අබුගිඩා

අබුගිඩා (Abugida) යනු ලෝකය පවත්නා ලේඛනය සඳහා  භාවිත වන අක්ෂරමාලා ක්‍රම අතරින් එකක් වන සේම  එය ලේඛන කලාවේ තවත් අපූරු නිර්මාණයක් ලෙස හැඳින්විය විය හැක .

මෙය අල්ෆාසිලබරි( alphasyllabary ),  නියෝසිලාබරි ( Neosyllabary ) සහ ව්‍යාජ හෝඩිය ( pseudo alphabet ) යන නම්වලින් ද හඳුන්වනු ලබයි .මෙම අක්ෂරමාලා  විශේෂයෙහි දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණය නම් අක්ෂර භාවිතයේදී ව්‍යංජන අක්ෂර නිරූපණය සදහා ප්‍රමුඛතාව ලබා දීමයි. මින් අදහස් වන්නේ ස්වර ශබ්ද නොසලකා හැරීම නොව, ව්‍යංජන ශබ්ද සම්පූර්ණ අක්ෂරයකින් නිරූපණ  කිරීමට ප්‍රමුඛතාව දී ඇති බව සේ ම ව්‍යංජන අක්ෂරය සමග බැඳී පවත්නා ස්වර ශබ්දය වෙනම අක්ෂරයක් ලෙස නොදක්වා ව්‍යංජන ශබ්දය නිරූපිත අක්ෂරයේම ඉදිරියෙන් , පිටුපසින් , ඉහළින් හෝ පහළින් ස්වර ශබ්ද නිරූපණය සඳහා  ශබ්දය සංකේතයක් යෙදීම යි. මෙම ස්වර සංකේත පිල්ලම් නමින් හඳුන්වනු ලබයි.  මේ ලේඛන අක්ෂරමාලාව සම්බන්දයෙන් ස්වාධීන අදහසක් 1948 ජේම්ස් ජර්මෙයින් ෆෙව්රියර් ( James Germain Fevrier)   "නියෝසිලබිස්ම්" යන නමින් ද ඩේවිඩ් ඩිරින්ජෙර් ( David Diringer ) "සෙමිසිලබරි" යන නමින් ද අදහස් දක්වා ඇත. පසුව 1959 වසරේදී  ෆ්‍රෙඩ් හවුස්හෝල්ඩර් ( Fred Householder ) "Pseudo Alphabet" යන නාමය ඉදිරිපත් කොට ඇති අතර මෙම අක්ෂර ක්‍රමය සඳහා ඉතියෝපියානු වචනයක් වන "අබුගිඩා" යන වචනය භාවිතයට පැමිණෙන්නේ 1990 වසරේදී පීටර්. ටී. ඩැනියල්ස් ( Peter .T . Daniels) මහතාගෙනි ,  1992 වසරේදී Faber විසින් මීට " Segmentally coded syllabically liner phonographic script "යන නම යෙදූ අතර ඥානවිදෙසිකන්, රිම්සිම් ,කාට්ස් සහ නොව්ලර් යන පිරිස මේ සඳහා අක්ෂර නොහොත් ආක්ෂරික යන නම නිර්දේශ කළහ.  ලෝකයේ මෙම අබුගිඩා අක්ෂරමාලා ක්‍රමය සහිත අක්ෂරමාලා බ්‍රාහ්මීය අක්ෂරමාලා භාවිත වන දකුණු ආසියාව, අග්නිදිග ආසියාව , ටිබෙටය වැනි ප්‍රදේශවලද, ඉතියෝපියානු සෙමිතික් අක්ෂරමාලාවල ද, කැනඩාවේ අබෝර්ජිනල් අක්ෂරවලද දැකිය හැක.  සිංහල අක්ෂරමාලාව ද බ්‍රාහ්මීය අක්ෂරමාලාවක් බැවින් මෙම අක්ෂරමාලා ක්‍රමයටම අයත් වේ .

අබුගිඩා
බ්‍රාහ්මී අක්ෂරවලින් සම්භවය වූ විවිධ අබුගිඩාවන් සැසඳීමක්. "ශිවෝ රක්ෂතු ගීර්වාණභාෂාරසාස්වාදතත්පරං"; දේව භාෂාවන් රස විදින්නන් ශිව දෙවියන් විසින් ආරක්ෂා කරත්වා. (කාලිදාස)



https://www.definitions.net/definition/abugida

https://omniglot.com/writing/syllabic.htm

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ජාතික කොඩියතෛපොංගල්ඇල්බට් බණ්ඩුරාඩී.එස්. සේනානායකශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරබළලානෙළුම් කුළුණකොළඹ ජාතික කෞතුකාගාරයමාර්ටින් වික‍්‍රමසිංහශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමී ගසකතරගම ඇසළ පෙරහැරමල්අනුරාධපුර පෞරාණික නගරයපයිතගරස් ප්‍රමේයයපොළොන්නරුව පෞරාණික නගරයනෙළුම්මාතරලෝවැඩ සඟරාවආනන්ද විද්‍යාලය, කොළඹමුඛ සංසර්ගයනායකත්වයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවමයික්‍රොසොෆ්ට් එක්සෙල්පුරාතන මිසරයප්‍රජාතන්ත්‍රවාදයක්ෂුද්‍ර ජීවීන්පැපොලප්‍රතිශක්තිකරණ පද්ධතියශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයරුසියාවයුදෙවුවෝඅයිෆල් කුළුණදෙමළ ජනතාවරතු දත්ත පොතවැල්යුද්ධමානව අයිතිවාසිකම්හජ්මොන්සැන්ටෝ සමාගමමූලික අයිතිවාසිකම්විකිපීඩියාශුද්ධවූ ජෝන් ක්‍රිසොස්ටොම් තුමාසුරතාන්තයබ්‍රිතාන්‍ය ලංකාවශ්‍රී ලංකාවේ සමකාලීන දෘශ්‍ය කලාවේ ඉතිහාසය2023 ක්‍රිකට් ලෝක කුසලානයමහගම සේකරඅභයගිරි දාගැබශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමුල් ළමාවියේ සංවර්ධනයමහවැලි ගඟජර්මනියමුවාශ්‍රී ලංකා රේගුවමෛත්‍රීපාල සිරිසේනඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහොරකෙටිකතාමාර්ටින් වික්‍රමසිංහදෙමළ භාෂාවළමා අපයෝජනයවිවාහ නීතිය - ශ්‍රී ලංකාමහා මංගල සුත්‍රයසාදික්කාඅනුරාධපුර රාජධානියඛනිජචන්දන ලියනාරච්චිසර්වත්‍ර ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන්ගේ නියමඌව වෙල්ලස්ස කැරැල්ලසෞඛ්‍යයආවර්තිතා වගුවඑන්සයිමරාමසාන් උත්සවයතාරකා විද්‍යාවඋෂ්ණත්වය මැනීමශ්‍රී ලංකාවේ වල් පැලැටි🡆 More