ආනන්ද විද්‍යාලය, කොළඹ

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතු බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය විසින් 1886 වර්ෂයේ නොවැම්බර් මස පළමුවෙනි දින කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කරන ලදි.

එය ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් අතරින් එකකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෞද්ධ පාසලක් වන අතර විශිෂ්ඨම පාසල් අතරින් එකකි. ආනන්ද විද්‍යාලය ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්වීතීක යන අංශ දෙකෙන්ම අධ්‍යාපන කටයුතු පැවැත්වේ.

ආනන්ද විද්‍යාලය
ආනන්ද විද්‍යාලය, කොළඹ
Location

ඛණ්ඩාංක6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E / 6.92500; 79.86917 79°52′09″E / 6.92500°N 79.86917°E / 6.92500; 79.86917
තොරතුරු
වර්ගයරජයට පවරාදුන් පාසලකි
ආදර්ශ පාඨයආනන්ද විද්‍යාලය, කොළඹ
අප්පමාදෝ අමතපදං
(ධම්මපදයයෙහි අප්පමාද වග්ගයේ ඇතුලත් බෞද්ධ ධර්ම පාඨයකි.)
අර්ථය: "අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා, වැඩීම නිවනට හේතුවේ."
ආරම්භ කලේ1886 නොවැම්බර් 01
විදුහල්පතිලාල් දිසානායක
වර්ණ(ය)ලෝහිත සහ රන්         
අනුබැඳියබෞද්ධ
වෙබ් අඩවියආනන්ද විද්‍යාලය
ආනන්ද විද්‍යාලය, කොළඹ
ආනන්ද විද්‍යාලයීය බුදු මැදුර
ආනන්ද විද්‍යාලය, කොළඹ
ආනන්ද විද්‍යාලයේ ආදී කර්තෘ කර්නල් හෙන්රි ස්ටීල් ඔල්කට් තුමා
ආනන්ද විද්‍යාලය, කොළඹ

ඉතිහාසය

ආනන්ද විද්‍යාලය ආරම්භ කරන ලද්දේ බෞදධ පරමවිඥානාර්ථ සංගමය විසිනි. ආරම්භයේදී එය හඳුන්වනු ලැබුවේ ඉංග්‍රීසි බෞද්ධ පාසල ලෙසිනි. එහි පරමාර්ථය වූයේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබීමට මිෂනාරි පාසල්වලට යාමට සිදුවන බෞද්ධ සිසුනට, බෞද්ධ පරිසරයක් තුළ ඉංග්‍රීසි බසින් ශිල්ප හැදෑරීමට අවකාශ සැලසීම යි. මන්දයත් එකල බෞද්ධ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමට සිදු වූයේ මිෂනාරි ඉංග්‍රීසි පාසල් වලිනි.

1886 වසරේ නොවැම්බර් මස පළමුදින ළමුන් 37 දෙනෙකුගෙන් යුතුව නො 61, මැලිබන් වීදිය, පිටකොටුව යන ස්ථානයේදී පාසල ප්‍රථමයෙන් ආරම්භ කරන ලදි. පළමු විදුහල්පතිතුමන් වූයේ සී. ඩබ්ලිව්. ලෙඩ්බීටර් මැතිඳුන්ය. 1889 වසරේදී පාසල නො 19, ප්‍රින්ස් වීදිය යන ස්ථානයට ගෙන යන ලද නමුත් 1895 වර්ෂයේදී, ඒ. ඊ. බුල්ජන්ස් මැතිඳුන් විදුහල්පතිව සිටි සමයේදී මරදානේ දැනට පිහිටි ස්ථානයට ගෙනයන ලද අතර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික මහරහත් ආනන්ද හිමිගේ නමින් පාසල ආනන්ද විද්‍යාලය ලෙස නම් කරන ලදි.

ඉතිහාසය

  • 1881 පෙබරවාරි 8 : කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්ගේ පැමිණීම.
  • 1885 මැයි 28 : සී. ඩබ්ලිව්. ලෙඩ්බීටර් මැතිඳුන්ගේ පැමිණීම.
  • 1886 ඔක්තෝම්බර් 22 : ඉංග්‍රීසි - බෞද්ධ මන්දිරයේ ආරම්භය.
  • 1886 ඔක්තෝම්බර් 23 : හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගේ ප්‍රධානත්වයෙන් පිටකොටුවේදී බෞද්ධ මහා සම්මේලනය පැවැත්වීම.
  • 1886 නොවෙම්බර් 1 : නො 61, මැලිබන් වීදීයේදී ඉංග්‍රීසි - බෞද්ධ පාසල ආරම්භ කිරීම.
  • 1889 ජනවාරි 16 : ප්‍රථම ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත් වීම.
  • 1889 මාර්තු : ඉංග්‍රීසි - බෞද්ධ පාසලේ ලියාපදිංචිය.
  • 1889 මැයි 27 : පළමු විභාගය පැවැත්වීම.
  • 1889 අගෝස්තු : නො 61, මැලිබන් වීදියේ සිට නො 19, ප්‍රින්ස් වීදියට පාසල ගෙන යාම.
  • 1889 දෙසැම්බර් : කේම්බ්‍රිජ් ජූනියර් විභාගය සමත් වු ප්‍රථම ආනන්දියා බවට ජේ.පී.ආර්. වීරසූරිය මහතා පත්වීම.
  • 1890 : ඒ. ඊ. බුල්ජන්ස් මැතිඳුන් විදුහල්පති ලෙස පත්වීම.
  • 1890 මාර්තු 1 : මිෂනාරි පාසල් වල විරෝධය හේතුවෙන් පාසල නො 54, මැලිබන් වීදියට ගෙනයාම.
  • 1890 ඔක්තෝම්බර් : දෙවන ත්‍යාග ප්‍රධානොත්සවය පැවැත් වීම.
  • 1891 නොවැම්බර් : කේම්බ්‍රිජ් ජූනියර් විභාගය ජර්මන් බසින් සමත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ආනන්ද ශිෂ්‍ය සී.සී. ජයතිස්ස මහතා පත්වීම.
  • 1892 සැප්තැම්බර් : ශිෂ්‍ය සංඛ්‍යාව 200ක් බවට පත්වීම.
  • 1893 නොවැම්බර් : ගොඩනැගිලි අරමුදලක් ආරම්භ කිරීම.
  • 1892 - 1895 : ශ්‍රී සුමංගල හිමි විසින් කළමනාකාරීත්වය දැරීම.
  • 1894 : ශිෂ්‍ය සංඛ්‍යාව 270ක් බවට පත් වීම.
  • 1894 ජනවාරි 1 : ටියුඩර් රාජපක්ෂ මැතිතුමන් විසින් පරණ වීදිය පෙදෙසින් අක්කර 3.2ක් පාසල සඳහා පරිත්‍යාග කිරීම.
  • 1895 අගෝස්තු 17 : ඉංග්‍රීසි - බෞද්ධ පාසල ආනන්ද විද්‍යාල බවට පත්වීම.


විශේෂ අවස්ථා

ආනන්ද ඉතිහාසයේ විශේෂ අවස්ථා ලෙස, ආසියාවේ ප්‍රථම නොබෙල් සම්මාන ලාභියා වන රබින්ද්‍රනාත් තාගෝර්තුමා 1922 වසරේ නොවැම්බර් දහවන (10) දින පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට ආරාධිත අමුත්තා ලෙසින් සහභාගීවීම සහ 1927 වසරේ මහත්මා ගාන්ධිතුමන්ගේ පැමිණීම දැක්විය හැක.


ආනන්ද විද්‍යාලයේ අද දවස

අක්කර 20ක භූමි භාගයක් පුරා පැතිර ඇති පාසලේ 13 වසර දක්වා පංති පැවැත්වෙන අතර සිසුන් 8000කට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබයි. සිප් සතර ලබා දීම සඳහා ලාල් දිසානායක විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වය යටතේ 400ක පමණ අදුරු මඩුල්ලක් සිටිති.2020 වසරේදී සත්මහල නම් ගොඩනැගිල්ලක් ඉදිකර විවෘත කරන ලදී.

සමිති සහ සංගම්

  • බෞද්ධ සංගමය
  • ගුවන් විදුලි සංගමය
  • ප්‍රවෘත්ති විකාශන ඒකකය
  • සෞඛ්‍යදාන ඒකකය
  • රිය නියාමක ඒකකය
  • බාලදක්ෂ සමාජය
  • ශිෂ්‍ය භට බලකාය
  • තොරතුරු තාක්ෂණ සමාජය
  • සංගීත කවය
  • නර්තන කවය
  • සිංහල සාහිත්‍ය සංගමය
  • හෙළ සිසු හවුළ
  • තාරකා විද්‍යා සංගමය
  • පුරාවිද්‍යා සංගමය
  • ජීව විද්‍යා සංගමය
  • වාණිජ සංගමය
  • කථික සමාජය
  • ඉංග්‍රීසි නාට්‍ය සංගමය
  • ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
  • පරිසර සංගමය
  • පුරාවිද්‍යා සංගමය
  • ඉන්ටරැක්ට් සමාජය
  • සිංහ සමාජය
  • ගණිත සංගමය
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව
  • ඡායාරූප කලා සංසදය
  • දැණුම මිනුම සමාජය
  • නව නිපයුම් ඒකකය
  • අමද්‍යප සංගමය

නිවාස

පාසලේ ශිෂ්‍යයන් නිවාස 4කට බෙදා ඇත:

  • පරාක්‍රම නිවාසය

පාට -      රතු

  • විජය නිවාසය

පාට -      තද කොල

  • අශෝක නිවාසය

පාට -      තද දම්

  • ගැමුණු නිවාසය

පාට -      නාවික නිල්

පුරාණ සිංහලේ රජවරුන්ගේ නම් වලින් නිවාස නම් කර ඇත. නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය සෑම වසරකම මුල් වාරයේදි පැවැත්වේ.

සුලෝහිත සංග්‍රාමය

සුලෝහිත සංග්‍රාමය යනු ආනන්ද විදුහල හා නාලන්දා විද්‍යාලය කොළඹ අතර 1925 වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වෙනු ලබන මහා ක්‍රිකට් සංග්‍රාමයයි.

මේ දක්වා ආනන්ද විද්‍යාලය බිහිකල ක්‍රිකට් විරුවන් ගණන අති මහත්ය:

සිදත් වෙත්තමුණි, අජිත් ද සිල්වා, සුනිල් වෙත්තමුණි, මිත්‍ර වෙත්තමුණි, බ්‍රෙන්ඩන් කුරුප්පු, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, දුලිප් සමරවීර, සංජීව රණතුංග, ධම්මික රණතුංග, හේමන්ත වික්‍රමරත්න, තිලාන් සමරවීර, සචිත්‍ර සේනානායක, තිළිණ කණ්ඩම්බි, මුතුමුදලිගේ පුෂ්පකුමාර, මහේල උඩවත්ත, චන්දික හතුරුසිංහ, අවිශ්ක ගුණවර්ධන, භාතිය පෙරේරා, ප්‍රසන්න අමරසිංහ, අකලංක ගනේගම, ඕෂධී වීරසිංහ, දිනේශ් චන්දිමාල්

ක්‍රීඩා සංගම්

  • මලල ක්‍රීඩා
  • ඔරු පැදීම
  • පිහිනුම්
  • ක්‍රිකට්
  • චෙස්
  • කැරම්
  • පාපන්දු
  • පැසි පන්දු
  • අංගම්පොර

  • කබඩි
  • බැඩ්මින්ටන්
  • ටෙනිස්
  • හොකී
  • බාලදක්ෂ
  • ස්කොෂ්
  • බේස්බෝල්
  • වොලිබෝල්

  • බොක්සිං
  • වූෂු
  • කරාතේ
  • ජූඩෝ
  • ජිම්නාස්ටික්
  • මේස පන්දු
  • රගර්
  • කබඩි
  • තුර්යවාදක ඛණ්ඩය(බටහිර)
  • ශිෂ්‍ය භට

පාසල් ගීතය

දින දින කිතු ගොස බෝවී - වැජඹෙනු අනඳ ප මාතා //
    සුදිලී - ජයවී - ලොවෙහී
සාදා දීලා සිප්සත හා - කලා ද විනේ ද පහදා //
    එඩිතර සිංහල දරු කැල සදාල
දින දින කිතු ගොස බෝවී - වැජඹෙනු අනඳ ප මාතා //
    ලකෙහී බෝ ආනන්දේ පතුරා
අනඳ තෙරුන් සේ ලෝ වැඩ සලසා //
    පේවී සේවේ නිසා වෙසේවා
පමාද නොවෙමූ තිලෝන දෙසුසේ
    දින දින කිතු ගොස බෝවී - වැජඹෙනු අනඳ ප මාතා //

ගීතයට සවන් දෙන්න:[permanent dead link]

සම්මාන හා කුසලාන

  • ෆ්‍රිට්ස් කූන්ස් අණුස්මරණ කුසලානය - පාසල් දිවිය තුල ලබා ගත හැකි ඉහලම සම්මානය මෙය වන අතර සෑම වසරකම පාසලින් පිටව යන "විශිෂ්ඨම ශිෂ්‍යයා" වෙනුවෙන් පිරිනැමේ.
  • විශිෂ්ඨම ක්‍රීඩකයා(MOS)
  • අනඳ පද්ම - ශිෂ්‍යකු ලෙස ක්‍රීඩාවෙන් විශිෂ්ඨ දක්ෂතා පෙන්වන්නන්ට පිරිනැමේ.
  • අනඳ ප්‍රදීප - අ.පො.ස (උ/පෙළ) විශිෂ්ඨ ලෙස සමත්වන්නන්ට පිරිනැමේ.

ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම්

  • ආදි ආනන්දීය බෞද්ධ සංගමය
  • එක්සත් රාජධානියේ ආදි ආනන්දීයන්ගේ සංගමය
  • එක්සත් ජනපද්යේ ආදි ආනන්දීයන්ගේ සංගමය
  • ආදි ආනන්දීයන්ගේ සංගමය, වික්ටෝරියා ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව (OAAV)
  • ජපානයේ ආදි ආනන්දීයන්ගේ සංගමය (OAAJ)
  • ආදි ආනන්දීය ගුවන් විදුලි සංගමය
  • ආනන්ද වානිජ සංගමය
  • ආනන්ද විද්‍යාලයීය ආදි නේවාසිකයන්ගේ සංගමය
  • ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය - දකුණු පළාත
  • ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය - ගම්පහ ශාඛාව
  • ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය - කෑගල්ල ශාඛාව
  • ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය - කළුතර දිස්ත්‍රික් ශාඛාව
  • ආදි ආනන්දීය කැළණි වැලි සංගමය
  • ආදි ආනන්දීය මාධ්‍ය කවය
  • ආදි ආනන්දීය බාලදක්ෂ සංගමය
  • ආදි ආනන්දීය ක්‍රීඩා සමාජය
  • ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය - රත්නපුර ශාඛාව

ආනන්දයෙන් බිහිවූ විශිෂ්ඨයන්

ආනන්ද විද්‍යාලයෙන් දැයට දායාද කළ විශිෂ්ඨ චරිත බොහෝ ය. මහාචාර්ය විද්‍යාජෝති වී. කේ. සමරනායක, මහාචාර්ය ඩබ්ලිවු. එස්. කරුණාරත්න, ඩී. ජේ. විමලසුරේන්ද්‍ර, හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, කථානායක කරූ ජයසූරිය, ක්‍රිකට් ක්‍රීඩකයන් වන අර්ජුන රණතුංග, මාවන් අතපත්තු ඒ අතරින් කීපදෙනෙකි.

එමෙන්ම යුධ ජයග්‍රහණය කිරීම පිණිස දායක වූ එය මෙහෙය වූ ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා , ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලුව පොලිස්පති හා සිවිල් බලකායේ සභාපති ද යුධ සේනාංක මෙහෙයවූ සේනාංකාධිපතිවරුන් බොහෝ දෙනෙක්ද ආදි ආනන්දියෝ වූහ.

ආනන්දයේ විදුහල්පතිවරු

  1. සී. ඩබ්ලිව්. ලෙඩ්බීටර් මැතිතුමා (1886 - 1890)
  2. ඒ. ඊ. බුල්ජන්ස් මැතිතුමා (1890 - 1898)
  3. සර් ඩී. බී. ජයතිලක මැතිතුමා (1898 - 1908)
  4. ජේ. ටී. ඩේවිස් මැතිතුමා (1908 - 1909)
  5. එම්. සී. මුවර් මැතිතුමා (1910 - 1913)
  6. ෆ්‍රිට්ස් කූන්ස් මැතිතුමා (1914 - 1917)
  7. සී. වී. රණවක මැතිතුමා (1917 - 1918)
  8. පී. ද එස්. කුලරත්න මැතිතුමා (1918-1943)
  9. ආචාර්‍ය ජී. පී. මලලසේකර මැතිතුමා (1932 - 1943)
  10. ඒ. බී. පෙරේරා මැතිතුමා (1943 - 1945)
  11. එල්. එච්. මෙත්තානන්ද මැතිතුමා (1945 - 1954)
  12. එස්. ඒ. විජේතිලක මැතිතුමා (1954 - 1960)
  13. එම්. ඩබ්ලිව්. කරුණානන්ද මැතිතුමා (1961 - 1964)
  14. ලුතිනන් කර්නල් ඊ. ඒ. පේරුසිංහ මැතිතුමා (1964 - 1969)
  15. කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ මැතිතුමා (1968-1980)
  16. එස්. කේ. නෙත්තානන්ද මැතිතුමා (1981 - 1982)
  17. කර්නල් වී. එස්. කුඩලිගම මැතිතුමා (1982 - 1988)
  18. ඒ. පී. ගුණරත්න මැතිතුමා (1988 - 1995)
  19. ටී. බී. දමුණුපොල මැතිතුමා (1995 - 2001)
  20. බී. ඒ. අබේරත්න මැතිතුමා (2001 - 2008)
  21. එල්. එම්. ඩී. ධර්මසේන මැතිතුමා (2009 - 2013)
  22. කිත්සිරි ලියනගමගේ මැතිතුමා (2013 - 2016)
  23. එස්. එම්. කීර්තිරත්න මැතිතුමා (2016 - 2021)
  24. ලාල් දිසානායක මැතිතුමා (2021-වර්තමානය)

විශිෂ්ඨ ගුරුවරුන්

වැදගත් සිදුවීම්

  • පැසි පන්දු ක්‍රීඩාව පළමුවෙන්ම ආරම්භ කල ප්‍රථම පාසල
  • නාවික ශිෂ්‍ය භට කණ්ඩායමක් ආරම්භ කල ප්‍රථම පාසල
  • එක්සත්ජාතින්ගේ ආදර්ශ සැසියක් පැවැත්වු ප්‍රථම පාසල. (1994 දි)

සටහන්

බාහිර සබැඳුම්

Tags:

ආනන්ද විද්‍යාලය, කොළඹ ඉතිහාසයආනන්ද විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලයේ අද දවසආනන්ද විද්‍යාලය, කොළඹ සමිති සහ සංගම්ආනන්ද විද්‍යාලය, කොළඹ නිවාසආනන්ද විද්‍යාලය, කොළඹ පාසල් ගීතයආනන්ද විද්‍යාලය, කොළඹ සම්මාන හා කුසලානආනන්ද විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම්ආනන්ද විද්‍යාලය, කොළඹ ආනන්දයෙන් බිහිවූ විශිෂ්ඨයන්ආනන්ද විද්‍යාලය, කොළඹ ආනන්දයේ විදුහල්පතිවරුආනන්ද විද්‍යාලය, කොළඹ විශිෂ්ඨ ගුරුවරුන්ආනන්ද විද්‍යාලය, කොළඹ වැදගත් සිදුවීම්ආනන්ද විද්‍යාලය, කොළඹ සටහන්ආනන්ද විද්‍යාලය, කොළඹ බාහිර සබැඳුම්ආනන්ද විද්‍යාලය, කොළඹපරමවිඥානාර්ථ සංගමයහෙන්රි ස්ටීල් ඕල්කට්

🔥 Trending searches on Wiki සිංහල:

නත්තලවේදිකා නාට්‍යගණිතයඩී.එන්.ඒ.සංස්කෘතියමී ගසනෙප්චූන්මධ්‍යම සැකසුම් ඒකකයපළමුවන ලෝක යුද්ධයත්‍රිවිද්‍යාVoynich manuscriptස්වයං වින්දනයරත්න ශ්‍රී විජේසිංහමහා කාශ්‍යප රහතන් වහන්සේඑල්ලේබයිබලයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවඑක්සත් ජනපදයකොළඹත්‍රිපිටකයලිංගික සංසර්ගික ඉරියව්ඉන්ෆ්ලුවෙන්සාඅභිප්‍රේරණයකොළඹ බස් මාර්ගශ්‍රී ලංකාවේ ආගමික පසුබිමආකල්පශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය1000000000000 (number)කොස්විහාරමහා දේවියඉසුරුමුණියමුදල්වළගම්බා රජබල්ලෝඇම්බැක්කේ දේවාලයරුහුණු කතරගම දේවාලයසිකුරු ග්‍රහලොවසිංහල සන්ධිප්‍රජාතන්ත්‍රවාදයචෛත්‍යශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයභික්ෂූන් වහන්සේමහාවංශයමාර්තු 1නීතියහරිත විප්ලවයඅනගාරික ධර්මපාලවෛරසආදරයආර්ථික සංවර්ධනයමනෝවිද්‍යාවසද්ධර්ම රත්නාවලියශාන්ති නිකේතන විද්‍යාපීඨයමලාවිසතර සෘධිපාදශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනදහඅට සන්නියමහගම සේකරවැහි ලිහිණියාරජරට රාජධානියේ අනුරාධපුර යුගයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ඒබ්‍රහම් ලින්කන්උද්ධමනයබර්ගර් ජනයාස්වාභාවික උපද්‍රවරුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකාවේ ශිලා ලිපිහෙළ ගණන් ක්‍රමයආචාර්ය එස්‌. පනීභාරතශ්‍රී ලංකාවේ බුද්ධාගමභාෂාවේ සම්භවයරතන සූත්‍රයවෛරස් පිළිබඳ හැඳින්වීමක්🡆 More