වේළුපිල්ලේ ප‍්‍රභාකරන්

වේළුපිල්ලේ ප‍්‍රභාකරන් (දමිළ: வேலுப்பிள்ளை பிரபாகரன்; 1954 නොවැම්බර් 26 – 2009 මැයි 18) යනු ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ස්වාධීන දෙමළ රාජ්‍යයක් බිහිකිරීමට උත්සාහ කළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ ආරම්භක නායකයා ය.

වේළුපිල්ලේ ප්‍රභාකරන්
වේළුපිල්ලේ ප‍්‍රභාකරන්
ප්‍රභාකරන් 2006 දී
දේශීය නම
வேலுப்பிள்ளை பிரபாகரன்
උපත26 නොවැම්බර් 1954(1954-11-26)
මියගිය දිනය2009 මැයි 18 (වයස 54)
මුලතිවු, ශ්‍රී ලංකාව
මිය යාමට හේතුවක්‍රියාන්විතයේදී මිය යාම
වෙනත් නම්කරිකාලන් / තලයිවර් ප්‍රභාකරන්, අණ්ණා
රැකියාව1972 දෙමළ නව කොටි සංවිධානයේ ආරම්භක සහ නායක.
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ආරම්භක සහ නායක.
ප්‍රසිද්ධව ඇත්තේදෙමළ ජාතිවාදය, දෙමළ ඊළමෙහි නායකයා
සාපරාධි චෝදනාව1991 රජීව් ගාන්ධි ඝාතනය සැලසුම් කිරීම
1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය
සාපරාධි දණ්ඩනයකොළඹ මහාධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීම
ඉන්දියාවේ මද්‍රාස් මහාධිකරණය විසින් මරණ වරෙන්තුවක් නිකුත් කිරීම.
කොළඹ මහාධිකරණය විසින් වසර 200 ක් සිර දඬුවමක් නියම කිරීම
කලත්‍රයා(යන්)මදිවදනී එරම්බු (1984–2009) 
දරුවන්චාල්ස් ඇන්තනී (1989–2009) 
දුවර්ගා (1986–2009) 
බාලචන්ද්‍රන් (1997–2009) 

ළමයින් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ප්‍රභාකරන් ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ තීරයේ ඇති වැල්වෙටිතුරෙයි හි උපත ලැබීය. ශ්‍රී ලංකාවේ දෙමළ සංස්කෘතියේ සහ සාහිත්‍යයේ හදවත ලෙස සැළකිය හැකි යාපනය ප්‍රදේශයේ එවකට දෙමළ ජාතිවාදී අදහස් ප්‍රචලිත වන්නට විය. මෙයට ප්‍රධානම හේතුව ලෙස සැළකිය හැක්කේ 1948 ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව පත්වූ ශ්‍රී ලාංකාවේ රජයන් විසින් දෙමළ ජනයාට නොයෙක් ආකාරයට සිදුවූ වෙනස්කම් කිරීම් ය.

1976 ආරම්භ වූ LTTE ය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ, ඔවුන් 1983 දි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබළුන් 13 දෙනෙකු මරණයට පත් කළ රැක සිට පහර දීමකින් පසු වය. මෙම ප්‍රහාරයෙන් පසුව සිදුවූ කලු ජූලිය මගින් රටපුරා දෙමළ වැසියන් දහස් ගණනක් මරණයට පත් වූ අතර, එය ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයේ ආරම්භය ලෙස සැළකේ.

ප්‍රභාකරන් තම ප්‍රචන්ඩකාරි සහ ත්‍රස්තවාදි ක්‍රියා නිසා දැඩි ලෙස විවේචනයට ලක් වී ඇත. LTTE ය රටවල් 32 ක් මගින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලදී. මේවාට පිළිතුරු දෙමින් ප්‍රභාකරන් පැවසුවේ තමා ප්‍රචන්ඩත්වය තෝරාගත්තේ ප්‍රචන්ඩ-නොවන අරගල නිෂ්එල වූ බැවින් යනුවෙනි. කෙසේ නමුත් ඔහු ආරම්භ කළ වසර 30 ක යුද්ධයෙන් සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියන් දහස් ගණනක් විපතට පත් විය.

ඔහු Jan Pulkowo Janowka වැනි බටහිර ජර්මනියේ රැඩිකල්වාදීන් සමඟ සන්ධානගත වූ විප්ලවවාදී සමාජවාදියෙකි. මේ සමඟ ඔහු මුවර්ස් දහසක් මරා දැමූ දුම්රියක් පීලි පැනුවේය!

Tags:

දෙමළ ඊළාම් විමුක්ති කොටිදෙමළ ජනතාවදෙමළ භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

සුසන්තිකා ජයසිංහමැලේරියාවසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයනැනෝ තාක්‍ෂණයපුරාවස්තුසූර්ය පද්ධතියේ ග්‍රහ වස්තුමී මැසි පාලනයථූපාරාමය, අනුරාධපුරගෞතම බුදුන්ගේ ධාතූන්සිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමලිංගික සංසර්ගික ඉරියව්උසස් පෙළ දේශපාලන විද්‍යාවසන්නිවේදනයප්‍රතිචක්‍රීයකරණයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවමයිනාවිර පුරන් අප්පුශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයරුහුණු කතරගම දේවාලයදොන් බාරොන් ජයතිලකනුවරඑළියතෛපොංගල්ඉන්ෆ්ලුවෙන්සාඋපසර්ගදෙවන රාජසිංහ රජආනන්ද සමරකෝන්මුස්ලිම්බැක්ටීරියානාගරීකරණයස්වභාවික වෘක්‍ෂලතාබුදුගුණ අලංකාරයසිංහල ප්‍රස්ථාව පිරුළුඉතිහාස මුලාශ්‍රආර්ය අෂ්ඨාංගික මාර්ගයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයදියලුම ඇල්ලබුධසැළලිහිණි සන්දේශයසිකුරු ග්‍රහලොවලෝක ජනගහනයසිංහල ජනකවිසිංහල ව්‍යාකරණආරුමුග නාවලර්මෛත්‍රීපාල සිරිසේනශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියලේමුහම්මද් නබිමුල් පිටුවටජ් මහල්ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයක්‍ෂුද්‍ර ජීවීන්රසායනික සූත්‍රමිනිසාක්‍ෂය රෝගයඉසුරුමුණි කැටයම්පෙර පාසල්ශ්‍රී දළදා මාළිගාවපරමාණුඉන්දුනීසියාවජාත්‍යන්තර මූල්‍ය අරමුදලමානව සැකිලි පද්ධතියශ්‍රී ලංකා නාවික හමුදාවරූපවාහිනියේ සාමාජීය බලපෑමගණිතයකඩොලාන පරිසර පද්ධතියශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියයාපනය බලකොටුවශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයකඩවතභූගෝල විද්‍යාවආනන්ද කුමාරස්වාමිශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඊශ්‍රායෙල - පලස්තීන ගැටුමරුසියානු-යුක්‍රේන යුද්ධයභෞතික විද්‍යාව🡆 More