අනුරාධ දූල්ලෑව විජයරත්න

අනුරාධ නිලේන්ද්‍ර දූල්ලෑව විජයරත්න (ඉංග්‍රීසි: Anuradha Neelendra Dullewe Wijeyeratne) (1962 මාර්තු 22) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පක්ෂිකයකු හා ආයෝජයකි.

1931 වසරේ සිට වසර 90 කට වැඩි පරපුර තුනක දේශපාලන ඉතිහාසයක් ඇති පවුලකින් පැවත එන ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කල අතර සබරගමු පළාත් සභාවේ කෑගල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 වසරෙහිදී තේරී පත් විය. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරන ලදූව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 වසරේ සිට 2005 වසර තෙක් කිප වරක් හොබවා ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීමට ඔහුට ආරාධනා කර 2020 මාර්තු මාසයේදී මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කරන ලදී. 2020 මහ මැතිවරණයේ දී විජයරත්න පාර්ලිමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් අසුනකට ඉදිරිපත් වි පරාජයට පත් වු අතර ඔහු දක්ෂිණාංශය මතවාදීව එක්සත් ජාතික පක්ෂ තුල ස්ථානගත වී ඇත.

අනුරාධ නිලේන්ද්‍ර දූල්ලෑව විජයරත්න
අනුරාධ දූල්ලෑව විජයරත්න
උපතමාර්තු 22, 1962 (1962-03-22) (වයස 62)
නිවහන168/7, ඇතුලත මල් පාර, කොළඹ 7.
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර
ඩී.එස්.සේනානායක විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලඥ සහ ආයෝජක
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයා(යන්)දයාoගනි විජයරත්න
දරුවන්වෛද්‍ය යනුෂී දූල්ලෑව විජයරත්න
ආගමබෞද්ධ

පූර්ව අවධිය හා අධ්‍යාපනය

වර්ෂ 1931 දී පැවැති ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයේදී කෑගල්ල මැතිවරණ කොට්ඨාශයේ මන්ත්‍රී ධූරය හෙබවූ පළමුවැන්නා වූදකීර්තිමත් ලංකික දේශපාලන පවුලකින් පැවත එන නිදහස් සටනේ පුරෝගාමියෙකු වු ඩී.එස්. සේනානායක රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ශ්‍රීමත් එඩ්වින් විජයරත්න යන් ගේ මුණුපුරේකි.

අනුරාධ දූල්ලෑව විජයරත්න 
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ ප්‍රංශයේ පිහිටි ප්‍රධාන මූලස්ථාන 1987 අන්තර් ජාතික මහා මණ්ඩල සැසිවාර දි අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් අනුරාධ දූල්ලෑව විජයරත්න හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඒ.ආර්.ඛි අමරසිoහ සමගින්

මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර ද ජේ.ආර්. ජයවර්ධන රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා අධිකරණ කැබිනට් අමාත්‍ය ධුරය දැරැ ආචාර්ය නිශ්ශංක විජයරත්න සහ රඹුක්කන මිදුම වලව්වේ නිටා දූල්ලෑව විජයරත්න යුවලට දාව 1962 මාර්තු 22 වැනි දින අනුරාධපුරයේ දි උපත ලත් ඔහු නෙරංජන්, මනෝ, ලංකේෂ් සොහොයුරාන් තුන්දේනකුද හා නිශාංගනි සහෝදරිකුද ද යුතු පස්දෙනෙකු ගේ පවුලක තුන්වැන්නා විය.

අනුරාධ දූල්ලෑව විජයරත්න ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද ද්විතීය අධ්‍යාපනය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් හා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයෙන්ද ලැබීය.

අනුරාධ දූල්ලෑව විජයරත්න 
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා
අනුරාධ දූල්ලෑව විජයරත්න සමගින්

ජීවන සටහන්

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා නිලධාරි ධුරය හා අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් ධුරය ද දැරූ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ ප්‍රංශයේ හා ඛුල්ගේරියාවේ පැවිති අන්තර් ජාතික මහා මණ්ඩල සැසිවාර ද ජපානයේ හා එක්සත් රාජධානියේ පැවිති ජාත්‍යන්තර සම්මේලන කිපයකම රාජ්‍යතාන්ත්‍රික නිලදූත සමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා රජය නියෝජනය කළේය.

දේශපාලන දිවිය

විජයරත්න දේශපාලන දිවිය ඇරඹුණේ වර්ෂ 1984 දී එක්සත් ජාතික පක්‍ෂයේ සමවාදි ශිෂ්‍ය පෙරමුණේ දැදිගම ආසනයේ සංවිධායක ලෙසිනි. එම පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සමාජිකයෙකු ලෙස කටයුතු කල අතර වර්ෂ 1988 දි සබරගමු පළාත් සභාවේ කෑගල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරයෙකුද සහ දැදිගම සංවර්ධන සැලැසුම් කමිටුවේ සභාපති වශයෙන් ද සේවය කළාය.

අනුරාධ දූල්ලෑව විජයරත්න 
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
හා ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමා
අනුරාධ දූල්ලෑව විජයරත්න සමගින්

වැඩබලන දියවඩන නිලමේ

මල්වතු හා අස්ගිරි දේ පාර්ශවයයන්හි ගෞරවනිය මහා නායක ස්වාමීන් වහන්සේලා ගේ නිර්දේශය මත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරන ලදූව මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 වසරේ සිට 2005 වසර තෙක් කිප වරක් ඔහු හොබවා ඇත.

පෞද්ගලික ජීවිතය

වර්ෂ 1985 දී දයාoගනි ගුණසේකර මෙනවිය සහ අනුරාධ විවාහ වූහ. ඔවුන් දෙපලගේ එකම දියණිය හෘද රෝග ‍විශේෂඥ වෛද්‍ය යනුෂී දූල්ලෑව විජයරත්න මෙනවියයි. ඇය එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ සේන්ට් ඡෝඡස්, ලන්ඩන් විශ්ව විද්‍යාල රෝහලේ සේවය කරයි.

මේවාද බලන්න

බාහිර සබැඳි

ආශ්‍රිත

Tags:

අනුරාධ දූල්ලෑව විජයරත්න පූර්ව අවධිය හා අධ්‍යාපනයඅනුරාධ දූල්ලෑව විජයරත්න ජීවන සටහන්අනුරාධ දූල්ලෑව විජයරත්න දේශපාලන දිවියඅනුරාධ දූල්ලෑව විජයරත්න වැඩබලන දියවඩන නිලමේඅනුරාධ දූල්ලෑව විජයරත්න පෞද්ගලික ජීවිතයඅනුරාධ දූල්ලෑව විජයරත්න මේවාද බලන්නඅනුරාධ දූල්ලෑව විජයරත්න බාහිර සබැඳිඅනුරාධ දූල්ලෑව විජයරත්න ආශ්‍රිතඅනුරාධ දූල්ලෑව විජයරත්නඉංග්‍රීසි භාෂාවඑක්සත් ජාතික පක්ෂයකෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයදියවඩන නිලමේමාවනැල්ලශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

දිළිඳුබවකළුතරමන්නාරම බයෝබැබ් ගසශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයසඳකඩපහ‍ණේ විකාසනයඅවුකන බුදු පිළිමයකෘත්‍රීම බුද්ධියවිජය කුමාරණතුංගප්‍රථමක සංඛ්‍යාඅභ්‍යවකාශ ගවේෂණයදඹදෙණිය යුගයශ්‍රී ලංකා නාවික හමුදාවශ්‍රී ලංකාවේ ඉතිහාසයමුදල්මහ වැව් නාමාවලියජී බී සේනානායකලෝ වැඩ සඟරාවයුනෙස්කෝසිංහබාහු රජශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්මාතලේ කැරැල්ලසිද්ධි අධ්‍යයනයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවසමලිංගිකතාවමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයඅටුවාලෝවැඩ සඟරාවඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)ඇත් පොකුණදැල්පන්දුධවල පත්‍රිකාවමී ගසථූපාරාමය, අනුරාධපුරශ්‍රී ලංකා රුපියලසිබිල් වෙත්තසිංහබැක්ටීරියාරාහුල විද්‍යාලයගිනි කඳුවැදි ජනයාඋණථූපාරාමයසිංහල න-ණ ල-ළ බේදයඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයමානව සංවර්ධන දර්ශකයවෘත්තීය අධ්‍යාපනයජල දූෂණයකොළඹ දිස්ත්‍රික්කයවනාන්තරචලිතය පිළිබඳ නිව්ටන් නියමසිංහල ජනයාපොළොන්නරුව වටදාගෙයචන්ද්‍රයාතාප රසායනයඅන්තර්පාදක ලිංගික චර්යාවඇසළ (ගස)සරම්පතුලනාත්මක දේශපාලනයසිංහල වර්ණ මාලාවමානව පැපිලෝමා වෛරසයඋභය ජීවීන්කම්කරු නීතියනෙළුම් කුළුණලක්දිව රාජාවලියජලභීතිකාවමුතුරාජ‍වෙලදඬුලේනාතිස්සමහාරාම රජ මහා විහාරයලිංගිකත්ව අධ්‍යාපනයදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමබුධඒ.ටී. ආරියරත්නදරු නැලවිලි ගීශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවවිලියම් ෂේක්ස්පියර්🡆 More