අන්තර්ජාල - අලෙවිකරණය

අන්තර්ජාල අලෙවිකරණය(internet marketing) යනු අන්තර්ජාලය භාවිතා කරමින් භාණ්ඩ හා සේවා සඳහා අලෙවි ප්‍රවර්ධනය කිරීමයි.

මෙයට අන්තර්ජාල වෙළදාම, විද්‍යුත් වෙළඳකරණය යන නම්ද භාවිතා වේ.

අන්තර්ජාල අලෙවිකරණය සිදුකිරීමේදී මෙය එක් එක් ප්‍රවර්ගවලට බෙදිය හැකිය. එම සියල්ල හෝ කිහිපයක් සිදුකිරීම අන්තර්ජාල අලෙවිකරණය ලෙස කිවහැක. මේ අතර අන්තර්ජාල වෙළඳ දැන්වීම්, අන්තර්ගතය අලෙවිකරණය(Content Marketing), සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය(SEO), ඊමේල් අලෙවිකරණය(Email Marketing), සමාජ මාධ්‍ය අලෙවිකරණය(SMM) හා අනුබද්ධ අලෙවිකරණය(Affiliate Marketing) වන ප්‍රවර්ග වලට සුවිශේෂි ස්ථානයක් හිමි වේ.

අන්තර්ජාල අලෙවිකරණයෙහි වර්තමානය

අද වන විට ලෝකයේ බොහෝ රටවල අන්තර්ජාල පහසුකම් ඇති අතර, බොහෝ ව්‍යාපාරික ආයතන, රාජ්‍ය සමාගම් හා සමාජ සුබසාදන සංගම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉහත දක්වන ලද අන්තර්ජාල අලෙවිකරණයේ ප්‍රවර්ග පාවිච්චි කිරීමට පෙළඹී ඇත.

අන්තර්ජාලය වෙළඳ සමාගම් බොහොමයක් සඳහා විශාල වෙළඳ පොළක් වී ඇත. වර්තමානයේ බොහොමයක් සමාගම් අන්තර්ජාලයේ පවතින අඩුමිළ ප්‍රචාරක සේවා හා වාණිජමය වාසි නිසා දියුණු වී ඇත. මෙය විද්‍යුත් වෙළඳකරණය වෙළදාම (e – commerce) ලෙසද හදුන්වනු ලැබේ.මෙය එකවර පුද්ගලයන් විශාල සංඛ්‍යාවකට තොරතුරු යැවියහැකි වේගවත්ම ක්‍රමයයි. අන්තර්ජාලය වෙළද සවාරි යාමද විප්ලවයකට භාජනයකර ඇත. උදාහරණ ලෙස පුද්ගලයෙකුට සංයුක්ත තැටියක්(CD) අන්තර්ජාලයෙන් ඇණවුම් කරගත හැකි අතර දින කිහිපයක් ඇතුළත එය තැපැල් මගින් ලබා ගැනීම හෝ කෙළින්ම තම පරිගණකයට බාගත කිරීම කළ හැකිය. අන්තර්ජාලය පුද්ගලී කරණ වෙළදාමට ද විශාලම පහසුකම් සපයයි. එය යම් නිෂ්පාදනයක් විශේෂිත පුද්ගලයෙකුට හෝ පුද්ගල කාණ්ඩයකට අලෙවිකිරීම සඳහා විශාල සහයෝගයක් ලබා දේ.

පුද්ගලීකරණ වෙළඳාමේ උදාහරණ ලෙසින් මයි ස්පේස් (My Space), ෆෙන්ඩ්ස්ටර් (Friendster), ඕර්කට් (Orkut), ෆේස්බුක් (Facebook) පොප් අප් ශොප් (popupshop) හා දහස් ගණන් අන්තර්ජාල පරිශීලකයන් එකතු වී තමන්වම ප්‍රචාරණය කර සබැඳි මිතුරන් තනාගන්නා අනෙකුත් සමාජ දැක්විය හැක. මෙම පරිශීලකයන් බොහොමයක් කුඩා නව යොවුන් වියේ අය හා අවුරුදු 13 හා 25 අතර පරාසයේ යෞවනයන් වේ. පරිශීලකයන් තමන්වම ප්‍රචාරණය කර ගැනීමේදී ඔවුන්ගේ රුචිකම් හා විනෝදාංශද ප්‍රචාරණය කරයි. සබැඳි වෙළඳ සමාගම් මෙම තොරතුරු යොදා ගෙන එම පරිශීලනයන් සබැඳිව මිළ දී ගනී යැයි සිතෙන නිෂ්පාදන ප්‍රචාරණය කරයි.

References

http://en.wikipedia.org/wiki/Internet#Marketing
අන්තර්ජාල අලෙවිකරණය

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලාංකීය සංස්කෘතියදළදා වහන්සේගාල්ලයෝනි මාර්ගයපාරමිතාආනන්ද කුමාරස්වාමිස්වභාවික වෘක්‍ෂලතාලංකා බැංකුවජුදාස් ඉස්කාරි‍යොත්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිඅලිමානව සම්පත් කළමනාකරණයබිලාවල් රාගයශ්‍රී ලංකාවේ ආර්ථිකයජාතිකවාදයඉසුරුමුණියඅපද්‍රව්‍ය කළමනාකරණයඋඩරට ගිවිසුමකනශ්‍රී ලංකාවේ අපරාධඑළාර රජමිහින්තලයශ්‍රී ලංකා යුද්ධ හමුදාවසඳකඩපහ‍ණේ විකාසනයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුසිංහල සහ හින්දු අලුත් අවුරුද්දපුවත්පත්ශ්‍රී ලංකාවේ නීති පද්ධතියබලශක්ති සංරක්‍ෂණයමුවාප්‍රස්තාව පිරුළු යනුසාම්ප්‍රදායික සිංහල විවාහමහ වැව් නාමාවලියපාපන්දු ක්‍රීඩාවගිරවුනාට්‍ය කලාවඩඩ්ලි සේනානායකඊලෝන් මස්ක්දඬුලේනාශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයමානව අයිතිවාසිකම්කලාවශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවසිකුරු ග්‍රහලොවරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයස්ටීවන් හෝකිංඉතාලියඛනිජදියවැඩියාවෙහි රෝග ලක්ෂණමාලිමාවඋතුරු මැද පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවසිංහල න-ණ ල-ළ බේදයඋප්පලවණ්ණා රහත් තෙරණියරසායනික මූලද්‍රව්‍යබුද්ධාගමේ ඉතිහාසයමාතරනව යොවුන්වියචලිතය පිළිබඳ නිව්ටන් නියමශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවතාරුණ්‍යය හා විවේකයතෙත් කලාපයේ ශාක විවිධත්වයඑල්ලේශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයමයික්‍රොසොෆ්ට් එක්සෙල්ශ්‍රි ලංකා‍‍වේ මුද්‍රණ කර්මාන්ත‍යශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකැලණිය රජ මහා විහාරයමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයගබ්සාවජානඋපත් පාලන කොපුරබින්ද්‍රනාත් තාගෝර්ශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවඉන්දියාවේ දේශපාලන පක්ෂපැපොල🡆 More