සිංහල නීතිය හෙවත් උඩරට නීතිය

සිංහල නීතිය (උඩරට නීතිය) අතීතයේ සිට සිංහල රාජධානියේ පැවති නීති පද්ධතියයි.

ලන්දේසී සමය දක්වා මුළු රටම මෙම නීතියට යටත් විය. 1815 ඉංග්‍රීසීන්ට යටත් වන තෙක් කන්ද උඩරටට සීමා වූ සිංහල රාජධානියේ පැවති එකම නීති හා සිරිත් පද්ධතියයි. උඩරට නීතිය අලිඛිත එකක් වූ අතර සිරිත් ලෙස පැවති රීති සමුදායක් ලෙස සැලකිය හැකිය. 1815 ට පෙර උඩරට නීතිය එම ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට ජාතිය, ආගම හෝ කුලය නොසලකා අදාල වූ ප්‍රාදේශීය නීතියක් ලෙස පැවතිනි.

සිංහල නීතියේ කොටස්

වංශ කථා සහ සෙල්ලිපි අනුව

  1. චාරිත‍්‍ර ධර්ම හෙවත් වෝහාර ධර්ම
  2. පුබ්බ චාරිත‍්ත
  3. වැවස්තා සිරිතැ

1976 රජසිරිත් හා ලෝ සිරිත් පිලිතුරු ලිපිය අනුව

  1. ලෝක චාරිත්‍ර
  2. රාජ නීතිය

1815ට පසු සැකසූ නීති නිඝණ්ඩුව අනුව

  1. ධර්ම නීතිය
  2. සිරිත් නීතිය
  3. රාජ නීතිය

උඩරට ගිවිසුම

යුද්ධය අවසානයේ දී 1815 මාර්තු මස 02 වන දින මහනුවර මගුල් මඩුවක රැස් වූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් සහ උඩ රට ප්‍රධානීන් අතර ඇති කොට ගත් ගිවිසුමෙන් උඩරට රාජ්‍යයේ පාලනය බ්‍රිතාන්‍යයන් වෙත පවරා දෙනු ලැබිය.බ්‍රිතාන්‍ය 3වන ජෝර්ජ් රජු නියෝජනය කරමින් බ්‍රවුන්ග් ආණ්ඩුකාර වරයාද උඩරට වැසියන් වෙනුවෙන් අදිකාරම්,දිසාවේවරු සහ වෙනත් නිලධාරීහු පිරිසක් ද 1815 මාර්තු 10 දින මෙම ගිවිසුම අත්සන් තැබුවේ ය.මෙය 1815 උඩරට ගිවිසුම ලෙස හැඳි වේ. Edite by shamal asith

උඩරට නිති අදාලත්වය සීමා වීම

ඉංග්‍රීසීන් උඩරට නීතිය අශිශ්ට නීතියක් ලෙස සලකන ලද අතර අත් පා කපා දැමීම, බහු පුරුෂ සේවනය අනුමත කිරීම යනාදී කරුණු ඔවුන් නොරිස්සූහ. එම නිසා උඩරට නීතියේ එවැනි කොටස් අවලංගු කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.

උඩරට නිතිය පුද්ගල නීතියක් බවට පත්වීම

ඉංග්‍රීසි නීතිය ප්‍රාදේශීය නීතියක් වශයෙන් උඩරට පලාතට ඇතුලත් වන සියලු දෙනාටම අදාල වන බව ඉංග්‍රීසීහු දැන සිටියහ. එනිසා ක්‍රමිකව එම තත්වය වෙනස් කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.

උඩරට පළාත් යනු

දැනට වලංගුව පවතින 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතේ පළමුවන උපලේඛනයේ 1. මධ්‍යම පළාත 2. උතුරු මැද පළාත 3. ඌව පළාත 4.සබරගමුව යන පළාත් හතරත්

දෙවන උපලේඛනයේ 1. උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර චින්න චෙට්ටිකුලම් කෝරලය සහ බටහිර චින්න චෙට්ටිකුලම් කෝරලයත් තිරුක්කුමුලෙයි දකුණු කෝරලයත් 2. නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ බිම්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම් පත්තුවත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කඩ්ඩුකුලම් පත්තුවත් 3. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයත්, පුත්තලම් දිස්ත්‍රික්කයේ දෙමළ ගත්පත්තුවත් උඩරට පළාත් වශයෙන් නීතිගත කර තිබේ.

උඩරට නීති ප්‍රකාශනය

1938 අංක 39 දරණ ආඥාපනතින් නීතිගත කර ඇති අතර 1944 අංක 25 දරණ ආඥාපනතින් සංශෝධනයට ලක්කර ඇත.

මෙම ආඥාපනතේ

  1. දේපල පැවරීම
  2. දරුකමට හදාගැනීම
  3. විවාහය
  4. නිශ්චල දේපල උරුම වීම
  5. චංචල දේපල උරුම වීම
  6. සාමාන්‍ය කරුණු

යන ශීර්ෂ හයක් යටතේ විධිවිධාන සලසා ඇත.

  1. දේපල පැවරීම
    • වයෝපූර්ණත්වයට පත් මනා සිහිබුද්ධියෙන් යුක්ත කෙනෙකු විසින් තමන් සතු දේපළ වෙනත් කෙනෙකුට පවරාදිය හැකියි.
      • එමෙන්ම තෑගි දීමනාකරුගේ ජීවිත කාලය තුලදී ඕනෑම අවස්ථාවක තෑගි ලැබුම්කරුගේ හෝ වෙනත් කෙනෙකුගේ අනුමැතියකින් තොරව තනි කැමැත්ත මත යම් තෑගි දීමේ ඔප්පුවක් සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක් අවලංගු කළ හැකියි. එසේ අවලංගු කළ හැක්කේ අවලංගු කිරීමේ ඔප්පුවක් මගින් පමණි.

අවලංගු කළ නොහැකි ඔප්පු

  1. විහාරස්ථානයක විහාරාධිපති භික්ෂුවකගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට හිමිවනසේ බෞද්ධ විහාර දේවාලගම් පනතේ 20 වන වගන්තිය අනුව පෞද්ගලික නොවන සේ පවරන ලද පූජා ඔප්පුද,
  2. අනාගතයේදී සිදුවීමට නියමිත විවාහයක දායාදයක් වශයෙන් ප්‍රදානය කරන ලද තෑගි ඔප්පු, ඒ විවාහය සිදුකර වලංගුව පවත්නා තුරුත්
  3. භාර ආඥා පනතේ 99 වන වගන්තිය අනුව කිසියම් පුණ්‍ය භාරයකට කරන ලද පරිත්‍යාග ඔප්පුද,
  4. අවලංගු කිරීමේ අයිතිය අතහැර ස්ථිර ලෙස පරිත්‍යාග කරන ලදැයි සඳහන් තෑගි ඔප්පුද,

කිසිසේත් අවලංගු කළ නොහැකිය.


අවලංගු කළ නොහැකි ගණයට නොවැටෙන යම් තෑගි දීමක්, ප්‍රදානයක් අවලංගු කරනු ලබන විට එයින් ප්‍රදානලාභියාට සිදුවූ පාඩුවක් වෙතොත් ඒ සඳහාද ඔහු විසින් ඒ දේපොලෙහි යම් සංවර්ධනයක් හෝ ඉදිකිරීමක් කර ඇත්නම් ඒ සඳහා දරන්නට වූ වියදම්ද සැලකිල්ලට ගෙන යම් වන්දියක් තෑගි ලැබුම්කරුට දීමනාකරු විසින් ගෙවිය යුතුවේ.

ඉඩම් උරුමය පිළිබඳ සිංහල නීතිය

අවිවාහකයන්ගේ ඉඩම්

අයෙකුගේ මරණින් පසු ඉඩම් උරුමය පිළිබඳ සිංහල නීතිය

    දෙමාපියන් ජීවත්වන අවිවාහකයන්ගේ ඉඩම්: දෙමාපියන්ට
    අම්මා හෝ අප්පච්චී පමණකි ජීවත්වන අවිවාහකයන්ගේ ඉඩම්: 1/2 අම්මාට හෝ අප්පච්චීට, ඉතිරිය සමව බෙදා සහෝදර සහෝදරියන්ට
    දෙමාපියන් ජීවතුන් අතර නැති අවිවාහකයන්ගේ ඉඩම්: සමව බෙදා සහෝදර සහෝදරියන්ට

විවාහකයන්ගේ ඉඩම්

තරමක් සංකීර්ණ නීතියකි.

සිංහල නීතිය හෙවත් උඩරට නීතිය

සිංහල නීතිය (උඩරට නීතිය) අතීතයේ සිට සිංහල රාජධානියේ පැවති නීති පද්ධතියයි.

  • ශ්‍රී ලංකාවේ නීති පිලිබඳව හැඳින්වීමක් , ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය , පිටුව 1 , පිටු 23
  • පැරණි හා මධ්‍ය ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ ක්‍රමය, ගුණසේන ගමලත්, සරස්වතී ප්‍රකාශන; 2007. ISBN 978-955-1096-61-8
  • 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත
  • 1938 අංක 39 දරණ උඩරට නීති ප්‍රකාශනය සම්බන්ධ ආඥාපනත

Tags:

සිංහල නීතිය හෙවත් උඩරට නීතිය සිංහල නීතියේ කොටස්සිංහල නීතිය හෙවත් උඩරට නීතිය උඩරට ගිවිසුමසිංහල නීතිය හෙවත් උඩරට නීතිය උඩරට නිති අදාලත්වය සීමා වීමසිංහල නීතිය හෙවත් උඩරට නීතිය උඩරට නිතිය පුද්ගල නීතියක් බවට පත්වීමසිංහල නීතිය හෙවත් උඩරට නීතිය උඩරට පළාත් යනුසිංහල නීතිය හෙවත් උඩරට නීතිය උඩරට නීති ප්‍රකාශනයසිංහල නීතිය හෙවත් උඩරට නීතිය ඉඩම් උරුමය පිළිබඳ සිංහල නීතියසිංහල නීතිය හෙවත් උඩරට නීතිය = මූලාශ්‍ර =.සිංහල නීතිය හෙවත් උඩරට නීතිය

🔥 Trending searches on Wiki සිංහල:

ඉසුරුමුණියශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයමහා කාශ්‍යප රහතන් වහන්සේබොරතෙල්රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්සාහිත්‍යයබිම්මල් වගාවබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයක‍ඩොලානශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවමී මැසි පාලනයඅඟහරු ග්‍රහලොවගුරුවරුන්ගේ දිනයප්‍රෝටීන්ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවකතරගම ඇසළ පෙරහැරසුනාමිශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයදේශගුණයචෙස්පංච කල්‍යාණඅධ්‍යාපනයජල විදුලියබෞද්ධ දිනදසුනඅපරාධ නීතියහේන් ගොවිතැනක්‍ෂය රෝගයමහා මංගල සුත්‍රයචෛත්‍යවිවාහයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවමිලින්ද ප්‍රශ්නයරාමසාන් උත්සවයජේසුස් වහන්සේඔස්ට්‍රලෝපිතකස්රබින්ද්‍රනාත් තාගෝර්අභ්‍යවකාශයමත්ද්‍රව්‍යචන්ද්‍ර කුමාර කඳනාරච්චිසෝවාන්මහ පොළොවබ්‍රහස්පති ග්‍රහයාඑවරස්ට් කන්දදස මහා යෝධයෝමිශ්‍ර සිංහල හෝඩියප්‍රස්තාව පිරුළුමහත්මා ගාන්ධිස්වාභාවික උපද්‍රවපටිච්චසමුප්පාදයසෛලය (ජීව විද්‍යාව)භාෂාවවිකිපීඩියාDVD-Audioශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්වැව්සමලිංගිකතාවඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යක්‍ෂුද්‍ර ජීවීන්ආර්ථික සංවර්ධනයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවතෝමස් ඇක්වයිනාස්පරිගණක දෘඩාංගවිර පුරන් අප්පුජපානයගෞතම බුද්ධ පරිනිර්වාණයකැලණිය රජ මහා විහාරයසිංහල රාජධානියමිනිසාගේ ස්නායු පද්ධතියසිබිල් වෙත්තසිංහක්ෂුද්‍ර ජීවීන් සහ රෝගබුද්ධ චරිතයරත්න ශ්‍රී විජේසිංහස්නායු පද්ධතිය🡆 More