්ධනයක් හරහා මේද අම්ලයකට සම්බන්ධ ද්විත්ව සංතෘප්ත කාබන් දාමයකින් සමන්විත යි. |
කාබොක්සිලික් අම්ල ධ්‍රැවීය වෙයි. මන් ද යත් ඒවා හයිඩ්‍රජන් බන්ධන ප්‍රතිග්‍රාහකයන් (කාබොනිල් –C=O) හා හයිඩ්‍රජන් බන්ධන දායකයන් (හයිඩ්‍රොක්සිල් –OH) යන දෙලාක්ෂණික වන අතර, ඒවා හයිඩ්‍රජන් බන්ධනයට සහභාගී වෙයි. හයිඩ්‍රොක්සිල් හා කාබනිල් කාණ්ඩ එකතුවෙන් කාබොක්සිල් ක්‍රියාකාරී කාණ්ඩය සෑදෙයි. කාබොක්සිල් අම්ල සාමාන්‍යයෙන් නිර්ධ්‍රැවීය මාධ්‍යයේ දී ඒවායේ ස්වසම්බන්ධනයට ඇති ලැදියාව නිසාවෙන් ද්විඅවයවික යුගල ලෙස පිහිටයි. කුඩා කාබොක්සිලික් අම්ල (කාබන් ගණන 1 සිට 5) ජලද්‍රාව්‍ය වන අතර, ඇල්කිල් කාණ්ඩයේ ජලභීතික සොබාව නිසා විශාල කාබොක්සිලික් අම්ල වඩා ජලඅද්‍රාව්‍ය වේ. මෙම වඩා දිගු දාම අම්ල, ඊතර හා ඇල්කොහොල වැනි අඩුවෙන් ධ්‍රැවීය ද්‍රාවකවල තරමක ද්‍රාව්‍ය ස්වභාවයක් ගනියි.
කාබොක්සිලික් අම්ලය | pKa |
---|---|
ඇසිටික් අම්ලය (CH3CO2H) | 4.76 |
බෙන්සොයික් අම්ලය (C6H5CO2H) | 4.2 |
ෆෝමික් අම්ලය (HCOOH) | 3.75 |
ක්ලෝරොඇසිටික් අම්ලය (CH2ClCO2H) | 2.86 |
ඩයික්ලෝරොඇසිටික් අම්ලය (CHCl2CO2H) | 1.29 |
ඔක්සලික් අම්ලය (HO2CCO2H) | 1.27 |
ට්‍රයික්ලෝරොඇසිටික් අම්ලය (CCl3CO2H) | 0.65 |
ට්‍රයිෆ්ලුවොරොඇසිටික් අම්ලය (CF3CO2H) | 0.23 |
කාබොක්සිලික් අම්ල, වෙසෙසින් එහි නශ්‍ය ව්‍යුත්පන්න සැර ගන්‍ධයකින් යුත් වෙයි. ඉන් පොදුතම වන්නේ ඇසිටික් අම්ලය (විනාකිරි) හා බ්‍යූටිරික් අම්ලය (මිනිස් වමනය) යි. පිළිපස් ලෙස කාබොක්සිලික් අම්ලවල එස්ටරවලට පසන් සුවඳක් තිබෙන අතර සුවඳ විලවුන් වලට භාවිතා කරයි.
This article uses material from the Wikipedia සිංහල article කාබොක්සිලික් අම්ලය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.