ගාලු කොටුව ඔරලෝසු කණුව

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාලු කොටුව කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.

ගාලු කොටුව ඔරලෝසු කණුව
ගාලු කොටුව ඔරලෝසු කණුව
පිහිටීමගාලු කොටුව, ගාල්ල, ශ්‍රී ලංකාව
අවසන් කළ දිනය1883
කැප කරන ලද්දේවෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා විසින් සිදුකල සේවය සිහිවීම පිණිස

බැලූ බැල්මට ලන්දේසීන් විසින් ඉදිකරන ලද ගාලු කොටු බැම්මත්, ඔරලෝසු කණුවත් එකම කාලයකදී සිදුකල නිර්මාණයන් ලෙස දෘෂ්‍යමාන වූවත්, ගාලු කොටුව ඔරලෝසු කණුව පසුකාලීනව ඊට එකතු කරන ලද, දේශීය සිංහල ධනපතියකුගේ ධන පරිත්‍යාගයක් යටතේ ඉදි වූවකි.

ඉතිහාසය

19 වන සියවසේ අවසන් සමය තුල, මෙරට ගාලු දිසාවේ ජනතාවට සේවය කරමින් ඉමහත් ජනතා ප්‍රසාදයක් දිනාසිටි, ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක්‌ වූ පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා සිය සේවා කාලය නිමාකරමින් සමුගැනීමට සූදානම් වූ අවස්ථාවේදී, ඔහුගේ සේවය අගයා යම් දෙයක් සිදු කල යුතු යැයි එකල ගාල්ලේ ජන ප්‍රධානීහූ සාකච්ඡා සිදු කළහ. එහිදී පැමිණි යෝජනාවකට අනූව, පීටර් ඩැනියෙල් මහතාගේ සේවය අගයා ඔරලෝසු කණුවක්‌ ඉදිකිරීම සුදුසු යැයි තීරණය විණි.

මෙවැනි ඔරලෝසු කණුවක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් තුන්දහස්‌ පන්සියයක්‌ පමණ වියදම් වෙතැයි ඇස්ථමේන්තු කල අතර, එම මුදල් ප්‍රමාණය ගාලු නාගරික ජනතාවගෙන් අයකර ගැනීමට මුලදී තීරණය විණි. නමුත් එසේ සිදු කිරීම සුදුසු නොවන බව පවසමින් වාසල මහ මුදලි කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්‍ෂ මහතා, එම මුදල් ප්‍රමාණය තමා විසින් දැරීමට සූදානම් බව දන්වා සිටින ලදී.

ඒ අනූව වැඩ කටයුතු සිද්ධ වෙමින්, ගාලු කොටුවේ ඉදිවූ මෙම ඔරලෝසු කණුව 1883 වසරේදී වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා අතින් විවෘත කෙරුණි.

ආශ්‍රිත

Tags:

ගාලු කොටුවශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ගබ්සාවශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයමිනිසාගේ ස්නායු පද්ධතියපළමුවන විජයබාහු රජපොළොන්නරුව පෞරාණික නගරයඉස්ලාම් යනුලේ ගැලීමක්‍ෂුද්‍ර ජීවීන්චීනයපරිණාමයගෝලීයකරණයශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියජයන්ති කුරු උතුම්පාලචාමර වීරසිංහආනන්ද විද්‍යාලය, කොළඹකොහොඹරුවන්වැලිසෑයපුවත්පත්ශාකනුවරඑළියජේතවනාරාමය, අනුරාධපුරරංගනය හා සංගීතයලිබරල්වාදයශිව දෙවියන්ආර්ථික විද්‍යාවනෙළුම්ඩී.එන්.ඒ.පවුලනීතියකාබෝහයිඩ්‍රේටදේශපාලන න්‍යායශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාබලශක්ති සංරක්‍ෂණයදත්තඑල්ලේචියෑන් අධිරාජිනියබුලත් හපයාභෛරවී රාගයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ජපානයඋද්ධමනයහිරුමිශ්‍ර සිංහල හෝඩියබයිබලයවිවාහයලේනාවැලිවිට සරණංකර හිමිශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස1000000000000 (number)ලම්බෝගීනිදීපවංශයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයසිංහල ප්‍රස්ථාව පිරුළුපාරමිතානිෂ්පාදන හැකියා මායිමහරිතාගාර වායුශ්‍රී ලංකා නාවික හමුදාවමාරි කියුරිරක්‍ෂණයගල් පොත සෙල් ලිපියඋඩරට ගිවිසුමයාපහුව බලකොටුවනෙල්ලිහාවෝසිංහල පිල්ලම්බළලාශාන්ත ජුසේ වාස් තුමාඅපරාධඅක්මාවේ තෙල්ඇම්බැක්කේ දේවාලයමුස්ලිම්අමෙන්හොටෙප් IIසිංහල අක්ෂර මාලාවආර්ය අෂ්ඨාංගික මාර්ගයසිංහල අලුත් අවුරුද්දසෞරග්‍රහ මණ්ඩලයසාපේක්ෂතාවාදය🡆 More