යට්Zසි

යට්zසි යනු දාදු කැට ක්‍රීඩාවකි.

මෙම ක්‍රීඩාව ස්කැන්ඩිනේවියානු රටවල ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් වේ. අවම වශයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුවත් සිටිය යුතු අතර ඕනෑම සංඛ්‍යාවකට මේ සඳහා සහභාගී විය හැකිය. වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ජයග්‍රහණය කරයි. සාමාන්‍යය යට්zසි ක්‍රීඩාව සඳහා දාදු කැට 5ක් භාවිතා කරයි. එම දාදු කැට සාමාන්‍යය දාදු කැට වන අතර එකේ සිට හය දක්වා ලකුණු කර ඇත.

යට්Zසි

ක්‍රීඩාව කරන ආකාරය

එක් ක්‍රීඩකයෙක් හට කැට පෙරලීම සඳහා අවස්ථාවන් 3ක් ලැබේ. ක්‍රීඩකයා පළමුව කැට 5 පෙරළයි. එහි පෙරළී ඇති අවස්ථාව පරිදී පහත වගුව ඇසුරෙන් ලකුණු ගණනය කරයි. යම් හෙයකින් ඔහුට අවැසි අවස්තාව ලැබී නැත්නම් කැමති නම් සියළුම කැට හෝ තෝරා ගත් කැට නැවත වරක් පෙරළයි. එවරද අසමත් වී නම් නැවත වරක් කරයි. මෙම අවස්තා 3 අවසනයේදී ඔහුගේ අවසාන කැට පිහිටීම අනුව ලකුණු ගණනය කර පුවරුවට එක් කරයි. ගැලපෙන කිසිම අවස්ථාවක් නොලැබී ගියේ වුවද පුවරුවෙන් එක් අවස්ථාවක එය සටහන් කිරීම අනිවාර්යය වේ. ආරම්භයේදී ක්‍රීඩකයාගේ ලකුණු ගණන 0කි.

උදාහරණය

පළමු අවස්ථාවේ කැට පෙරලීම 5 5 3 4 4 යයි සලකන්න. දැන් ඔහුට ඇති අවස්ථාවන් වන්නේ 3, 4, 5 වැටී ඇති අවස්ථාවන් හා 2 යුගල විශේෂ අවස්ථාවය. 3 ලබා ගැනීම අවාසි අවස්ථාවක් නිසා 4 හෝ 5 ලබා ගැනීමේ මූලික අවස්ථාව ලබා ගත හැකිය. ඊට අමතරව 2 යුගල අවස්ථාව ගත හැකිය. පහත අවස්ථාවට අනුව අහඹුව වඩාත්ම වටිනා අවස්ථාව වේ. මෙවන් අවස්ථාවලදී ක්‍රීඩකයින් තමන්ගේ දෙවන අවස්ථාව ලබා ගනී.

අවස්ථාව ආකාරය ලකුණු ගණන
3 5 5 3 4 4 3
4 5 5 3 4 4 8
5 5 5 3 4 4 10
1 යුගල 5 5 3 4 4 10
2 යුගල 5 5 3 4 4 18
අහඹුව 5 5 3 4 4 21


ක්‍රීඩකයා 5 5 හා 4 4 ඉතුරු කරමින් 3 කැටය නැවත පෙරලුවෙයැයි සිතන්න. එවිට 5 ලැබුනේ වී නම් 5 5 5 4 4 අවසාන ප්‍රතිඵලය වේ. දැන් ඔහුට මුළු ගෙදර අවස්ථාව ලබා ගත හැකිය. දැන් පහත අයුරින් ලකුණු වෙනස් වේ. මෙසේ අවසානයේ පිහිටීම අනුව ක්‍රීඩකයා කැමති කොටුවක ලකුණු සටහන් කර ගනී. මෙම උදාහරණයට අනුව මුළු ගෙදර ලබා ගැනීම වඩාත්ම වාසි අවස්ථාව වේ.

අවස්ථාව ආකාරය ලකුණු ගණන
4 5 5 5 4 4 8
5 5 5 5 4 4 15
1 යුගල 5 5 5 4 4 10
2 යුගල 5 5 5 4 4 18
එක සමාන 3ක් 5 5 5 4 4 15
මුළු ගෙදර 5 5 5 4 4 23
අහඹුව 5 5 5 4 4 23

ලකුණු පුවරුව

thumb

අවස්ථාව ලකුණු ගණන උදාහරණය උපරිම ලකුණු ගණන
1 1 වැටී ඇති කැට ගණන 1 2 1 3 1 = 1 + 1 + 1 = (3) 5
2 2 වැටී ඇති කැට ගණන 2 2 3 3 1 = 2 + 2 = (4) 10
3 3 වැටී ඇති කැට ගණන 2 3 3 3 3 = 3+ 3+3+3 = (12) 15
4 4 වැටී ඇති කැට ගණන 4 4 1 5 4 = 4 + 4 + 4 = (12) 20
5 5 වැටී ඇති කැට ගණන 5 5 5 1 5 = 5 + 5 + 5 + 5 = (20) 25
6 6 වැටී ඇති කැට ගණන 6 6 6 3 1 = 6 + 6 + 6 = (18) 30
අවස්ථාව ලකුණු ගණන උදාහරණය උපරිම ලකුණු ගණන
බෝනස් 1,2,3,4,5,6 අවස්ථාවන්වල එකතුව 63 හෝ ඊට වැඩි වූ විට 50
1 යුගල යුගල 1 වැටී තිබීම 2 2 3 4 1 = 2 + 2 = (4) 12
2 යුගල යුගල් 2ක් වැටී තිබීම 2 2 3 3 6 = 3+ 3+ 2+2 = (10) 22
එක සමාන 3ක් 4 4 1 5 4 = 4 + 4 + 4 = (12) 18
එක සමාන 4ක් 5 5 5 4 5 = 5 + 5 + 5 + 5 = (20) 24
කුඩා කෙලින් 1 2 3 4 5 15
ලොකු කෙලින් 6 5 4 3 2 වැටීම 20
මුළු ගෙදර එක් වර්ගයකින් 3ක් හා අනෙක් වර්ගයකින් 2ක් ලැබීම 6 6 6 3 3 = 6 + 6 + 6 +3+3= (24) 28
අහඹුව සියළුම කැටවල එකතුව 6 6 6 3 2 = 6 + 6 + 6 +3 + 2 = (23) 30
යට්zසි සියළුම කැටවල එකම අංකයක් තිබීම 1 1 1 1 1 = (50) 50

විචලනයන්

මෙම ක්‍රීඩාවේ ප්‍රධාන විඩලන ක්‍රීඩා දෙකක් වෙයි. ඒවා බලාත්මක යට්zසි සහ මැක්සි යට්zසි වේ.

මැක්සි යට්zසි

මෙම ක්‍රීඩාව සඳහා දාදු කැට 6ක් භාවිතා කරයි.

මූලාශ්‍ර

බාහිර සබැඳුම්

Tags:

යට්Zසි ක්‍රීඩාව කරන ආකාරයයට්Zසි ලකුණු පුවරුවයට්Zසි විචලනයන්යට්Zසි මූලාශ්‍රයට්Zසි බාහිර සබැඳුම්යට්Zසි

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ අපරාධබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයයුනෙස්කෝවෛරසඅරයගාලු කොටුවඑක්සත් ජනපදයමැලේරියාවමධ්‍යම සැකසුම් ඒකකයදීපවංශයගෝලයසතර සතිපට්ඨානයගජමන් නෝනාගෞතම බුදුරජාණන් වහන්සේඇල්බට් බණ්ඩුරාසිංහල වර්ණ මාලාවසන්දේශ කාව්‍යනීතියබංග්ලාදේශයතිසා වැවමනෝ විශ්ලේෂණවාදයසතර අපායශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියපෘෂ්ඨවංශීන්දුන්හිඳ ඇල්ලසිංහල හෝඩිඅමරදේවසංඝමිත්තා තෙරණියමානව සම්පත් කළමනාකරණයදඹදෙණිය යුගයශ්‍රී ලංකාවේ කම්කරු නීතියඅනුරාධපුර පෞරාණික නගරයබසවක්කුලම වැවකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාබ්‍රසීලයතාරුණ්‍යය හා විවේකයදුටුගැමුණු රජමුල් පිටුවදුම්කොළකාලස් පුයිජ්දෙමොන්දර්ශනයපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවවිකිමීඩියා පදනමදිවාලිශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසිංහල වෙදකමවිකිපීඩියාහලාවතබැක්ටීරියානවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවදස මහා යෝධයෝසිංහල පදහින්දු ධර්මයගෝඨාභය රාජපක්ෂචන්ද්‍රයාලංකා ඉතිහාසය-මහාවංශය යනුශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමලෝක සෞඛ්‍ය සංවිධානයසකස්කඩමලාවිඅන්තර්ජාලයශාන්ති නිකේතන විද්‍යාපීඨයපාස්කු උත්සවයඋද්ධමනයබළලාලිංගාශ්‍රිත රෝගපියයුරු සංසර්ගයසිංහල භාෂාවශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවලෝකයේ රටවල්අත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාව🡆 More