ජලාශ්‍රිත පරිසර පද්ධති

විශාල මෝය හෝ සමුදුර ජලය ජලජ පරිසර පද්ධතියේ කොටස් වේ.

ජලජ පරිසර පද්ධතියක කොටස් මෝය කට සහ වෙරළබඩ ජලාශ වේ. ජලජ පරිසර පද්ධතියක් යනු ජලාශයක පිහිටි පරිසර පද්ධතියකි. එකිනෙක අතර සහ සම්බන්ධයෙන් යුත් ජීවීන් වර්ග සහ ඔවුන්ගේ පරිසර ජලජ පරිසර පද්ධතියක් තුළ හමුවේ. සමුද්‍ර පරිසර පද්ධති සහ මිරිදිය පරිසර පද්ධති වශයෙන් ප්‍රධාන පරිසර පද්ධති දෙකක් ඇත.

වර් ග

සාමුද්ය

ජලාශ්‍රිත පරිසර පද්ධති 
හවායින් දූපත් ආශ්‍රිත කොරල් පරය සංකීර්ණ කරදිය පරිසර පද්ධතියකට උදාහරණයකි.

කරදිය පරිසර පද්ධතිය පෘථිවි භූමියෙන් 71% වඩා ගෙන ඇති අතර ආසන්න වශයෙන් පෘථිවියේ ජල සම්පතෙන් 97% රඳා ගෙන සිටී.මෙම පද්ධති ලෝකයේ දළ ප්‍රාථමික නිෂ්පාදිතයෙන් 32% උත්පාදනය කරයි.කරදිය පද්ධති මිරිදිය ජලජ පද්ධති වලින් වෙනස් වන්නේ ඒවායේ විවිධ සංයෝග ද්‍රාවණ වී ඇති නිසාය.විශේෂයෙන්ම ලවණ වර්ග කරදියේ ද්‍රාව්‍යව ඇත.මුහුදු ජලයේ දිය වී ඇති ද්‍රව්‍ය වලින් 85%ම සෝඩ්යම් හා ක්ලෝරීන්ය.මුහුදු ජලයේ ලවණතාව ජල කොටස් දහසකට 35 කි.(35 ppt). නමුත් මෙම ලවණතාව විවිධ කරදිය පද්ධති වලදී වෙනස් වේ. කරදිය පරිසර පද්ධතිය පහත කොටස් වලට බෙදිය හැක.සාගරික (මහද්වීපික තැටිය වසා සිටින සාගරයේ නොගැඹුරු කොටස) ; ගැඹුරු (පතුල හෝ ගැඹුරුම ජලය ), නිතල (පතුලේම වූ උපස්තරය) , අන්තර්-උදම් (වඩදිය හා බාදිය අතර පිහිටන ප්‍රදේශය) වූ පුනිල මෝය , ලවණ වගුරු බිම,කොරල් පර සහ ජලතාපී විවර (රසායනිකව සංස්ලෝපිත සල්ෆර් බැක්ටීරියා මගින් ආහාර මූල්‍ය සපයයි.)

කරදිය පරිසර පද්ධතියක හමුවන ජීවී පන්තිවලට දුඹුරු ඇල්ගී, ඩයිනෝනැල්ගේටිඩ ,කොරල් ,ශීර්ෂ පාදිකයන් ,ශලනචර්මිය සහ මෝරුන් ඇතුළත් වේ.කරදිය පරිසර පද්ධතියෙන් අල්ලා ගන්නා මත්ස්‍යයින් සත්ව ජනගහණයෙන් ලබා ගන්නා විශාලතම වාණිජ ආහාරය වේ. කරදිය පරිසර පද්ධතියට මුහුණපාන ගැටළු වන්නේ දරා ගත නොහැකි කරදිය සම්පත් උපයෝජනය,ජල දූෂණ‍ය සහ වෙරළබඩ ප්‍රදේශවල ඉඳිකරන ගොඩනැගිලි වේ.

මිරිදිය

මිරිදිය පරිසර පද්ධති පෘතුවියෙහි සම්පුර්ණ වර්ග ඵලයෙන් 0.8% ක ප්‍රමාණයක් ආවරණය කරන අතර එය පෘතුවියෙහි සියළුම ජල ප්‍රමාණයෙන් 0.009% ක්වේ. ඒවා මගින් ආසන්න වශයෙන් 3% ක් වු ශුද්ධ ප්‍රාථමික නිෂ්පාදනයක් සැප‍යේ. මෙම මිරිදිය පරිසර පද්ධති වල ලොව පුරා මෙතෙක් හඳුනාගෙන ඇති මත්ස්‍ය විශේෂ වලින් 41% ක් ජීවත් වේ.

මිරිදිය පරිසර පද්ධති වල ප්‍රධාන වර්ග තුනක් ඇත.

  • Lentic හෙවත් සෙමින් බැසයන ජලය අන්තර්ගත ජල එක්රැස්වීම් පොකුණු සහ කුඩා ජලාශයි.
  • Lotic වේගයෙන් බැසයන ජලය සහිත ඇල මාර්ග සහ ගංඟාවන්
  • Wetlands වගුරු බිම් හෙවත් යම්කිසි කාලයකදී ජලයට යටවෙන ජලයෙන් සංතෘප්ත පසක් සහිත ප්‍රදේශයක්

විල් ආශ්‍රිත පරිසර පද්ධති කලාප ක‍ීපයකට බෙදා දැක්විය හැකිය. ඒවා , (විවෘත අක්වෙරළ ආශ්‍රිත ජලය) ගැඹුරු, සමුද්‍රාශ්‍රිත (වෙරළාසන්න නොගැඹුරු ජලය) සහ ගංඟා ඉවුරු බද (යම්කිසි ජලකදක් මගින් මායිම් වන බිම් ප්‍රදේශයක්) යනුවෙනි. විල් වල වඩාත් වැදගත් උප වර්ගිකරණයන් දෙකක් වනුයේ පොකුණු සහ ජලාශයන්ය. පොකුණු යනු කුඩා විල් වන අතර ඒවා තෙත් බිම් ආශ්‍රිතව පිහිටා ඇත. බොහෝ විල් සහ ඒවායෙහි පිහිටා ඇති කලපු ක්‍රමක්‍රමයෙන් පෝෂක සංඝටක වලින් අණූන බවට පත් වන අතර සුපෝෂණය නම් ක්‍රියාවලියක් මගින් කා‍බනික අවල්ම්භනයන්ගෙන් පිරි පවති. මෙම විල් වල ජලාධාරක ප්‍රදේශ වල සිදුවන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මෙකි සුපෝෂණය නම් ක්‍රියා වලිය සීඝ්‍ර වී ඇත.

ජලාශ්‍රිත පරිසර පද්ධති 
ෆ්‍රෙරෙෂ් වෝටර් පරිසර පද්ධතිය.

ගංඟා ශ්‍රිත පරිසර පද්ධති වල ප්‍රධාන කලාපයන් තීරණය වී ඇත්තේ ගං පත්ලෙහි අනුක්‍රමණයන්හෝ ගංඟා ජල ධාරාවේ වේගය අනුවය. වඩාත් වේගයෙන් චලනය වන කැළඹිලි සහිත ජලයෙහි ද්‍රාව්‍ය ඔක්සිජන් ඉතා විශාල ප්‍රමාණයක් අන්තර් ගත වන අතර එමගින් වඩාත් සෙමින් බැසයන ජලයට වඩා ඉහළ ජෛව විවිධත්වයක් ලබාදේ. මෙම වෙනස්කම් දෙක මත පදනම්ව ගංඟාවන් ඉහළ බිම් සහ පහළ බිම් ගංඟාවන් ලෙසට වර්ගිකරණයකට ලක්කර ඇත. ගංඟාශ්‍රිත වනාන්තර වල ප්‍රධාන ආහාර ප්‍රභවය වී ඇත්තේ ගංගා වල ඉවුරුබද ප්‍රදේශ වලින් උපදින ද්‍රව්‍යයන් වේ. නමුත් වඩාත් පළල් ගංඟාවන් සහ උඩුවියන් ස්ථරයක් නොමැති වනාන්තර ආසන්න ගංඟාවන්ට ආහාර ප්‍රභවය සපයන්නේ ඇල්ගි වලිනි. ප්‍රතිස්‍රෝතගාමි මත්ස්‍යයින් ද පෝෂණය සදහා වඩාත් වැදගත් ප්‍රභවයකි. ගංඟාවන් සඳහා බලපවත්නා පාරිසරික තර්ජනයන් වනුයේ ජල හිඟය, වේලි ඉදිකිරීම රසායනික දුෂණය සහ හඳුන්වාදෙන හානිකර ජිවි විශේෂයි.

තෙත් බිම් වඩාත් ප්‍රමුඛව සෑදි ඇත්තේ ඒවායෙහි සංතෘප්ත පසට අනුවර්තනය වී ඇති සනාල ශාකයන්ගෙනි. තෙත් බිම් යනු වඩාත් ඉහල නිශ්පාදනයක් ඇති ස්වාභාවික පරිසර පද්ධතියක් වන අතර එසේ වන්නේ ඒවා ජලයට සහ පසට වඩාත් සමීප වශයෙන් පිහිටා ඇති බැවිනි. ඒවා‍යෙහි මෙකි නිෂ්පාදනශීලිතාවය නිසාම මෙම තෙත් බිම් බොහෝ අවස්ථා වලදී අගල් සහ වේලි ඉදිකිරීම මගින් කෘෂිකාර්මික අවශ්‍යතාවයන් සදහා වියලි බිම් බවට පරිවර්තනය කර ඇත. ඒවායෙහි විල් වලට සහ ගංඟාවන්ට සමීපව පිහිටා ඇති නිසා ඒවා බොහෝ අවස්ථාවන්හිදි මානව වාසස්ථානය සඳහා සංවර්ධනය වී ඇත.

පොකුණු

මෙය විශේෂ වර්ගයක මිරිදිය පරිසර පද්ධතියක් වන අතර ඒවා එම ප්‍රදේශයෙහි සියළුම ජීවි හට මුලික පෝෂක ප්‍රභවය සපයන ස්වයං පෝෂි ඇල්ගි වලින් නිර්මාණය වී ඇත. පොකුණු පරිසර පද්ධතියක විශාලතම විලෝපිකයා වනුයේ මත්ස්‍යයින් වන අතර ඒ අතර කුඩා කෘමීන් සහ ක්ෂුද්‍ර ජිවින් පවති. මීට අමතරව එහි ජීවින් සමුහයක් සිටින අතර ඔවුන් කුඩා බැක්ටිරියාවන්ගේ සිට දිය නයින්, කුරුමිණියන්, ජලාශ්‍රිත මකුණන් සහ ඉබ්බන් වැනි විශාල ජීවින් ද සිටිති.

මේවාත් බලන්න

Tags:

ජලාශ්‍රිත පරිසර පද්ධති වර් ගජලාශ්‍රිත පරිසර පද්ධති මේවාත් බලන්නජලාශ්‍රිත පරිසර පද්ධති

🔥 Trending searches on Wiki සිංහල:

සුදු බිංදුමශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයපවුලආවර්තිතා වගුවවැලිවිට සරණංකර හිමිසොළොස් මහා ජනපදඉතිහාසයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අපාසල්තාක්‍ෂණයමානව සැකිලි පද්ධතියගූගල්ශ්‍රී ලංකාවේ දාගැබ්සේනක බිබිලේමුදු කරවලාශ්‍රී ලංකාවේ සර්පයෝහලාවතථේරවාද බුදු දහමකළමනාකරණයශ්‍රී ලංකාවේ ගමනාගමනයඩී.එන්.ඒ.සිංහල න-ණ ල-ළ බේදයජපන් සංස්කෘතියපුරාවස්තුසුබ පැතුම්යාපනය බලකොටුවවිශ්ව විසිරි වියමනඅඹළමා අපයෝජනයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයඋද්ධමනයකොළඹප්‍රථමක සංඛ්‍යාඅභිප්‍රේරණයරූපවාහිනියශ්‍රී දළදා මාළිගාවසැළලිහිණි සන්දේශයබැක්ටීරියාඊශ්‍රායලයදඹදෙණිය යුගයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)හින්දු ධර්මයශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණසීගිරි ගීමිනිත්තුසොකරි නාටකයනව යොවුන්වියශ්‍රී ලංකාවේ පළාත්ශ්‍රි ලංකාවේ පාසල්පන්සියපනස් ජාතක පොතපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුසිංහල භාෂාවඅනුර කුමාර දිසානායකසියදිවි නසාගැනීමනමිනම්පැස්බරාපරිගණකයආනන්ද සමරකෝන්ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනසෙම්ප්‍රතිශ්‍යාවඅමරදේවඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයවට්ස්ඇප්නීතියලේනාලෝ වැඩ සඟරාවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමනෝවිද්‍යාවමාර්ටින් වික්‍රමසිංහලෝකෝපකාරයසිංහල පිල්ලම්ශ්‍රී ලංකාවේ ආර්ථිකයශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවකළු වදුරාකළුතර බෝධිය🡆 More