දුරකතනය

දුරකතනය යනු ශබ්දය (බහුලව මිනිස් කටහඬ) සම්ප්‍රේෂණයට හා ලබා ගැනීමට භාවිතා වන විදුලි සංදේශ උපකරණයකි.

සාමාන්‍යයෙන් මෙය භාවිතා කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු අතර සාකච්ඡාවකට වුවත් සමහරක් විට එය තිදෙනෙකු හෝ ඊට වඩා වැඩි ගණනක් විය හැක. වර්තමානයේ ලෝකයේ වඩාත් බහුලම ගෘහස්ත උපකරණවලින් එකක් බවට එය පත්ව ඇත. බොහෝමයක් දුරකතන ක්‍රියාත්මක වන්නේ සංකීර්ණ දුරකතන ජාලයක් හරහා විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීමෙනි. මෙමඟින් ඕනෑම දුරකතන පරිශීලකයෙකුට ඕනෑම කෙනෙකු සමඟ පාහේ සන්නිවේදනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ.

මූලික සිද්ධාන්ත

දුරකතන වර්ග දෙකක තොරතුරු හසුරවයි. ඒවා නම් සංඥා හා කටහඬයි. මෙය විවිධ අවස්ථාවලදී එකම ඇඹරුණු රැහැන් යුගලයක් මත සිදු වේ. සංඥා ලබා දීමේ උපකරණය ලැබෙන ඇමතුම් පිළිබඳ පරිශීලකයා දැනුවත් කිරීමට සීනුවකින් ද ගන්නා ඇමතුම්වල දුරකතන අංක ඇතුල් කිරීම සඳහා වූ ඩයලයකින් ද යුක්ත වේ. වෙනත් දුරකතනයකට කතා කිරීමට බලාපොරොත්තු වන පරිශීලකයෙක් රිසීවරය ඔසවයි. එමනිසා ස්විචයක් ක්‍රියාත්මක වේ. එමඟින් දුරකතනය ක්‍රියාකාරී තත්වයට පත් කරන අතර රැහැන් හරහා ප්‍රතිරෝධී ලුහුවත් වීමක් ද ඇති වේ. එමනිසා රැහැන් හරහා ධාරාවක් ගලා යයි. දුරකතන හුවමාරුව මෙම DC ධාරාව අනාවරණය කර ගෙන සංඛ්‍යාංක ආදායකයක් අමුණා සූදානම් බව ඇඟවීම සඳහා අක්වට තානය (dial tone) යවයි. පරිශීලකයා ඉලක්කම් බොත්තම් ඔබන අතර ඒවා ඩයලය තුළ වූ නාද උත්පාදකයකට සම්බන්ධය. එමඟින් DTMF නාද නිපදවේ. ඉන්පසු හුවමාරුව අදාල දුරකතනය සම්බන්ධ කරන අතර එයට දැනුම් දීමක් සිදු කරයි.

දුරකතනය ක්‍රියා විරහිතව ඇති විට (රිසීවරය තබා) එහි සීනුව, බීපරය හෝ අනෙක් දැනුම් දීමේ උපකරණ ධාරිත්‍රක හරහා දුරකතන මාර්ගයට සම්බන්ධ කර ඇත. අක්‍රීය දුරකතනය දුරකතන මාර්ගය ලුහුවත් නොකරන අතර එමනිසා හුවමාරුව එහි රිසීවරය තබා තිබෙන බව හා සීනුව පමණක් විද්‍යුත් වශයෙන් සම්බන්ධ බව දැන ගනී. එම දුරකතනයට කිසිවෙකු ඇමතූ විට දුරකතන හුවමාරුව දුරකතන මාර්ගයට අධි වෝල්ටීයතා ස්පන්ද සංඥාවක් යොදයි. මෙමඟින් ඇමතුම් ලබන පාර්ශවයට සීනුව නාද වීම බීපරය ක්‍රියාත්මක වීම හෝ වෙනත් දැනුම් දීමේ උපකරණයක් ක්‍රියාත්මක වීම සිදු වේ. පරිශීලකයා රිසීවරය එසවූ විට එසවුම් ස්විචය සීනුව අක්‍රිය කර දුරකතනයේ හඬ කොටස ක්‍රියාත්මක කරයි. ඉන්පසු දුරකතන මාර්ගයට ප්‍රතිරෝධී ලුහුවත් කිරීමක් ලබා දෙන අතර එමඟින් දුරකතනය පිළිතුරු ලබා දුන් බව හා ක්‍රියාත්මක බව දැනුම් දේ. සම්බන්ධ වූ පාර්ශවයන් දුරකතනයේ හඬ කොටස භාවිතයෙන් සාකච්ඡා කරයි.

දුරකතනයේ හඬ කොටස රිසීවරයේ ඇති අතර එය සම්ප්‍රේෂකයකින් (බහුලව මයික්‍රොෆෝනය ලෙස හඳුන්වන) හා ආදායකයකින් සමන්විත වේ. සම්ප්‍රේෂකය දුරකතන මාර්ගයේ ජවය ලබා ගන්නා අතර කටහඬ මඟින් ඇති කරන ධ්වනි පීඩන තරංගවලට අනුරූපව විද්‍යුත් ධාරාවක් නිකුත් කරයි. මෙම විද්‍යුත් ධාරා විචලනය දුරකතන මාර්ගය ඔස්සේ අනෙක් දුරකතනය වෙත සම්ප්‍රේෂණය වී එහි වූ ආදායකයේ කුඩා ශබ්ද විකාශකයක් කම්බි දඟරය තුළට ඇතුල් වේ. විද්‍යුත් ධාරාවේ විචලනය දඟරය ඉදිරියට සහ පසු පසට චලනය වීමට හේතු වන අතර එමඟින් සම්ප්‍රේශකයෙහි වූ ධ්වනි පීඩන තරංග ප්‍රතිනිර්මාණය වේ. එක් පාර්ශවයක් රිසීවරය තැබූ විට මාර්ගයේ DC ධාරා ගලනය නවතින අතර එමඟින් හුවමාරු වන දුරකතන ඇමතුම විසන්ධි කරන ලෙස සංඥා කෙරේ.

ලින් මෑන්ගේ රිසීවරය දුරකතන ජාල පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද දුරකතනයකි.


References

http://en.wikipedia.org/wiki/Telephone

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ගස්ලබුපයිතගරස්මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියරුසියානු-යුක්‍රේන යුද්ධයශ්‍රී දළදා මාළිගාවනේටෝතත් වාද්‍ය භාණ්ඩශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවසුරාබදු ආඥා පනතවයඹ පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියරාවණා රජඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තලාඕසයමින්නේරිය වැවබුදුසමය හා පරිසරයමැලේරියාවසඳකඩපහ‍ණේ විකාසනයපරිගණක මෙහෙයුම් පද්ධතිජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවසිංහරාජ වනාන්තරයඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවපංච කල්‍යාණඅධ්‍යාපන මනෝ විද්‍යාවසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුසොලොස්මස්ථානමහ පොළොවමහින්ද රාජපක්ෂතාරුණ්‍යය හා විවේකයසුළඟමුවාආර්ථික විද්‍යාවපුරුෂ ප්‍රජනක පද්ධතියත්‍යාග (නීතිය)ලක්දිව රාජාවලියශ්‍රී ලංකාවේ පුරාවස්තුදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයවිශ්වයවිජය රජකුමාරතුංග මුනිදාසගිරවුඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියසිංහල ජන නාටකදීපවංශයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයලෝ වැඩ සඟරාවත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයරතු දත්ත පොතක්‍රීඩාරාමසාන් උත්සවයපාලිශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයඅළු කෑදැත්තාරුසියාවවිකිපීඩියාකතරගමපර්යේෂණමොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකා‍ අලියාවගුරුපාකිස්ථානයදළදා පෙරහැරවිද්‍යාවහෘදයරන්මසු උයනකමතඇසළ (ගස)බුද්ධි ගලනයදෙවි දේවතාවියෝමානව සංවර්ධන දර්ශකයපරිගණක ජාලසිඟාලෝවාද සූත්‍රයශ්‍රී ලංකාවේ දික්කසාද නීතික්ෂුද්‍ර ජීවීන්ලෝක ජනගහනයකොළඹ පාසල් නාමාවලිය🡆 More