බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ විපක්ෂ දේශපාලනඥයෙක් වූ, බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම (උපත 1959) සිදු වූයේ, 2015 පෙබරවාරි 27 දිනදී (මොස්කව් වේලාවෙන්) 23:31 ට මධ්‍යම මොස්කව් හිදීය.

බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම
බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම
ස්ථානයබොල්ෂෝයි මොස්කොරිටට්ස්කි පාලම, මොස්කව්
ඛණ්ඩාංක55°45′00″N 37°37′26″E / 55.75000°N 37.62389°E / 55.75000; 37.62389 37°37′26″E / 55.75000°N 37.62389°E / 55.75000; 37.62389
දිනය27 පෙබරවාරි 2015 (2015-02-27)
23:31 (UTC+03:00)
ඉලක්කයබරීස් නිම්සෝෆ්
ප්‍රහාර මාදිලියඝාතනය,
වාහන පදවමින් වෙඩි තැබීම
ආයුධය(න්)මකාරව් පිස්තෝලය
මරණ1

සිද්ධි මාලාව

කිසිදු උපද්‍රවයකට ලක් නොවුණු යුක්‍රේනියානු නිරූපිකාව ඇනා ඩූරිට්ස්කා හා සමගින්, ක්‍රෙම්ලිනය අසබඩ පිහිටි, බොල්ෂෝයි මොස්කොරිටට්ස්කි පාලම හරහා ගමන් කරද්දී, නිම්සෝෆ් හට වෙඩි තබා මරා දමන ලදි. ඝාතනය සිදුවූ අවස්ථාවෙහිදී පාලමෙහි දර්ශනය පෙන්වන, සත්‍යාපනය නොකෙරුණු ටීවී සෙන්ටර් වීඩියෝ පටය ප්‍රකාර, එය සිදුවී ඇත්තේ මහ නගර සභා උපයෝගිතා වාහනයක් නිම්සෝෆ් පසුකර යනවාත් සමග වන අතර, සුදු හෝ අළු හෝ මෝටර්රථයකින් කිසියම් පුද්ගලයෙක් සිද්ධිය වූ ස්ථානයෙන් පැන යන බවද පෙන්නුම් කරයි.

කොමර්සෑන්ට් නම් රුසියානු පුවත්පත අනුව, ප්‍රදේශයේ සියළු ආරක්ෂක කැමරා, ඝාතනය සිදුවන අවස්ථාවෙහිදී නඩත්තු කටයුතු සඳහා අක්‍රීය කර තිබුණි. සිද්ධිය පිළිබඳ එකම වීඩියෝ දර්ශනය ලබා ගනු ලැබුවේ, ටීවී සෙන්ටර් සඳහා වීඩියෝ දර්ශන සැපයුම් කැමරාවක් විසින් ඉතා ඈතක සිටි ලබා ගත් දසුනකිනි. ඝාතනය සිදුවූ අවස්ථාවෙහිදී, නවතා තිබූ මහ නගර සභා රථයක් විසින් කැමරාව අවහිරව තිබුණි. පාලම වෙත වන පඩි පෙළෙහි සැඟවී සිටි ඝාතකයා නිම්සෝෆ්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින්නට ඇත. ඔහු විසින් අඩුම වශයෙන් වෙඩි පහර සයක් එල්ල කර ඇති අතර, එයින් සතරක් බරීස් වෙත වැදී, එක් මරණීය තුවාලයක් සිදු කර ඇත. භාවිතා කර ඇති පතොරම්, පැරණි 9×18මිමී මකාරව් කාට්‍රිජ වූහ. එයින් සතරක්, යුරියුසයින් යාන්ත්‍රික කම්හලෙහි 1982 වසරෙහිදී නිෂ්පාදනය කර ඇති අතර කාට්‍රිජ දෙකක් නිමවා ඇත්තේ ටූලා පතොරම් කම්හලේදී 1992 වසරෙහිදීය.

රුසියාවේ ආර්ථික තත්ත්වය සහ යුක්‍රේනයේ යුද්ධයට විරෝධතාවය දැක්වීමට සංවිධානය කර තිබුණු වීදී උද්ඝෝෂණයක් වූ, වෙස්නා ("වසන්තය" සඳහා රුසියානු භාෂාවෙන්) නම් විපක්ෂ පෙළපාළියට නායකත්වය සැපයීමට නිම්සෝෆ් නියමිතව සිටියදී, එයට දිනයකට පෙර මෙම ඝාතනය සිදුවී තිබුණි.

රුසියානු අපරාධ විමර්ශකයෝ අනුමාන කරන්නේ, මෙම ඝාතනය, "රට අස්ථාවර කිරීමේ අපේක්ෂාවෙන් සිදු කල ප්‍රකෝපනයක්" විය හැකි බවයි. ඔහුගේ මරණය සිදුවීමට සමීපව තිබියදී, යුක්‍රේනයේ යුද්ධයට ඔහුගේ විරෝධය හේතුවෙන්, පූටින් විසින් ඔහු මරා දමුනු ඇති බවට භයක් ඇති බව නිම්සෝෆ් ප්‍රකාශ කර තිබුණි.

විමර්ශනය

රුසියානු ජනාධිපති ව්ලැඩීමිර් පූටින්, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙහි විමර්ශන කමිටුවට සහ ෆෙඩරල් ආරක්ෂක සේවාවට උපදෙස් දුන්නේ, නිම්සෝෆ්ගේ ඝාතනය පිළිබඳ විමර්ශනය කිරීමට එක් කණ්ඩායමක් ලෙසින් ක්‍රියා කරන ලෙසයි.

වෙඩි තැබීමට පසු රාත්‍රියෙහිදී, මලයා ඕර්ඩන්කා වීදියේ පිහිටි නිම්සෝෆ්ගේ බද්ධනිවාසය පරික්ෂා කොට ඔහුගේ ව්‍යාපාර සහ දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සියළු ලිපිලේඛන සහ ද්‍රව්‍යයන් රාජ සන්තක කෙරිණි.

බොහෝ විට ඝාතකයන්ට අයිති යැයි සැක කෙරෙන, සුදු පැහැති ලාඩා ප්‍රියෝරා මෝටර් රථයක් අත්හැර දමා ගොස් තිබියදී, පෙබරවාරි 28 දිනදී හමු වුණි. ඉන්ගුෂෙටියා ජනරජයේ සම්භවයක් සහිත අංක තහඩුවක් මෙම මෝටර් රථය සතු විය.

අත්අඩංගුවට ගැනීමට හා චෝදනා පමුණුවීමට හේතු විය හැකි කිසියම් තොරතුරක් සැපයීම සඳහා රූබල් මිලියන 3 (~යූරෝ 43,000) ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණි.

ප්‍රතිචාර

බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම  රුසියාව:

බරීස් නිම්සෝෆ් සිහිකිරීමට මොස්කව්හී පැවති පෙළපාළිය, 1 මාර්තු 2015. Sight from the inside #5. Remand.
බරීස් නිම්සෝෆ් සිහිකිරීමට මොස්කව්හී පැවති පෙළපාළිය, 1 මාර්තු 2015. Sight from the inside #9. Flag of Ukraine.
බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම 
බරීස් නිම්සෝෆ්ගේ ඝාතනය සිදු වූ ස්ථානයේ ජනතාව රැස්ව සිටි අයුරු, 28 පෙබරවාරි 2015
බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම 
බරීස් නිම්සෝෆ් සිහිකිරීමට මොස්කව්හී පැවති පෙළපාළිය, 1 මාර්තු 2015
බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම 
නිම්සෝෆ් වෙනුවෙන් මොස්කව් පෙළපාළිය, 1 මාර්තු 2015, ඉදිරියෙන් ඇති දැන්වීම පවසන්නේ "මිනීමරුවෝ සිටින්නේ ක්‍රෙම්ලිනයේය" යනුවෙනි
බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම 
නිම්සෝෆ් වෙනුවෙන් මොස්කව් පෙළපාළිය, 1 මාර්තු 2015
  • ජනාධිපති, ව්ලැඩීමිර් පූටින්, සිය ‍‍‍ශෝකය ප්‍රකාශ කරමින් නිම්සෝෆ්ගේ 86-වියැති මව, ඩින එයිඩ්මන් වෙත විදුලි පණිවුඩයක් යවමින් තවදුරටත් කියා සිටියේ, "මෙම අධම සහ නින්දාශීලී අපරාධය සිදු කල අපරාධකාරයන් සහ මෙය පිටුපස සිටිනවුන් සුදුසු පරිදී දඬුවම් ලබන බව සහතික වන ලෙසට අප සියළු දෙය කරමු."

ආශ්‍රිත

Tags:

බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම සිද්ධි මාලාවබරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම විමර්ශනයබරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම ප්‍රතිචාරබරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම ආශ්‍රිතබරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීමබරීස් නිම්සෝෆ්

🔥 Trending searches on Wiki සිංහල:

1000000000000 (number)ඛනිජශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්අනගාරික ධර්මපාලසංස්කෘතියඔසරියශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ක්‍රිකට්ජන සන්නිවේදනයසතර සංග්‍රහ වස්තුදුම්කොළකාංසා අක්‍රමතාවයඅභයගිරි දාගැබරුසියානු විප්ලවයසරම්පසූනන් ඇඟ වැටීමේ ඵලාඵලකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයසනත් ජයසූරියසව් ඇටපෞරුෂත්ව මනෝවිද්‍යාවහාවෝපළමුවන පරාක්‍රමබාහු රජඅළු බදාදානුවර වැවඊලෝන් මස්ක්දළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රාමහින්ද තෙරණුවෝඋප්පලවණ්ණා රහත් තෙරණියසරත් ගුණපාලසිංහල අක්ෂර මාලාවපරිණාමයකජුඅවසාදිත පාෂාණශ්‍රී ලංකාවේ සිනමාවනාගදීප පුරාණ විහාරයපෝලන්තයඅප්‍රේල්ශ්‍රී ලංකා පොදුජන පෙරමුණකන්තලේ වැවඅධිරුධිර පීඩනයමුල් ළමාවියේ සංවර්ධනයප්‍රභාසංශ්ලේෂණයලෝ වැඩ සඟරාවඔලිම්පික්පරිගණක වෛරසසාංචියමයික්‍රොසොෆ්ට් එක්සෙල්ගාල්ලවිර පුරන් අප්පුහෘදයාබාධයමර්සලින් ජයකොඩිඑක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයාමිනිස් ලිංගික ක්‍රියාශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවඅධිකරණ අමාත්‍ය (ශ්‍රී ලංකාව)පෘථිවි වායුගෝලයමානව සැකිලි පද්ධතියවනාන්තරසිංහල මිණුම් ඒකකමොන්සැන්ටෝ සමාගමබ්‍රහස්පති ග්‍රහයාවර්ණ සබැඳි සිද්ධාන්ත1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවවිජය රජකැලණිය රජ මහා විහාරයශුද්ධවූ ජෝන් ක්‍රිසොස්ටොම් තුමාබෞද්ධ කොඩියඋතුරු මැද පළාත, ශ්‍රී ලංකාවවසභ රජධවල පත්‍රිකාවකාර්මික විප්ලවයඡායාරූප ශිල්පීමාර්ටින් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියපේශි පටකයසරදියෙල්🡆 More