අභ්‍යවකාශ ගවේෂණය

අභ්‍යාවකාශ ගවේශනය යනු තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශ තාක්ෂණය උපයෝගී කරගනිමින් බාහිර අභ්‍යාවකාශය ගවේශනය කිරීම යි.

තාරකා විද්‍යාඥ්‍යයින් විසින් දුරේක්ෂ මගින් ද, මිනිසුන් රහිත සහ මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානා මගින් ද අභ්‍යාවකාශය ගවේශනය සිදු කෙරේ.

ගගනගාමියෙක් සහ චන්ද්‍ර රෝවරයක් දැක්වෙන හඳේ මතුපිට ඡායාරූපයක්
මිනිසුන් විසින් චන්ද්‍රයා ගවේශනය කිරීම

මිනිසා ඈත අතීතයේ සිටම පියවි ඇසින් සහ දුරේක්ෂ මගින් අභ්‍යාවකාශ වස්තූන් නිරීක්ෂණය කළ අතර, විසිවෙනි සියවසේ මැද භාගයේදී රොකට්ටු නිමැවීමත් සමගම භෞතිකව අභ්‍යාවකාශය ගවේශනය කිරීම ඇරඹුණි. මුල් කාලීනව අභ්‍යාවකාශ ගවේශනය සඳහා ප්‍රබලම හේතුවක් වූයේ එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර තිබූ අභ්‍යාවකාශ තරඟය යි. 1957 ඔක්තෝබර් 4 වැනිදා, සෝවියට් සංගමය විසින් පෘථිවි කක්ෂයකට යැවුණු මුල්ම කෘතීම වස්තුව ලෙස ස්පුට්නික් 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ද, 1969 ජුලි 20 වැනිදා එක්සත් ජනපද ඇපලෝ 11 මෙහෙයුම මගින් මිනිසෙකු පළමු වරට චන්ද්‍රයා මත ගොඩබැසීම ද, අභ්‍යාවකාශ ගවේශනයෙහි සන්ධිස්ථාන ලෙස සැළකේ. අභ්‍යාවකාශ තරඟයේ දී සෝවියට් සංගමය විශිෂ්ට ජයග්‍රහණ රාශියක් ලැබීය. 1957 දී පළමු වරට ජීවියෙකු අභ්‍යාවකාශයට යැවීම, 1961 දී පළමු වරට මිනිසෙකු පෘථිවි කක්ෂයට යැවීම (යූරි ගගාරින්), 1965 දී පළමු වරට මිනිසෙක් අභ්‍යාවකාශයේ ඇවිදීම (ඇලෙක්සි ලියනොෆ්), 1966 දී පළමු වරට අභ්‍යාවකාශ යානයක් පෘථිවිය හැර වෙනත් අභ්‍යාවකාශ වස්තුවක් මතට ගොඩබැස්වීම, සහ 1971 දී ලෝකයේ පළමු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (සැල්යුට් 1) දියත් කිරීම යනාදිය ඒ ජයග්‍රහණ යි. මිනිසා සඳ මත ගොඩබැසීමෙන් පසු, අභ්‍යාවකාශ ගවේශනය සඳහා තිබූ තරඟකාරිත්වය අඩු වූ අතර, එක් වරක් භාවිත කර ඉවත දමන රොකට්ටු වෙනුවට නැවත භාවිත කළ හැකි අභ්‍යාවකාශ ෂටල වැනි දෑ ගැන අවධානය යොමු විය. එමෙන්ම තරඟකාරීත්වය අඩු වීමත් සමග අන්තර්ජාතික සහයෝගය වැඩි දියුණු වූ අතර, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැනි ව්‍යාපෘති ආරම්භ විය.

2000 දශකයේදී, චීනය සාර්ථකව අභ්‍යාවකාශ වැඩසටහනක් ආරම්භ කළ අතර, ඉන්දියාව විසින් චන්ද්‍රයාන් 1 නමින් මෙහෙයුමක් දියත් කරන ලදී. මීට අමතර යුරෝපා සංගමය සහ ජපානය ද අනාගතයේ මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගමන් සිදු කිරීමට සැළසුම් කරති. 1990 ගණන්වල සිටම පුද්ගලික ආයතන අභ්‍යාවකාශ සංචාරක ක්ෂේත්‍රය ගැන අවධානය යොමු කළහ. ස්පේස් එක්ස් ආයතනය වර්තමානයේදී ස්ටාර්ෂිප් නමින් යානයක් නිර්මාණය කෙරෙමින් පවතී. සම්පූර්ණයෙන් නැවත භාවිත කළ හැකි ලෙස නිපදවෙන මෙය මගින් අනාගත‍යේ මිනිසුන්-සහිත ග්‍රහලෝක ගවේශන සඳහා යන වියදම විශාල වශයෙන් අඩු කිරීමට හැකි වනු ඇත.

මූලාශ්‍ර

Tags:

අභ්‍යාවකාශයතාරකා විද්‍යාවදුරේක්‍ෂය

🔥 Trending searches on Wiki සිංහල:

ඒ. පී. ජේ. අබ්දුල් කලාම්කෘමියෝපරිගණකයභික්ෂූන් වහන්සේකජුශ්‍රී ලංකා මහ බැංකුවපෞරුෂත්ව මනෝවිද්‍යාවබිලාවල් රාගයඩොල්ෆින්තොටගමුවේ ශ්‍රී රාහුල හිමිඑදිරිවීර සරච්චන්ද්‍රකොළඹ කොටු‍වදීපවංශයලංකාවේ කලපුහරිත විප්ලවයඇරිස්ටෝටල්නිල් මානෙල්අක්මාවේ තෙල්කාව්‍යශේඛරයපන්සියපනස් ජාතක පොතඉන්දියාවඅමරදේවප‍්‍රාථමික අධ්‍යාපනයකොළඹසිංහල ජනයාබුද්ධාගමපොන්නම්බලම් රාමනාදන්ඔලිම්පික්විධායක ඡනාධිපතිඅමෙරිකා එක්සත් ජනපද ඩොලර්ලංකා විශ්වවිද්‍යාලයකොස්එක්සත් ජනපදයරාජ්‍ය සේවා කොමිෂන් සභාවකරාටේඇම්බැක්කේ දේවාලයශ්‍රී ලංකාවේ සිනමාවමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඩෙංගුලේනාපරිගණක ඉතිහාසයහරිතාගාර වායුවෘත්තීය අධ්‍යාපනයක්ෂුද්‍ර ජීවීන්දහම්ගැට මාලාවදැන්වීම්කරණයපළමුවන ලෝක යුද්ධයබුදු දහමසිංහල මිණුම් ඒකකනේටෝ2004 සුනාමියමුතියංගණ රජ මහා විහාරයශ්‍රී ලංකාවේ ජාතික සංකේතමහනුවර යුගයේ රාජාවලියශ්‍රී ලංකාවේ වී ගොවිතැනකෘත්‍රීම බුද්ධියශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයසිංහල ප්‍රස්ථාව පිරුළුද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලියදැඩිමුණ්ඩ දෙවියෝසත්ත්‍ව විවිධත්වයList of countries and dependencies by areaමහා මංගල සුත්‍රයදියවැඩියාවෙහි රෝග ලක්ෂණවිජය රජක‍ඩොලානශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයඑල්ලේනුවර වැවමිනිස් ඇසගොටුකොලව්‍යාපාර🡆 More