විකිපීඩියා කිව් .ආර් කෝඩ්

විකිපීඩියා විශ්වකෝෂය ලොව විශාලතම මාර්ගගත (Online) විශ්වකෝෂය වේ.

යම් තැනක් හෝ ස්මාරකයක් පිළිබඳ තොරතුරු බලා ගන්නට ඕනෑ නම් විකිපීඩියා වෙබ් අඩවියට ගොස් පිවිස සොයා බැලීම කළ යුතුය. එහෙත් එය එසැනින් කල හැක්කක් නොවේ. දැන් එම අපහසුව මග හරවමින් යන එන ඕනෑ තැනක තිබෙන විශේෂ ස්ථානායක, ගොඩනැගිල්ලක, ඕනෑම තැනක විස්තර එසැනින් කියවන්නට කිව් .ආර් .කෝඩ් යොදා ගන්නට විකිපීඩියා කටයුතුවල යෙදෙමින් පවතී. යම් තැනක තිබෙන කිව් .ආර් .කෝඩ් එකක් කිව් .ආර් .කෝඩ් ස්කෑනරයක් මගින් ස්කෑන් කල විට ඊට අදාළ විකිපීඩියා වෙබ් පිටුව විවෘත වේ. පෙනුම අතින් ගත්කල මෙම කිව් .ආර් .කෝඩ් එකක් සුදු පාට පසු බිමක කලුපාටින් සටහන් කල තිත් රටාවකි .මෙම තිත් රටාව හරි හතරැස් ප්‍රදේශ‍යක හෙවත් සමචතුරස්‍රාකාර පිහිටුවා තිබේ .මෙම තිත් රටාවෙන් පණිවුඩයක් නිරුපණය කෙරේ. එනම් එය මොඩියුලයකි. බිත්තියක ,බිල්බෝඩ් එකක හෝ වෙනත් දැන්වීම් පුවරුවක කිව් .ආර් .කෝඩ් ඇද තබන විට මෙම මොඩියුලය ඉතා විශාල වෙයි. එහෙත් ඒවා කියවන විට ඉමේජය අවශ්‍ය පරිදි කුඩා වේ. බිත්තිය මත තබන කිව් .ආර් .කෝඩ් එක ජංගම දුරකථනය හරහා ඡායාරූප ගත කොට එහි කියවෙන තොරතුරු වලින් අදාළ වෙබ් අඩවියට පිවිසිය හැකි බව දනිමු. කිව් .ආර් .කෝඩ් වල තවත් විශේෂ ලක්ෂණය වන්නේ තොරතුරු ඉක්මනින් කියවිය හැකි වීමයි කිව්.ආර් හෙවත් Quick response යන නමහි තේරුම එයයි. කිව් .ආර් .කෝඩ් තාක්ෂණය යොදා ගැනීම ගැන විකිපීඩියා ආයතනය පරීක්ෂණ කිරීම ඇරඹුවේ බ්‍රිතාන්‍ය දුපතක් වන ගිබ්‍රල්ටාවෙනි. වසර 50000 කට එපිට කාලයේ මානවයන් විසු ලෙන් සමුහයක් මේ දුපතේ තිබේ. එය ලොව ප්‍රකට සංචාරක පුරවරයකි. මෙහි තිබෙන ආදීවාසී විසු ලෙන් 200 කට වැඩි ගණනකගේ විස්තර කීමට ඒවායේ කිව් .ආර්.කෝඩ් සවිකොට තිබේ මෙමගින් විස්තර හොදින් දැන ගන්නට පුළුවන. සංචාරක මග පෙන්වන්නෙක් වෙනත් මුලාශ්‍ර වත් එවිට ඕනෑ වන්නේ නැත. මෙය ගැන විකිපීඩියා ප්‍රධානින් පැවසුවේ තමන්ට ඇත්තේ එකම අරමුණක් බවත් එනම් මාර්ගගත (Online) විශ්වකෝෂය නිර්මාර්ගගත (Offline) විශ්වකෝෂයක් බවට පත්කර ලෝකයට සම්බන්ධ කිරීම පමණක් බවය. කිව්.ආර්. කෝඩ් යනු ඒ සදහා ඇති පහසුම ක්‍රමය බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටියෝය.


Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල හින්දු අලුත් අවුරුද්දසිංහල අත් බෙහෙත්ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවරූපවාහිනියබඹරකන්ද ඇල්ලශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයඑදා හෙළදිවඅඟහරු ග්‍රහලොවකක්කල් කැස්සවිල්හෙන්රි ස්ටීල් ඕල්කට්අනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්ත6කාව්‍යශේඛරයඊලෝන් මස්ක්සතර අපායදිය හොල්මනශ්‍රී පාදස්ථානයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවකාම්බෝජයගෝලීයකරණයඩන්කන් වයිට්සමාජ ම‍නෝවිද්‍යාවනාසාසාම්ප්‍රදායික සිංහල විවාහවිර පුරන් අප්පුදඹුල්ල රජමහා විහාරයශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ලතා මංගේෂ්කාර්පොළොන්නරුව වටදාගෙයචිත්‍රපට ඉතිහාසයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ජෝන් ලොගී බෙයාඩ්සංවිධාන ගැටුම්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඅකුණුශ්‍රී ලංකාවේ ක්‍රීඩාවකෞතුකාගාරයකිරි වෙහෙර, කතරගමශ්‍රී ලංකාවේ වයඹ පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාසුනාමිචලිතය පිළිබඳ නිව්ටන් නියමරෝසි සේනානායකමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයජපානයවෘත්තීය අධ්‍යාපනයවෙබ් බ්‍රව්සරළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාකොහොඹඑස්‌. මහින්ද හිමිමහනුවර යුගයේ සිතුවම් කලාවත්‍රිකෝණමිතියඅභය වැවඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපවිෂ්ණුශ්‍රී ලංකාවේ ජාතික සංකේතහින්දු ධර්මයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ අධිකරණයටී. මහේෂ්වරන්හෘදයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තලෝ වැඩ සඟරාවආදරයඇම්බැක්කේ දේවාලයබලශක්ති සංරක්‍ෂණයචතුරස්‍රයමහවැලි ගඟශ්‍රී ලංකාවජර්මනියකුරුණෑගලසාපේක්ෂතා වාදයවිලියම් බ්‍රිල්උඩරට නැටුම්ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසීතාවක පළමුවන රාජසිංහ රජු🡆 More