මානව බහිස්ස්‍රාවී පද්ධතිය

සජීවී සෛල තුළ සිදුවන ජීව ක්‍රියාවලි මගින් නිපදවන ඵල ප්‍රධාන කොටස් දෙකකි.

එනම්

  • 1. ශරීරයට ප්‍රයෝජනවත් ඵල
  • 2.ශරීරයට ප්‍රයෝජනවත් නොවන ඵල

ශ්වසනය නැමැති ජීව ක්‍රියාවලිය යටතේ

  • ශරීරයට ප්‍රයෝජනවත් ඵල ලෙස      -  ශක්තිය
  • ශරීරයට ප්‍රයෝජනවත් නොවන ඵල -  කාබන්ඩයොක්සයිඩ්, ජලය,යූරියා,යූරික් අම්ලය

ශ්වසනයේදී නිපදවන ශක්තිය ජීව ක්‍රියා සඳහා වැය කෙරෙන අතර ශ්වසනයේදී නිපදවෙන  කාබන්ඩයොක්සයිඩ් හා ජලය ප්‍රමාණය ඉක්මවා එක්රැස්වන විට සෛල වලට හානි ගෙනදේ.

බහිස්ස්‍රාවී ද්‍රව්‍ය

සජීවී සෛල තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් නිපදවෙන ප්‍රයෝජනවත් නොවන  ඵල බහිස්ස්‍රාවී ඵල ලෙස හැඳින්වේ.

මානව බහිස්ස්‍රාවී ඵල

  •  ප්‍රශ්වාස වාතය මගින් පිටකරන කාබන්ඩයොක්සයිඩ් හා ජලය
  • දහදිය හා මුත්‍ර මගින් පිටකරන යූරියා යූරික් අම්ලය ජලය හා ලවණ

බහිස්ස්‍රාවය

  • ජීවී සෛල තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා මගින් නිපදවෙන බහිස්ස්‍රාවී ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය බහිස්ස්‍රාවය ලෙස හැඳින්වේ.

බහිස්ස්‍රාවී ද්‍රව්‍ය දේහයෙන් බැහැර කළ යුත්තේ

  • බහිස්ස්‍රාවී ද්‍රව්‍ය පමණ ඉක්මවා දේහ සෛල තුළ රැස්වීමෙන් සෛල වලට හානි විමත් හා දේහයට විෂ සහිත විමත් නිසාවේ.

මල ද්‍රව්‍ය බහිස්ස්‍රාවී ද්‍රව්‍යයක් නොවන්නේ

  • ඒවා සෛල අභ්‍යන්තරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නිපදවෙන්නක් නොවීම හා එහි යූරියා, යූරික් අම්ලය, හෝ ලවණ වර්ග අඩංගු නොවීම නිසා.

බහිස්ස්‍රාවය සඳහා විශේෂයෙන් සැකැසුණු ඉන්ද්‍රිය/ පද්ධති

  •  පෙනහැලි
  •  වෘක්ක
  •  සම


මුත්‍ර වාහිනී පද්ධතිය

මුත්‍ර වාහිනි පද්ධතිය මගින් සිදු කරනු ලබන්නේ නයිට්‍රජන් අන්තර්ගත බහිශ්‍රාවිය ද්‍රව්‍ය වන යූරියා, යූරික් අම්ලය මුත්‍ර ලෙස දේහයෙන් බැහැර කිරීමයි.

මුත්‍ර වාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස්

  • වෘක්ක
  • මුත්‍ර වාහිනී
  • මුත්‍රාශය
  • මුත්‍ර මාර්ගය

නයිට්‍රජනීය බහිස්ස්‍රාවී පද්ධතියක් වශයෙන්

  • මිනිස් දේහ සෛල තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා මගින් නයිට්‍රජනීය සංයෝග අඩංගු බහිස්ස්‍රාවී ද්‍රව්‍ය මුත්‍ර වාහිනී පද්ධතිය මගින් නිපදවේ.
  • මෙහිදී නිපදවෙන ප්‍රධාන නයිට්‍රජනීය සංයෝග වනුයේ යූරියා , යූරික්අම්ලය, ක්‍රියැටීන් හා ක්‍රියැටිනයින් යනාදියවේ.
  • මෙම නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් වෘක්ක මගින් පෙරීම සිදුවී මුත්‍ර මාර්ගය ඔස්සේ ශරීරයෙන් බැහැර කෙරේ.
  • මේ අනුව මිනිසාගේ ප්‍රධාන නයිට්‍රජනීය බහිස්ස්‍රාවී පද්ධතිය ලෙස සැලකෙනුයේ මුත්‍ර වාහිනී පද්ධතියවේ.

වෘක්ක

මිනිස් දේහ සෛල තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා මගින් නයිට්‍රජනීය සංයෝග අඩංගු බහිස්ස්‍රාවී ද්‍රව්‍ය, මුත්‍ර වාහිනී පද්ධතියට අයත් වෘක්ක තුළ නිපදවේ.

ඉහත රූපයේ පරිදි ඉඟ දෙපස දෑත් තබා ගත් විට මහපටඟිලි දෙකළවරින් වෘක්කවල පහළ කෙළවර පිහිටි ස්ථානය දැක්වේ.

වෘත්ත යුගලය උදර කුහරය තුළ අපරව කශේරුව දෙපස පිහටා ඇති අතර අක්මාවේ බිහිටීම හේතුවෙන් දකුණු වෘක්කය වම් වෘක්කයට වඩා මඳක් පහළින් පිහිටා ඇත.

වැඩුණු පුද්ගලයෙකුගේ වෘක්කය දිගින් 13cm හා පළලින් 6cm පමණ වන අතර බෝංචි බීජ හැඩැතිවේ.

වෘක්ක වලට රුධිරය සැපයීම වෘක්කීය ධමනි මගින් සිදුවන අතර වෘක්කවල සිට වෘක්කීය ශිරා මගින් ඉවතට රුධිරය රැගෙන යාම සිදුවේ.

වෘක්කයක අභ්‍යන්තර ව්‍යුහය දැක්වෙන දික්කඩක්

වෘක්කයක දික් කඩක හඳුනාගත හැකි ප්‍රධාන කලාප

  • වෘක්ක බාහිකය
  • වෘක්ක මජ්ජාව
  • වෘක්ක ශ්‍රෝණිය

වෘක්ක බාහිකය

  • මෙහි රුධිර කේශනාලිකා බහුල බැවින් මෙය තද පැහැයක් ගනි.

වෘක්ක මජ්ජාව

  • මෙහි කේතු ආකාර පිරමිඩ ඇති අතර මෙම පිරමිඩවල තුඩු ශ්‍රෝණිය නැමැති කුහරයකට යොමුවී පිහිටයි.

වෘක්ක ශ්‍රෝණිය

  • මෙය කුහරමය අවකාශයක් වන අතර මෙය මුත්‍ර වාහිනය වෙතට විවෘතව පවතී.



වෘක්කයක් වෙතට පැමිණෙන රුධිරයට වන දේ

  • වෘක්කීය ධමනිය මගින් වෘක්කය වෙත රුධිරය සපයන අතර වෘක්කීය ශිරාව මගින් වාක්කයෙන් ඉවතට රුධිරය නිකුත් කිරීම සිදුවේ.
  • එහිදී වෘක්කිය ධමනියෙන් වෘක්කයට සපයන රුධිරය වෘක්කය මගින් පෙරීමකට ලක් වන අතර එහිදි රුධිරයෙන් පෙරී වෙන්වන බහිස්ස්‍රාවී ද්‍රව්‍ය මුත්‍රාශයට පැමිණ තාවකාලිකව එක්රැස්විම සිදුවේ. (වෘක්කය මගින් පෙරීමකට ලක් වී රුධිරයෙන් වෙන්වන බහිස්ස්‍රාවී ද්‍රව්‍ය මුත්‍ර ලෙස හැඳින්වේ)
  • මුත්‍රාශය මුත්‍රා වලින් පිරීගිය කළ මුත්‍ර පහ කිරිමේ අවශ්‍යතාවයක් ඇතිවි මුත්‍ර මාර්ගය ඔස්සේ  බාහිරයට පිට කිරීම සිදුවේ.


N.B. වෘක්ක වලට හානි සිදුවුහොත් බහිස්ස්‍රාවි ක්‍රියාවලිය නිසි අයුරින් සිදු නොවීය හැකිය.මේ සඳහා වෘක්කවලට සිදුවන ආබාධ කිහිපයක් බලපෑ හැකිය.

බහිස්ස්‍රාවි ක්‍රියාවලිය නිසි අයුරින් සිදු නොවීම කෙරෙහි වෘක්කවලට සිදුවන ආබාධ

  • මුත්‍ර ගල් ඇතිවිම
  • වෘක්ක අකර්මන්‍යවිම
  • වෘක්ක ආසාදනය විම.


මුත්‍රවල අඩංගු සංඝටක ඒවා අඩංගු සංඝටක ප්‍රතිශත

  • ජලය                                                         96%
  • ලවණ වර්ග ( සෝඩියම් ක්ලෝරයිඩ්)                 2%
  • යූරියා                                                           2%
  • යූරික් අම්ලය                            අංශු මාත්‍ර වශයෙන්

මුත්‍රා ගල් ඇතිවිම

  • විවිධ හේතු නිසා කැල්සියම් කාබනේට් වැනි ලවණ තැන්පත් වී වෘක්ක වල තැන්පත් වි සැදෙන ස්ඵටික මුත්‍රා ගල් ලෙස හැඳින්වේ.

මුත්‍රා ගල් ඇතිවීම සඳහා බලපාන හේතු

  • ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම
  • අධික ලවණ සහිත ආහාර නිරතුරුව ගැනිම
  • අවශ්‍යතාව අනුව මුත්‍ර පහ කිරීම ප්‍රමාද කිරීම

වෘක්ක අකර්මන්‍ය විම

  • විවිධ හේතු නිසා වෘක්කවල ක්‍රියාකාරීත්වය හානි සිදුවිම වෘක්ක අකර්මන්‍යවිම ලෙස හැඳින්වේ

වෘක්ක අකර්මන්‍ය වීම සඳහා බලපාන හේතු

  • බැර ලෝහ සහ විෂ රසායන ද්‍රව්‍ය ශරීරයට ඇතුළුවීම.
  • දිගුකාලයක් දියවැඩියා රෝගයෙන් පෙළීම.
  • ඇතැම් රෝගවලට ගන්නා ඖෂධ දිගු කාලයක් භාවිතා කිරීම.
  • දුම් පානය සහ මත්පැන් පානය කිරීම.
  • වෘක්ක ආසාදනය වීම

N.B. ක්ෂුද්‍ර ජීවීන් මගින් මුත්‍ර මාර්ගයේ ඇතිවන ආසාදන හේතු කොටගෙන පසුව වෘක්ක වලට හානි සිදුවිය හැකිය.

බහිස්ස්‍රාවී ක්‍රියාවලිය නිසි අයුරින් සිදු වීම සඳහා වෘක්ක නිරෝගීව පවත්වා ගැනිමට සැළකිය යුතු කරුණු

  • දිනපතා ප්‍රමාණවත් පරිදි පිරිසිදු ජලය පානය කිරීම,
  • අධික ලවණතාවය හා ඇඹුල් ස්වභාවයෙන්  යුක්ත ආහාර (අච්චාරු , ලුණුදෙහි , විනාකිරි සහිත ආහාර බාවිතය සීමා කිරීම)
  • දුම් පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකීම.
  • දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් පාලනය කිරීමට හෝ දියවැඩියා රෝගය ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කිරීම.
  • වසර ගණනාවක සිට ඖෂධ භාවිතා කරන රෝගින් නිතරම වෛද්‍ය උපදෙස් සහිතව වෘක්කවල තත්ත්වය සොයාබලා වාර්තා ලබා ගෙන
  • නියමිත ඖෂධ මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කිරීම.
  • මුත්‍ර මාර්ගය ආසාදනය විම වළක්වා ගැනිම සඳහා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පවිත්‍රතාව පිලිබඳ සැළකිලිමත්වීම.

Tags:

මානව බහිස්ස්‍රාවී පද්ධතිය ශ්වසනය නැමැති ජීව ක්‍රියාවලිය යටතේමානව බහිස්ස්‍රාවී පද්ධතිය බහිස්ස්‍රාවී ද්‍රව්‍යමානව බහිස්ස්‍රාවී පද්ධතිය මානව බහිස්ස්‍රාවී ඵලමානව බහිස්ස්‍රාවී පද්ධතිය බහිස්ස්‍රාවයමානව බහිස්ස්‍රාවී පද්ධතිය බහිස්ස්‍රාවී ද්‍රව්‍ය දේහයෙන් බැහැර කළ යුත්තේමානව බහිස්ස්‍රාවී පද්ධතිය මල ද්‍රව්‍ය බහිස්ස්‍රාවී ද්‍රව්‍යයක් නොවන්නේමානව බහිස්ස්‍රාවී පද්ධතිය බහිස්ස්‍රාවය සඳහා විශේෂයෙන් සැකැසුණු ඉන්ද්‍රිය පද්ධතිමානව බහිස්ස්‍රාවී පද්ධතිය මුත්‍ර වාහිනී පද්ධතියමානව බහිස්ස්‍රාවී පද්ධතිය මුත්‍ර වාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස්මානව බහිස්ස්‍රාවී පද්ධතිය නයිට්‍රජනීය බහිස්ස්‍රාවී පද්ධතියක් වශයෙන්මානව බහිස්ස්‍රාවී පද්ධතිය වෘක්කමානව බහිස්ස්‍රාවී පද්ධතිය වෘක්කයක අභ්‍යන්තර ව්‍යුහය දැක්වෙන දික්කඩක්මානව බහිස්ස්‍රාවී පද්ධතිය වෘක්කයක දික් කඩක හඳුනාගත හැකි ප්‍රධාන කලාපමානව බහිස්ස්‍රාවී පද්ධතිය වෘක්ක බාහිකයමානව බහිස්ස්‍රාවී පද්ධතිය වෘක්ක මජ්ජාවමානව බහිස්ස්‍රාවී පද්ධතිය වෘක්ක ශ්‍රෝණියමානව බහිස්ස්‍රාවී පද්ධතිය වෘක්කයක් වෙතට පැමිණෙන රුධිරයට වන දේමානව බහිස්ස්‍රාවී පද්ධතිය බහිස්ස්‍රාවි ක්‍රියාවලිය නිසි අයුරින් සිදු නොවීම කෙරෙහි වෘක්කවලට සිදුවන ආබාධමානව බහිස්ස්‍රාවී පද්ධතිය මුත්‍රවල අඩංගු සංඝටක ඒවා අඩංගු සංඝටක ප්‍රතිශතමානව බහිස්ස්‍රාවී පද්ධතිය මුත්‍රා ගල් ඇතිවිමමානව බහිස්ස්‍රාවී පද්ධතිය මුත්‍රා ගල් ඇතිවීම සඳහා බලපාන හේතුමානව බහිස්ස්‍රාවී පද්ධතිය වෘක්ක අකර්මන්‍ය විමමානව බහිස්ස්‍රාවී පද්ධතිය වෘක්ක අකර්මන්‍ය වීම සඳහා බලපාන හේතුමානව බහිස්ස්‍රාවී පද්ධතිය බහිස්ස්‍රාවී ක්‍රියාවලිය නිසි අයුරින් සිදු වීම සඳහා වෘක්ක නිරෝගීව පවත්වා ගැනිමට සැළකිය යුතු කරුණුමානව බහිස්ස්‍රාවී පද්ධතිය

🔥 Trending searches on Wiki සිංහල:

සෙංකඩගල පෙරහැර මංගල්‍යයරාවණා ඇල්ලශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවදීපවංශයරාහුල විද්‍යාලයලිංගික සංසර්ගයමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයකෘෂිකර්මයආදරයඑල්ලේනෙළුම්ප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලතනි වචන (සිංහල භාෂාව)වොලිබෝල්මහා මංගල සුත්‍රයක්ෂණික මෝචනයසිද්ධි අධ්‍යයනයලංකා විශ්වවිද්‍යාලයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රවෘත්තයසෞරග්‍රහ මණ්ඩලයගෞතම බුද්ධ පරිනිර්වාණයශ්‍රී ලංකාවේ පළාත්සර්වෝදයසිංහබාහුශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියෆාහියන් හිමිශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවපාචනයමහනුවර පාසල් නාමාවලියඉන්දියාවමුතියංගණ රජ මහා විහාරයපළමුවන විජයබාහු රජදෙවන පරාක්‍රමබාහු රජනවයොවුන් ලිංගිකත්වයඅශ්වයාපාසල්එයාර්ටෙල් (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවසමනලයාත්‍රිවිද්‍යාලන්දේසි ලංකාවගුණදාස කපුගේගොටුකොලඋණජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයගාලු කොටුවධම්මපදයවගුරුගෞතම බුදුරජාණන් වහන්සේරන්ජන් රාමනායකඅන්තර්පාදක ලිංගික චර්යාවකුඹුක්ගුවන්විදුලියඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයභගමණියශ්‍රී ලංකාවේ ජාතික කොඩියඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකාවේ ඉතිහාසයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාප්‍රේමසිරි කේමදාසපුත්තාණ්ඩුනව යොවුන්වියහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්චර්යා විද්‍යාවසුදු බිංදුමවැස්සශ්‍රී ලංකාව ආවේණික මසුන්අභිප්‍රේරණයසිංහල හෝඩිගඩලාදෙණිය විහාරයමිනිස් මොළයමාතර දිස්ත්‍රික්කයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවසොරබොර වැවශ්‍රී ලංකාවේ ක්‍රීඩාව🡆 More