අතීන්ද්‍රිය සංජානනය ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය

ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය ( Error: }: text has italic markup (help)) හෙවත් ඊඑස්පී(ESP) යනු හඳුනාගත් භෞතික සංවේදන මගින් ලබා නොගන්නා, එ නමුත් මනසින් සංවේදන වන තොරතුරු ග්‍රහණය වීම කි.

ඩ්‍යුක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් වන ජේ. ආර්. රයින් විසින් පහත සඳහන් හැකියාවන් සඳහා මෙම අර්ථ දැක්වීම යොදා ගන්නා ලදී.

අතීන්ද්‍රිය සංජානනය ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය
1930 ගණන්වල අතීන්ද්‍රිය සංජානන පරීක්ෂණ උදෙසා මුලින් ම යොදා ගත්තේ සෙනර් සටහන්පත් ය.
ටෙලිපති (පංචේන්ද්‍රියේ සහය නොමැතිව හැඟීම් හා සිතුවිලි ඇති වීම) පූර්වඥානය (අනාගත අවස්ථා පිළිබඳ පූර්ව දැනුම) හා අනාගත සංජානනය(පසිදුරන්ගේ සහය නොමැතිව පුද්ගලයින්ට විවිධ අවස්ථාවන් වස්තූන් , අනාගත සිදුවීම් පිළිබඳ අවබෝධය ලබා ගැන්මට ඇති හැකියාව)

ඇතැම් විට හයවන සංවේදනය, අසංඥ කෞශ්‍යලයක්, සහජ ඥානයක් ලෙස ව්‍යවහාර වෙයි. එනම් විද්‍යාව මගින් පහදා නොදුන් තොරතුරු ලබා ගැනීමේ ප්‍රභවයන් වෙයි. ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය ගැන පැතුරුණු විශ්වාසයන් පැවතිය ද විශ්වාසදායී තොරතුරු හා සෛද්ධාන්ත නොමැතිවීම නිසා ඒ පිළිබඳව ඒත්තු ගැන්වීමට නොහැකි වී ඇත. විද්‍යාත්මකව පහදා දිය හැකි තොරතුරු තවමත් නොමැති වීම නිසා ඉන්ද්‍රිය පරිබාහිර සංවේදන විවාදාත්මක මාතෘකාවකි. අධිමානසික ශක්තීන් මගින් මෙහි පැවැත්ම ගැන පර්යේෂණ කෙරෙන අතර ගැන්ස්ෂීල්ඩ් වැනි පර්යේෂණ මගින් එය හොඳ සාක්ෂි ද සපයා ඇත. නමුදු විද්‍යාත්මක පසුබිමක් තුළ ඉන්ද්‍රිය පරිබාහිර සංවේදන අවබෝධය සහමුලින්ම පිළිගෙන නැත.

ඇතැම් පුද්ගලයන් ESP පිළිබඳව විශ්වාස කිරීමට සතුටු වන අතර ඇතැමුන් එය පිළිගැනීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරති. පාර-මනෝවිද්‍යාඥයින් (Parapsychologists) මෙම විෂයය පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යනය කරමින් මෙයට එකතරා සංකීර්ණත්වයක් ලබා දී ඇත. ඔවුන් ESP හි එකිනෙකට වෙනස් ආකාර 4ක් හඳුනාගෙන ඇත. ඒවා නම්,

  1. දිවැස (Clairvoyance)
  2. පරචිත්ත ඥානය/ටෙලිපති (telepathy)
  3. චිත්ත ශක්තියෙන් වස්තුවක් චලනය කිරීමේ හැකියාව (psychokinesis)
  4. අනාගත සිද්ධි දැනගැනීමේ හැකියාව (precognition)


සමහර පුද්ගලයන් විශ්වාස කරන්නේ සියලුම මිනිසුන්ට මෙම හැකියාව යම් පමණකින් හෝ ඇති නමුත් බොහෝමයක් දෙනා එම හැකියා වර්ධනය කර ගැනීමට නොපෙළඹෙන බවයි. බොහෝ දෙනා ESP පිළිබඳව සැක පහළ කරති. මේ පිළිබඳව වාර්තාගත වූ සංසිද්ධීන් අතරින් ඇතැම් ඒවා වංචනික බව හෙළි වී තිබේ. බොහෝ දෙනා මේ පිළිබඳව පළමු-ඝනයේ අත්දැකීම් නොමැතිව මෙය විශ්වාස කිරීමට මැලි වෙති. විද්‍යාත්මක සාක්ෂි වල හිඟතාවය එම පිරිස වැඩි වීමට හේතු වී තිබේ. නමුත් බොහෝදෙනා, ඇතැම් අවස්ථාවලදී, විස්තර කිරීමට/පැහැදිලි කිරීමට අපහසු සිද්ධීන් වලට මුහුණ දී ඇත. උදාහරණ වශයෙන් දුරකථනය නාද වන හඬ ඇසෙද්දීම මෙන් අනෙක් කෙලවරේ සිටින පුද්ගලයා කවරෙක්දැයි ඉබේම මෙන් වැටහෙන/දැනෙන අවස්ථා මෙන්ම හදිසි අනතුරු ආදී අහඹු සංසිද්ධීන් කලින් හැඟීම ආදිය දැක්විය හැක.

J.B. රයින්

ඩ්යුක් සරසවියේ උද්භිද විද්‍යාඥයෙකු වූ ජෝෂප් බෑන්ක්ස් රයින් 1934දි "අතීන්ද්‍රිය-සංජානනය" නමින්, ESP පිළිබඳව අතිමහත් සාක්ෂි අන්තර්ගත කෘතියක් ප්‍රකාශයට පත් කළේය. කෙසේවෙතත් අනෙකුත් විද්‍යාඥයන් එහි සඳහන් ප්‍රතිඵල නැවත ලබා ගැනීමට අපොහොසත් වූහ. මේ නිසා එම කෘතිය පිළිබඳව පැවති මුල් විශ්වසනීයත්වය සහ ජනප්‍රියත්වය අඩු විය.

Tags:

ප්‍රවර්ගය:Lang and lang-xx template errors

🔥 Trending searches on Wiki සිංහල:

වැදි ජනයාශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවපරිගණක මෘදුකාංගමිශ්‍ර සිංහල හෝඩියසන්නිවේදනයපෘථිවියෙහි භ්‍රමණයසමාජානුයෝජනයලූඩ්විග් වැන් බීතෝවන්අන්තර්ජාලයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියබුද්ධාගමදුර පැනීමඅභයගිරි දාගැබදැන්වීම්කරණයසිඟාලෝවාද සූත්‍රයප්‍රංශ විප්ලවයවාරණ රජ මහා විහාරයකජුබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාසප්ත කන්‍යා ගුවන් අනතුරසීගිරි බිතු සිතුවම්දළදා පෙරහැරශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලබෝවන රෝගතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයනර්තනයරනිල් වික්‍රමසිංහශ්‍රී ලංකාවචලිතය පිළිබඳ නිව්ටන් නියමපාසල්බුධමහනුවර යුගයේ සිතුවම් කලාවඋඩුනුවර ලංකාතිලක විහාරයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියගල් විහාරයසෞරග්‍රහ මණ්ඩලයජලභීතිකාවරක්‍ෂණයඡායාරූපයපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුචීනයමහනුවර යුගයේ රාජාවලියමෘදුකාංග ඉංජිනේරු ශිල්පයඉතාලියඡායාරූප ශිල්පීප්‍රජාපතී ගෝතමීසූනන් ඇඟ වැටීමේ ඵලාඵලප්‍රථමාධාරමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයදේශපාලන න්‍යායපණිභාරතස්ටීවන් හෝකිංඉංග්‍රීසි භාෂාවශ්‍රම බලකායනෙළුම් කුළුණකලාවකාල් මාක්ස්ශ්‍රී ලංකාවේ රබර් වගාවබයිබලයධවල පත්‍රිකාවඋතුරු මැද පළාත, ශ්‍රී ලංකාවගොටුකොලඅමෙන්හොටෙප් IIශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයචාමර වීරසිංහජලයකොළඹසිංහල නාඩගම්අෂ්ඨ විද්‍යාපොන්නම්බලම් රාමනාදන්ඇතීනාඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසප්‍රභාසංශ්ලේෂණයඩොල්ෆින්ලේ ගැලීම🡆 More